HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

උත්තර ධ‍්‍රෑවය ආසන්නයට ගොස් බිහිසුණු අත්දැකීමක් විඳ ගන්න! සීත හිමේදී කුසගින්නෙන් පෙළෙන දැවන්ත හිම වැලහින්නියකට මුහුණ දෙන්න!

ඔබ වැන්නකු යෝධ ධ‍්‍රැව වලසකුගේ කටකට අහුවුණොත් කොහොමට හිටීවිද? අභීත වනජීවී කැමරාකරුවකු මුහුණ දුන් ඒ අති ත‍්‍රාසජනක මොහොත අත් විඳින්නට ඔබත් කැමති ද? එහෙනම් මෙන්න ඒකට අවස්ථාවක්!

බීබීසී වනජීවී කැමරා ශිල්පියකු මිනිත්තු 45ක් තිස්සේ මුහුණ දුන් බිහිසුණු මොහොත, දැඩි කුසගින්නේ සිටි හිම වැලහින්නියක තමාටත් දරුවන්ටත් ඔහුව දවල් ආහාරය කර ගන්නට තැත් කළ ඒ මොහොත මෙතෙක් මිනිසකු මුහුණ දුන් මාරන්තික මොහොත වූවා නිසැකයි.

දරුණු ලෙස කුස ගින්නෙන් පෙළුණු ඒ හිම වැලහින්නිය ලෝකයේ සතුන් ගොදුරු කර ගන්නා විලෝපිකයන් අතර ඉන්නා දැවැන්තියක්. අඩි අටක් උසයි. බර රාත්තල් 1000ක්.

මිනිත්තු 40ක් ම ඇය සටන් කළා ඒ වනජීවී සිනමාකරුවා රැඳී සිටි ආරක්ෂක කූඩුව කෙසේ හෝ බිඳ දමා ඔහු ගොදුරු කර ගන්නට. කොතරම් නිර්භීත අයකු වුනත් ඔහු ඒ මොහොතේ බිය වූ තරම ඔහුගේ හද ගැස්මට සවන් දීමෙන් ඔබට තේරුම් ගත හැකියි.

 
බීබීසී වනජීවී සිනමාකරු ගෝඩන් බුකනන් කුසගින්නෙන් පෙළුණු ධ‍්‍රැව වැලහින්නියට මුහුණට මුහුණ දුන් මොහොත.

මේ අභීත අත්දැකීම ලත් සුප‍්‍රකට වනජීවී සිනමාකරුවා ගෝඩන් බුකනන්. බීබීසී වනජීවී වැඩ සටහන් නරඹනවා නම් ඔබට හුරු පුරුදු නමක් වනවාට සැකයක් නැහැ.

ඒ දැවැන්ත හිම වැලහින්නිය තැත් කළේ උගේ සවිමත් නිය හා යෝධ දත්වලින් මේ 40 හැවිරිදි වනජීවිලෝලයා අල්ලා ගෙන තමාගේත් පැටවුන්ගේත් කුසගින්න නිවා ගන්නයි.

ඔහු වසර 20ක් තිස්සේ ලෝකයේ බිහිසුණුම සතුන්ගේ ජිවිතය චිත‍්‍රපට ගත කර බීබීසි රූපවාහිනිය ඔස්සේ අපට පෙන්වනවා. මේ ඔහුගේ අලූත්ම වාර්තා චිත‍්‍රපට මාලාවයි. ඔහු කියන විදියට මේ තරම් බිහිසුණු අත්දැකීමකට ඔහු වෙන කිසිදාක මුහුණ දී නැහැ.

”මම මගේ ජීවිතයේ මේ තාක් කළ අමාරුම, ඒ වගේම නිර්භීතම, කටයුත්ත ලෙස එදා ඒ ගත කළ මිනිත්තු 40 දක්වන්න පුළුවන්.”

