Skip to main content

ලෝක කි‍්‍රකට් පිටිය වර්ණවත් කළ දැවැන්තයා, ටෝනි ග්‍රෙග් ජීවිතයෙන් සමු ගනියි!

ටෝනි ග්‍රෙග්ගෙ ලොකු බැඳීමක් තිබුණා, ශී‍්‍ර ලංකාවත් එක්ක. ඔහු මෙහි කි‍්‍රකට් විස්තර විචාරවලට ආවාම මෙහෙදි කරපු කියපු දේ ගැන නිසා අපෙත් ලොකු බැඳීමක් තිබුණා, ටෝනි ග්‍රෙග් එක්ක. ඔහුගේ කි‍්‍රකට් විස්තර අහලා ටීවී එකෙන් කි‍්‍රකට් තරග බලන්න පෙලඹුණු අය ගැන මං දන්නවා. ඒ තරම් අපූරුවට අපේ පපුවට දැනෙන විදියට කි‍්‍රකට් ගැන කියා දුන්න වෙන කෙනෙක් නෑ. අපේ සනත් ජයසූරිය ගැන, කළුවිතාරණ ගැන ඔහු තරම් ලස්සනට කතා කළ කෙනෙක් ලෝකයේ වෙනත් කි‍්‍රකට් විචාරකයන් අතර විතරක් නෙවෙයි අපේ අය අතරවත් හිටියෙ නෑ.


එයා කි‍්‍රකට් ගහන කාලේ එයාට වඩා උස තවත් කෙනෙක් හිටියෙ නෑ. මීටර දෙකකට සෙන්ටි මීටර දෙකයි අඩුව තිබුණේ. ඔහු ඇත්තෙන් ම කි‍්‍රකට් ලොවේ දැවැන්තයෙක්.

මාස දෙකකට විතර ඉස්සෙල්ලා එයාට පෙණහල්ලේ පිළිකාවක් තියෙනවා කියලා සොයා ගත්තා. පසුගිය නොවැම්බරයේ සැත්කමක් කළා. 2012 දෙසැම්බර් 29 වැනිදා වයස අවුරුදු 66 පිරෙන්නත් ඉස්සරින් හෘදයාබාධයකින් ඔහුගේ මරණය සිදු වුණු බව ආරංචි වුණා ම මට එක්වරම හිතුණෙ කි‍්‍රකට් විචාරකයෙක් හැටියට ඔහු පුරවපු හිඩස පුරවන්න කෙනෙක් නෑ නේද කියලයි.


ඔහු ටෝනි ග්‍රෙග් කියලා හැඳින්නුවාට ඔහුගේ සම්පූර්ණ නම ඇන්තනි විලියම් ග්‍රෙග්. ඔහු උපන්නේ 1946 ඔක්තෝබර් 6 වැනිදා දකුණු අපි‍්‍රකාවෙ ක්වීන්ස්ටවුන්වල. ඔහුගේ දෙමාපියන්ගේ ස්කොට්ලන්ත ජාතික සම්භවය නිසා එංගලන්ත පිලට කී‍්‍රඩා කරන්න වරම් ලැබුණා. ඔහු එංගලන්තෙ වෙනුවෙන් ටෙස්ට් තරග 58කට කී‍්‍රඩා කරල තියෙනවා. තරග 14කට නායකත්වය දීල තියෙනවා. ඔහු ටෙස්ට් ලකුණු 3,500කට වැඩිය රැස් කරල තියෙනවා. විකට් 141ක් බිඳ හෙළලා තියෙනවා. ඒ 1972-1977 කාලයෙදි. ඔහු එංගලන්තයෙ නායකත්වය අත්හැරියේ ඕස්ටේ‍්‍රලියාවේ ධනකුවේරයකු වූ කෙරී පැකර් ආරම්භ කළ ලෝක කි‍්‍රකට් තරගාවලියට එක්වීම පිණිසයි. මිය යන විට ඔහු ඕස්ටේ‍්‍රලියාවේ චැනල් නයින් නෙට් වර්ක් එකෙයි සේවය කළේ.


දකුණු අපි‍්‍රකාවෙ ඉපදිලා එංගලන්තෙ කි‍්‍රකට් සෙල්ලම් කරලා ඕස්ටේ‍්‍රලියාවෙ ජීවත්වෙමින් ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් ඔහු කළ මෙහෙය අනූපමේයයි.

