HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ක්ෂීරපායීන්ගේ අනාගතය අඳුරේ! සුළි සුළං කුණාටු හා දරුණු දේශගුණික විපර්යාස නිසා වන විශාල ජීවන පරිසර විනාශයක්!

ක්ෂීරපායීන්ගේ අනාගතය අඳුරේ! සුළි සුළං කුණාටු හා දරුණු දේශගුණික විපර්යාස නිසා වන විශාල ජීවන පරිසර විනාශයක්! මේ බව ලන්ඩනයේ සත්ව විද්‍යා සංගමය විසින් පසුගියදා නිකුත් කළ අධ්‍යයනයකින් හෙළි වුණා.

සත්ව විද්‍යාඥයන් විසින් ඒ අධ්‍යයනයට අදාළ සිතියම් පවා සකස් කර තියෙනවා. ඒ සිතියම්වලන් පැහැදිලි කෙරෙනවා, ලෝකයේ ක්ෂීරපායී ගහණයන් ව්‍යාප්ත වී ඇති භූමි ප‍්‍රදේශ හා ක්ෂීරපායීනට විශේෂයෙන් බලපාන දේශගුණික විපර්යාස ඇති විය ප‍්‍රදේශ ආදිය. ඔවුන්ගේ දැනීමේ හැටියට දරුණු නියං තත්වයන් හා සුළි සුළං කුණාටු ඇති විය හැකි ප‍්‍රදේශ මේ සිතියම්වල දක්වා තියෙනවා.

 
ලෝක ක්ෂීරපායී ගහණයට දේශගුණික බලපෑම් නිසා හානි විය හැකි ප‍්‍රදේශ: රතු පැහැයෙන් දක්වෙන්නේ සියයට 25කට වැඩි අවදානමක් ඒ සතුන්ට එල්ල වන ප‍්‍රදේශයි. ළා දුඹුරු පැහැයෙන් දක්වෙන්නේ කුණාටු හා දරුණු සුළිසුළං ඇති විය හැකි ප‍්‍රදේශයි. කොළ පැහැයෙන් දැක්වෙන්නේ කුණාටු තීව‍්‍ර විය හැකි ප‍්‍රදේශයි.

 
වඳවී යාමේ අවදානම: මෙහි රතු පැහැයෙන් ලකුණු කර ඇත්තේ නියඟය නිසා ක්ෂීරපායීන් (පි‍්‍රමාටේසයන්) වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ප‍්‍රදේශයි. මෙහි ශී‍්‍ර ලංකාවත් ඇතුළත්ව ඇති බව ඔබට දැක ගත හැකියි. (ශී‍්‍ර ලංකාවේ වනගත ආසියානු අලියාගේ පටන්, උණුහපුළු වර්ග, වඳුරු හා රිලා වර්ග, වවුලන් ඇතුළු ක්ෂීරපායීන් රාශියක් ජීවන පරිසර විනාශ වීම නිසා අවදානමට ලක් වී තියෙනවා.)

මෙහිදී ඔවුන් විසින් හඳුනා ගෙන තියෙනවා, දරුණු කාලගුණික තත්වයන්ට මුහුණ දීමට සිදු වීම නිසා වැඩිම වඳවී යාමේ අවදානමට ලක් වූ ගොඩ බිම වෙසෙන ක්ෂීරපායීන් කවුරුන්ද යන වග. මේ පිළිබඳ විස්තර ගිය සතියේ සංරක්ෂණ ලිපි පළ කරන බි‍්‍රතාන්‍යයේ සත්ව විද්‍යා ජර්නලයේ පළ වුණා.

මෙම සමීක්ෂණයට නායකත්වය දුන් ලන්ඩන් සත්ව විද්‍යා සංගමයේ එරික් ඇමෙකා වයි යුවාරෙස් කියන විදියට ‘මේ සත්ව විශේෂ තුනෙන් එකක් වෙසෙන ජීවන පරිසරවලින් සියයට විසිපහක් පමණ නියං හා සුළිසුළං ආදියෙන් දැනටමත් විනාශ වී ඉවරයි.’

