HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බල්ලන් වසර 33,000කට පෙර ආහාර හිඟමනේ ආ හිඟන්නන් පිරිසක්ද? තවත් අලූත් ම අධ්‍යයනයකින් හෙළි වන රහස්!

බල්ලා මිනිසාගේ සුරතලා වූයේ කවදාද? මෙතෙක් කලක් සිතා සිටියේ එය මීට වසර 10,000කට පමණ පෙර සිදු වූවක් කියායි. එහෙත් එය එසේ නොවේ.

බල්ලා මිනිසාට වඩාත් සමීප වූයේ ආහාර ලබා ගැනීමේ පහසුව සඳහායි. එය බලූ සුරතලූන් ඇති කරන වැඩි දෙනකු මවිතයට පත් කරන කාරණාවක් නොවේ. එය ඔවුන් අත්දැකීමෙන් ම දන්නා දෙයකි.

අලූත් ම අධ්‍යයනයකින් හෙළි වී තියෙන විදියට වෘකයන් හා සුනඛයන් අතර ඇති ප‍්‍රධාන වෙනස වී ඇත්තේ සියවස් ගානක් තිස්සේ මිනිසාගේ ආහාර ගැනීමට හුරු වීම නිසා සුනඛයන් තුළ පිෂ්ටය දිරවිය හැකි ජාන බිහි වී තිබීමයි. එයින් ඔවුනට මිනිස් ආහාරයෙන් ශක්තිමත්ව වැඩෙන්නට හැකියාව ලැබී තිබේ.

එම අධ්‍යයනය කළ ස්වීඩන පර්යේෂක කණ්ඩායම කියන්නේ, සුනඛයන් මිනිස් ආහාරවලට පි‍්‍රය කිරීම තුළින් ඔවුන් මිනිසාට හීලෑවී මිනිස් ජනාවාස අසල අනාදිමත් කාලයක් තිස්සේ ගැවසෙක්කට ඇතැයි සිතිය හැකියි.

 
මිනිසාගේ ආහාරවලින් කලක් තිස්සේ යැපීම නිසා බල්ලන්ගේ ජාන ඊට ගැළපෙන පරිදි වෙනස් වී තිබේ.

2012 දී සොයා ගන්නා ලද පොසිලවලින් හෙළි වී ඇත්තේ ආදීම හීලෑ වූ සුනඛයන් වාසය කර ඇත්තේ මීට වසර 33,000කට ආසන්න කාලයකට පෙර සයිබීරියාවේ බවයි. මේ අනුව මෙතෙක් විශ්වාස කළ පරිදි බල්ලා මිනිසාට හීලෑ වන්නට ඇත්තේ වසර 11,000කට පෙර යැයි යන මතය දැන් වෙනස් වී තිබේ.

නවීන සුනඛයන්ගේ ජාන අධ්‍යයනය කිරීමේදී ඔවුනට මිනිස් පරිසරය තුළ හීලෑවන්නට අඩු තරමින් වසර 11,000ක් පමණවත් ගත වන්නට ඇතැයි පෙනී ගොස් තිබේ. මෙය සිදු වී ඇත්තේ එක්කෝ දකුණු ආසියාවේ හෝ මැදපෙරදිග විය හැකියි.

බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන්නේ සුනඛයන්ගේ මේ හීලෑ වීම සිදු වන්නට ඇත්තේ එක් වරකදී නොව කිහිප වරකදී බවයි. එසේ හීලෑ වීමෙන් පසුවද වරින්වර සුනඛයන් වනයේ වෘකයන් සමග දෙමුහුන් වන්නට ඇතැයි ඔවුහූ විශ්වාස කරති.

‘සමහර විට මිනිසුන් කැළයට ගොස් වෘක පැටවුන් අල්ලා ගෙන අවුත් හීලෑ කර ගත්තා විය හැකියි. නැති නම් මිනිසා නව වගාවන් ආරම්භ කිරීමත් සමග සුනඛයන් ඔහු ඉවතලන පිෂ්ටය සහිත ආහාරවලට ඇදී ආවා විය හැකියි.’ ස්වීඩනයේ උප්සලා විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාඥවරියක වූ කර්ස්ටින් ලින්ඞ්බ්ලැඞ්-ටෝ කියන්නීය. මේ පිළිබඳව පර්යේෂණ කළ කණ්ඩායමට නායකත්වය දුන්නේ ඇයයි.