දශක කීපයකට පෙර ඕස්ටේ‍්‍රලියාවේ ඉංගී‍්‍රසි පුවත්පතකට ලෝක එක් දින තරග ආරම්භය ගැන ඔහු ලියූ ලිපියේ සිංහල අනුවාදය මෙසේ ඉදිරිපත් කරන්නේ ඔහුට උපහාරයක් ලෙසයි.

කි‍්‍රකට් වෙනස් කළ එක් දිනය (One Day That Changed Cricket)

පළමුවන සීමිත ඕවර කි‍්‍රකට් තරගය අහම්බෙන් ඇති වූවක්. එය කී‍්‍රඩා කළේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් කි‍්‍රකට් පිටියේදියි. ඒ 1971 ජනවාරි 5 වැනිදා. එය කී‍්‍රඩා කරන්න සිදු වුණේ 1970-1971 ඔස්ටේ‍්‍රලියානු ගිම්හාන සමයේ පැවත්වීමට නියමිත ව තිබූ දින පහේ ටෙස්ට් තරගයට අයහපත් කාලගුණයෙන් ඇති වූ බාධා නිසා නවත්වන්නට සිදුවීමේ හේතුවෙනි.


ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් හා එම්සීසී කණ්ඩායමේ එවර සංචාරයේ කළමනාකරු ඬේවිඞ් ක්ලාක් යන දෙදෙනා තමයි, මේ අදහස ගෙනාවේ. එදා ටෙස්ට් තරගය නැරඹීමට වික්ටෝරියානු ප‍්‍රාන්තයේ නරඹන්නන් අති විශාල පිරිසක් කී‍්‍රඩාංගනයට රැස්ව සිටියා. ඔවුන්ට උපහාරයක් හැටියට සීමිත ඕවර තරගයක් පවත්වමුයි, ඒ දෙදෙනා යෝජනා කළා.

ඒ තරගයේ දී එක් පන්දුවාරයකට 8 බැගින් පන්දු වාර 40ක් එක් පිලකට හිමි වුණා. මේ අලූත් පියවර නිසා එදා මෙල්බෝන් පිටියට රැස්ව සිටි 46,000 පමණ වූ නරඹන්නන්ට කිසිදාක නොලද රසවත් අත්දැකීමක් විඳ ගන්නට අවස්ථාව ලැබුණා. කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනස් කළ ‘එක් දිනය’ මෙල්බෝන් නගරයට උදා වූයේ එහෙමයි. කවදත් ඕස්ටේ‍්‍රලියාවේ වැඩිම කි‍්‍රකට් නරඹන්නන් පිරිසක් සිටින මෙල්බෝන් නගරය එයින් ඉතිහාසයට එක් වුණා.

එදා ලොව ප‍්‍රථම එක් දින තරගය පැවැත් වුණේ එංගලන්තයේ රේ ඉලිංවර්ත්ගේ පිලත් ඕස්ටේ‍්‍රලියාවේ බිල් ලෝරිගේ පිලත් අතරයි. ඒ තරගය ජය ගත්තේ ඕස්ටේ‍්‍රලියානු පිලයි. ඒ අනුව 1877 දී එංගලන්තයත් ඕස්ටේ‍්‍රලියාවත් අතර පැවති ප‍්‍රථම ටෙස්ට් තරගය මෙන් ම ඊට වසර 94 කට පසු පැවැත් වූ ප‍්‍රථම සීමිත ඕවර තරගයත් දිනා ගැනීමේ භාග්‍යය ඔස්ටේ‍්‍රලියානුවන්ට හිමි වුණා. එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු වූ ජෝන් එඞ්රිච්ට තරගයේ වීරයා සම්මානය හිමි වුණේ ප‍්‍රථම සීමිත ඕවර ලකුණු පනහ වාර්තා කිරීම නිසයි.

