Skip to main content

Posts

Showing posts from February, 2013

ජලය වාතය කිසිවක් නැතිව විස්මිත ලෙස බෝතලයක වවන අපූරු ගෙවත්තක්! මේ බෝතලයේ වගාවට දැන් වසර 53ක්!

මේ විස්මිත කතාව ඔබ වෙත ගෙන එන්නේ එංගලන්තයේ ගොවියෙක්. ඔහු බෝතලයක් ඇතුළේ වගාවක් කරනවා. වතුරවත් වාතයවත් නොලැබෙන ලෙස මුද්‍රා තැබූ බෝතලයක තමයි මේ ශාකය වැවෙන්නේ!

මේ ඬේවිඞ් ලැටිමර් ඔහුගේ බෝතල් වගාවත් සමග. මෙය අවුරුදු 53කට පෙර සිට වූ ඔහු අන්තිමට වතුර දැම්මේ 1972දියි. එදා සිට වතුරත් නැතුව මේ මුද්‍රා තැබූ බෝතලය තුළ වසර 41ක් තිස්සේ හොඳින් වැඩෙනවා.

මිනිස් ජීවිතයේ විශාල පෙරළියක් කළ හැකි ‘ජාන අත්පොතක්’ සකසයි. අලූත් ම වෛද්‍ය විද්‍යා පර්යේෂණයක්!

ලොව පුරා වෙසෙන මිනිසුන් 1000කට වැඩි ප‍්‍රමාණයකගේ ජාන විපර්යාසයන් මෙම ගෙනෝම 1000 ව්‍යාපෘතියට ඇතුළත් කර තියෙනවා. මේ ජාන අත්පොත සැකසීම නිසා පිළිකාවේ සිට හදවත් රෝග දක්වා හැම රෝගයකට ප‍්‍රතිකාර කළ හැකි මඟ පෑදෙනු ඇතැයි විද්‍යාඥයන් කියනවා.

මෙම ජාන අත්පොත සැකසීම සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය හැඳින්වූයේ ‘ගෙනෝම 1000 ව්‍යාපෘතිය’ කියායි. ලොව පුරා විසිරි විවිධ ජනගහනයන් 14කට අයත් පුද්ගලයන් රැසක් මෙම ව්‍යාපෘතියට දායක කර ගෙන තියෙනවා. ඔවුන්ගේ ඞීඑන්ඒ සියල්ලම මෙහිදී සූක්ෂම ලෙස විමසීමට ලක් කෙරුණා.

මේ නිසා අනාගතයේ දී රෝගී ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ විශාල පෙරළියක් ඇති විය හැකියි.

අපේ සිරුරු තැනී ඇති ආකාරය මේ අයුරින් සිතියම් ගත කිරීම නිසා, උරුමයෙන් එන රෝගයන්ට හෝ වෙනත් ජානමය වශයෙන් ඇති වන තත්වයන්ට හෝ වඩාත් හොඳින් ඔරොත්තු දීමට සමහර අයට හැකි වී ඇත්තේ ඇයිද යන්න පර්යේෂකයන්ට තේරුම් ගන්නට හැකි වී තියෙනවා.

විද්‍යාඥයන් විසින් ලොව පුරා 1000කට වැඩි පිරිසකගේ ජාන විකෘතීන් විමර්ශනය කොට සිතියම් ගත කර තියෙනවා. ඒ නිසා අනාගතයේ රෝග ප‍්‍රතිකාර ක‍්‍රමයේ පෙරළියක් සිදු විය හැකියි.

අහසට විසිකරන පොල්ලක් අල්ලන් හරඹ පාන රොබෝකොප්ටර දෙකක්! මෙතෙක් නුදුටු විස්මිත වීඩියෝවක්!

මේ වීඩියෝව අදහන්න බැරි තරම් විස්මයජනක එකක්. මෙහි දැක්වෙන්නේ ස්වයංකී‍්‍රයව පියාසර කරන කුඩා ක්වොඞ්රොකොප්ටර දෙකක් දිගු දෝලක දණ්ඩක් උඩ දමා එහා මෙහා පියාසර කරමින් එහි කෙළවරකින් මාරුවෙන් මාරුවට අල්ලා ගන්නා ආකාරයයි. දින දෙකක් ඇතුළත මෙම වීඩියෝව ලක්ෂ තුනකට වැඩිය පිරිසක් නරඹලා තියෙනවා.

මෙයට ඇතුළත් වන්නේ ස්විට්සර්ලන්තයේ ඉහළ පෙළේ විශ්ව විද්‍යාලයක් වන සූරීච්හී ෆෙඩරල් තාක්ෂණික විද්‍යා ආයතනයට අයත් සිසුවකු වූ දාරියෝ බ්‍රෙසියානිනි විසින් කළ හපන්කමක්. ඔහු නිර්මාණය කරල තියෙනවා, ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කළ හැකි කුඩා රොබෝ ක්වොඞ්රොකොප්ටර දෙකක්. සංකීර්ණ ඇල්ගොරිතම ගණිත ක‍්‍රමය යොදා ගෙන සංවර්ධනය කළ සූක්ෂම පරිගණක ඇතුළත් මේ ක්වොඞ්රොකොප්ටර දෙකට ඍජු අතට අහසට විසි කරන දණ්ඩක් කෙළවරින් අල්ලන්න පුළුවන් මැජික්කාරයෙකු බෝල කීපයක් අහසට විසිකර විස්මිත ආකාරයට අල්ලනවා වාගේ.

රසායනාගාරය තුළ අවකාශයෙහි මේ ක්වොඞ්රොකොප්ටර දෙක මාරුවෙන් මාරුවට හසුරුවන අන්දම අදහන්නත් බැරි තරම් විස්මයජනකයි.

ගුවන් කරණම්: මේ විස්මිත වීඩියෝ දැක්වෙන්නේ කුඩා රොබෝ ක්වොඞ්රොකොප්ටර දෙකක් දෝලක රිටක් ගුවනේ එහා විසි කරමින් ඇල්ලූ ආකාරයි.

මේ යතුරු පුවරුවේ අවසානය ද? ඒ වෙනුවට එන නව නිපැයුම විස්මිත අත්ආවරණයක්!

පරිගණකයේ හා ජංගම දුරකතනයේ ඇති යතුරු පුවරුව විතරක් නෙවෙයි, ඔබ ලියන පෑනත් ඉතිහාසයට එක් කරන්නට මේ විස්මිත නව නිපැයුම නිසා මඟ පෑදේවි!

ජර්මනියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් නිපදවා ඇති මේ නව අධිතාක්ෂණික අත් ආවරණය මගින් පුළුවන් යතුරු පුවරුවේ එහෙමත් නැත්නම් කී බෝඞ් එකෙන් වන කාරිය ඉටු කර ගන්න. ඔබ අහසේ ලියන දේ ඒ අත් ආවරණයට පුළුවන් කියවන්න. කියවා පරිගණකයට ඇතුළත් කර ගන්න.

