ජර්මානු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් මෙසේ සොයා ගෙන ඇත්තේ වසර 7,000කට පෙර දැව භාවිත කොට ඉදිකෙරුණු ළිං කීපයක නටබුන්ය.
මේ සොයා ගැනීම නිසා මෙතෙක් විශ්වාස කළ පරිදි සංකීර්ණ දැව නිර්මාණ ඉදි කිරීම සඳහා ලෝහ අවශ්‍ය වී යැයි යන මතය බිඳ වැටී තිබේ.
ලීප්සිග් නගරය අසල හමු වී ඇති ඉදි කිරීම් හතර ලොව පැරණිතම දැව ඉදි කිරීම් ලෙස හඳුනා ගෙන තිබේ.
මේ දැව ළිං ඉදි කර ඇත්තේ දළ වශයෙන් කි‍්‍රස්තු පූර්ව 5,600ත් 4,900ත් කාලය තුළ එම ප‍්‍රදේශයේ වාසය කළ පාරම්පරික කුඹල් සංස්කෘතියකට අයත් මානවයන් විසින් බව හෙළි වී තිබේ.
මෙම පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය දරා ඇත්තේ විලී ටෙගල් හා ආචාර්ය ඞීට්රිච් හේකල්බර්ග් යන පුරාවිද්‍යාඥයන් දෙදෙනා විසිනි. ජර්මනියේ ෆී‍්‍රබර්ග් විශ්ව විද්‍යාලයට අනුබද්ධ වනාන්තර වර්ධනය පිළිබඳ ආයතනයේ (Institute of Forest Growth) සේවය කරන ඔවුන් විසින් මේ පිළිබඳව ඉතා නිවැරදි කාල නිර්ණයක් කර තිබේ.
ප‍්‍රථම මධ්‍යම යුරෝපීය කෘෂි ශිෂ්ටාචාරයට අයත් මිනිසුන් විසින් ඉදි කළ ළිං හතරක් සොයා ගැනීමට ඔවුන් සමත් වී තිබේ. දැවකාලනිර්ණ විද්‍යාවට (dendrochronology) අනුව එනම් වර්ධන වළලූ මගින් කාල නිර්ණය කිරීම මගින් මෙහි දින වකවානු විමසා බලා තිබේ.
මේ පිරිසේ සොයා ගැනීම් ගැන ‘පබ්ලික් ලයිබ‍්‍රරි ඔෆ් සයනස් වන්’ (PLoS ONE) නම් අන්තර්ජාතික විද්‍යාත්මක ජර්නලයේ පළ කර ඇති අතර එයින් ප‍්‍රාග් ඓතිහාසික තාක්ෂණය ගැන නව මානයක් මතු වී තිබේ.
මේ ඉපැරණිතම ළිං හමු වී ඇත්තේ ජර්මනියේ මහ ලීප්සිග් ප‍්‍රදේශයේ කළ පුරාවිද්‍යාත්මක කැණීම්වලිනි. මේවා මෙතෙක් හමු වී ඇති ලෝකයේ ඉපැරණිම දැව ඉදි කිරීම් ලෙස දැන් තහවුරු කර තිබේ.
ලෝකයේ ඉපැරණිම වඩු කාර්මිකයන් විසින් ඉදිකළ වතුර ළිං කීපයක දැව කොටස් ඒ ආකාරයෙන්ම එකලස් කිරීමට මෙම පර්යේෂක පිරිස සමත් වී තිබේ.
”කි‍්‍රස්තු පූර්ව 5469ත් 5098ත් අතර කාලයට අයත් දිය පිරි වගුරු බිමක සුරැකිව තිබූ ඕක් ලීයෙන් නිම කළ කොටස් 151ක් අපට මෙහිදී හමු වුණා. අපි හිතුවෙ නෑ මේ තරම් සියුම් ලෙස දැවයෙන් කළ නිර්මාණ මේ වගේ තැනකින් හමු වෙයි කියලා” ඔවුහූ පවසති.
”මෑතදී හමුවූ වතුර ළිංවලින් ප‍්‍රථම වරට හෙළිදරවු වුණා, මිනිසාට මීට වසර 7000කට පෙර පවා දැව නිර්මාණ හා සබැඳි තාක්ෂණයක් තිබුණු බව.” ඔවුන්ගේ අධ්‍යයනයෙන් කියැවුණි.
