HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න මේ වසරේ ඔබට ලැබෙන නවතම ඉලෙක්ට්‍රොනික උපකරණ. 2013 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික දැක්ම!

ලෝකයේ ලොකුම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ප‍්‍රදර්ශනය පසුගිය දා ඇමරිකාවේ ලාස් වේගාස්වල දී පැවැත්වුණා. මේ ලැබූ නව වසරේ අපේ ආසාවන් සපුරන්න හිතා ගෙන ලෝකයේ ඉලෙක්ට්‍රොනික නිෂ්පදකයන් හැමෝම අලූත් අලූත් නිපැයුම් ඒ සඳහා ඉදිරිපත් කළා.

ඇපල් සමාගම හැර අනෙක් හැම සමාගමක් ම මේ 2013 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික දැක්ම (Consumer Electronics Show) සඳහා නව මෙවලම්, අපූරු ගැජට් රාශියක් ප‍්‍රදර්ශනයට තබා තියෙනවා.

මේ අපූරු ගැජට් අතර, ඔබ කන දේ මොනිටර් කළ හැකි ‘ස්මාට්’ ගෑරුප්පුවක්, මේසයක් හැටියටත් පාවිච්චි කළ හැකි මොනිටරයක්, ඒ වගේ ම විශේෂඥයන් කියන විදියට මේ අවුරුද්දේ ඔබට නැතුවම බැරි අලූත්ම ගැජට් එක වන ‘ෆැබ්ලට්’ (phablet) එකත් කැපී පෙනෙනවා. ‘ෆැබ්ලට්’ කියන්නේ ජංගම ෆෝනයත් ටැබ්ලට් පරිගණකයත් එකට එක් කර තැනූ අමුතුම මෙවලමක්.

 
මේ තමා එල්ජී ආයතනයේ අලූත්ම ‘අල්ට‍්‍රා එච්ඞී - ඕඑල්ඊඞී’’ ටෙලිවිශනය - මෙහි රූප දැනට පවතින හොඳම ටෙලිවිශනයේ මෙන් හතර ගුණයක් පැහැදිලියි. මේ ගැන අපි නොබෝදා මල්කැකුළු තුළින් හෙළි කළා ඔබට මතක ඇති.

 
ලස් වේගාස් ප‍්‍රදර්ශනයට ආ ජපන් වාර්තාකාරිණියක් හැපිෆෝක් ගෑරුප්පුවක් පාවිච්චි කරමින් කෑමක රස බැලූ අයුරු. මේ ගෑරුප්පුවට ඔබ කෑ තොරතුරු ඔබට ලබා දෙන්න පුළුවන්.

 
ලෙගෝ කී‍්‍රඩාවට අලූත් රොබොටික කට්ටලයක්. ඔබටම තනා ගෙන ඔබේ ස්මාට් ෆෝනයෙන් දුරස්ථව පාලනය කළ හැකි විස්මිත නිර්මාණයක්.

 
මේ ලෙනෝවෝ පරිගණකය අවශ්‍ය විටෙක මේසයක් ලෙසත් පාවිච්චි කළ හැකියි. ඒ විතරක් නෙවෙයි, ඉලෙක්ට්‍රොනික් දාදු කැටයක් යොදා ගෙන කී‍්‍රඩා කරන්නත් පුළුවන්.

 
මේ අමුතු පරිගණක මේසයත් එක්ක ඉලෙක්ට්‍රොනික දාදු කැටයකුත් ලැබෙනවා, අවශ්‍ය විටෙක කී‍්‍රඩා කරන්න.

ලෙනොවෝ ආයතනය ඉදිරිපත් කරන මේ අලූත්ම මේස පරිගණකය පවුලේ අය යළිත් එක්කරන මෙවලමක්. තේ මේසයක් ප‍්‍රමාණයේ මේ යෝධ ටැබ්ලට් පීසී එක වටේට පවුලේ හතර දෙනකුට එක විට හිඳ එය පාවිච්චි කරන්න පුළුවන්.