මෙල්බෝන් නගරයේ පැවති ඒ ‘බිග් මැච්’ එකෙන් වසර 16කට පස්සෙ තමයි, එංගලන්තයේ කී‍්‍රඩා සමාජ අතර සුහද එක් දින තරග පවත්වන්න පටන් ගත්තේ. ඉරිදා සවස් වරුවේ පැවති මේ තරග ඉතා ජනපි‍්‍රය වුණා. ‘රොත්මන්ස් ඔෆ් පෝල්මෝල්’ බැනරය යටතේ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් ද විවිධ කී‍්‍රඩා සමාජවලට එක් ව සිටියා. මේ තරග සජීවීව ටෙලිවිෂනයෙන් ද පෙන්වනු ලැබුවා. මේ සීමිත කි‍්‍රකට් තරග නරඹන්නන් ඉතා ජනපි‍්‍රය වූ නිසා එංගලන්ත කි‍්‍රකට් බලධාරීන් තීරණය කළා ප‍්‍රථම නිල එක් දින තරගාවලියක් අරඹන්න. එය හැඳින්වුණේ ‘1963 ගිලට් කප්’ කියායි.

එදා 1971 දී ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් කි‍්‍රකට් පිටියේදි අන්තර්ජාතික කි‍්‍රකට් සඳහා නවයුගයක් උදා වුණා. ඒ පිළිබඳ නොයෙක් වාද විවාද ඇති වුණා. සමහරුන් කීවා එක් දින කි‍්‍රකට් නිසා ටෙස්ට් තරගවලට ඇති උනන්දු නැති වේවි. කි‍්‍රකට් කී‍්‍රඩාවේ ශෛලියට, එහි ඇති ජීව ගුණයට හානි වේවි කියලා. අදටත් මේ විවාද පවතිනවා. මේ අදහස මුලින් ම යෝජනා කළ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් හා ඬේවිඞ් ක්ලාක් වික්ටෝරියානු ජනතාවට උපහාරයක් දක්වන්නැයි ඔවුන් කළ ඉල්ලීම නිසා මේ තරම් වෙනසක් කි‍්‍රකට්වල සිදු වේවි කියා එදා නිකමටවත් හිතුවාද කියා මා දන්නේ නෑ.

එක් දින තරග නරඹන්නන් අතර වඩා ජනපි‍්‍රය වීමට හේතු වූයේ ටෙස්ට් කි‍්‍රකට්වල නිතර දක්නට ලැබුණු ජයපරාජයෙන් තොර ප‍්‍රතිඵලය වෙනස් කළ නිසයි. රූපවාහිනියෙන් සජීවීව විකාශනය වීම නිසාත් එහි ආකර්ෂණය තවත් වැඩි වුණා.

1975 දී අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය එක් දින කි‍්‍රකට් සඳහා ‘පෘඩෙන්ෂල් වර්ල්ඞ් කප්’ යනුවෙන් ලෝක කුසලාන තරගාවලියක් ආරම්භ කළා. ඒ සඳහා වෙනම උප කමිටුවක් ද පත් කෙරුණා. එය අද දක්වා ම පවතිනවා. මේ තරගාවලිය පැවැත් වුණේ එංගලන්තයේදියි. එය අතිශයින් සාර්ථක වුණා. කි‍්‍රකට්වල නව පිබිදීමක් ඇති වුණා. එහිදීත් ඕස්ටේ‍්‍රලියාව අවසාන තරගය දක්වා ආවත් අවසානයේ දී ඒ මුල් ම ලෝක කුසලාන දිනා ගත්තේ බටහිර ඉන්දීය කොදෙවු පිලයි.

ලෝක කි‍්‍රකට් තරගාවලියක් මුලින් ම ඕස්ටේ‍්‍රලියාවේ පැවැත් වුණේ 1977දියි. එක් දින තරග විකාශය ඉතා ප‍්‍රශ්ත මට්ටමෙන් රූපවාහිනියෙන් සිදු කරන්නට පටන් ගත්තේ ඒ කාලෙදියි. ඒ කාලේ පැවති එක් දින තරගවල දී එක් පිලකට පන්දුවාර 50 බැගින් තරගයකට පන්දුවාර 100ක් ඇතුළත් වුණා.

එක් දින තරගවලදී සිදු වූ ලොකුම වෙනස ආවේ මෙල්බෝන් නගරයේ වීඑෆ්එල් පිටියේ දී රාති‍්‍ර කි‍්‍රකට් තරග හඳුන්වා දීමත් සමගයි. පසුව ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි කි‍්‍රකට් පිටියේ දැවැන්ත විදුලි ආලෝක කුලූනු ඉදි කිරීමක් සමග ඉතිහාසයේ තවත් පිටුවක් පෙරළුණා. ඉන්පසු සීමිත ඕවර රාති‍්‍ර කි‍්‍රකට් සඳහා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන්, පර්ත් හා ඇඩිලේඞ් කී‍්‍රඩා පිටිත් පසුව බි‍්‍රස්බේන් පිටියත් එක් වුණා.