මෙම අධ්‍යයනය කරන ලද්දේ පුරාවිද්‍යාඥයන් හා දැවකාලනිර්ණ විද්‍යාඥයන් පිරිසක් විසිනි. ඔවුන් ජර්මනියේ ෆී‍්‍රබර්ග්හි වනාන්තර වර්ධනය පිළිබඳ ආයතනයට, ඬේරෙස්ඩෙන්හී සැක්සනි පුරාවිද්‍යා උරුම කාර්යාලයට සහ ස්විට්සර්ලන්තයේ බර්මෙන්ස්ඩෝෆ්හි ස්විස් ෆෙඩරල් පර්යේෂණායනයට අනුබද්ධ පිරිසකි.
ඔවුන්ගේ ගවේෂණයට ලක් වූයේ ඒ ස්ථානයේ පිහිටි නවශිලා යුගයට අයත් ඉපැරණි ඕක් ලීයෙන් නිමැවූ ජල ළිං හතරකි.
මෙම දියයට නරක් නොවී තිබූ දැව හැරුණු විට ඒ හා සමග විනාශ නොවී තිබූ ශාක කොටස්වල ශේෂයන්, දැවයෙන් කළ කෞතුක දෑ, පොතුවලින් තැනූ බඳුන්, විවීමට ගන්නා පන් කෙඳි මෙන් ම, ඉතා අලංකාර සිත්තම් යෙදූ විවිධ ප‍්‍රමාණයේ සෙරමික් බඳුන් රැසක් ද බිම් ජල මට්ටමට පහළින් සුළං නොවැදී සහස‍්‍ර කාලයක් වැළලී තිබූ මෙසේ හමුවීම සුවිශේෂ වැදගත් කමක් උසුලන සිද්ධියකි.
විද්‍යාඥයන් දැවකාලනිර්ණ විද්‍යාව භාවිත කරමින් මේ ගස් කපා බිම හෙළන ලද වසර නිවැරදිව හඳුනා ගැනීමටත් මේ දැවවලින් නිර්මාණ කළ කාල වකවානුව දළ වශයෙන් නම් කිරීමටත් සමත් වී තිබේ.
පරීක්ෂණවලින් හෙළි වී තිබෙන ආකාරයට මේ සඳහා දැව ලබා ගෙන ඇත්තේ පැරණි යෝධ ගස්වලිනි. ඒවා නව ශිලා යුගයේ මුල් කාලයට අයත් ගොවීන් විසින් ශිලාමය වෑයන් භාවිත කොට කි‍්‍රස්තු පූර්ව 5206ත් 5098ත් අතර බිම හෙළන්නට ඇතැයි ඒ විද්‍යාඥයන් විසින් නිගමනය කොට ඇත.
පිළිස්සුණු කොන් මතුපිට ඇති අඟුරුවලින් ඒ ඕක් දැව අවශ්‍ය දිගට කපා ගෙන ඇත්තේ පිළිස්සීමෙන් බව හෙළි වෙයි. (A රූපය)
විනාශ නොවී ඉතිරි වූ මැටි බඳුන් රැසක් මෙන් ම එහි පළමු ළිඳෙන් ම ඉරිඟු ඉත්තක් ද පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබේ.
ඒ ගොවීන් විසින් ගස්වල කඳන් පළා ලෑලි තනා ගෙන ඒවා එක් කොට පෙට්ටි හැඩයට ළිංවල බිත්ති වටේට පස් කඩා වැටීම වැළක්වීමට යොදා ගෙන ඇත. එහිදී ඒවායේ කොන් මූට්ටු කිරීමට සංකීර්ණ ක‍්‍රම විධි භාවිතා කර ඇත. ඒවා අවශ්‍ය ප‍්‍රමාණයට කපා ගෙන ඇත්තේ ගින්දරෙන් පුලූස්සා ගැනීමෙනි.
අද පවතින නවීන ලේසර් ස්කෑන් තාක්ෂණය යොදා ගෙන දැවවල හා කැපූ කෙටූ මෙවලම්වලින් ඇති වූ සලකුණු ආදිය පිළිබඳ දත්ත එක් රැස් කර ගත් විද්‍යාඥයන් විසින් ආදි නව ශිලා යුගයේ ප‍්‍රජාවගේ දැව භාවිතය පිළිබඳව ඉතා දියුණු තාක්ෂණයක් තිබූ බව හෙළිදරවු කර ගෙන ඇත.