මේ අලූත්ම මේස පරිගණකයේ බර රා 17.8ක් (කි.ග‍්‍රෑ. 8ක්) එහි අඟල් 27ක තිරයක් යොදා ගෙන වින්ඩොස් 8 මෘදුකාංගය පාවිච්චි කළ හැකියි.

ලෙනොවෝ ආයතනය මෙය හඳුන්වා ඇත්තේ ‘අයිඩියාසෙන්ටර් හොරයිසන් ටේබල් පීසී’ කියලයි. මෙහි මිල ඇමරිකන් ඩොලර් 1,699ක් වෙනවා.

”මේ ‘හොරයිසන් ටේබල් පීසී’ එක නිසා ඒක පුද්ගල පරිගණක කටයුතු අන්තර් පුද්ගල තත්වයට පත් කෙරෙනවා. කීප දෙනකුට එක විට හවුලේ වැඩ කළ හැකියි.” ලෙනොවෝ ආයතනයේ පීටර් හෝටෙන්සියස් කියනවා.

”දැන් එකම තිරයක තමන් කැමති දෙයක් බලන්න, සංගීතයක් අහන්න, වීඩියෝවක් බලන්න එක විට කීප දෙනකුට පුළුවන්. කැමති නම් එකට එක්වෙලා අපේ විශේෂ උපාංග යොදා ගෙන කී‍්‍රඩාවක යෙදෙන්නත් හැකියාව තියෙනවා.” ඔහු තවදුරටත් කියනවා.

මේස පරිගණකය භාවිත නොකරන වෙලාවට ප්ලාස්ටික් ස්ටිකර් යෙදා ගෙන කී‍්‍රඩා කළ හැකි ‘ගුවන් හොකි’ නමින් කී‍්‍රඩාවක් තියෙනවා. ඒ සඳහා නියාම දඬුත් තිරයට සවි කළ හැකියි. දාදු කැටය යොදා ගෙන කරන කී‍්‍රඩාත් කළ හැකියි.

 
මේ ‘ට‍්‍රැක්ඩොට්’ ගුවන්ගමන්වල දී ගුවන් තොටුපළේදී ඔබේ බෑගය සොයා ගන්න උදවු වේවි. මෙය මාර්තු මාසෙදි වෙළඳපොළට එනවා. මිල ඩොලර් 30ක්.

 
මේ නම්‍යශීලී පරිගණක තිරය ඉන්ටෙල්, ප්ලාස්ටික් ලොජික් ආයතන හා ක්වීන්ස් විශ්ව විද්‍යාලය එක්ව කළ නව නිර්මාණයක්.

 
මේ තී‍්‍ර එම් ටච් සිස්ටම්ස් ආයතනයේ දියේගෝ රෝමූ අඟල් 84 තිරය සහිත මේස පරිගණකයක් හඳුන්වා දුන් අන්දම.

 
‘බොඩි මීඩියා’ නම් මේ අතේ බඳින ‘ඔරලෝසුව’ වෙලාව නෙවෙයි ඔබට කියන්නේ ඔබේ කායික කි‍්‍රයාකාරම් පිළිබඳ තොරතුරුයි.

 
මේ ලික්විඞ් ඉමේජ්’ නම් වූ උපැස් යුවළ තුළ කැමරාවක් ද සවි කර තියෙනවා.

 
‘පැරට් ෆ්ලවර් පවර්’ නම් රැහැන් රහිත මෙවලම මගින් පැළවලට වතුර දැමිය යුතු වේලාව සිහිපත් කරනවා පමණක් නොව මෙය භාවිත කර විශේෂ උපාංගයක් මගින් ඒ කටයුත්ත කරන්නත් පුළුවන්.

 
මේ කුඩා ඒඒ බැටරියක බලයෙන් කි‍්‍රයා කළ හැකි ලොව එකම ජංගම දුරකතනයයි.

 
ෂාප් ආයතනයත් ‘අල්ට‍්‍රා එච්ඞී ටීවී’ යන්ත‍්‍රයක් ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණා.