මේ ක‍්‍රමයෙන් ඉතා පහසුවෙන් කෙටි පණිවිඩ යවන්න පුළුවන්. පරිගණකය හා ජංගම දුරකතනය භාවිත කරන අයට අන්තර් ජාලය හරහා ඉක්මනින් ගනුදෙනු කරන්න හැකියාව ලැබෙනවා.

මේ අධිතාක්ෂණික අත්වැස්මේ ඇති සූක්ෂම සංවේදකවලින් පුළුවන් ඔබ අහසේ ඇඟිල්ලෙන් ලියන අකුරු හඳුනා ගන්න. අකුරු ලියන්නට ඇඟිල්ල චලනය කරන ආකාරය අනුවයි, මේ ක‍්‍රමය වැඩ කරන්නේ. අතින් හා ඇඟිලිවලින් කරන වෙනත් දෑවලින් අකුරු ලිවීම වෙන් කර ගන්නට හැකියාව ඇති සුවිශේෂ මෘදුකාංගයක් මේ අත්වැස්මට ඇතුළත්.

මේ අතිතාක්ෂණික අත්වැස්ම පැලඳ ගත්තාම එයට පුළුවන් ඔබ පෑනෙන් ලියනවා වාගේ අහසේ කරන චලනය කියවන්න. මේ ක‍්‍රමය හැඳින්වෙන්නේ ‘අහසේ ලිවීම’ කියායි. මෙහි නිර්මාපකයන් කියන්නේ අනාගතයේ දී මේ මෙවලම මීට වඩා කුඩා කර රෙද්දක …

ඇමරිකන් ගුවන් හමුදාවේ නව නිපැයුමක්! රහසින් අහසින් ගොස් පහර එල්ල කළ හැකි ක්ෂුද්‍ර යානා!

ඇමරිකන් ගුවන් හමුදාව සංවර්ධනය කරල තියෙනවා, මිනිසුන් රහිත නව ඩ්‍රෝන යානා විශේෂයක්. ඒවා අනාගත යුද ගුවන් තලය මහා පෙරළියකට ලක් කරනවා සිකුරුයි.

දෙබරුන් රංචු මෙන් අහසට මුදා හැරිය හැකි ඒවාට ගුවනේ පියාසර කරමින් එක තැන රැඳී ඉන්නත්, මකුළුවන් මෙන් බඩ ගාන්නත්, රහසින් ඕනෑම පුංචි ඉඩකින් රිංගා සතුරා සොයා ගොස් මාරක ප‍්‍රහාරයක් එල්ල කර සතුරා සැණෙකින් විනාශ කරන්නත් පුළුවන්.

ඇමරිකන් ගුවන් හමුදාවේ ගුවන් වාහන පර්යේෂණ අංශය ඔවුන්ගේ මේ නව නිපැයුමේ අනාගත ප‍්‍රවණතා පැහැදිලි කිරීමට පරිගණකයෙන් සජීවීකරණය කළ වීඩියෝවක් නිකුත් කරල තියෙනවා. දුරස්ථව තරංග මගින් පාලනය කළ හැකි මේ පුංචි ස්වයංකී‍්‍රය ගුවන්යානා ඔවුන් විසින් හඳුන්වා ඇත්තේ මයික්‍රො එයාර් වෙහිකල්ස් (MAVs) හෙවත් ක්ෂුද්‍ර ගුවන් යානා කියායි.

ගූගල් ආයතනයෙන් ඔබට විස්මිත උපැස් යුවළක්! පලඳින්න පුළුවන් පළමු පරිගණකය මේකද ?

ගූගල් ආයතනය කියනවා, ඔවුනගේ අලූත් ම නිපැයුමෙන් ඔබට අවශ්‍ය දේ ඔබ ඉදිරියේ මවා පින්නට පුළුවන් කියලා. ‘ප‍්‍රක්ෂේපණ වීදුරුවක්’ (Project Glass) ලෙසින් හැඳින්වෙන මේ නව නිපැයුම මුල් ම පැලඳිය හැකි කොම්පියුටරය ලෙසත් හැඳින්විය හැකියි.

මොකක්ද මේ අපූරු මෙවලම ? ගූගල් ආයතනය දැනට හෙළිදරවු කරල තියෙන විදියට මෙය ඇස් කන්නාඩියක් එහෙමත් නැත්නම් උපැස් යුවළක් වගේ එකක්.

මේ ඇස් කන්නාඩියෙන් පුළුවන් එය පලඳින තැනැත්තාට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන ගමන් මග සොයා ගෙන යන්න. අන්තර් ජාලයෙන් ලැබෙන ඊමේල් කියවන්න. ඈත තියෙන දෙයක් කල්තියා දැක ගන්න.
ගූගල් එය කි‍්‍රයාත්මක වෙන්නෙ කොහොමද කියල දැන් ම හෙළි කරන්න කැමති නැහැ. ඒ විතරක් නෙවෙයි, මෙය කවදා වෙළඳපොළට එනවද කීයක් විතර මිලක් වෙනවද කියල කියන්නත් කැමති නැහැ.

මේ උපැස් යුවළ පලඳින අයට කටහඬ අවදි කිරීමෙන් අන්තර් ජාලය හා එසැණ සම්බන්ධ වෙන්න පුළුවන්.

මහ මුහුදේ මහ අරුමයක්! සති ගණනක් නොකා නොබී බිත්තර කටේ තියාගෙන රකින තාත්තලා!

මේ මිහිමත බැලූ බැලූ තැන්වල විස්මිත දේ හමුවෙනවා. සප්ත මහා සාගරය තමයි, මේ අරුමයන් රැසක් සඟවා ගෙන ඉන්නේ! මේ එවැනි එක් විස්මයක්! පහසුවෙන් දැක ගන්න බැරි අති දුලබ දසුනක්!

මේ තමා කාඩිනල් මාළුවා. එයා අද ලෝකයේ ජීවත්වන හරිම නවීන අදහස් ඇති පිරිමි සතෙක්. බිත්තර රැකීම ගැහනු සතාට, ඒ කියන්නෙ ‘බිරිඳ’ට, බාර දීලා නිකං අහක බලා ගෙන ඉන්නෙ නෑ. ඒ වගකීම තමන්ම බාර ගන්නවා.

‘බිරිඳ’ බිත්තර දැම්මාම ඒ සියල්ල සංසේචනය කොට රැකීම සඳහා ඌ ඒවා කට ඇතුළට ගන්නවා. බිත්තර රැකලා පැටවුන් මෙලොව එළිය දකිනතුරු සති ගණනක් කෑමක් බීමක් ගන්නෙවත් නෑ. බඩගින්නේම බිත්තර රකිනවා.