ලින්ඞ්බ්ලැඞ්-ටෝ හා ඇගේ පිරිස විසින් වෘකයන් 12ක් හා විවිධ වර්ග 14ක සුනඛයන් 60කගේ හීලෑවීමට සම්බන්ධ ජාන වෙනස්කම්වල සවිස්තර සටහනක් සකස් කරනු ලැබීය.

සුනඛයන් වෘකයන්ට වඩා වෙනස් වන ජාන කලාප 36ක් ඔවුන්ගේ මෙම විමර්ශනය තුළින් හඳුනා ගැනීමට හැකි වී තිබේ. ඒ පිරිස විශ්වාස කරන්නේ වෘකයන්ට වඩා සුනඛයන් මිනිසාට හිතවත් වීමට මේ ජාන හේතු වන්නට ඇති බවය.

 
විශේෂඥයන් කියන්නේ මිනිසාට බිය නො වීමේ හේතුව නිසා බල්ලන්ට මිනිස් ආහාරවලට හුරු වීම පහසුවක් වූ බවයි.

සුනඛයන් තුළ ඇමයිලේස් නිෂ්පාදනය සඳහා බලපාන ඒඑම්අයි2බී (AMY2B) නම් ජානයේ වැඩි අනුරූ ප‍්‍රමාණයක් ඇති බව මේ පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබේ.

මෙම ජානය වෘකයන්ට වඩා සුනඛයන්ගේ අග්න්‍යාසය තුළ 28 ගුණයකින් සකි‍්‍රය බව හෙළි වී තිබේ.

එසේ ම සුනඛයන් තුළ පිෂ්ටය ජීර්ණය කිරීමට හා මේදය ඛණ්ඩනය කිරීමට හැකි ජාන 10ක් හඳුනා ගැනීමට ද ඔවුන් සමත් වී තිබේ.

මිනිසා ඉවතලන දෑ බුදින්නට වෘකයන් ආදි මානව ජනාවාස කරා ඇදී ආවාය යන නිගමනය තහවුරු කිරීමට මෙම සොයා ගැනීම් හේතු විය හැකිය.

සමහර විශේෂඥයන් පෙන්වා දෙන්නේ මිනිසා දුටු විට පැන නො දිවීමත් මිනිසා ඉදිරියේදී අඩු කුලෑටි ගතියක් පෙන්වීමත් ඌ මෙසේ හීලෑ වීමට වඩාත් හේතු වන්නට ඇති බවය.
මෙම හේතු හීලෑ වීමේ පළමු පියවර ලෙස ඔවුහූ දකිති.

‘පිෂ්ටය දිරවීමට හැකි ජාන සුනඛයන් තුළ වර්ධනය වීම ගැන කළ පර්යේෂණයෙන් අප ලබා ඇති ප‍්‍රතිඵල ඒ අදහස හා හොඳින් ගැළපෙක බව කිව හැකියි’ ඒ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වූ ඇක්සෙල්සන් ලයිව්සයන්ස් වෙබ් අඩවියට ප‍්‍රකාශයක් කරමින් කියයි.

‘සාර්ථක කසළ බුදින්නකු වන්නට විශේෂ චර්යා රටාවක් පමණක් නොව ඉවත ලන දෙයෙහි ඇති ආහාරවලින් යැපීමට හැකි ජීර්ණ පද්ධතියක් ද තිබිය යුතු බව අප කළ මේ අධ්‍යයනයෙන් හෙළි වුණා’ ඔහු වැඩි දුරටත් පැවසීය.

Post a Comment

4 Comments

  1. මමත් අදම කැලේට ගොහිල්ල වුර්ක පැටියෙක් ගෙනල්ල හදනව බලන්න... මට හීල් වෙයිද කියල...

    ReplyDelete
  2. "වයිට් ෆෑන්ග් මේක අහනවා, බල්ලෙකුට යන්න පුලුවන් ගමනක් නොමෙයි ඕක. හැබැයි වෘකයෙකුට පුලුවන්" කියලා කිව්වට පස්සෙ වයිට් ෆැන් බේත් අරගෙන එන වීර චාරිකාව යනවා. ආවට පස්සෙ එයාට හිත වැටෙන බැල්ලත් එක්ක විවාහ වෙනවා. ඊට පස්සෙ වෙන්නැති මේ දෙගොල්ල මුහු වෙන්ඩ ඇත්තෙ.....:D

    ReplyDelete