‘මේ සත්ව විශේෂයන් මේ දරුණු කාලගුණික විපර්යාසයන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත් වන අයයි. සොබාදහමේ සංරක්ෂණය සඳහා වූ අන්තර් ජාතික සංගමය (ICUN) විසින් පළ කරන ”කාලගුණික විපර්යාස නිසා අවදානමට ලක් වූ” සතුන්ගේ නාමාවලිය දැන් එන්න එන්නම විශාල වෙනවා.’

 
අවදානමට ලක් වූ එක් විශේෂයක් - ‘කළු හූ වඳුරා’ (black howler monkey)

විශේෂයෙන් ම අපට වඩාත් සමීපතම නෑයන් ලෙස සැලකෙන ලෝකය පුරා විසිරි පි‍්‍රමාටේසයන් අතරින් ගණනාවක් ම සිටිනවා වඳ වී යාමේ තර්ජනයට ලක්වුණු.

එයින් වැඩිම ප‍්‍රතිශතයක්, එනම් 90% ක් තර්ජනයට ලක් වී ඇත්තේ ‘කළු හූ වඳුරන්’ (සත්ව විද්‍යා නාමය: ඇලොට්ටා පිග්රා) හා යුකටාන් මකුළු වඳුරන් (අටෙලස් ජ්‍යොෆ්රොයි යුකැන්ටැන්සිස්) වශයෙන් හඳුනා ගෙන තියෙනවා. මොවුන්ගේ ජීවන පරිසර දරුණු කාලගුණික විර්යාස නිසා අතීතයේ සිට විනාශ වෙමින් පැවතුණා පමණක් නොව අලූත් පරිසරවලට හැඩ ගැසීමේ ශක්තියක් ඔවුන් වෙත තිබුණේ නැහැ.

 
යුකටාන් මකුළු වඳුරන්ගේ වාසස්ථානත් සුළිසුළං නිසා විනාශ වී ගොසින්.

 
අනාගතය නිශ්චිත නැති කළු හූ වඳුරු මවක් හා පැටියෙක්.

මෙවැනි දරුණු කාලගුණික විපර්යාස නිසා අනිත් සත්ව විශේෂවලට සිදු වන බලපෑම් ගැන වැඩි විස්තර සොයි ලබා නැහැ.

මැඩගස්කරයේ වෙසෙන බටහිර ලෝම ලීමරයන් (අවාහි ඔක්සිඩෙන්ටාලිස්) හා රන් උණබට ලීමරයන් (හාපලෙමූර් ඔරෙන්සිස්) යන සත්ව විශේෂ දෙකෙහි සියලූම ගහණයන් නියඟයට හා සුළිසුළං යන දෙකට ම ගොදුරු වුණා.

මේ වඳවී යාමේ තර්ජනයට ලක් වී සිටින ලීමර විශේෂයන් ඇත්තේ මැඩගස්කරයේ පමණයි. ඔවුන් පරිණාමයට හසු නොවී කලක් සිටි සතුන් හැටියට තවමත් ඔවුන් පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු වී නැහැ.

ලන්ඩන් සත්ව විද්‍යා සංගමයේ පර්යේෂකයකු වූ ආචාර්ය නතාලි පෙටොරෙලි කියන්නේ, ‘කාලගුණ විපර්යාස නිසා එල්ල වන සතුන් වඳවී යාමේ තර්ජනය පිළිබඳව කළ පළමු වන අධ්‍යයනය මෙය’ බවයි.

‘ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දීමේ දී සතුන්ගේ ජීවිතවලට බලපාන කරුණු ගණනාවක් ම තියෙනවා. ඒවා විමර්ශනය කර වඩාත් අවදානම් සාධක හඳුනා ගෙන ඒ පිළිබඳව ගෝලීය පරිසර විපර්යාසවල දී අවදානමට ලක් වූ සතුන්ට අවශ්‍ය රැකවරණ සැපයීමට අදාළ බලධාරින් දැනුවත් කිරීමේ මේ අධ්‍යයනයේ අරමුණයි.’ ඇය කියනවා.