(පර්සි ජයමාන්නගේ ප‍්‍රධාන සංස්කාරකත්වයෙන් ‘1999 ලෝක කුසලාන’ නිමිත්තෙන් ‘අභියෝගය’ නමින් පළ වූ ලේක්හවුස් ආයතනයේ විශේෂ ප‍්‍රකාශනයෙනි.)








Comments

Popular posts from this blog

ලෝකයේ වටිනාම මුද්දරය වෙන්දේසියට! දැනට ඇත්තේ ලෝකෙටම එකයි!

මුද්දර එකතු කිරීම (Philately) විනෝදාංශයක් වගේම හොඳ ආදායම් මාර්ගයක්. පුංචි වුණාට තැපැල් මුද්දරයක් කියන්නේ රටක ඉතිහාසය කියාපාන කැඩපතක්. රටකින් රටකට හොඳ හිත පතුරුවමින් යන සංස්කෘතික තානාපතිවරයෙක්!

ඒ වගේ පැරණි තැපැල් මුද්දරයක් එහි මුහුණත සඳහන් වටිනාකමට හුඟක් වැඩිවෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ ඒවායේ ඇති දුලබකම නිසයි.

ඒ වගේ 1873 දී ලිපිගොනු ගොඩක් අස්සේ තිබී හමුවුණු පාවිච්චි කළ ශත එකේ තැපැල් මුද්දරයක් පසුව වෙළෙඳ පොළේ දී සිලිං හයකට විකුණුණා. බි‍්‍රතාන්‍ය ගයානාව (British Guiana) විසින් නිකුත් කළ ශත එකේ දම්පාට තැපැල් මුද්දරය (1c Magenta stamp) දැන් යළිත් වෙන්දේසිය සඳහා වෙළෙඳපොළට ඇවිත්. අද, වසර 141කට පසු, එයට මුද්දර වෙන්දේසියේ දී ඇමරිකන් ඩොලර් මිලියන 20ක මුදලක් ලැබේවි යැයි විශ්වාස කරනවා.

මෑතදී ‘ලොව වඩාත් වටිනාම මුද්දරය’ ලෙස හඳුන්වනු ලැබූ මේ පැති අටේ හැඩැති තැපැල් මුද්දරය 2014 ජූනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ නිව්යෝක්හිදී ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතයි.

මෙය දැනට ලෝකයේ සුරක්ෂිතව ඉතිරි වී ඇති මේ වර්ගයේ එකම මුද්දරය ලෙස සැලකෙනවා. මෙය නිකුත් කරන ලද්දේ 1856දියි. බි‍්‍රතාන්‍ය ගයානාවේ තැපැල් මහතා…

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස! ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා 10 මෙන්න!

පසුගිය සතියේ (මාර්තු 8 වැනිදා) අතුරුදන් වූ පිසැරි අංක එම්එච්370 මැලේසියානු මගී ගුවන්යානයට වූ දේ තවමත් අබිරහසක්. රටවල් 10 ගුවන්යානා, නැව්, චන්ද්‍රිකා රැසක් මේ අබිරහස විසඳන්න තවමත් වෙහෙසෙනවා.

ඒත් මෙය දැනටමත් නොවිසඳෙන අබිරහසක් පත් වෙන ලකුණු පහළ වෙලා!

ලොව පළමු සෙල් ෆෝනය මේකද? වසර 75ක් පැරණි පින්තූරයේ රහස හෙළි වෙයිද?

බලන්න මේ තරුණිය ජංගම දුරකතනයක් කනේ තියා ගෙන පාර දිගේ කතා කර කර යනවා! අද නම් මේ වගේ දසුනක් ගමක පාරක වුනත් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒත් මේ දර්ශනය කැමරාවට නඟා ඇත්තේ මීට අවුරුදු 75කට පෙරයි!

