HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

එන්න ග්ලැසියර ලෙනක් ඇතුළට යන්න! කිසිදාක දිය නොවන, සීතලෙන් ගල් ගැහෙන පොළොව යට හිම කුටියකට සවාරියක්!

කවදත් ඔබට අලූත් අමුතු අත්දැකීම් ලබා දෙන්නයි, මල් කැකුළු උත්සාහ කරන්නේ. මේ එවැනි තවත් අවස්ථාවක්.

මේ ඡායාරූප පෙළ උතුරු ඇමරිකාවේ රොකී කඳුකරයට අයත් හිම ගුහාවකට ඇතුළු වී ලත් අපූරු අත්දැකීමක් විඳින්නට ඔබටත් අවස්ථාව සලසන්නක්.

මේ හිම ලෙන හඳුන්වා ඇත්තේ ‘දෝංකාර නඟන හිම දොරොව්ව’ යන අරුත් ඇති ‘බුමිං අයිස් චැසම්’ (Booming Ice Chasm) යන නමිනුයි. ඒ නම එයට ලැබිලා තියෙන්නේ මීටර් 140ක් පමණ වන එහි ඉතාමත් ම ගැඹුරු හරියේ දී ඒ තුළට වැටෙන පාෂාණවලින් නැෙඟන අමුතු දෝංකාරය නිසයි.

 
රොකී කඳු වළල්ලේ පිහිටි අලූතින් සොයා ගන්න ලද ‘බූමින් අයිස් චැසම්’ නම් හිම ලෙන තුළට ගිය ඇඩම් වෝකර්.

මීටර ගණනාවක් ඝනකම ඇති පැහැදිලිව විනිවිද පෙනෙන හිම තට්ටුවක් එහි තියෙනව. එහි ගවේෂකයන් කියන්නේ ඒ මත යද්දී තමන්ට දැනෙන්නේ අහසේ ඇවිද ගෙන යනවා වගෙයි කියලයි.

පොදුවේ මෙවැනි ලෙන් හැඳින්වෙන්නේ ‘සීතල සිරකර ගත් ලෙන්’ කියායි. ඒ ශීත ඍතුවේ ශීතල අධික වන වාතය ඒ ලෙන් තුළට වැදුණු පසු නැවත පිට නොවී සිර වී පවතින නිසයි.

ඒ වගේ ම දිය වෙන හිම හා වැසි ජලය බින්දු වශයෙන් වැටීමෙන් ලෙනෙහි මුවවිටෙහි ස්වාභාවිකව දිය මිදුණු බෑවුමක් නිර්මාණය වී තියෙනවා.

කෙසේවෙතත්, මේ මිදුණු අයිස් මත යන විට ගවේෂකයන්ට අහසේ පියාසර කරන්නාක් සේ දැනුනත්, අඩිය පොඩියක් හෝ ලිස්සා ගියොත් බෑවුම පහත බිත්තියෙහි වැදී අනතුරට පත් වෙන්න පුළුවන්.

අමුතු විදියේ දෝංකාරයක් නැෙඟන නිසා මේ ලෙන තුළ දී එකිනෙකා හා කතාබහ කිරීම අසීරු වුණා. දිගින් මීටර් 704ක් වන මේ දොරොව්ව තුළ කතා කිරීමේ දී ඇඩම් වෝකර්ට, නික් වියේරාට හා කි‍්‍රස්ටියන් ස්ටෙනර්ට හඬ අනුව වදන් කඩ කඩා කියන්න සිදුවුණා, අනෙක් තැනැත්තාට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට.

මේ විස්මිත ඡායාරූප කැමරාවට නගා ඇත්තේ බෙල්ජියන් කැමරාශිල්පියකු වූ 30 හැවිරිදි ෆ්රැන්සිස් සේවියර් ඩි රුයිඞ්ස් (Francois-Xavier De Ruydts) විසිනුයි. කැනඩාවේ ඇල්බර්ටාහි ක්‍රෝස් නෙස්ට් දුර්ගය පිහිටි ප‍්‍රදේශයේ කළ ගවේෂණයකදියි.

කැනඩාවේ වැන්කුවර්හී පදිංචි ෆ්රැන්සිස් කියන්නේ, ”ඉතා අමාරු දෙයක් එහා මෙහා යන එක කූඩුවක් ඇතුළේ ඉන්නා විට. එය ඇද ගෙන යාම සඳහා කරම්පූනයක් ගෙන යාම අත්‍යවශ්‍ය දෙයක්.

”ඒ ගමන ඉතාමත් අවදානම්. අඩිය ලිස්සා ගියොත් බිහිසුණු වේගයකින් ඇදි යමින් පතුලේ හිම තට්ටුවේ වැදී මාරක අනතුරක් සිදු වන්න ඉඩ තියෙනවා.” ඔහු කියනවා.

‘මෙවැනි ලෙනක ඇති අනතුරුදායක තත්වය එහි පතුළට ගිය පසු මොකක් හරි ගැටලූවක් ඇති වුණොත් ඒක විසඳා ගන්න ආපසු විදියට ම උඩට යන්න සිද්ධ වෙනවා.’