ලොව අතරින් වැඩිම අවදානමට ලක් වූ සතුන් මෙසේයි:

නියං හා සුළිසුළං නිසා ඉක්මනින් ම වඳ වී යා හැකියැයි සැලකෙන මෙතෙක් වැඩිම අවදානමක් ඇති සතුන් ලෙස වර්ග කර ඇති ක්ෂීරපායීන් එම ලේඛනයේ මෙසේ දක්වා තියෙනවා. මෙහි වැඩි පුර ඇත්තේ මැඩගස්කරයට සීමා වූ සතුන්.

Avahi cleesei – Bemaraha wooly lemur (බෙමාරා ලෝම ලීමරයා)
Avahi occidentalis – Western woolly lemur (බටහිර ලෝම ලීමරයා)
Brachytarsomys villosa - hairy-tailed antsangy (ලෝම වල්ගා සහිත ඌරු මීයා)
Eulemur macaco flavifrons – Blue eyed black lemur (නිල් ඇස් ඇති කළු ලීමරයා)
Eptesicus malagasyensis – Isalo serotine (ඉසැලෝ සෙරොටින් වවුලා)
Eulemur sanfordi - Sanford's lemur (සැන්ෆෝඞ්ගේ ලීමරයා)
Galidictis grandidieri – Grandidier’s mongoose (ග්රෑන්ඩිඩියර්ගේ මුකටියා)
Hapalemur aureus – Golden Bamboo lemur (රන් උණබට ලීමරයා)
Hypogeomys antimena – Malagasy giant rat (මැලගසි යෝධ මීයා)
Lepilemur ankaranensis – Ankarana Sportive lemur (ඇන්කාරානා කී‍්‍රඩාශීලී ලීමරයා)
Macrotarsomys ingens- Greater big-footed mouse (මහා පාද මීයා)
Microcebus berthae – Madame Berthe’s mouse lemur (බර්ත්මැතිනියගේ මී ලීමරයා)
Microcebus ravelobensis - golden-brown mouse lemur (රන් හා දුඹුරු පැහැතී මී ලීමරයා)
Microcebus sambiranensis – Sambirano mouse lemur (සැම්බිරිනෝ මී ලීමරයා)
Microcebus tavaratra – Northern rufous mouse lemur (උතුරු රතු දුඹුරු මී ලීමරයා)
Microgale jenkinsae – Jenkins shrew tenrec (ජෙන්කින්ස් ෂ්රූ ඉත්තෑවා)
Microgale jobihely - Northern Shrew Tenrec (උතුරු ෂ්රූ ඉත්තෑවා)
Nesomys lambertoni - Western nesomys (බටහිර දූපත් මීයා)
Prolemur simus – Greater bamboo lemur (මහ උණබට ලීමරයා)
Propithecus candidus - silky sifaka (සුදු සේද ලෝම ඇති ලීමරයා)
Propithecus coquereli – Coquerel’s sifaka (කොකරල්ගේ සිෆාකා ලීමරයා)
Propithecus coronatus – Crowned sifaka (ඔටුනු පලන් සිෆාකා ලීමරයා)
Propithecus edwardsi - Milne-Edwards' sifaka (මිල්නෙ එඞ්වඞ්ගේ සිෆාකා ලීමරයා)
Propithecus perrieri – Perrier’s sifaka (පෙරියර්ගේ සිෆාකා ලීමරයා)
Propithecus tattersalli - golden-crowned sifaka (රන් ඔටුනු පලන් සිෆාකා ලීමරයා)
Pteropus rodricensis – Rodrigues flying fox (රොඞ්රිගුස් වවුලා)
Varecia rubra – red ruffed lemur (රතු ඉරි වැටුණු ලීමරයා)
Varecia variegata subcincta – white-belted black and white ruffed lemur (සුදු පටි සහිත කළු සුදු ඉරි ලීමරයා)



Post a Comment

1 Comments