ජලය වාතය කිසිවක් නැතිව විස්මිත ලෙස බෝතලයක වවන අපූරු ගෙවත්තක්! මේ බෝතලයේ වගාවට දැන් වසර 53ක්!

මේ විස්මිත කතාව ඔබ වෙත ගෙන එන්නේ එංගලන්තයේ ගොවියෙක්. ඔහු බෝතලයක් ඇතුළේ වගාවක් කරනවා. වතුරවත් වාතයවත් නොලැබෙන ලෙස මුද්‍රා තැබූ බෝතලයක තමයි මේ ශාකය වැවෙන්නේ!

 
මේ ඬේවිඞ් ලැටිමර් ඔහුගේ බෝතල් වගාවත් සමග. මෙය අවුරුදු 53කට පෙර සිට වූ ඔහු අන්තිමට වතුර දැම්මේ 1972දියි. එදා සිට වතුරත් නැතුව මේ මුද්‍රා තැබූ බෝතලය තුළ වසර 41ක් තිස්සේ හොඳින් වැඩෙනවා.

ඔහුගේ ගෙතුළ හිරු එළියත් කෙළින් වැටෙන්නේ නැති තැනක මේ වගා බෝතලය තබා තිබුණා. අවුරුදු 41ක් තිස්සේ ම වතුර දැම්මේවත් වාතය ලබා දෙන්නට බෝතලයේ මුඩිය ඇරියේ වත් නැහැ. මේ ඔහු කියන ඔහුගේ අපූරු කතාවයි.

ඔහු බි‍්‍රතාන්‍යයේ සරේ ප‍්‍රාන්තයේ ක්රේන්ලී හී ඬේවිඞ් ලැටිමර් නම් 80 හැවිරිදි විශ‍්‍රාමිකයෙක්. විදුලි ඉංජිනේරුවරයකු ලෙස සේවය කළ ඔහු රැකියාවේ යෙදී සිටියදීම අමුතු ජාතියේ අත්හදා බැලීමක් කරන්න කල්පනා කළා. 1960 දී ලොකු බෝතලයක් අරන් ඒක ඇතුළේ පැළයක් සිටෙව්වා. ඊට පස්සේ එය සුළං නොවදින සේ මුද්‍රා තැබුවා. වසර 12කට පස්සේ බැලූවාම ඒ බෝතලය ඇතුළේ ඒ පැළය හොඳින් වැඩෙමින් තිබුණා.

ඔහු එයට වතුර ටිකක් දමලා තවදුරටත් එහෙමම තියෙන්න හැරියා. බෝතලය තබා තිබුණේ නිවසේ මුල්ලකයි. තවත් අවුරුදු 41කට පස්සේ ඔහු බෝතලයේ වගාව පරීක්ෂා කර බැලූවා. ඔහු දුටු දෙයින් මවිත වුණා. ඒ ශාකය හොඳින් වැඩෙමින් තිබුණා.

ඔහු පසුගියදා අවුරුදු 53ක් පරණ බෝතල් වගාවේ ඡායාරූපයකුත් රැගෙන ගුවන් විදුලි වැඩසටහනකට සහභාගි වුණා.

ඒ බි‍්‍රතාන්‍යයේ රේඩියෝ 4 ගුවන්විදුලි නාළිකාවේ ‘ගාඞ්නර්ස් ක්වෙෂ්චන් ටයිම්’ (උයන්පල්ලාගේ ප‍්‍රශ්න වේලාව) නම් වැඩසටහනටයි.

එහි පැමිණ සිට විශේෂඥ මණ්ඩලය, එය ශාක තමන්ගේම අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කොට ජීවත්වෙන බවට හොඳ නිදසුනක් ලෙසට පිළිගත්තා පමණක් නොව ඒ ගැන ඔහුට ප‍්‍රශංසා කළා.

මේ බෝතල් වත්ත හොඳින් වැඩෙන්නේ ඒ මුද්‍රා තැබූ ඉඩකඩ තුළ පවා ඒ ශාකයට වැඩෙන්නට අවශ්‍ය ස්වයංපෝෂිත පරිසර පද්ධතියක් ඇති නිසයි. ඒ පරිසර පද්ධතිය තුළ ශාකයත් පසෙහි ඇති බැක්ටීරියාත් එකට එක්ව කි‍්‍රයා කරනවා.

ශාකයට වැඩෙන්න බාහිරව අවශ්‍ය අනෙක් එකම දෙය ආලෝකයයි. ඒ එයින් තමන්ගේ ම ආහාර නිපදවා ගෙන නොකඩවා වැඩෙන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන නිසයි.

බෝතලය ඇතුළේ පැළය සිටුවන විට දැමූ වතුර නෙකඩවා ප‍්‍රතිචක‍්‍රීකරණය වෙනවා. ඒ අතර පසෙහි ඇති බැක්ටීරියා ශාකයෙන් ඉවත් කෙරෙන පත‍්‍ර ආදි දිරා යන ද්‍රව්‍ය ඛණ්ඩනය කරමින් කාබන් ඩයොක්සයිඞ් නිපදවනවා. එය වැඩෙන ශාකය යළිත් පාවිච්චියට ගන්නවා එහි වර්ධනයට.

