HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපූරු සැත්කමකට සූදානම් වන ‘පුරු පුරු’වෙක්! උපතින් ලැබෙන ආබාධයකට පිළියම්!

මෙයාගෙ නම හාවි. හාවි කිව්වට මෙයා හාවියක් නෙවෙයි, මාස හතරක් වයසැති පූස් පැටියෙක්! මේ පින්තූර දැක්කාම ඔබ හිතාවි මේ පූස් සුරතලා බොහොම අසීරුවෙන් දුකින් ජීවත් වෙනව කියලා.

ඒත් එහෙම එකක් නෑ. මේ මෙයා ලබා උපන් හැටි! එයාට ඒකෙ ඇති අසීරුවක් ගැන තේරුමක් නෑ. ඉන්න විදිය ගැන එයා හරිම සතුටින් ඉන්නෙ.

 
මේ හාවි කියන පූස් පැටියට තාම වයස මාස හතරයි. ඉදිරි පාදවල අස්ථි නැතත් ඌ සෙල්ලම් කරමින් විනෝද වෙනවා.

 
හාවි දැනට හදා ගන්නා කාන්තාව කියන්නේ අස්ථිවල ආබාධිත තත්වයක් තිබුණත් මෙයාගෙ කඩිසරකමේ අඩුවක් නෑ කියලයි.

උපදින කොටම මේ පූස් පැටියගෙ ඉස්සර අත් දෙකේම අස්ථි නිසි ලෙස පිහිටා තිබුණේ නෑ. ඒත් ඒක මෙයා තමන්ගේ වැඩට බාධාවක් කර ගත්තෙ නෑ. ඒ වෙනුවට මෙයා වැලමිටි දෙක බිමට තියල පසු පාද උදවු කර ගෙන කඩිසරව එහා මෙහා ගියා.

හාවිට තිබුණේ විශේෂයෙන් ම බළලූන් සහජයෙන් ඇති විය හැකි ගණයේ අරීය අගෙනසිස් (radial agenesis) නම් ආබාධිත තත්වයක්. ඉදිරි පාදවල අස්ථි සම්බන්ධ වන විකෘති වීමක්.

ඒ බව හෙළි වුණේ උගේ හිමිකරු විසින් ඌ විකිණීම පිණිස ගම්ටී‍්‍ර (Gumtree) කියන වෙබ් අඩවියෙ දැන්වීමක් පළ කළාට පස්සෙයි.

එක්ස්රේ එකකින් දැන ගත්තා හාවිගේ ඉදිරි පාදයේ යටි ඇටය, ඒ කියන්නෙ රත්නිය හෙවත් අල්නාව (ulna) හා අරීය අස්ථිය (radius bone) නිසි ලෙස පිහිටා නැති බව. මේ විකෘතිය පාද දෙකේම තිබුණා.

දැන් මේ සුරතලා ‘කැට්ස් ප්‍රොටෙක්ෂන්’ (Cats Protection) කියන සත්ව පුණ්‍යායතනයේ ආධාර ඇතිව ලෝහ කූරු දෙකක් සහිත සැත්කමකටයි, සූදානම් වෙන්නෙ. එයාට මාස හයක් වෙනකම්, ඒ කියන්නෙ එයාගේ අස්ථි ශක්තිමත් වෙනකම්, මේ සැත්කම කරන්න බැරිලූ.

ඒ අතර එයා හරිම සතුටින් ඉන්නෙ දැනට එයාව හදා ගන්න ලිස් මැකුලෝ කියන 50 හැවිරිදි කාන්තාව ළඟ. ඇය කියනවා, ‘මෙයා හරිම සුරතල් සතෙක්!’ කියලා.

‘ ඒ මොකද මේක හාවි උපන් හැටි. එයා දන්නේ නෑ මේක අසාමාන්‍ය දෙයක් කියලා. එයා පුළුවන් විදියට එහා මෙහා ගිහින් මගේ සතුන් එක්ක එකට දුවල පැනල සෙල්ලම් කරනවා.

‘දැනට වෙනසක් නැති වුනාට සැත්කමක් නොකොළොත් පසුව මේ තත්වය එයාගේ කෙඳු ඇට පෙළට බලපානව ලොකු වෙන කොට.’

සානුකම්පිත අයෙක් පසුගිය නොවැම්බරයේ මේ දැන්වීම දැකලා ඌව අරගෙන ඇවිත් ග්ලාස්ගෝවල පිහිටි ‘කැට්ස් ප්‍රොටෙක්ෂන්’ කියන ආයතනයෙ ශාඛාවට බාර දීලා තියෙනවා.

මේ පුණ්‍යායතනය මේ සඳහා මහ ජනතාවගෙන් මුදල් ආධාර ඉල්ලූවා දින තුනක් ඇතුළත පවුම් 3000කටත් වැඩියෙන් ලැබුණා. ඒත් තව මාස දෙකක් බලා ඉන්න වෙනවා හාවිට එයාගෙ ජීවිතය වෙනස් කරන ඒ අපූරු සැත්කම කර ගන්න.

 
මේ පූස් පැටියට දුලබ ගණයේ රෝග තත්වයක් තිබියදී එයාගෙ අයිතිකාරිය ඒකට ප‍්‍රතිකාර නොකර විකුණා දමන්නට අන්තර්ජාලයේ දැන්වීමක් පළ කරල තිබුණා.

 
හාවිගේ ඉදිරි පාදවල ඉහළ කොටසේ අස්ථි කොටස් උපතින් ම තිබුණේ නෑ. දැන් බළලූන්ට සහන සලසන ‘කැට්ස් ප්‍රොටෙක්ෂන්’ කියන ආයතනයෙන් ඒ පාදවලට ලෝහ කූරු සවි කරන්න සැත්කමක් කරන්නයි යන්නෙ.

 
පූස්ට පූර්ණ රැකවරණයක්: දැන් මෙයා හදා ගන්නේ ලිස් මැකුලෝ කියන කාන්තාවයි. ඇය කියන්නේ මේ වගේ ආබාධයක් තියෙන බළලෙක් එයා කොහේවත් දැක නැති බවයි.

 
මේ පූස් සුරතලාව බලා ගන්නා ලිස් මැකුලෝ වසර 25ක් තිස්සේ මේ වගේ සතුන් රැසක් ඇති දැඩි කර රැක බලා ගෙන තියෙනවා.

 
පසුගිය වසර 30ටම ස්කොට්ලන්තයේ දී හමු වී ඇත්තේ මේ වගේ රෝගී බළලූන් හතර දෙනෙක් පමණයි.



Post a Comment

0 Comments