මේ වගේ අවස්ථාවක් අප අහලා තිබුනත් පින්තූරවලින් දැකල තිබුණේ නෑ. ඒ දුර්ලභ වාසනාව පසුගියදා අපට උදා වුණා. මේ වාසනාව උදා කර දුන්නේ එක්සත් රාජධානියේ පරණ පොලිස්නිලධාරියෙක්. නමින් නිකලස් ටෙරී. ඔහු දැන් දිය යට දර්ශන කැමරාවට නඟන ඡායාරූප ශිල්පියෙක්.

සති ගණනක් තිස්සේ කටේ තියාගෙන බිත්තර රකින මේ මාළුවා සෑම මිනිත්තු කීපයකට සැරයක් බිත්තරවලින් කීපයක් කටින් එළියට දානවා රැකීමේ පියවරක් හැටියට. ඒ වරින් වර චලනය කිරීම අවශය නිසා. එසේ එළියට දමන බිත්තර ඊළඟ තත්පරයේදී යළිත් කට ඇතුළට ගන්නවා, රක…

බල්ලන් වසර 33,000කට පෙර ආහාර හිඟමනේ ආ හිඟන්නන් පිරිසක්ද? තවත් අලූත් ම අධ්‍යයනයකින් හෙළි වන රහස්!

බල්ලා මිනිසාගේ සුරතලා වූයේ කවදාද? මෙතෙක් කලක් සිතා සිටියේ එය මීට වසර 10,000කට පමණ පෙර සිදු වූවක් කියායි. එහෙත් එය එසේ නොවේ.

බල්ලා මිනිසාට වඩාත් සමීප වූයේ ආහාර ලබා ගැනීමේ පහසුව සඳහායි. එය බලූ සුරතලූන් ඇති කරන වැඩි දෙනකු මවිතයට පත් කරන කාරණාවක් නොවේ. එය ඔවුන් අත්දැකීමෙන් ම දන්නා දෙයකි.

අලූත් ම අධ්‍යයනයකින් හෙළි වී තියෙන විදියට වෘකයන් හා සුනඛයන් අතර ඇති ප‍්‍රධාන වෙනස වී ඇත්තේ සියවස් ගානක් තිස්සේ මිනිසාගේ ආහාර ගැනීමට හුරු වීම නිසා සුනඛයන් තුළ පිෂ්ටය දිරවිය හැකි ජාන බිහි වී තිබීමයි. එයින් ඔවුනට මිනිස් ආහාරයෙන් ශක්තිමත්ව වැඩෙන්නට හැකියාව ලැබී තිබේ.

එම අධ්‍යයනය කළ ස්වීඩන පර්යේෂක කණ්ඩායම කියන්නේ, සුනඛයන් මිනිස් ආහාරවලට පි‍්‍රය කිරීම තුළින් ඔවුන් මිනිසාට හීලෑවී මිනිස් ජනාවාස අසල අනාදිමත් කාලයක් තිස්සේ ගැවසෙක්කට ඇතැයි සිතිය හැකියි.

මිනිසාගේ ආහාරවලින් කලක් තිස්සේ යැපීම නිසා බල්ලන්ගේ ජාන ඊට ගැළපෙන පරිදි වෙනස් වී තිබේ.

ඔබේ නැබේ ඇති බැක්ටීරියා වනාන්තරය ගැන දන්නවාද?

නැබ, බුරිය, පෙකණිය යන වදන්වලින් හැඳින්වෙන ඔබේ උදරය මැද ඇති කුඩා ඔබ හිතනවාට වඩා බරපතල තැනක්. මවගේ ගැබ තුළ සිටිද්දී ඔබට ජීවය දුන් පෙකණිවැල සම්බන්ධ වූ මේ තැන ඇත්තෙන් ම ඔබට ඔබේ උපත සිහිකරන සංකේතයක් වගෙයි.

ඒත් දැන් විද්‍යාඥයන්ට එය පෙනෙන්නේ මහා බැක්ටීරියා වනාන්තරයක් ලෙසටයි. අලූත් ම අධ්‍යයනයකින් කියැවෙන්නේ ලෝකයේ වැසිවනාන්තරවල හමුවන ජෛවවිවිධත්වයට සමාන බැක්ටීරියා පරිසර පද්ධතියක් මිනිස් පෙකණිය තුළ තිබෙන බවයි.

වසර දෙකක් තිස්සේ නැබ තුළට එබී බැලූ ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් සොයා ගෙන තියෙනවා, විවිධ බැක්ටීරියා විශේෂ 2,368ක් ඇති බව. ඒ විතරක් නෙවෙයි, එයින් 1,458ක් ම විද්‍යාව විසින් මෙතෙක් හඳුනා නොගත් අලූත් ම බැක්ටීරියා විශේෂයි.

ඔවුන් යොදා ගත් නියැදියට ඇතුළත් වූ සියයට 70ක් වූ දෙනාගේ පෙකණිවළ තුළ මේ බැක්ටීරියා විශේෂ අටක් ස්ථිරව තිබුණා. කෙසේවෙතත් මොන අය ළඟ මොන මොන බැක්ටීරියා වර්ග තිබේ දැයි කියා නිශ්චිතව කියන්න හැකියාවක් මේ අධ්‍යයනයෙන් මතු වුණේ නැහැ.

පර්යේෂකයන් විසින් සොයා ගෙන තියෙනවා, ලෝකයේ වැසිවනාන්තරවල පවතින පරිසර පද්ධතියට සමාන විශාල බැක්ටීරියානු ජෛව පද්ධතියක් මේ කුඩා පෙකණිවළෙහි ඇති බව.

තල්මසකු පැටියකු බිහි කරන හැටි බලන්න!

මේ අපූරු සිදු වීම වීඩියෝ කැමරාවට නගා ගත හැකි වූයේ ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැන් දියේගෝහි පිහිටි ‘සීවර්ල්ඞ්’ (SeaWorld) ෂාමු ස්ටේඩියම්හි දිය යටදියි. කසට්කා කියන තල්මස් මව තමයි, මේ අපූරු පැටියා බිහි කළේ.

ඉංගිරිසියෙන් මේ තල්මසා හඳුන්වන්නේ ‘ ඕක’ (Orca) හෙවත් ‘මිනීමරු තල්මසා’ (killer whale) කියලයි. ඒත් සිංහලෙන් ඒ තරම් දරුණු නමක් නැහැ. ‘දත් තල්මහ’ කියලයි කියන්නෙ.