එම ගුවන්විදුලි වැඩසටහනට ආ එක් විශේෂඥයකු වූ කි‍්‍රස් බියර්ඞ්ෂෝ කීවේ, ‘මෙය, පැළෑටියකට තමන් මුළුමනින් ම හුදෙකලා වූ විටෙක ප‍්‍රතිචක‍්‍රීකරණය කරමින් තමන්ගේ පැවැත්ම ගෙනයාමට ඇති හැකියාව පෙන්වන හොඳ නිදසුනක් බවයි.’

‘මේක ඉතාමත් හොඳ නිදසුනක්, අවස්ථාවට සුදුසු ආකාරයට කටයුතු කිරීමට පැළෑටියකට ඇති හැකියාව කියා පාන’ ඔහු කියනවා.

රාජකීය ගෙවතු වගා සංගමයේ විශේඥයකු වූ ගයි බාටර් මේ බෝතල් වත්ත ගැන ඬේලිමේල් අන්තර්ජාල පුවත්පතට අදහස් දක්වමින් කියන්නේ, ‘මෙය ඉතාමත් අසාමාන්‍ය දෙයක්’ බවයි.

‘ඒක හොඳින් ජීවිතය පවත්වා ගෙන යනවා. ඒත් වසර 50ක් වගේ කාලයකට එච්චර වැඩිලා නෑ. මේක ඕක් ගෙඩියක් නම් මේ වන විට දැවැන්ත වෘක්ෂයක් වෙන්න තිබුණා. ඒත් මේක කොහොම හරි දිවි රැක ගෙන ඉන්න සමත් වී තියෙනවා.’ ඔහු කියනවා.

 
බාහිර ලෝකයෙන් ඈත් වුවද ඬේවිඞ්ගේ බෝතලය තුළ ඒ ශාකය හොඳින් වැඩුණා.

දැනට 80 හැවිරිදි වියේ පසු වන ඬේවිඞ්ට අවශ්‍ය වුණේ වැසුණු එහෙත් සර්වසම්පූර්ණ පරිසරයකදී ශාකයකට ජීවිතය පවත්වා ගෙන යාමට හැකියි යන න්‍යාය පරීක්ෂා කර බලන්නයි.

ඒ නිසයි, ඔහු 1960 දී ගැලූම් 10ක් අල්ලන මේ යෝධ බුජම තුළ කුඩා පැළ හතරක් සිට වූ පස් ටිකක් තැන්පත් කළේ. පස් දමා ඇතුළේ බිම සකසා කම්බියකින එහි පැළ හතර ඉන්දෙව්වා.

ඉන්පසු ඔහු මූඩියක් ගසා ඒ විශාල බෝතලය වසා දැම්මා. ටික දිනකට පසු ඒ පැළ හතරෙන් පැළ තුනක් මියගියා. එකක් ඉතුරු වුණා. ඒ ඉතුරු පැළය හොඳින් වැඩෙන්න පටන් ගත්තා.

ඔහු මේ ශාකයට වතුර දමා ඇත්තේ අවුරුදු පනස් තුනටම දෙවතාවයි. අන්තිම වතාවට දැම්මේ 1972දියි. ඊට පස්සේ මූඩිය තෙල් ගල්වා හොඳින් හිර කර වසා දැම්මා. දැන් වසර 41ක් තිස්සේ ඒක තාමත් ඒ විදියටමයි තියෙන්නේ.

ඔහු මෙය පැළ කර තියෙන්නේ අත්හදා බැලීමක් හැටියටයි. ‘තවමත් මේ අත්හදා බැලීම ඉවර නෑ. මේ ශාකය තවත් කොච්චර කල් තියෙයිද මං දන්නේ නෑ. මේක මගෙන් දරුවන්ට තමයි බාර වෙන්නේ මේ පරීක්ෂණය අවසන් කිරීම’ ඔහු කියනවා.

 
අවුරුදු 27ක් ම ඒ පැළය සහිත බුජම තිබුණේ නිවසේ පඩිපෙළ අසල මුල්ලකයි.

ඔබත් කැමති නම් ඔබේ බෝතල් වගාවක් කරන්න, ඒක කරන්නේ කොහොමද? ලගදීම මල් කැකුළු තුලින්!




Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

9 Comments

  1. නියමයි ........

    අන්තිමට කියපු ලිපිය ඉක්මනට දාන්න හොදේ

    ReplyDelete
  2. හරි පුදුම ලෝකේ..... ස්තූතියි

    ReplyDelete
  3. මට නම් පැලේ ගැන දුක හිතුණා. හොඳ අත්හදා බැලීමක් හැබැයි.

    ReplyDelete
  4. මේක හරියට හරිතාරගාර වගාවක් වගේ.

    ReplyDelete
  5. විශ්වජිත්, ඔබ හරි ඒක හරිතාගාරයක් තමයි.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete