HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අලූත්ම නිපැයුම සිරුර සම්භානය කරන රොබොට්ටෙක්! පුංචි සෙල්ලම් කාරෙකක් වගේ මෙවලමක්!

රෝදවලට උල් කටු සවි කරල තියෙන රොබෝ කාරයක් ඔබේ කොන්ද දිගේ යනවා කීවාම ඔබේ හිත එකපාරටම ගැස්සිලා යන්න ඉඩ තියෙනවා.

ඒ කොහොම වුනත් ඇමරිකානු රොබොට්ටන් තනන සමාගමක් වූ ‘යූඑස් රොබටික්ස්’ ආයතනය කියනවා මේ ‘වීමී රොබොට්ටා’ (WheeMe) අනාගතයේ දිනෙක සිරුරු සම්බාහකයාගේ තැන ගන්නා බව ඔවුන්ට විශ්වාසයි කියලා.

‘වීමී රොබොට්ටකු’ රුපියල් 12,000 විතර මිලකට වෙළඳ පොළෙන් ගන්නට ඔබට හැකි වේවි. ඔබේ සිරුර හොඳින් සම්බාහනය කරන්න හැකි වන විදියට මෙහි රෝද උල් තුඩු සහිතව නිර්මාණය කර තියෙනව විතරක් නෙවෙයි, සිරුර මෘදුව පිරිමදින්නට හැකි ‘කැරකෙන ඇඟිල්ලක්’ වගේ උපාංගයකුත් ඊට ඇතුළත් වෙනවා.

 
‘වීමී’ රොබොටික සම්බාහන මෙවලමට පුළුවන් ඔබේ කොන්දේ අමාරුව සම්බාහනයෙන් නැති කර දෙන්න. ඒ සඳහා විශේෂයෙන් සැලසුම් කළ රෝද තියෙනවා.

මේ අපූරු මෙවලම තුළ සංවේදක සවි කර තියෙනවා, ඉවතට නොපෙරළී කොන්ද හරහා ගොස් අවශ්‍ය තැන් සම්බාහනය කරන්න. විවිධ සම්බාහන ක‍්‍රමවලින් ඔබට අවශ්‍ය ක‍්‍රමය කල්තියා තෝරාදී ඔබට අවශ්‍ය ආකාරයෙන්ම එය ඉටු කරවා ගන්නත් පුළුවන්.

‘ඞී‍්‍රම් බොට්ස්’ ඉදිරිපත් කරන මේ නව නිර්මාණය, එනම් ‘වීමී රොබොට්ටා’ අතක් තරම් ප‍්‍රමාණයේ උපකරණයක්. ”මේක ඔබේ සිරුර හෙමින් පිරිමදිමින් සම්බාහනය කරමින් ඔබේ සිරුර හරහා හෙමින් හෙමින් යනවා ඇති.” නිෂ්පාදක ආයතනය කියනවා.

 
මේ රොබෙට්ටාට එහි සංවේදක මගින් පිටතට නොපෙරළී සිරුර පුරා ගොස් සිය කටයුත්ත නොකඩවා කරන්න පුළුවන්.

”මෙයට සුවිශේෂ සංවේදක තාක්ෂණයක් යොදා ගෙන තියෙනවා. ‘වීමී’ට පුළුවන් ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කරමින් සිරුරේ අවශ්‍ය තැන්වලට යමින් මේ කටයුත්ත කරන්න. එය සිරුරෙන් පිටතට පෙරළෙන්නේ නෑ. හොඳින් ග‍්‍රහණය කර ගෙනයි සිය කාර්යය කරන්නේ.

”එය සිරුර මත යන්නේ එහි ඇති කුඩා රෝද හතරෙන්. එහි ඇති කැරකෙන ඇඟිල්ලක් වැනි උපාංගයෙන් සිරුරට මෘදු ආකාරයෙන් පීඩනයක් යෙදමින් පිරිමැදීමක් කරනවා. එයින් සිරුරෙහි මස් පිඬුවලට ඇති කෙරෙන පීඩනයෙන් ඔබ තුළ ප‍්‍රබෝධමත් හැඟීමක් ඇති කරාවි.” එම සමාගම වැඩි දුරටත් කියනවා.

කෙසේ වෙතත් සම්බාහකයකු හෝ සම්බාහකයකු කරන කටයුත්ත සියයට සියයක් ඉටු කරන්න එයට හැකියාවක් නැති බවත් එහි යම් යම් පසුබෑම් ඇති බව නිර්මාපකයන් පිළි ගන්නවා.

විශේෂයෙන් ම මිනිස් ඇඟිලි තුඩුවලින් ගැඹුරු ලෙස පටකවලට දැනෙන්නට කරන සම්බාහනය කරන්න මේ ‘වීමී’ට බැහැ. එසේ බරක් යෙදවිය නොහැක්කේ එය ඉතා සැහැල්ලූ උපකරණයක් වන නිසයි.

කෙසේ වෙතත් මෙය ලෝකයේ ප‍්‍රථම සම්බාහක රොබෙට්ටායි. එයින් සිරුරට ලැබෙන ප‍්‍රමෝදය වෙනත් කිසිවකින්වත් ඔබට ලබා ගන්නට බැරි වේවි.

 
මේ වීමී සම්බාහක රොබොට්ටා අනාගතයේ දී මිනිස් සම්බාහකයාගේ තැන ගන්න ගන්නවා සිතුරුයි කියලයි එහි නිෂ්පාදක සමාගම කියන්නේ.

 
වීමී රොබොට්ටාට ඔබේ කොන්ද දිගේ නොපෙරළෙමින් යමින් සිය කටයුත්ත කරන්න එහි ඇතුළත විශේෂ සංවේදක සවි කරල තියෙනවා.


Post a Comment

1 Comments

  1. අපේ මසාජ් කෙල්ලන්ට කෙලවෙන හැඩයි. ආයිමත් උන් පාරට වැටෙනවා.

    ReplyDelete