‘සාගර ලෝකය’ යන නමින් හැඳින්වෙන මේ ‘සාගර මින්මැඳුර’ හා ’ක්ෂීරපායී සතුන් එකතුව’ ආරම්භ කළේ 1964දියි. එහි වසර 49ක ඉතිහාසය තුළ සිදු වූ හය වැනි සාර්ථක තල්මස් දරු උපත ලෙස මෙය සැලකෙනවා. දැනට එහි තල්මසුන් 10ක් ඉන්නවා.

පැටියාගේ දිග අඩි 7යි. බර රාත්තල් 350යි. මේ තල්මස් පැටියා මෙලොව එළිය දුටුවේ මාස දහඅටක් මවගේ කුස තුළ ගත කරලයි. මේ තල්මස් මවගේ වයස අවුරුදු 37ක්.

මේ සුරතල් තල්මස් සිඟිත්තා නව ලොවට පිවිසියේ ‘සීවර්ල්ඞ්‘ සත්වවේදීන්ගේ සුපරීක්ෂාව යටතේයි. ඒ සඳහා පැයක් පමණ කාලයක් ගත වුණා.

ඉපදී තත්පර කීපයක් තුළත් තවත් පමා නොවෙමින් සුරතල් තල්මස් පැටියා මව සමග දිය මතුපිටට ආවේ පළමු හුස්ම පොද ලබා ගන්නයි.

මාස 18ක් කුස තුළ දරා ගෙන සිටි තල්මස් මව සිය සුර…

විනිවිද පෙනෙන ජංගම දුරකතනය! දුරකතන කතාබහේ අලූත්ම නිපැයුම!

ඉතා වේගයෙන් වෙනස් වේගන යන දුරකතන ලෝකයේ අලූත් ම පෙරළිය මෙයයි. මෙම විනිවිද පෙනෙන ජංගම දුරකතනය මේ වසර අගදී වෙළෙඳපොළට ඒවි.

පසුගියදා මෙය ඒ සමාගම විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා. තායිවානයේ පිහිටුවා ඇති පොලිටොන් ටෙක්නොලොජීස් නම් සමාගම තමයි, මේ නව නිපැයුමේ ගෞරවය හිමි කර ගෙන තියෙන්නේ.

විනිවිද පෙනෙන බහුකාර්ය ස්පර්ශක (multi-touch) තිරයකින් සමන්විත මෙම දුරකතනය 2013 දී අග භාගයේදී අළෙවි කරන්නට ඔවුන් විසින් කටයුතු කර තියෙනවා.

මෙහි මුලාකෘතියට ඔවුන් යොදා තියෙන්නේ ‘වෙනස් කළ හැකි වීදුරු තාක්ෂණය’ (Switchable Glass technology) යන අරුත් ඇති නව ක‍්‍රමයක්. ඒ ක‍්‍රමයට අනුව මෙහි රූප තිරයට ගෙනෙන්නේ ද්‍රව ස්ඵටික අණු යොදා ගෙනයි. සන්නයන ගුණ ඇති කාබනික ආලෝක විමෝචන ඩියෝඩ (OLED) රූප තිරය මත මැවීමට මෙහි දී භාවිත කෙරෙනවා.

මෙන්න විනිවිද පෙනෙන ජංගම දුරකතනය පෙනෙන හැටි!

පෘථිවිය බලා එන ග‍්‍රහකය ගැන ලෝකයම බලා සිටිද්දී හදිසියේ උල්කාපාතයක් රුසියාව හොල්ලයි!

රුසියාව හෙල්ලූම් කැවූ, මහා පිපුරුම් හඬක් නංවමින් ඒ උල්කාපාතය කඩා වැටී ඇත්තේ රුසියාවේ චෙල්යාබින්ක්ස් පළාතේ පිහිටි චෙබාකුල් නගරය අසල විලකටයි.

උල්කාපාතයට පෙර උල්කා වැස්සක් දකින්නට ලැබුණා. ඒ රුසියනු කුඩා නගරයේ වැසියන් භීතියට පත් කරමින් ඇති වූ ඒ උල්කා වැස්ස අතරතුර එකක් ඉහළ වායුගෝලයේ නොපිලිස්සී ගිනිබෝලයක් ලෙසින් අහසේ ඈත එනු දුටු නගර වැසියන් හිස් ලූ ලූ අත දුවන්නට වුණා. ඒ සිද්ධිය ඇසින් දුටවකු කීවේ. "ඒක 'ආමගෙඩන්’ (Armageddon) චිත‍්‍රපටයේ දර්ශනයක් වාගෙයි" කියායි. ආමගෙඩන් කියන්නේ ලෝක අවසානය සිදු වන හැටි මවා පෑ චිත‍්‍රපටයක්.

ඈත හිමේ පෙන්ගුවින් කුරුල්ලන්ගේ සොයන්න ගිය රොබෝ පෙන්ගුවින්ලා! මෙතෙක් නුදුටු විස්මිත දසුන් දැක ගන්න!

පෙන්ගුවින් පැටිහලක දසුන් කැමරාවට නඟන්නට පසුගියදා බීබීසී වන ජීවී කැමරාකරුවන් අපූරු උපක‍්‍රමයක් යොදා තිබුණා. ඒ නිහඬව රූ ගත කිරීම් කළ හැකි කැමරා සවි කළ රොබෝ පැටවුන් ඒ පෙන්ගුවින් පැටිහලකට හොර රහසේ ඇතුළු කිරීම මගිනුයි.

ඔවුන් මේ ක‍්‍රමයට පෙන්ගුවින් ප‍්‍රජාවන් තුනකගේ මෙතෙක් කිසිදාක නුදුටු ආකාරයේ දසුන් රූ ගත කිරීමට සමත් වෙලා තියෙනවා. පෙන්ගුවින් පැටවුන්ගේ පමණක් නොව වැඩිහිටි පෙන්ගුවින්ලාගේ හැසිරීම් රටාවල මෙතෙක් මිනිස් ඇස නොගැටුණු බොහෝ මේ දර්ශන තුළින් දැක ගන්නට හැකි වී තියෙනවා.

මේ සඳහා බීබීසී වාර්තා චිත‍්‍රපටකරුවන් ඔවුන්ගේ කැමරා 50ක් පෙන්ගුවින්ලාගේ හැටියටම තැනූ රොබෝ පෙන්ගුවින්ලාගේ සිරුරු තුළ රැඳෙව්වා. ඒ ක‍්‍රමයට තමයි, ඔවුන් පෙන්ගුවින්ලාට සමීප වූයේ.