1938 දී ඇමෙරිකාවේ වීදියක ගමන් කළ මේ යුවතියගේ අතට වර්තමානයේ අප පාවිච්චි කරනා තාලේ සෙල් ෆෝනයක් (ජංගම දුරකතනයක්) ආවෙ කොහොමද?

ඒ කාලයේ මේ වගේ දෙයක් නිපදවීම තියා මෙවැන්නක් ගැන හිතලවත් නොතිබුණා නම් මෙම දර්ශනය චිත‍්‍රපටයකට ගත් නිර්මාණයක්ද? සමහර අය කීවේ චිත‍්‍රපටය තුළින් අනාගතය දැකීමක් ලෙස මෙම දසුන සලකන්න පුළුවන් කියලයි. අනාගතය පරිකල්පනය කළ අවස්ථා චිත‍්‍රපටවල ඕනෑ තරම් තිබුණා. මේ වගේ

මේ රූප පෙළ මේ වන විට යූටියුබ් (YouTube) එක හරහා ලක්ෂ තුනකට වැඩි වාර ගණනක් සංසරණය වෙලා තියෙනවා. වර්ණ චිත‍්‍රපට එන්නට පෙරාතුව කළු සුදු ක‍්‍රමයට කැමරාවට නගන ලද මෙහි රහස පසුගිය දා හෙළි වුණා. මෙම තරුණිය තමාගේ මීමිත්තණිය යැයි යුටියුබ් ග‍්‍රාහකයෙක් හෙළි කළා.

අනාගතයට යාමක් ද? මෙහි දැක්වෙන්නේ ඇමරිකාවේ ඩුපොන්ට් ආයතනයෙන් පිට වී යන තරුණ සේවිකාවන් පිරිසක්. එයින් එක් තරුණියක් අතේ ඇති ජංගම දුරකතනයකින් කතා කරමින් යනවා ඔබට පෙනෙනවා ඇති. වසර 75කට ප…

නස්රුදින්ගේ වේළීමේ රහස! අලුත්ම නස්රුදින් කතාවක්!

නස්රුදින්ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා, ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්. දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා.

දියණිය උපන් මොහොතේ පියා ගත් පින්තූරය අන්තර් ජාලය කළඹයි! වෛද්‍යවරයාගේ අතේ එල්ලී එළියට ආ ළදැරිය මෙන්න!

ජීවිතයේ විස්මිත මොහොතවල් ඡායාරූපයට නැඟීම වාසනාවත් එක්ක සිදු වන දෙයක්. එහෙම වාසනාවක් ලද මාපිය යුවලක් තමන් ගත් ජීවිතයේ අමතක නොවන පින්තූරය ‘මුහුණු පොතේ’ පළ කළා. මොහොතකින් එය අන්තර්ජාලය පුරා ‘කුණාටුවක්’ මෙන් හඹා ගියා.

මෙලොව එළිය දකින්න මොහොතකට පෙර පුංචි නෙවායි මව් කුස හිඳිමින් තම උදව්වට ආ වෛද්‍යවරයාගේ ඇඟිල්ලේ එල්ලූන හැටි!

හොල්මන් පින්තූර කතන්දර පෙළක්! මේවා දැකල බය වෙන්න එපා!

රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්!


අවුරුදු ගානක් තිස්සෙ විවිධ අවස්ථාවලදි ගත්තු පින්තූර තමයි, මේ තියෙන්නේ. මෙහි ඉන්නවා, ඝාතනය කළ වහල් සේවකයන්, රෝහල්වල වධබන්ධනවලට ලක්ව මියගිය රෝගීන්, අතීතයට එක් වූ මුහුදු නැවියන් ආදී නොයෙක් අය. මොවුන්ගේ හොල්මන් කතා අහපු බොහොම දෙනෙක් බියට පත් වුණා. තාමත් අහන අයගේ ඇඟ හිරි වැටෙනවා.

මුල්ම ඇපල් 1 පරිගණකය ලෝක වාර්තාවක් තියයිද? ඇපල් සමාගමේ ආරම්භය හෙළිකරන මෙතෙක් පළ නොවූ ඡායාරූපයක්!

ඇපල් පරිගණකය පටන් ගත් හැටි දැන් දකින කොටත් පුදුම හිතෙනවා. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දා ප‍්‍රථමවරට හෙළිදරවු වුණා.

