HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පිළිහුඩුවකුගේ දුර්ලභ රංගනයක්! මේ ලජ්ජාව කෝඩුකාරකමට ද? නැත්නම් පින්තූර ගත්තෙ කාන්තාවක් නිසා ඇති වෙච්ච එකක් ද?

පිළිහුඩුවා කියන්නේ ඉතාමත් ආකර්ෂණීය කුරුල්ලෙක්. අවුරුද්දේ මේ කාලෙදි තමයි, ඌ බිත්තර දමන්නේ. නියරක හෝ පස් කණ්ඩියක හෝ ගුළක උණුහුමට බිත්තර රකින කාලෙට දිරච්ච ගසක කොටයක් මතට වී වටපිට බලමින් කිරිල්ලයත් පැටවුනුත් ආරක්ෂාවට රැක සිටින මෙවැනි පිළිහුඩුවන් ඔබ කොතෙකුත් දැක ඇති. ඒත් මේ පිළිහුඩුවා ඊට වෙනස්.

ශී‍්‍ර ලංකාවේ පිළිහුඩු වර්ග ගණනාවක් දක්නට ලැබෙනවා. මල් පිළිහුඩුවා, නිල්කන් පිළිහුඩුවා, පෙරදිග රන් පිළිහුඩුවා, මානාතුඩු පිළිහුඩුවා, ළයසුදු පිළිහුඩුවා, කළු හිසැති පිළිහුඩුවා හා ගෝමර පිළිහුඩුවා ආදී වශයෙන් ප‍්‍රකටව සිටින වර්ග හතක් ඉන්නවා.

 
අනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න! පිළිහුඩුවා ඌව කැමරාවට නගන්න ආ කැමරාකාරිය දැකලා ලජ්ජා හිතිලා වගෙයි.

එයින් නිල්කන් පිළිහුඩුවා පහත රට වියළි කලාපයේ පමණක් වෙසෙන ඉතා දුර්ලභ කුරුල්ලෙක්. ඉන් කළු හිසැති පිළිහුඩුවා අග්නිදිග ආසියාවෙන් මෙරටට සංක‍්‍රමණය වන එකම කුරුල්ලා ලෙස සැලකෙනවා. අනෙක් පිළිහුඩු වරග් සියල්ලම ශී‍්‍ර ලංකාවේ ඕනෑම ප‍්‍රදේශයක දී දැක ගත හැකියි.

මෙහි ඡායාරූපයට නගා ඇති පිළිහුඩුවා හැඳින්වෙන්නේ මල් පිළිහුඩුවා යනුවෙනුයි. ඌ ලෝකයේ බොහෝ රටවල බහුලව දක්නට ලැබෙන කුරුල්ලෙකි.

මේ මල් පිළිහුඩුවා (common kingfisher) හමු වී ඇත්තේ යුක්ෙරිනයේදියි. යුක්රේන ජාතික තත්යානා සෙරබ්සෝවා නම් කැමරාශිල්පිණියට තමයි මේ කුරුල්ලා හමුවෙලා තියෙන්නෙ.

බැලූ බැල්මට ඌ ප‍්‍රසිද්ධියට කැමති නැති පාටයි. ඒකයි කැමරාවට මුහුණ දෙන්න බැරිව හැංගෙන්නෙ. වියළි ගහක කොටයක මුදුනෙ හිටිය නිසා මුහුණ හංගා ගන්න විදියක් තිබුණෙ නෑ. අඩුම තරමින් අත්තක් තියා කොළයක්වත් තිබුණෙ නෑ මුවා වෙන්න.

ඒ නිසා වෙන්න ඇති ”අනේ ඒයි! මට ලැජ්ජයි! පින්තූර ගන්න නම් එපා! ” කියල මේ විදියට හැංගෙන්න ඇත්තෙ.

ඌ අත්තටුව උස්සා ඒකෙන් මූමුණ හංගා ගන්න හදපු හැටි හරිම පුදුමයි! ඒත් මේ කැමරාශිල්පිණියත් නිකම්ම සටන අත් ඇරියෙ නෑ. වටේටම කැරකිලා කොහොම හරි පින්තූර කීපයක් ගත්තා.

”මං මුලින් හිතුවෙ ලස්සන නිසා ඌත්, මනුස්සයන් වගේ පින්තූර ගන්න ආසා ඇති කියලයි. ඒත් ඌ ඒකට පොඞ්ඩක්වත් කැමති වුණේ නෑ. අත්තටුවලින් මුහුණ හංගා ගන්න ගමන් අත්තටුව අස්සෙන් හොරෙන් මා දියා බලන්නත් ඌ උනන්දුවක් දැක්වුවා.” ඇය කියනවා.

 
ලැජ්ජාශීලී තරුණියක් වගේ රන් පිළිහුඩුවා මුහුන සඟවා ගත් අයුරු.

 
”ඇති! ඇති! වචනවලින් නොකිව්වාට ඉරියව්වලින් මට විරෝධය පෑ උගේ හැසිරීමට මට මුලින් හිතුනේ ඌ ඇස් වසා ගෙන මා එක්ක හැංගිමුත්තන් කරන්න හදනවා කියලයි.” තත්යානා ඒ අවස්ථාව ගැන සිහිපත් කරමින් කීවා.



Post a Comment

0 Comments