අවුරුද්දකට ආසන්න කාලයක් ඔවුන් ලෝකයේ ප‍්‍රදේශ තුනක පෙන්ගුවින්ලාගේ ජීවිත මේ වාර්තා චිත‍්‍රපට මාලාවට හසු කර ගෙන තියෙනවා. එහි දී ඉගිල්ලෙන් බැරි ඒ කුරුල්ලන් දරුවන් හැදීමට දක්වන දැඩි කැප වීම හා දරුවන්ට දක්වන ආදරය නිසා ඔවුන් ‘සොබාදහමේ වඩාත්ම කැප වූ මාපියන් ලෙස’ ගිණිය හැකියැයි ඒ වැඩ සටහනේ නිෂ්පාදක පිරිස කියනවා.

බීබීසීය විසින් තනා ඇති වාර්තා චිත‍්‍රපට මාලාවේ …

කුතුහලය යානය පළමුවරට අඟහරු සිදුරු කරයි! තවත් තැනකින් ‘ඇඟිල්ලක්’ මතු වෙයි! අඟහරු ලොවෙන් අපූරු තොරතුරු!

කුතුහලය යානය අඟහරු ලොවේ හිල් විදින්නට පටන් ගෙන තියෙනවා. අඟහරු ලොවට ගිය යානයක රොබෝ අතක් වෙනත් ග‍්‍රහලෝකයක් සිදුරු කළ පළමු වතාව මෙයයි.

මෙසේ සිදුරු කළේ පාස් සාම්පල රැගෙන පර්යේෂණ පැවැත් වීමටයි. මුල් ම සිදුර විද්දේ සෙ.මී. 6.4ක් (අඟල් 2.5ක්). අවසාදිත පාෂාණවලින් සමන්විත බිමක. රොබොට්ටකු විසින් රතු ග‍්‍රහයාගේ බිම සිදුකර පස් ලබා ගත් පළමු වතාව මෙයයි.

නාසා ආයතනයේ විද්‍යාත්මක මෙහෙයුම් අධිකාරියේ සම පරිපාලකවරයා වූ ජෝන් ග‍්‍රන්ස්ෆෙල්ඞ් මේ පිළිබඳව අදහස් දක්වමින් කීවේ ග‍්‍රහ ලෝකවල මෙහෙයුම් කිරීමට මෙතෙක් තනා ඇති විශිෂ්ටතම රොබෝ රසායනාගාරයේ කටයුතු ඉතාමත් සාර්ථක ලෙස අඟහරු මත කි‍්‍රයාත්මක වන බවයි. ඊට අයත් රෝබෝ යන්ත‍්‍රය සිදුරු විදිනු කැමරාවට නැඟුවේ කුතුහලය යානයේ ඇති කැමරාවකින්.

‘මුල් ම සිදුර සාර්ථකව විදිනු ලැබුවා. එහේ සිදුර විදින හඬ අප පොළොවේ සිට අහගෙන හිටියා’ රෝවරය මෙහිදී පරීක්ෂාකරනු සඳහා පැද වූ පාලෝ බෙලූත්තා විස්මය හා සතුට පළ කරමින් ‘ට්වීටරය’ට ලියා තියෙනවා.

මෙසේ සිදුර විදින ලද ස්ථානය ඔවුන් ජෝන් ක්ලීන් පර්වතය කියා නම් කර කර ඇත්තේ 2011 දී මියගිය මිතුරකු සිහි වීම පිණිසයි. ඔහු තමා අඟහරු විද්‍යා රසායනාගාරයේ නි…

හිම බිම බලා යන නව විද්‍යාගාර කෝච්චිය දැන් ගමනේ! තනා නිම කරන්න සිව් වසරක් ගත වුණා!

මෙය ලොව ප‍්‍රථම ජංගම රසායනාගාරයයි. පවුම් මිලයන 25.8ක් වියදම් කර තැනූ මෙම නව පරීක්ෂණාගාරය හිම වැසිවලට අසු නොවී ඉන්න පුළුවන් විදියටයි ඉදි කර ඇත්තේ. අඩි ගණනක එම වැස්සක් වැටුණත් නොදැනෙන ලෙසට මෙය හරිම උසයි.

රොබට් ෆෝල්කන් ස්කොට් මුල්වරට ඇන්ටාර්ටිකාව තරණය කරල වසර සීයක් සම්පූර්ණ වන දාටයි, මෙය ඇන්ටාර්ක්ටිකාවේ දී විවෘත කරන්නට බලාපොරොත්තු වන්නේ.

මේ පවුම් මිලියන 26ක වියදමෙන් තැනූ මෙම විද්‍යා පර්යේෂණාගාරය ඇන්ටාර්ක්ටිකාවේ හිම මත නොගිලී සිටිය හැකි වන සේ පද වෙනුවට ස්කී යොදා තියෙනවා.

බටහිර වෛද්‍යවරුන්ගේ විස්මිත හපන්කමක්! දැන් බිඳුණු අස්ථි වැඩෙන්න සලස්වන්න පුළුවන්!

කඳ සෛලවලින් තැනූ කෘති‍්‍රම අස්ථියක් හා නව සැහැල්ලූ ප්ලාස්ටික් අස්ථියක් යොදා ගෙන බිඳුණු අස්ථිවලට ප‍්‍රතිකාර කරන්න දැන් හැකියාව ලැබී තිබෙනවා. මේ ආරංචිය ලොව පුරා විකලාංග චිකිත්සක වෛද්‍යවරුන්ගේත් රෝගීන්ගේත් සිත්වල සහනයක් ගෙන දෙන්නක් වෙනවා නිසැකයි.

විද්‍යාඥයන්ගේ මේ නව සොයා ගැනීමට අනුව කඳ සෛල යොදා ගෙන තැනූ කෘති‍්‍රම අස්ථියත් සමග ප්ලාස්ටික් අස්ථිය සැත්කමකින් ඇතුළු කළ පසු බිඳුණු අස්ථිය ඒ තුළ නැවත වැඩෙන්න පටන් ගන්නවා.

‘දැන් මට වේදනාවක් දැනෙන්නේ හිනා වෙන කොට විතරයි.’ විස්මිත නව ප‍්‍රතිකාර ක‍්‍රමයක්.

ඔන්න පෘථිවිය ආසන්නයටම ග‍්‍රහකයක් එනවා! අපට හොඳටම ළංවෙන්නේ ලබන සිකුරාදා!

ඇමරිකාවේ නාසා ආයතනය බය හිතෙන වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. දැවන්ත ග‍්‍රහකයක් අපේ දිහාට එන බව දක්වමින්.

තව දවස් කීපයයි, තියෙන්නෙ. අඩි 150ක් පළල ටොන් 130,000ක් බර මේ ග‍්‍රහකය අපේ හැපෙන්නෙ නෑ කියලයි ඔවුන් කියන්නෙ. ඒත් ඒක අපේ සන්නිවේදන හා කාලගුණ චන්ද්‍රිකා රැඳී තියෙන කලාපය හරහා යන එක ස්ථිරයි.