ස්කොට්ලන්ත ජාතික වනජීවී විශේෂඥයා මෙසේ කීවේ බීබීසී චැනල් 2 ඔස්සේ ජනවාරි 7 වැනිදා සිට කොටස් තුනකින් විකාශය කළ ‘ධ‍්‍රැව වලස් පවුල සහ මම’ නම් වාර්තා විත‍්‍රපට මාලාව රූ ගත කිරීම්වලට ගොස් තමා ලද අත්දැකීම් මෙනෙහි කරමිනුයි.

ඔහු මේ රූ ගත කිරීම් සඳහා නොර්වේ රාජ්‍යයට වඩාත් උතුරට වෙන්න පිහිටි ආක්ටික් ප‍්‍රදේශයට අයත් ස්වාල්බාද්වලට ගොස් දින ගණන් මාස ගණන් ගත කළා.

ගෝඞ්න් මේ සුදු වලස් පවුල ගැන මාස දොළහක් තිස්සේ සෙවිල්ලෙන් හිටියා. ඔහු ඔවුන්ට නම් පවා දීලයි තියෙන්නෙ. අම්මා ලයිරා. පැටවුන් දෙන්නා මිකී හා ලූකා. ඔහු තරම් ඔවුනට සමීප වුණු වෙනත් කෙනෙක් නැහැ.

ඔහු විශාල දුරක් ගෙවා ගොස් දින ගණන් මේ සීත හිමේ වෙවුලමින් ගත කළා. සිතියම්වල පවා නැති මේ කටුක පරිසරයේ දැඩි සීත සුළංවලට හා හිම කුණාටුවලට මුහුණ දෙමින් ඍන උෂ්ණත්වය ඇති ප‍්‍රදේශයේ සැරිසැරුවා. ඔහු මේ සඳහා දැඩි සේ වෙහෙසක් ගත්තා, මේ ‘ධ‍්‍රැව වලස් පවුල සහ මම’ නම් වනජීවී චිත‍්‍රපට මාලාව තනන්න.

ඔහුව කූඩුවේ තනිකර දමා ඔහුගේ සිනමා කණ්ඩායමට කීපවතාවක් ම හිම රථවලින් පැනලා යන්න සිදු වුණා, මේ යෝධ විලෝපිකයන් ඔවුනට වඩාත් ළං වූ අවස්ථාවලදී, ඔවුන්ගේ පණ බේරා ගන්න.

ඔහු සීත හිමේ වැලහින්න ඔහු සිටි කුටියට පහර දෙන අවස්ථාව රූගත කළේ තනිවමයි. ඒ කුටිය තනා තිබුණේ පර්පෙක්ස් ඇකි‍්‍රලික් ප්ලාස්ටික් වීදුරු විශේෂයකින්. සවිමත් බව වැඩි වන්න වානේ රාමුවක් ඊට සවිකර තිබුණා. බෝම්බ ප‍්‍රහාරයකට වුනත් ඔරොත්තු දෙන විදියටයි, ඒක තනලා තිබුණේ.

”ඒත් මට බය හිතුණා ඒ දැවැන්ත සතා ඒක එහාට මෙහාට පෙරළන කොට. ඒ වගේම දැඩි සීතලට ඒක පුපුරයි කියල බයකුත් මගේ හිතේ තිබුණා. බැරි වෙලාවත් පිපුරුවා නම් මං ඉවරයි” ඔහු ඒ අත්දැකීම සිහිපත් කරමින් කියනවා.

”පෙනුමෙන් මේ වලස් පැටවුන් හරිම අහිංසකයි. ඇෙඟ් සුදුම සුදු පැහැය නිසා අනතුරුදායක බවක් හිතෙන්නෙම නෑ. ඒත් ඌ මට පහර දෙන කොට ඌ කොයිතරම් භයානකද කියල මට තේරුණා. මේ සතුන් අපේ පෘථිවි ග‍්‍රහයා මත වෙසෙන ශක්තිමත්ම සතුන් බව කියන්නම ඕනෑ.” ඔහු අවධාරණය කරනවා.