මේ දැව භාණ්ඩවල, මෙවලම්වලින් ඇති කළ සලකුණු ඉතා හොඳින් සුරැකිව ඇති අතර ඒවා හා පිරිද්දූ තැන්වලට යොදා ඇති කත්තු හෙවත් ඉරිප්පු ආදිය පිළිබඳ විමසීමෙන් ඉතා දියුණු දැව නිර්මාණ තාක්ෂණයක් එකල පැවති බව තහවුරු වී තිබේ.
කි‍්‍රස්තු පූර්ව හය වන සහස‍්‍රයේ දී එතෙක් පැවති දඩයම් යුගය හා එක් රැස් කිරීමේ ජීවන රටාව වෙනස් කොට එක තැන පදිංචි වී කරන කෘෂිකාර්මික හා සත්ව පාලන ජීවන රටාවකට මධ්‍යම යුරෝපයේ මිනිසා හුරු බව මේ සාධකවලින් තහවුරු වී තිබේ.
නව ශිලා යුගවේ සිදු වූ විප්ලවය
මිනිස් වර්ගයාගේ ඉතිහාසයේ සිදු වූ මේ පෙරළිය ‘නව ශිලා යුගයේ විප්ලවය’ ලෙස හඳුන්වා තිබේ. එක තැන පදිංචි වී ගෙවන ජීවිතය නිසා මිනිසාට ස්ථිර නිවාස අවශ්‍ය විය. නිවාස තැනීම දැව නිර්මාණ තාක්ෂණයක් බිහි නොකර කළ හැක්කක් නොවීය. ‘තවත් විදියකින් කීවොත් මුල් ම ගොවීන් මුල් ම වඩුවන් ද වූ බව කිව හැකි’යැයි මෙම අධ්‍යයනයෙන් පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.
‘ස්ථිර පදිංචිය සඳහා යොමු වූ මිනිසාට, ඊට අවශ්‍ය ඉදිකිරීම් කරන්නත්, කෘෂිකාර්මික නිෂ්පාදන ක‍්‍රම ඇති කරන්නත්, තාක්ෂණය, යැපීම හා සම්පත් භාවිතය ආදියෙහි මූලික නව නිපැයුම් හා සොයා ගැනීම් අවශ්‍ය විය.’ යනුවෙන් ඔවුන්ගේ අධ්‍යයනයේ දැක්වෙයි.
කෙසේ වෙතත්, මේ වන තෙක්, පුරාවිද්‍යාඥයන් මතු කර ගැනීමට සමත් වූයේ ඒ මිනිසුන්ගේ නිවාස ඉදි කළ තැන්වල ඇති කළ සලකුණු පමණය.
මෙවර හමු වී ඇති නිවැරදි කාල නිර්ණයක් ඇති මේ ළිං නිසා, මිනිස් වර්ගයා ස්ථිර වාසස්ථාන ඉදි කර ගෙන ජීවත් වීමේ ක‍්‍රමයකට හැඩගැසීමේදී දැව නිර්මාණ තාක්ෂණය අතින් ඉටු වූ කාර්යභාරය වඩාත් සවිස්තරව අධ්‍යයනය කරන්නට විද්‍යාඥයන්ට අවස්ථාව සැලසී තිබේ.
‘අපේ ප‍්‍රතිඵල නිසා ප‍්‍රාග් ඓතිහාසික තාක්ෂණයෙහි අඛණ්ඩ පරිණාමික සංවර්ධනය පිළිබඳ මූල ධර්මය ප‍්‍රශ්න කිරීමට ලක් වෙයි. එයින්, සංකීර්ණ දැව ඉදිකිරීම් සඳහා ලෝහ අවශ්‍යය යන මෙතෙක් පැවති පොදු පිළිගැනීම නිෂ්ප‍්‍රභ වෙයි.’ පර්යේෂකයෝ ඒ වාර්තාවෙන් පෙන්වා දෙති.
දැනට සොයා ගෙන ඇති මධ්‍යම යුරෝපයේ නව ශිලා යුගයට අයත් වතුර ළිං දොළහ පිහිටි ස්ථාන මෙම සිතියමෙන් දැක්වේ.
0 Comments