මුලින්ම පොළොවේ ජෛව විවිධත්වය විසිරී ඇති අයුරු දැක්වෙන සිතියමක් පිළියෙල කළේ 1876දීයි. ඒ බි‍්‍රතාන්‍ය ජාතික ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් නම් ස්වභාව විද්‍යාඥයා අතිනි.
ලෝකයේ විවිධ ජීවින් හා ශාක ගණනය කළ නොහැකි ප‍්‍රමාණයක් පරිණාමය වී හා ලොව පුරා ව්‍යාප්ත වී ඇති ආකාරය දැක්වෙන සිතියමක් පිළියෙල කිරීමට ප‍්‍රථම ප‍්‍රයත්නය ලෙස ඔහුගේ ඒ ව්‍යායාමය සැලකිය හැකියි.
නවීන තාක්ෂණයේ ලබා ඇති දියුණුවත් සමග මේ වන විටත් රැස්කර ඇති සත්ව විශේෂයන් 20,000ක පමණ දත්ත ඇතුළත් කර වඩාත් නිවැරදි සවිස්තරාත්මක සිතියමක් සැකසීමට දැන් විද්‍යාඥයන්ට අවස්ථාව පෑදී ඇත.
මේ නව සිතියමට අනුව ලෝකය විශාල ජෛවභූගෝලීය කලාප 11කට බෙදා නම් කර ඇති අතර ඒවා එකිනෙකට සම්බන්ධ වන ආකාරය දක්වා තිබේ.
1876 දී ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් විසින් පරිණාමය අනුව ස්වාභාවික ලෝකයේ ජීවීන්ගේ හා ශාකවල ව්‍යාප්තිය පැහැදිලි කිරීමට සිතියමක් අඳිනු ලැබීය. එය ජෛව විවිධත්වය ගැන පැහැදිලි කිරීමට ගත් ප‍්‍රථම උත්සාහය විය. ස්වභාවික වරණය පිළිබඳව න්‍යාය ඉදිරිපත් කිරීමේ දී පරිණාම වාදයේ පියා වූ චාල්ස් ඩාවින්ගේ හවුල්කරුවා වූයේ වොලස්ය.
එදා වොලස් ඉදිරිපත් කළ ඒ සිතියම අද සම්පූර්ණයෙන් ම යවත්කාලීන කර තිබේ. ඒ නව සිතියම දැන් ‘සයන්ස්’ (Science) විද්‍යා ජර්නලයේ පළ කොට ඇත. ඒ සිතියම විශාල ජෛවභූගෝලීය කලාප 11කට බෙදා ඒවායේ එකිනෙකට ඇති සබඳකම් ද දක්වා තිබේ.
ඒ සඳහා සත්ව, ශාක හා උභයජීවී වීශේෂ 20,000කට වැඩි ප‍්‍රමාණයක් පිළිබඳව පරිණාමීය හා භූගෝලීය තොරතුරු සියල්ල ඇතුළත් කොට ඇත.
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ දේශගුණය, පරිණාමය හා සාර්ව ආර්ථික විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානයේ ආචාර්ය බෙන් හෝල්ට් (Ben Holt) මේ කටයුත්තට සහභාගි වූ විද්‍යාඥ පිරිසට නායකත්වය දුන්නේය. මේ සිතියම සැකසීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කීවේ, ”ස්වාභාව විද්‍යාව පිළිබඳ මුලික සිතියම් අතර විශාල වැදගත්කමක් උසුලන මේ සිතියම යවත්කාලීන කිරීම සඳහා අප කළ මේ අධ්‍යයනය බොහෝ කලකට පෙර ඉටු කළ යුතුව තිබුණු දෙයක්.” බවයි.
”වොලස්ගේ ඒ ප‍්‍රයත්නයෙන් පසු මුල් වතාවට අපට හැකි වුණා අපේ අධ්‍යයනය අවසානයේ දී ස්වාභාවික ලෝකය පිළිබඳ පුළුල් පරාසයක විස්තරයක් ලබා ගන්න. එහි පෘෂ්ඨවංශීන් දහස් ගණනක සවිස්තර වාර්තාවක් ඊට ඇතුළත් වෙනවා.” ඔහු තවදුරටත් කියනවා.
නොමිලයේ ලබා ගත හැකි මේ සිතියමෙන් සෑම වර්ගයකම සතුන් ගැන සියුම් භූගෝලීය තොරතුරු වෙන් වෙන්ව ඉදිරිපත් කර ඇත.
1876 දී බි‍්‍රතාන්‍ය ජාතික ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් සැකසූ ජෛව විවිධත්වය දැක්වූ සිතියම.
මේ නව සිතියමේ සම නිර්මාතෘ වන කැනඩාවේ මැක්ගිල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජීන් පිලිප් ලෙසාඞ් කියන්නේ, ”මේ සිතියමෙන් අනාගත පාරිසාරික හා පරිණාමීය පර්යේෂණවලදී ඉතා වැදගත් පදනමක් සැපයෙන” බවයි.
”දැනට පවත්නා ජෛව විවිධත්ව අර්බුදයට හා ලෝක පරිසරයේ ඇති වන වෙනස්කම්වලට පිළියම් යෙදීමේ දී මෙයින් විශාල මෙහෙයක් ඉටු වනු නොඅනුමානයි.” ඔහු වැඩිදුරටත් කියනවා.
”යම් ස්ථානයක් අදාළ කර ගෙන ජීව විශේෂවල ඇති සුවිශේෂතා පදනම් කර ගෙන සංරක්ෂණ කටයුතු සැලසුම් කරන්නන් ප‍්‍රමුඛතා හඳුනා ගන්නා ආකාරයට අපට දැන් පුළුවන් සංරක්ෂණ ප‍්‍රමුඛතා නිර්වචනය කිරීම ආරම්භ කරන්න වසර මිලියන ගණනක් තිස්සේ සිදු වූ පරිණාමීය ඉතිහාසය පදනම් කර ගෙන.” ඔහු අවසාන වශයෙන් කීවා.
කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ දේශගුණය, පරිණාමය හා සාර්ව ආර්ථික විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය කාස්ටන් රාබෙක් කියන්නේ මේ සිතියෙමන් ස්වාභාවික ලෝකය ගැන සියලූ පැතිවලින් කෙරෙන විස්තරාත්මක විවරණය නිසා ‘මෙය මූලික ජීව විද්‍යාවේ අලූත් මුල් ගල වනු ඇතැ’යි කියායි.
0 Comments