 
”කිසිම සැකයක් නැහැ, ඇයට අවශ්‍ය වුණේ මාව දිවා ආහාරයට ගන්න, ඇගේ පැටවුන්ට ගිහින් දෙන්න.” ගෝඩන් ඔහු රැඳී සිටි පර්පෙක්ස් ඇකි‍්‍රලික් ප්ලාස්ටික් කුටිය තුළ.

”මිහිමත වෙසෙන විශාලතම හා ශක්තිමත්ම මාංශභක්ෂකයා ලෙස මේ ධ‍්‍රැව වලසා සැලකිය හැකියි. එසේම ඔවුන් විපරම්කාරී සතුන් අතරත් ඉහළම තැනක ඉන්නවා. මේ හිමේ හැමතැනම එකාකාරයි. ඒ වගේ පරිසරයකදි එකවරටම ඔවුන් මතුවෙන කොට පුදුම හිතෙනව කොහෙන්ද ආවෙ කියලා.” ඔහු සිය අත්දැකීම් පළ කළේ එහෙමයි.

”බොහොමයක් මාංශභක්ෂකයන්ගෙ ආහාර සැපැයුම පැහැදිලියි. ඒ ඒ පරිසරවල ඔවුන් ගොදුරු කර ගන්නා සතුන් බහුලව ඉන්නවා. ඒත් ධ‍්‍රැව වලසුන්ට එහෙම නෑ. ඔවුන් ගොදුරු සොයා ගන්නෙ කොහොමද කියල දැන ගන්නත් අපට විශාල වෙහෙසක් දරන්න සිදු වුණා.” ගෝඞ්න් කියනවා.

 
රාත්තල් 1000 බර යෝධ හිම වැලහින්නිය මිනිත්තු 45ක් තිස්සේ තැත් කළේ ඔහු ගොදුරු කර ගන්නයි.

 
හදවත නතර වූ මොහොතක් හදවත නතර වූ මොහොතක්! වැලහින්නියගේත් මිනිසාගේත් ප‍්‍රමාණය සසඳා බලන්න.

 
යෝධ වැලහින්නිය ගෝඩන්ගේ පුංචි කුටිය එහාට මෙහාට පෙරළා බැලූ හැටි!

 
හිම වැලහින්නියගේ ප‍්‍රහාරයේ බිහිසුණු මොහොතක්! දැවැන්ත සතාගේ දත්වල ස්වභාවය කැමරාවට හසු කර ගත් අන්දම.

 
හිම වැලහින්නියගේ කුසගින්නේ තරම මෙතෙකැයි කියන්න බැහැ. ඇය වියරුවෙන් මෙන් කෙසේ හෝ කුටියේ දොර අරින්නයි හදන්නේ.

 
”ඔබට ඇහෙනවා ඇති මගේ හදවත ගැහෙන හඬ. මට තවත් අඟල් කීපයක් විතරයි තිබුණෙ හිම වැලහින්නියගේ දත්වලට.

 
ඇෙඟ් හිරිගඩු පිපෙන සීතලේ ඒ බිහිසුණු අත්දැකීම තවමත් ඉවර නැහැ. ඇය වටේ යමින් බලන්නේ කෙසේ හෝ ඇතුළේ ඉන්නා ඔහු එළියට ගන්නයි.

 
”ඒ තරම් බයවෙච්චි මොහොතක් මගේ ජීවිතයේ තවත් නෑ. ඌ මගේ ඉවට පිස්සුවෙන් වාගේ හිටියේ. සටන අත ඇර දමන්න කැමති වුණේම නෑ”

 
”බෝම්බවලට පවා ඔරොත්තු දෙන්නයි, ඒ කුටිය හදල තිබුණේ. ඒත් මට බයක් තිබුණා, එහි ඇති දැඩි සීතල නිසා ඇකි‍්‍රලික් වීදුරු පුපුරයි කියලා. වාසනාවකට එහෙම වුණේ නෑ.”