 
ඇමරිකාවේ ලස් වේගාස්වලදී 2013 ජනවාරි 8 වැනිදා ආරම්භ වුණු 2013 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික දැක්ම (Consumer Electronics Show) සඳහා 1,50,000ක් දෙනකුට නැරඹුම් පහසුකම් සලසා තිබුණා.

 
මේ ප‍්‍රථම මේස පරිගණකයයි. බර රා 17.8ක් (කි.ග‍්‍රෑ. 8ක්). එහි අඟල් 27ක තිරයක් යොදා ගෙන වින්ඩොස් 8 මෘදුකාංගය පාවිච්චි කළ හැකියි. ‘අයිඩියාසෙන්ටර් හොරයිසන් ටේබල් පීසී’ නමින් ලෙනොවෝ ආයතනය හඳුන්වන මෙහි මිල ඇමරිකන් ඩොලර් 1,699ක්

 
මේ මේස පරිගණකය (table PC) ගුවන් හොකි නම් කී‍්‍රඩාවටත් යොදා ගත්තැකි.

විදුලිය සම්බන්ධ නොකරනවා නම් එහි බැටරියෙන් පැය දෙකකට වඩා වැඩ කරන්න බැහැ. මේ මේස පරිගණකයේ අදහස මුලින් ම ඉදිරිපත් කළේ 2008 දී මයික්‍රොසොෆ්ට් ආයතනය අඟල් 30 තිරයක් සහිත මතුපිට ස්පර්ශයෙන් කි‍්‍රයා කළ හැකි පීසී එකක් මගිනුයි. ඒවා ව්‍යාපාරික අවශ්‍යතාවලට මිස පුද්ගලික පරිහරණයට නිකුත් කළේ නැහැ.

මයික්‍රොසොෆ්ට් ආයතනය එය හැඳින්වීමට ‘සර්ෆස්’ (Surface) යන වදන එක් කළ ද අද මේ සංකල්පය හඳුන්වා ඇත්තේ ‘පික්සල්සෙන්ස්’ (PixelSense) කියායි.

මෑත දී සෝනි ආයතනයත් ‘ටැප් 20’ යන නමින් බහුකාර්ය පරිගණකයක් හඳුන්වා දුන්නා, උඩුකුරු කර තබා ති‍්‍රයා කර විය හැකි. ඒත් ඒක මේස පරිගණකයට කොහෙත්ම සමාන නැහැ.

 
මේ අඟල් 27 පරිගණකය තනිවම වැඩ කරන්න අවශ්‍ය විට මේ ආකාරයට තබා වැඩ තරන්නත් පුළුවන්.

 
2013 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික දැක්ම විවෘත කිරීමට පෙර දා සවස විශේෂ දැක්මක් මාධ්‍ය වේදීන් සඳහා පවත්වනු ලැබුවා. ඊට මාධ්‍යවේදීන් පැමිණි අයුරු.

 
2013 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික දැක්ම නරඹන්නට මණ්ඩලෙයි බේ හෝටලයට විශාල පිරිසක් රැස්ව සිටියා.

මෙවර ප‍්‍රදර්ශනයට ගෙනත් තිබුණු අපූරු ගැජට් අතර, ඔබ කන දේ මොනිටර් කළ හැකි ‘ස්මාට්’ ගෑරුප්පුවක් ද තිබුණා. (අපි ඒ ගැන කලින් මල්කැකුළු තුළින් කීවා ඔබට මතක ඇති.)

මේ අපූරු ගෑරුප්පුව හැඳින් වුණේ ‘හැපිෆෝක්’ (HAPIfork) කියලයි. ඔබ ආහාර ගන්නා වේගය, විකන වේගය ඔබේ කෑම දිරවන්නට අවශ්‍ය නියමිත ප‍්‍රමාණයට වඩා වැඩි නම් එහි ඇති විද්යුත් සංවේදක මගින් ඒ බව හඳුනා ගෙන මේ අපූරූ ගෑරුප්පුව ඔබට ඒ බව දන්වනවා. ඉක්මනින් කන කොට ගෑරුප්පුව කම්පනය වෙනවා. එහි මිටෙහි ලයිට් එකක් පත්තු වෙනවා.