මේ තමයි පළමු වන වතාව මේ ප‍්‍රමාණයේ ග‍්‍රහකයක් අපට ළං වුණු. ඒත් විද්‍යාඥයන් ස්ථිර කර කියනවා, එය පොළොවට සැතැපුම් 17,100කට වඩා ළං වෙන්නෙ නැති බව.

සීයාගේ වයස කීයද? - පිළිතුර

සීයාගේ වයස කීයද?
1924 අවුරුද්දේ, ළමයෙක් ඔහුගේ මවගේ පියා වන සේතන් සීයා ළඟට ගොස්, ”සීයේ, මගේ දැන් වයස මා උපන් අවුරුද්දේ අග ඉලක්කම් දෙකේ ගණනට සමානයි.” යැයි කීවේය.

”ඇයි පුතේ මගේ දැන් වයසත් ඒ වාගේමයි” මුනුපුරා මවිතයට පත් කරමින් සේතන් සීයා පැවසීය.

1924 වර්ෂයේදී සීයාගේ සහ මුනුපුරාගේ වයස් ඔබට කියන්න පුළුවන්ද?

සීයාගේ වයස කීයද? : විනෝදයට ගණිත ගැටලූවක්!

විනෝදයට ගණිත ගැටලූවක්!
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටියා සී. එම්. වීරරත්න කියලා දක්ෂ ගණිත ආචාර්යවරයෙක්. එහි නියෝජ්‍ය විදුහල්පති ලෙසත් සේවය කළ එතුමා ළමයින්ට ගණිත ඉගැන්නුවේ විහිළුවෙන් තහළුවෙන්. පුංචි සිද්ධියක් කියල ඒ ඔස්සේ ගණිත ගැටලූවක් ඉදිරිපත් කිරීම එතුමා නිතරම කළ දෙයක්. වරින් වර එතුමා ඉදිරිපත් කළ කථා එකතු කර පොතක් පළ කළා කලකට ඉහතදි ‘ගණිත ප‍්‍රදීප හා විනෝද කථා’ යන නමින්. මේ එහි පළ වූ එක් කථාවක්. භාෂාව එහි තියෙන විදියටමයි, මෙහි යොදා ඇත්තේ. මෙවැනි ගැටලූ කතා කීපයක් ‘මල් කැකුළු’ තුළින් පළ කළා ඔබට මතක ඇති.

ධීවර උකුස්සන්ගේ විස්මිත දස්කම්!

ලෝකයේ සාගරබදව, මුහුදු ආශි‍්‍රතව, විල්, වැව්, ගංගා දිය කඩිති අසල ජීවත්වෙන කුරුල්ලන් ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරය කර ගන්නේ මසුන්. ඒ අතර කෑමට මසුන් අල්ලා ගන්නා උකුස්සන්, කුරලයන්, රාජාලියන්, සරටකුස්සන් ආදීන් ප‍්‍රධානයි.

එයින් උකුසු කුලයට (ACCIPTRIDAE) අයත් කුරලයන් (Osprey) මසුන් ඇල්ලීමට හරිම දස්සයි. සත්ව විද්‍යා නාමය පැන්ඩියන් හැලියාටුස් (Pandion haliaetus) වේ. මේ වර්ගයේ වැඩුණු කුරුල්ලකු සෙ.මී. 55ක් පමණ දිගයි. කිරිල්ලිය කුරුල්ලාට වඩා ප‍්‍රමාණයෙන් ලොකුයි.

වර්ණ අන්ධතාවයට පිළියමක්! නව ආරක උපැස් යුවළක්! විද්‍යාඥයකුගේ අහඹු සොයා ගැනීමක්!

පාට හරි හැටි පේන්නෙ නැති කම පාරෙ යන්නත් බාධාවක්. සමහර වර්ණ මුළුමනින් ම පෙනෙන්නෙ නැහැ. සමහර ඒවා වෙනුවට වෙන ඒවා පේනවා. මේ ගැටලූවට සාර්ථක විසඳුමක් දැන් සොයා ගෙන තියෙනවා.
විද්‍යාඥයන් සංවර්ධනය කරලා තියෙනවා, දම්පාට උපැස් යුවළක් රතු සහ කොළ වර්ණ ඉස්මතු වෙලා පෙනෙන. වඩාත් බහුලව අප අතර ඇත්තේ ඒ වර්ණ නොපෙනෙන අයයි.

පවුම් 190කට ඔක්සි-ඉසෝ උපැස් යුවළක් මිල දී ගෙන පරීක්ෂා කර බැලූ බි‍්‍රතාන්‍ය විද්වතකු එය මුල්වරට පැලඳි අවස්ථාවේ කීවේ, තමා ලද අලූත් පෙනුම නිසා ඇති වූ සතුටින් තමාගේ ඇඟකිලිපොළා ගිය බවයි.

මේ ඔක්සි-අයිසෝ ඇස් කන්නාඩිය නිසා කලින් නුදුටු වර්ණ දැක ගන්න වර්ණ අන්ධ අයට දැන් පුළුවන්.

අදහන්නත් බැරි තරම් විස්මිත ඔත්තු බලන යානයක්! ඇමරිකානු හමුදාවේ අලූත් ‘රහස් අවිය’ මෙන්න!

ගූගල් වීදි දසුන් දැන් ඔබටත් හුරු ඇති. සමහර විට ඔබට පාර සොයා ගෙන යන්නත් ඒවා උදවු වෙනවා ඇති. දැන් ඇමරිකානු හමුදාව සතු මිනිසුන් රහිත ඔත්තුකාර ගුවන් යානාවලට ඉහළ අහසේ සිට, බිම ඇවිදින, ඔබේ සාක්කුවේ තියෙන දුරකතනය පවා හඳුනා ගන්න පුළුවන්.

අපේ ඔත්තු බලන ගුවන් යානාවලට වඩා ඉතා සියුම් කැමරා පද්ධතියක් ඒ යානාවලට සවි කර තියෙනවා. ආගස්-ඉස් (ARGUS-IS) නමින් හැඳින්වෙන මේ කැමරා පද්ධතිය සෑම මිනිසුන් රහිත ගුවන් යානයකටම සවිකර තියෙනවා.

එයට වර්ග සැතැපුම් 15ක ප‍්‍රදේශයක් එකවර හසු කර ගන්න පුළුවන්. ඇදහිය නොහැකි විස්මිත මෙගා පික්සල් 1,800කින් යුත් පින්තූරයක් ලබා දෙන්න පුළුවන්. පින්තූර ගැනීමේදී එය අයි ෆෝන් කැමරාවකට වඩා 225ස් ගුණයක් සංවේදියි.

