HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

කමිසයකට රුපියල් ලක්ෂ 29ක් වැය කළ ආදරය සොයන ඉන්දියානු තරුණයෙක්!

ආදරය සල්ලිවලට ගන්න බැහැ කියල කතාවක් තියෙනවා. ඒත් ඒ කතාව විශ්වාස කරන්න කැමති නැති පෝසත් ඉන්දියානුවෙක් ඉන්නවා.

ඔහු මේ ළඟදි කාන්තාවන්ගේ ආකර්ෂණය ගන්න ඇඳුමක් මැස්සෙව්වා. ඒක තනි රත්තරනෙන් කළ එකක්. එකට ගිය වියදම ශී‍්‍ර ලංකාවේ රුපියල්වලින් ලක්ෂ 29ක්!

දැන් 32 හැවිරිදි වියේ පසුව ඔහුගේ නම දත්තා පූගේ. ඉන්නෙ මධ්‍යම ඉන්දියාවේ පිම්පි‍්‍ර-චින්ච්වාද්වලයි. වෘත්තියෙන් ඔහු මුදල් ණයට දෙන ව්‍යාපාරිකයෙක්.

ඔහු වෙනුවෙන් ම විශේෂයෙන් මහපු මේ ඇඳුම සඳහා රන් නූල් තනන්න රන්කරුවන් 15 දෙනෙක් දවසකට පැය 16 ගණනේ සති දෙකක් තිස්සේ වැඩ කළා.

 
රත්තරන් පෙනුමක්! ඔහු රන් පවුම් 14,000ක් වැය කළා කාන්තා ආකර්ෂණය ලබා ගන්න! ‘මං දන්නවා මං ලෝකෙ ලස්සනම පිරිමියා නෙමෙයි, ඒත් මේ කමිසය ඇන්දාම මං දිහා බලන්න කිසිම කාන්තාවක් අකමැති වෙන එකක් නැහැ.’ ඔහු කියනවා.

 
පොළියට සල්ලි දෙන තරුණ ‘පොලී මුදලාලි’ කෙනෙක් නිසා මේ වගේ කමිසයකට සල්ලි වියදම් කරන එක වැඩක්ද? ශී‍්‍ර ලංකා රුපියල්වලින් මේ වියදම ලක්ෂ 29ක්!

 
මේ තනි රත්තරන් ඇඳුම වියන්න රන් නූල් තනන්න රන්කරුවන් 15ක් දවසකට පැය 16 ගණනේ දවස් 14ක් ගත්තා.


අදහසක් පළ කරන්න

1 Comments

  1. අනේ ඒ අසරණයාට ගෑනු ලමයි කැමති වුනාද දන් නැහැ...

    ReplyDelete