ඒ එක්කම මේ ගෑරුප්පුව රැහැන් රහිතව කි‍්‍රයාත්මක වෙමින් ඔබේ තොරතුරු ඔබේම ස්මාර්ට් ෆෝනයට දන්වනවා. ඒ සඳහා විශේෂ උපාංගයක් තියෙනවා. ‘හැපිලැබ්’ කියලයි ඒ විශේෂ උපාංගය හඳුන්වා ඇත්තේ.

ගෑරුප්පුව නිපදවපු අය කියන්නේ මිනිත්තු විස්සක කාලයක් තුළ ගන්නා කෑම ප‍්‍රමාණය හොඳටම ප‍්‍රමාණවත් වන බවයි. ඒ අනුව ගෑරුප්පුවේ කාලය අනුව අඩුවෙන් කෑම ගත් විට බර අඩුවෙන් තබා ගන්න ඔබට පුළුවන්.

අන්තර්ජාලයේ කික්ස්ටාටර් හරහා තමයි, මේ සංකල්පය කි‍්‍රයාවට නැංවීමට ලෝකය පුරා ජනතාව මුදල් ආයෝජනය කළේ. මේ ගෑරුප්පුවක් මිල කර ඇත්තේ ඩොලර් 99ක් පමණයි. ආහාර ජීර්ණ ගැටලූ ඇති අයටත් අම්ල වදේ තියෙන අයටත් මේ ගෑරුප්පුව උදවු වේවි කියලයි නිෂ්පාදකයන් කියන්නෙ.

 
මේ අපූරු ගෑරුප්පුව එක්ක ‘හැපිලැබ්’ උපාංගයකුත් ලබා ගත්තොත් ඔබට ඔබේ ආහාර අවශ්‍ය විදියට පාලනය කර කෑමට ගන්න පුළුවන්.

 
මේ අපූරු ගෑරුප්පුවට ඕනෑම කෑම වර්ගයක ගුණාගුණ හඳුනා ගන්න පුළුවන්.

 
මේ අපූරු ගෑරුප්පුව එහි ඇති විද්යුත් සංවේදක මගින් ඔබට ඔබේ ආහාර පුරුදු ගැන එසැණ දන්වනවා. ඩොලර් 99කට එනම් රුපියල් දසදහසකට පමණ මුදලකට එකක් මිලට ගන්න ඔබට පුළුවන්.

2013 වසරේ වැඩියෙන් ජනපි‍්‍රය වෙතැයි කියන අලූත්ම ‘ෆැබ්ලට්’ පරිගණකය.

 
විද්යුත් මෙවලම් ගැන විශේෂඥයන් කියන්නේ මේ සැම්සූන් ගැලැක්සි නෝට් 2 නම් ‘ෆැබ්ලට්’ පරිගණකය 2013 දී ලොව වැඩිම අවධානයක් දිනා ගන්නා උපකරණය විය හැකි බවයි.

ඉකේට්‍රොනික් හෙවත් විද්යුත් මෙවලම් ගැන ලොව සිටින විශේෂඥයන් අනාවැකි කියන්නේ 2013 දී ලොව වැඩිම අවධානයක් දිනා ගන්නා උපකරණය වන්නේ මේ සැම්සූන් ගැලැක්සි නෝට් 2 යනුවෙන් හැඳින්වෙන ‘ෆැබ්ලට්’ (phablet) පරිගණකය බවයි. මෙය ටෙලිෆෝනයත් ටැබ්ලට් පරිගණකයත් එක් කොට තනා ගත් අලූත්ම නිපැයුමකි.

Post a Comment

2 Comments

  1. hemadama aweth comment nokara yanne kuhaka kamakata nowei.
    Athatama me pituwa godak watinawa. Me comment eka mewa api balana bawath, mewa apita watina bawath kiyanna. Obata jaya.

    ReplyDelete
  2. 99$ kiyanne 1000k newi 10000k neda.

    ReplyDelete