අහසේ අඩි 17,500ක් ඉහළ සිට බිම ඇති අඟල් 6ක් තරම් කුඩා වස්තුවක් වුනත් පැහැදිලිව කැමරාවට හසුකර ගන්න පුළුවන්. යුද පිටියක දී නම් එහි සිදු වන සියල්ලම ඉතා පැහැදිලිවම ඒ මොහොතේ ම දැක ගන්න හමුදාව මෙහෙයවන්නන්ට හැකියාව ලැබෙනවා.

අඩි 17,500ක් ඉහළ අහසේ සිට ගන්නා පින්තුරවල විශේෂයෙන් පාටින් ලකුණු කර ඇති කොටස් එවේලේම විශාලනය කොට වඩාත් සමීපව දැක ගන්නට පුළුවන්.

යමහලක් ළඟට ගිහින් අත්දැකීමක් ලබන්න මෙන්න විස්මිත අවස්ථාවක්!

රුසියාවේ වඩාත් නැගෙනහිරට වෙන්න කැම්චට්කා අර්ධ ද්වීපයේ ඉතා දුර බැහැර හිමෙන් වැසුණු ප‍්‍රදේශයක පිහිටි මේ යමහල (ගිනි කන්ද) අසලට යන එක රුසියාවේ ඉන්න අයටත් කරන්න අමාරු දෙයක්.
මේ අති දුර්ලභ ගමන ගියේ රුසියානු සිනමා කණ්ඩායමක්. ඔවුන්ගේ ඒ අත්දැකීම විඳගන්න ඔබටත් අවස්ථාවක් දැන් ලබා දීල තියෙනවා, මේ විශේෂාංගයෙන්. ඔවුන් මේ අති බිහිසුණු ත‍්‍රාසජනක ගමන ගියේ හෙලිකොප්ටරයකින්.

අධික තාපයෙන් යුත් ලාවා ඉහළට විදිද්දී ඔවුන් ඒ අසලට ගිය හැටි දැන් ඔබටත් අත් විඳින්න පුළුවන්.

මේ යමහලේ නම ප්ලොස්කි ටොල්බැකික්. මේ වගේ යමහල් හතරක් පිහිටා තියෙනවා එකිනෙකින් සැතැපුම් 110ක් විතර දුරින්. පසුගිය නොවැම්බරයේ දී පටන් මේ යමහල සකි‍්‍රය වෙන්න පටන් ගත්තා.

රුසියාවේ කම්චැට්කාවල පිහිටි ප්ලොස්කි ටොල්බැකික් යමහලයි, මේ. ‘එයාපෑනෝ’ සමාගම විසින් රුසියානු කැමරා කණ්ඩායමක් යැව්වා, අංශක 360ක අන්තර්කි‍්‍රයාකාරී වට දර්ශනයක් කැමරා ගත කරන්නටය කියා.

හඳේ හදන ගෙවල් මෙන්න! මිනිසුන් යන්න පෙර රොබෝ යවා ඉදි කරන්න සැලසුම්!

පසුගිය සතියේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ඊසා ආයතනය) විසින් මෙය කරන අයුරු නවතම ති‍්‍රමාණ මුද්‍රණ තාක්ෂණය යොදා ගෙන මාධ්‍යයට හෙළිදරවු කළා.

ඔවුන් මේවා ඉදිකරන්න බලාපොරොත්තු වන්නේ සඳ මත ඇති පස් හා ගල් උපයෝගී කර ගෙනයි.

ඊසා ආයතනය ඒ සඳහා වාස්තු විද්‍යා සමාගමක් වූ ෆෝස්ටර් පාට්නර්ස් හවුල සමග එක්ව කටයුතු කරනවා. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ පෘථිවියේ ස්වාභාවික චන්ද්‍රිකාව වූ චන්ද්‍රයා මත මිනිස් ජනාවාස පිහිටුවීමයි.

රොබෝලා ලවා නිවාස තනන්න දැන් ලෑස්තියි! උල්කාශ්මවලින් ගැමා විකිරණවලින් උෂ්ණත්ව විෂමතාවලින් ආරක්ෂා වී එක නිවසක හතරකට ඉන්න පුළුවන්.

ඉන්ජෙක්ෂන් ගහපු කාලෙ ඉවරයි! ඒ වෙනුවට පැලැස්තරයක්!

එන්නත් කටු යොදා ගෙන ඖෂධ ශරීරගත කිරීම තවදුරටත් අවශ්‍ය නොවන නව නිපැයුමක් දැන් හඳුන්වා දී තියෙනවා. ඔබට තියෙන්නේ වෛද්‍යවරයා නියම කරන පැලැස්තරය සමෙහි අලවා ගැනීමයි.

මේ නව ක‍්‍රමය ඇමරිකාවේ මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ නව සොයා ගැනීමක්. ඒ පිළිබඳව එහි පර්යේෂකයන් කියන්නේ මේ නව ක‍්‍රමයෙන් ක්ෂුද්‍ර ඉඳිකටු තුඩු සහිත ‘පච්චයක්’ වැනි පැලැස්තරයක් යොදා ගෙන වඩාත් ආරක්ෂිතව, වේදනා රහිතව අනාගතයේ දී එන්නත් ලබා දිය හැකි බවයි.

ඔවුන් කියන විදියට ඒඞ්ස් වැනි රෝග තත්වයන් ඇති කරන එච්අයිවී ආසාදනවලදී සාමාන්‍යයෙන් එන්නත් දීමේ ක‍්‍රමයෙන් සිදු වන අවදානමට මුහුණ නොදී මේ නව ක‍්‍රමයෙන් ඞීඑන්ඒ එන්නත පහසුවෙන් ලබා දිය හැකි බවයි.

‘මයික්‍රොනීඞ්ල් පච්ච’ යනුවෙන් හැඳින්වෙන මේ නව ක‍්‍රමයේ පැලැස්තරය තනා ඇත්තේ බහුඅවයවික ස්තර ගණනාවක් ඇති ඞීඑන්ඒ එන්නතක් ඇතුළත් කරලයි.

මේ නව මයික්‍රොනීඞ්ල් එන්නත් ක‍්‍රමයෙන් ඉසියුම් ඉඳිකටුතුඩු මගින් සම තුළින් අවශ්‍ය එන්නත දින කීපයක් තිස්සේ ඇතුළු වීමට සැලැස්විය හැකියි.

ඇමරිකාවේ කාන්තාරයකින් අභිරහස් බෝල විශේෂයක් හමුවේ! එලොවින් ආ දෙයක්ද?

ඇරිසෝනාවේ කාන්තාරයකින් හමු වී ඇති මේවා අමුතු දම් පැහැයකින් යුත් ගෝලාකාර ද්‍රව්‍යයක් ලෙස හඳුනා ගෙන තියෙනවා. මෙතෙක් මේ ලෝකයේ කිසිම තැනක හමු වී නැති මේ ගුප්ත ගෝලාකාර ද්‍රව්‍ය කුමක් ද? ඒවා එහි පැමිණියේ කොහේ සිටද යන්න දැන් ඒවා හමු වූ ටූසෝන් ප‍්‍රදේශවාසීන්ට ලොකු ප‍්‍රශ්නයක් වී තිබෙනවා.