‘ඒ වගේ ම මෙවැනි ලෙනක් තුළ දී සුළු තුවාලයක් වුණොත් ඒකත් මාරක තත්වයකට පත් වෙන්න වෙනවා. තුවාලකරු උඩට ලෙන ඒමට දින ගණනක් ගත වෙන්න ඉඩ තියෙනවා. ඒ අතර හුස්ම ගැනීමේ අපහසුතා, රුධිරයේ ඔක්සිජන් අඩු වීම නිසා මියයන්න ඉඩ තියෙනවා.’ ඔහු තවදුරටත් කියනවා.

මේ ලෙනෙහි ඇති අවදානම වැඩි කරන්නේ එහි ඇති අයිස්. ඒ මත ඇවිදීම ඉතාමත් අසීරුයි. ඒ මදිවාට එහි සීතල දරන්න බැරි තරම් වැඩියි.

‘මේ වගේ පරිසරයකදී සිරුරේ උෂ්ණත්වය පාලනය කර ගැනීම ඉතාමත් අසීරුයි. ඉක්මනින් එහා මෙහා නොගියොත් ඔබේ සිරුරට ඉක්මනින් දැඩි සීතලක් දැනෙන්න පුළුවන්. ඒ වගේම ප‍්‍රමාණය ඉක්මවා ඉක්මන් වුණොත් ඔබට දැඩි උණුසුමක් දැනෙන්න පුළුවන්.

‘දාඩිය දැමීමත් අනතුරුදායකයි. ඔබ ශීතල නැති කිරීමට ව්‍යායාම් කරමින් සිට නතර කළහොත් ඒ දාඩිය සිසිල් වීම නිසා ඔබට දැනෙන සීතල ඉතාමත් වැඩි වේවි.

”මේ ලෙනට වැටී ඇති තවත් පටු මං ඇති. ඒවා තවමත් ගවේෂණය කර නැහැ.

”මෙහි ඇති කුඩා පටු මාර්ගය තුළින් විස්මයජනක ලෙස හිම කැට වැටෙනවා. ඉන් ඔබ්බෙහි ඇත්තේ මොනවාදැයි කිසිවකු දන්නේ නැහැ. කවදාවත් කිසිවෙකු එහි ගොස් නැහැ.

”මමත් කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ. මේ ඇත්තෙන්ම සුවිශේෂ දසුනක්. මේ තරම් විශාල ලෙන් ඇත්තේ ඉතාමත් ටිකයි.” ඔහු අවසාන වශයෙන් කීවා.

අධික ශීතලෙන් පිරුණු ලෙන්

මේ ලෙන් ‘සීතල සිරකර ගත් ලෙන්’ යන අරුත් ඇති ‘කෝල්ඞ් ට්රැප් කේව්’ (cold-trap cave) යනුවෙන් තමයි, හැඳින්වෙන්නේ. ඒ ශීත ඍතුවේ ශීතල අධික වන සුළං ඒ ලෙන් තුළට වැදුණු පසු නැවත පිට නොවූ සිර වී පවතින නිසයි.

සීත කාලයේ දී, වැඩි ගණකමින් හා බරින් යුත් යුත් ශීතල වාතය, ලෙනේ ගැඹුරු හරියට යන අතර ඉහළට නඟින උණුසුම් වාතය ලෙන් මුවවිටෙන් පිටතට යන විට ඒ වෙනුවට ලෙන් ගැඹරෙහි තැන්පත් වෙනවා.

ගී‍්‍රෂ්ම කාලයේ දී උණුසුම් වන මතුපිට වාතයට ලෙන තුළට යා නොහැකි වන්නේ ලෙන තුළ ශීතල වාතය දිගටම රැඳී තිබෙන නිසයි. මේ නිසා අවුරුද්ද මුළුල්ලේම මේ ලෙන් මිදෙන සීතලෙන් පිරී තියෙනවා.

 
මේ ලෙන තුළදී කතාබස් කිරීම කළ නොහැකියි. ඉන් අමුතු දෝංකාරයක් නැෙඟයි. ඒ මීටර 140ක් ගැඹුරු ලෙන තුළට වැටෙන පාෂාණ ආදිය නිසා නැෙඟන හඬෙන් එන්නකි.

 
ලෙනෙහි මුවවිටට වැටෙන ජලය නිසා දැවැන්ත අයිස් තට්ටුවක් සෑදී ඇත. ගවේෂකයන්ට ඒ මත ගමන් කිරීම අසීරු වී ඇත.

 
දිය වෙන හිම හා වැසි ජල බින්දු වැටීමෙන් ලෙනෙහි මුවවිටෙහි ස්වාභාවිකව දිය මිදුණු බැවුමක් නිර්මාණය වී තිබේ.

 
ගවේෂකයන් කියන්නේ මෙහි ඇති පැහැදිලි අයිස් තට්ටුව මත යද්දී අහසේ ගමන් කරන්නාක් මෙන් දැනුණු බවයි.

 
අයිස් සහිත බෑවුම බසින්නට ඇඩම් වෝකර් සැරසුණු අවස්ථාව.

 
ඇඩම් වෝකර් ඒ ‘බූමිං අයිස් චැසම්’ ලෙන තුළ දී..


 
ලෙනෙහි මුව අබියස සිට එය ගවේෂණයට සැරසෙද්දී (ඉහළ) ඇඩම් වෝකර් හා (පහළ) කි‍්‍රස්ටියන් ස්ටෙනර්.


Post a Comment

1 Comments

  1. ගවෙශනය නොකල තැන් තව කොතරම් නම් ඇතිද පල කරාට ස්තුති.

    ReplyDelete