මේ කුෂුද්‍ර පිරමීඩ තනා ඇත්තේ ජීවී සෛලයක ප‍්‍රමාණයට සරිලන කූඩුවක් හෙවත් කොටුවක් ලෙසයි. මෙම ක‍්‍රමයෙන් ඒ සෛලවල ස්වාභාවික ති‍්‍රමාන ස්වරූපයෙන්ම ඒවා නිරීක්ෂණය කළ හැකියි. මේවා හුඟක් වෙනස්. මෙතෙක් පරීක්ෂණ සඳහා භාවිත කළ පෙට්රි දීසි මෙන් පැතලි නැහැ.
නෙදර්ලන්තයේ ටුවෙන්ටෙ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ කොටුව තනා ඇත්තේ සිලිකන් වළවල් මත නයිට්රයිඩ තැන්පත් කිරීමෙන්. ඒ බව ඔවුන් ‘නිව් සයන්ටිස්ට්’ සඟරාවට පවසා තියෙනවා.

සෛල සැබෑ පටකවලදී කි‍්‍රයා කරන ආකාරයට ම මේ ති‍්‍රමාන මතුපිටදී කි‍්‍රයා කරනවා. අපේ සිරුරේ හැම දෙයක් ම ති‍්‍රමාන ස්වරූපීයි.
මෙහිදී වටේට ඇති ද්‍රව්‍ය සියල්ල ම පාහේ ඉවත් කළ පසු ඉතිරි වන්නේ පිරමීඩය සෑදෙන කොන්වල ද්‍රව්‍ය ස්වල්පයක් විතරයි.
මේ පිරමීඩ ළං ළං ව පිහිටා ඇති නිසාත්, ඒවායේ පැතිවල සිදුරු ඇති නිසාත් සෛලවලට එකිනෙක සමග ස්වාභාවිකව කරන ආකාරයට අන්තර් සම්බන්ධතා පවත්වන්න බාධාවක් නෑ.
”එසේ වන්නේ ඒ සෛල විවෘතව ඇති නිසයි. ඒවාට පහසුවෙන් ම බාහිර ඒවා සමග පහසුවෙන් ම සම්බන්ධකම් පවත්වන්න පුළුවන්.” මේ පර්යේෂකයන්ගෙන් එක් අයකු වූ ආට් වැන් ඇපල්ඩූන් කියයි.
”සෛල සැබෑ පටකවලදී කි‍්‍රයා කරන ආකාරයටමයි මේ ති‍්‍රමාන මතුපිටදී කි‍්‍රයා කරන්නේ. අපේ සිරුරේ හැම දෙයක් ම ති‍්‍රමාන ස්වරූපීයි.” ඔහු වැඩිදුරටත් කියනවා.
3 Comments
ඉස්සරහට ම යනව නේ! :)
ReplyDeleteලෝකෙ ඉස්සරහටම යනවා අපි තාම ආගම් ගැන මරාගන්නවා...
ReplyDeleteඅමිල, ලෝකය ඉස්සරහට යන බව ඇත්ත. අපි ආගම් ගැන මරා ගන්නේ තිසිම ආගමක හරයට ළං නොවන නිසයි. හැම ආගමකම හරය මිනිසාගේ හදවතට සාමය උදා කර දීමයි. එහෙම වුණාම මරා ගන්න විදියක් නෑ නේද ? මට නම් පුදුම ඕක නෙමෙයි. බෞද්ධයා කියන මිනිසා මේ විදියට හැසිරෙන එකයි. බුද්ධාගමේ හරය තේරුම් නොගත්තත් ලෝකෙ තියෙන සරලම ව්‍යවස්ථාව වන, සෑම බෞද්ධයකු ම බෞද්ධයකු වීමට අවශ්‍ය, ‘පන්සිල්’වත් රකිනවා නම් ඒ මිනිසාටත් අවට සිටින සියලූ සතුන්ටත් සාමය උදා වෙනවා නේද?
ReplyDelete