මේ ඡායාරූපයට නගා තියෙන්නේ 1976 දියි. එතකොට ස්ටීව් ජොබ්ස්ට (Steve Jobs) වයස 21යි. ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමග එක්ව ඔවුන් දෙදෙනා මේ මුල්ම ඇපල් පරිගණක තැනුවේ ස්ටීව් ජොබ්ස්ගේ මාපියන්ගේ ගෙදර ගරාජයකයි. ඔවුන් ඒ තැනූ මූල් පරිගණක 50 තැන්පත් කරල තිබුණු ආකාරය දැක්වෙන මේ විරල ඡායාරූපය නිකුත් කරනු ලැබුවේ ලබන නොවැම්බර් 16 වැනිදා වෙන්දේසියට තැබෙන දැනට හොඳම තත්වයේ ඇති පැරණි ම ඇපල් පරිගණකය එළි දැක්වීම වෙනුවෙන්.

මෙය දැනට ලෝකයේ ඇති වටිනාම සන්නම ලෙස සැලකෙන ඇපල් පරිගණකයේ ආරම්භක තත්වය තේරුම ගන්නත් හොඳ අවස්ථාවක්. මේ සන්නමෙහි අද වටිනාකම පවුම් බිලියන 60ක්.

ඇපල් පරිගණකයේ ආරම්භය දැක්වෙන මේ කිසිදා එළියට නො පැමිණි ඡායාරූපයක්. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර 1976 දී පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුග…

දුර්ලභ ගණයේ සේයා රුවක්! නවසීලන්තයේ ධීවරයකුගේ නවතම ගොදුරක්!

මෙය ලියැවෙන්නේ කලාතුරකින් හමු වන ඡායාරූපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි. අන්තර් ජාලය පුරා මේ වන විටත් වැඩි දෙනකුගේ අවධානය දිනා ගෙන තියෙනවා.

මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ මිනීමරු සුදු මෝරකුගේ ඉරණම දැක්වෙන කතාවක්. පසුගිය සතියෙදි නවසීලන්තයේ මුහුදේදි ගත්තු එකක්.

මහා භූමිකම්පාවකින් පසු පාකිස්ථාන මුහුදෙන් මතු වූ ලෝකයේ අලූත් ම දූපත!

පසුගියදා පාකිස්ථානයේ ප‍්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. 7.8ක් වූ ඒ භූමිකම්පාවෙන් බලූකිස්ථානය අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණා. ලෝකයේ අලූත් ම දූපත එයයි.

සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් ඒ දූපත නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා දැන් එය බලන්න සංචාරකයන් වගේම පාකිස්ථාන වැසියන් වැල නොකැඩි එනවා. ඒ දූපතටත් ගොඩ වෙනවා. ගිනිගන්නාසුලූ වායුව, විස දුම් ආදිය ඇති බව අනතුරු හැෙඟව්වත් ඒවා ගනන් නොගෙනයි, ඔවුන් එහි එන්නෙ.

ඒ දූපතේ පිපිරුණු මඩ, වැලි, ගල් මුසු බිම මත මුහුදු සතුන්ගේ මළ සිරුරු, විශේෂයෙන් ම මාළුන් මළකුණු පිරිලා තියෙනවා.

මෙන්න ලෝකයේ අලූත් ම දූපත අහසට පෙනෙන හැටි. මේ මඩ කන්ද මීටර් 15ක් 20ක් විතර උස ඇති. මිනිසුන්ට ඒ මත ඇවිද ගෙන යා හැකි තරමට එහි බිම ඝනකම් කියලයි, කියන්නෙ.

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : නියමුවාම යානය බලෙන් ගෙන ගියාද?

2014 මාර්තු 16 වැනිදා

අනතුරට පත් යානයේ නියමුවා වූ සහාරි අහමඞ් ෂා දේශපාලන උමතුවකින් පෙළෙන්නකු ලෙස දැන් සැක කරනවා. එම්එච්370 යානය නියමුවා ලෙස සේවයට වාර්තා කරන්නට පෙර ඔහු මැලේසියාවේ විරුද්ධ පක්ෂ නායකයා වූ අන්වර් ඒබ‍්‍රහම්ට එරෙහිව පැවති නඩු විභාගයට බලන්නට ගිය බවක් ෆෙඩරල් පරීක්ෂක නිලධාරින් කියනවා.