පසුගිය ඉරිදා සවස ඇවිදින්නට ගිය ජෙරාඞීන් වාගාස්ට හා ඇගේ සැමියාටයි, මේ දම්පැහැති අමුතු බෝල එකතුව හමුවෙලා තියෙන්නෙ.

”අපි ඒ ප‍්‍රදේශයේ ඡායාරූප ගනිමින් සිටියදී හදිසියේ තමයි, මේවා දකින්නට ලැබුණේ. ලේසියෙන් මග ඇරෙන දෙයක් නෙවෙයි. හිරු එළියට හොඳින් දිලිසෙමින් තිබුණේ.” ජෙරාඞීන් කියවනවා.

මේ දීප්තිමත් දම් පැහැති ගෝලකාර ද්‍රව්‍ය කුමක්ද? තාන්තාරයට ඒවා ආවේ කොහේ සිටද?

කුරුමිණියා තරු දිහා බලා ගෙන කාන්තරයේ ගමන් කළ හැටි! විද්‍යාඥයන්ගේ අලූත්ම සොයා ගැනීමක්!

පුංචි අපි‍්‍රකානු කරුමිණියෙක් තමයි, විද්‍යාඥයන් කියන විදියට, කෘමීන් අතරින් තරු ඇසුරු කර ගෙන මුලින් ම පාර හොයා ගෙන ගිහින් තියෙන්නෙ.

සහරා කාන්තාරයේ එෙඬ්රුන් හා පැරණි නැවියන් වගේ අපි‍්‍රකානු ගොම කුරුමිණියා ඉතාමත් ඈත කාලයක සිට ක්ෂීරපථයේ ආලෝකය භාවිත කරමින් රාති‍්‍ර කාලයේ දී මේ ගමන් බිමන්වල යෙදුණු බවයි ඔවුන් කියන්නෙ. මේ බව සොයා ගෙන ඇත්තේ අලූත්ම පර්යේෂණයකින්.

අලූත්ම පර්යේෂණයකින් හෙළි වී තියෙනවා, අපි‍්‍රකානු ගොම කුරුමිණියා ක්ෂීර පථයේ ඇති තරුවල ආලෝකයෙන් මග සොයා ගෙන බව.

මුල් ම නිදහස් දා උළෙලේ විසිතුරු සිතුවම් මැවූ විස්කම් සිත්තරා

අද අප පසු කරන්නේ 65 වැනි නිදහස් සමරුවයි. 1815 මාර්තු 2 වැනිදා මහනුවර මඟුල් මඩුවේ දී එහි රැස් වූ අදිකාරම්වරුන්, දිසාවේවරුන් හා අනිකුත් උඩරට රදළ ප‍්‍රධානීන් ඉදිරියේ කියවනු ලැබූ උඩරට ගිවිසුම ඇත්ත වශයෙන් ම අත්සන් කළේ මාර්තු 10 වැනිදාය. එදා නිල වශයෙන් උඩරට ගිවිසුමෙන් ඉංගී‍්‍රසින්ට පවරා දුන් පසු ඉංගී‍්‍රසින්ගේ යටත් විජිතයක් වෙමින් අපට අහිමි වූ නිදහස යළි අපට ලැබුණේ 1948 පෙබරවාරි 4 වැනිදායි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක්ව තිබූ අපේ රටේ පාලනය නිල වශයෙන් අපේ අතට ලැබුණේ එදාය. ලේ බිඳුවක්වත් නොසොල්වා ලබා ගත් ඒ නිදහස සැබෑ නිදහසක් ද නැද්ද යන්න තවමත් විවාදාත්මක පවතින්නක්. ඞී. ඇස්. සේනානායක මහතා මුල් වී ලැබුණු ඒ නිදහස ගැන එදා විරුද්ධවාදීන් එතුමාට අවලාද නැඟුවා. තවමත් එතුමාට විරුද්ධවාදීන්ගෙන් නැෙඟන අවලාද අවසන් වෙලා නැහැ.

‘ඒලියන්’ චිත‍්‍රපටයේ සක්වළ ජීවියාට පණ දුන් විස්මිත පොසිලය කටුගෙයින් සොරකම් කරලා!

අප වැඩි දෙනෙකු පිටසක්වළ ජීවීන් ගැන කතා අහන්නට කැමති වුනත් ඇත්තටම එවැනි අය ඉන්නවාය කියා විශ්වාස කරන්නේ නෑ. ඒත් මේ අමුතු පොසිලය දකින ඕනෑම කෙනෙකු ටිකක් ගැස්සිලා නැවතිලා කල්පනා කරන්න පුළුවන් මේකෙ ඇත්තක් තියෙනවද කියලා.

මේ පුරා වස්තුව ඇත්තෙන්ම ඉතා පැරණි පොසිලයක්. මේක තමයි, චිත‍්‍රපට අධ්‍යක්ෂ රිඞ්ලි ස්කොට්ගෙ සුප‍්‍රකට ‘ඒලියන්’ (Alien) නම් ත‍්‍රාසජනක විද්‍යා ප‍්‍රබන්ධයේ ආ පරසතුරු සක්වළ ජීවීයා නිර්මාණය කිරීමට මඟ පෑදුවේ. ‘ඒලියන්’ යන වදනෙහි අරුත ‘අන්‍ය ග‍්‍රහ ලොවක වැසියා’ යන්නයි.

‘ඒලියන්’ සක්වළ ජීවියා නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ස්විස් ජාතික අධිතාත්විකවාදී චිත‍්‍රශිල්පියකුටයි. ඔහු නමින් හෑන්ස් රුඩෝල්ෆ් ගයිගර්. ඔහුව තමයි චිත‍්‍රපට අධ්‍යක්ෂ රිඞ්ලි ස්කොට් තෝරා ගත්තේ මේ නිර්මාණය කරන්න. ඒ ගයිගර්ගේ ‘නික්‍රොනම් 4’ නම් සිත්තම දැකලා. ඒ සිත්තම ඔහු විසින් පොසිල පදනම් කර ගෙන ඇන්ද චිත‍්‍ර කීපයක් අතරින් එකක්.

චිත‍්‍රපට අධ්‍යක්ෂ රිඞ්ලි ස්කොට්ගේ ‘ඒලියන්’ චිත‍්‍රපටයේ අමතක නොවන දසුනක්. එහි ආ සක්වළ ජීවියා එහි ජෝන් හර්ට්ගේ මුහුණ වටා එතී සිටි අයුරු.