 
ඔහු ඇතුළේ සිටියදී වැලහින්නිය මහ හඬින් ගොරවමින් ඒ කුටියට අතොරක් නැතුව පහර දුන්නා.

 
කුටියේ දුර්වලම තැන තිබුණේ දොර ළඟයි. එයින් ඔහුගේ මිනිස් ගඳ හිම වැලහින්නියට හොඳින් දැනුණා. ඒ නිසා එතැනින් කඩා වදින්නයි ඇය වැඩි වේලාවක් උත්සාහ කළේ.

 
හිම වැලහින්නිය ඒ ආරක්ෂක කුටිය වේගෙන් එහාට මෙහාට පැද්දුවා, පෙරළුවා. කොහොම හරි මිනිස් ගොදුර එළියට ගන්නයි ඇයට අවශ්‍ය වුණේ.

 
මේ බිහිසුණු අත්දැකීම ලබන්නට ඔහු රැඳී සිටි කුටිය ඉතාමත් සවිමත් ලෙස පර්පෙක්ස් නම් ඇකි‍්‍රලික් ද්‍රව්‍යයක් හා ලෝහ සැකිල්ලක් යොදා තනන ලද්දක්. වීදුරු මෙන් විනිවිද දැකිය හැකි ලෙසත් ඒ තුළ සිට පහසුවෙන් දර්ශන කැමරාවට නැඟිය හැකි ලෙසටයි, එය තනා තියෙන්නේ.

 
කැමරාකරුවකු කවදාවත් මේ තරම් ධ‍්‍රැව වලසකුට ළං වී නැහැ.

 
අනික් ක්ෂීරපායීන්ට මෙන් නොව ධ‍්‍රැව වලසුන්ට කෑමට යමක් සොයා ගන්න එක ඉතාමත් අසීරු වැඩක්. මේ දුෂ්කර පරිසරයේ ඔවුන්ට ආහාර හරිම හිඟයි.

 
මේ හිමේ පරිසරය එකාකාරයි. එක්වරම දැවැන්ත හිම වලසකු මතු වුණාම කොහෙන් ආවද කියලා පුදුම හිතෙනවා.

 
සුදුම සුදු වුණාට හරිම බැල්ම හරි භයංකාරයි. ඔහුගේ සිනමා කණ්ඩායමට කීපවතාවක්ම පණ බේරා ගන්න පැනලා දුවන්න සිද්ධ වුණා හිමට‍්‍රක්රථවලින්.

 
මෙන්න හිම වලස් පවුල - අම්මයි, දරුවන් දෙන්නයි. මේ තුන් දෙනා එක පින්තූරෙකට ගන්න ගෝඞ්න් ඇතුළු පිරිසට අවුරුද්දක් විතර කාලයක් කැමරා අටවා ගෙන බලන් ඉන්න සිදු වුණා.

 
බඩගිනිකාර පුතෙක්! අම්මට මතක් කරල දෙනවා ඒ වග.

 
අනික් දරු පැටවුන් වගේ ඔවුනුත් හරිම හුරතල්. මිකී හා ලූකා අම්මත් එක්ක හුරතල් වෙන්නයි හදන්නෙ.

 
ලොව සිටින අභීතම විලෝපිකයන් ලෙස මොවුන් හඳුන්වන්න පුළුවන් කියලයි මේ වනජීවී සිනමාකරු කියන්නේ.

 
මේ ධ‍්‍රැව වලසුන් වඩාත් කෑමට පි‍්‍රය කරන්නේ සීල් මත්ස්‍යයන්. හිම තට්ටු ඉමේ සිට ඔවුන් ඒ සතුන් දඩයම් කරනවා. ඒ නිසා ජලයේ පිහිනා යන්නත් ඔවුන් හුරුවෙලා තියෙනවා.

දැන් මේ වනජීවී කැමරාකරු ඒ ආරක්ෂ කුටිය තුළ සිට ලත් අත්දැකීම් ඔබත් විඳ ගන්න! මේ වීඩියෝව තුළින්.








Post a Comment

0 Comments