HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සැපට නිදා ගන්න ඉලෙක්ට්‍රොනික් උපකරණයක්! අයිස්ලීප් වෙනුවෙන් කාන්තාවකට සම්මානයක්!

අයිස්ලීප් (iSleep) නමින් තැනූ නව උපකරණයකටයි, මේ සම්මානය හිමි වුණේ. ඒ පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්වල පැවති ලෝක ඉලෙක්ට්‍රොනික ප‍්‍රදර්ශනයෙදියි. කාටවත් වදයක් නොවී නිදි යහනේ පාවිච්චි කළ හැකි උපකරණයක් ලෙසයි මෙය හඳුන්වා දී තිබුණේ.

ඇගේ නිර්මාණය වූයේ බාහිර ශබ්දවලින් මිදී සුව නින්දක් නිදා ගත හැකි අමුතුම තාලේ සිරස් පටියක්. සිතට සහනයක් ගෙනෙන සංගීතයක් අසන්නට සැලැස්විය හැකි උපකරණයක්. ඒ වගේම සැමියාට වදයක් නොවී නිදි යහනේ සිටම ජංගම දුරකතනය පාවිච්චි කළ හැකි හෙඞ්ෆෝනයක්. මේ සියල්ලම එකට එකතු කළ දෙයක් තමයි ‘අයිස්ලීප්’ කියන්නේ.

 
මේ සිරස් පටිය පැලඳ ගත්තාම එහි ඇති කුඩා ඉයර්ෆෝනවලින් දෙදෙනා එකිනෙකාට බාධාවක් නැතිව ඕනෑම දෙයකට ඇහුම්කන් දුන්නෑති. ඒ නැති වෙලාවට බාහිර ශබ්දවලින් බාධාවක් නැතිව හොඳින් නිදා ගත්තෑකි.

රෙදිවලින් නිම වූ සිරස් පටියට ඉයර්ෆෝන සවිකර තියෙනවා. ඒවායින් තමන්ට විතරක් හඬ අහන්න පුළුවන්, ළඟ ඉන්න අයට බාධාවක් නොවෙන්න.

මේ නවෝත්පදනයයෙහි ගෞරවය හිමි වන්නේ වෘත්තීය වෛද්‍යවරියකටයි. ඇය නමින් වෙයිෂිං ලායි. ඇය එහි ආරම්භය ගැන කියන්නේ මෙහෙමයි. ”2007 දී පවුලේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කළ මට රාති‍්‍රයේ දී රෝගියකු දුරකතනයකින් කතා කර උපදෙස් ඉල්ලපුවාම ඒ කටයුත්ත කරන්නට නැඟිට්ටාම ආයිත් නින්දට වැටෙන එක නිතරම අසීරු දෙයක් වුණා. මට නින්ද යන්නෙ නැති බව දුටු මගේ සැමියා කීවා මට රෝගියගේ ප‍්‍රශ්නයෙන් හිත නිදහස් කර ගන්න මොනව හරි දේකට ඇහුම්කන් දෙන්න කියලා.”

ඒකට පිළියමක් හැටියට ඇය කළේ හෙඞ්ෆෝන් එකක් පාවිච්චි කරලා සිත සනසන සංගීතයක් වැනි දේකට සවන් දීමයි. ඒක තමයි, මේ නව නිෂ්පාදනය තෙක් ඇය රැගෙන ගියේ. ඇය තමන්ට එකක් හදා ගෙන නතර වුණේ නෑ. සැමියාටත් එකක් හදල දුන්නා.

”මේ හෙඞ්බෑන්ඞ් එක නිසා බාධාවකින් තොරව අපි දෙන්නම සුවසේ නිදා ගත්තා. සැමියාට බාධාවක් නොවෙන්නට රෝගීන්ගේ දුරකතන පණිවිඩ ඇඳේ ඉඳලම ගන්න මට පුළුවන් වුණා.” ඇය කියනවා.

ඊළඟට ඇය මේවා නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. 2007 අවුරද්දෙදිම වෛද්‍යවරියක වශයෙන් සේවය කරන ගමන්ම ස්ලිප්ෆෝස් නමින් සමාගමක් හදලා මේවා අළෙවි කරන්න පටන් ගත්තා.

මෙවර ඇය ලෝක ඉලෙක්ට්‍රොනික දැක්මට ඉදිරිපත් කරල තිබුණේ මේ හෙඞ්ෆෝන්වල අලූත්ම මාදිලියයි. ඒ තවත් නව නිපැයුමක්. රැහැන් රහිතව දුරකතනයට සවන් දිය හැකි හෙඞ් බෑන්ඞ් එකක්. එය මෙවර ලෝක ඉලෙක්ට්‍රොනික දැක්මට පැමිණි බොහෝ දෙනකුගේ සිත් ගත්තා පමණක් නොව එයට එහිදී ගෞරවණීය සම්මානයක් ද හිමි වුණා.

බ්ලූටූත් ඇති ජංගම දුරකතන හෝ වාදන යන්ත‍්‍ර ඕනෑම එකකට මේ උපාංගය කි‍්‍රයා කරනවා. ඒ සම්මාන ලත් සිරස් පටිය ලබන අපේ‍්‍රල්වල වෙළඳපොළට නිකුත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. එකක් ඩොලර් 80කට මිල කරන බවයි ඔවුන් කියන්නේ.

 
දුවන විට පාවිච්චි කරන්න වෙනම හෙඞ් බෑන්ඞ් එකක් තියෙනවා.

 
විශේෂඥ වෛද්‍ය වෙයිෂිං ලායි (වමේ) හා ජේසන් වොල්ෆ් මේ නවතම ස්ලීප්ෆෝන් නිර්මාණයේ නිර්මාකරුවන් දෙදෙනා.

 
දැනට භාවිත කරන සිරස් පටිය රැහැනකින් සවි වුනත් ඇඳ ළඟ තබා ඇති අයිපොඞ් එකකට සිවි කළ හැකියි.

 
දැනට භාවිතයේ ඇති ‘ස්ලීප්ෆෝන්‘සිරස් පටිය

Post a Comment

0 Comments