HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දුව පාසල් යවන්න උරමල්ලෙන් සල්ලි සෙවූ ජුලී වසර හතරෙන් මිලියනපතිනියක්!

මේ බි‍්‍රතාන්‍යයේ දිරිය කතක් ගැන කතාවක්. මේ වගේ කාන්තාවන් ගැන අපේ ශී‍්‍ර ලංකාවේත් ඕනෑ තරම් ඉන්නවා. අපේ එවැනි කාන්තාවන්ටත් පොදුවේ ලෝක කාන්තාවන්ටත් උපහාරයක් හැටියට මේ කතාව පළ කරන්න අප කල්පනා කළා.

ඇගේ ජූලී ඞීන්. ඇයට දැන ගන්න ලැබුණා, ඇගේ කුඩා දියණියට ඒ වන විට ඇය ඇතුළත්ව සිටි පොදු පාසලේ දී ළමුන්ගෙන් කරදර සිදුවෙන බව. ඇය දියණියට පොරොන්දු වුණා, ඒ මාර්ගයේ ම පහළ පිහිටි ගෙවන පාසලට කෙසේ හෝ ඇයව ඇතුළත් කරන බවට. ඒ සඳහා වසරකට පවුම් 12,000ක් පාසල් ගාස්තු වශයෙන් ගෙවන්න ඇයට හැකියාවක් තිබුණේ නෑ, ඇය රැකියාවක් නො කළ නිසා.

ඇය සිය කාලය මවක වශයෙන් දරුවා වෙනුවෙන් කැප කරලයි, තිබුණේ. ඒ නිසා ගෙදර ඉඳන් ඒ වියදම සොයා ගන්න ඇයට කරන්න පුළුවන් දේවල් ගැන ඇය කල්පනා කළා. ඇය කුස්සියේ මේසයේ වාඩි වී මුදල් ඉපැයිය හැකි ක‍්‍රම දහයක් ලියන්න පටන් ගත්තා.

 
සිය කුඩා දියණිය අලූත් පාසලකට යවන්නට වූ පොරොන්දුව ඉටු කරන්නට උරමලූ නිපදවන්නට තීරණය කළ ජුලී ඞීන්.

ලැයිස්තුවේ අඩක් ලියා ගෙන යද්දී ඇය අතින් ලියැවුණා, ‘සාම්ප‍්‍රදායික සමින් කළ උරමලූ (සැචල්) විකිණිම’ යනුවෙන් ලියැවුණා. එක්වරම ඇයට හිතට ආවා, ඒක පහසුවෙන් ආරම්භ කළ හැකි දෙයක් හැටියට. එහෙම තමයි, ඇය මීට වසර හතරකට පෙර ඇගේ කේම්බි‍්‍රජ් සැචල් සමාගම පටන් ගත්තේ. අද එය වසරකට පවුම් මිලියන 12ක ආදායමක් ලබන ව්‍යාපාරයක්.

කේම්බි‍්‍රජ් සැචල් සමාගම ඇය ආරම්භ කළේ පවුම් 600ක පිරිවැයකින්. අද එහි නිෂ්පාදන භාවිත කරන අය ලොව පුරා ඉන්නවා. ජනපි‍්‍රය ගායිකාවන්, මෝස්තර නිරූපිකාවන්, නිවේදිකාවන් රැසක් මේ උරමලූ පාවිච්චි කරනවා.

පසුගිදා ඇය ‘මෝස්තර ලෝකයේ බලපෑම් කළ හැකි 100 දෙනා’ අතරෙහිලා සලකා සම්මාන පුදනු ලැබුවා. ඒ අවස්ථාවේ ඇය කීවේ, ”මටත් පුදුමයි, මං ආපු ගමන ගැන.” කියායි.

ඇය තමන්ගේ ම සාප්පුවක් පසුගිය සතියේ විවෘත කළා. තමන්ගේ දියණියගේ පාසල් ගාස්තු ගෙවන්නට මුදලක් සොයන්න පටන් ගත්තු සමාගමක් මිලියන ගණන් උපයන සමාගමක් ඇයට පමණක් නොවෙයි, අපටත් අදහන්න බැරි දෙයක්.

 
වසර හතරකට පෙර පවුම් 600කින් පටන් ගත් මේ කේම්බි‍්‍රජ් සැචල් කොම්පැනිය ගිය සතියේ තමන්ගේ අලූත් වෙළෙඳ සලක් විවෘත කළා.

 
මේ ජුලීගේ උරමලූ පි‍්‍රය කරන අය අද විලාසිතා ලෝකයේ බහුලයි. මේ ජනපි‍්‍රය තරුණ නිළියක් වූ එලී ෆෑනින් හා ගුවන් විදුලි නිවේදිකාවක වූ ෆියර්නි කොට්න් ඒ විලාසිතාවෙන් හැඩ වූ අවස්ථාවක්.

2008 දී ඞීන් හා ඇගේ සැමියා වූ කෙවින් බලවත් සිත්තැවුලකට පත් වුණා. ඇගේ දියණියට ඇය ඉගෙන ගත් පාසලේ දඟකාර ශිෂ්‍යාවන් පිරිසක් විසින් බිම පෙරළා ගෙන පහර දී ඇති බව දැන ගත් වේලේ.

”එතකොට එමලිට වයස අටයි. කෙල්ලෝ කට්ටියක් ඇය බිම පෙරළා ගෙන දරුණු විධියට වද දීලා තියෙනවා. එදා මම ඇයව සනසමින් පොරොන්දු වුණා, ‘ලබන අවුරුද්දේ මං ඔයාව ඔය ඉස්කෝලෙට යවන්නෙ නෑ. අපි ඔයාව අලූත් ඉස්කෝලකෙට යවනවා’ කියලා. එක හින්ද තමයි, මේ කටයුත්ත මට පටන් ගන්න හිතුනෙ.” ජුලි ඞීන් කියනවා.

දැන් එමලිට 13යි. එයාට මැක්ස් කියල මල්ලියෙකුත් ඉන්නවා. එයාට අවුරුදු 11යි. ඔවුන් දෙන්නා ම ඒ කාලේ හැරී පොටර් කියවමින් හිටියෙ. ඉතින් ඔවුන් අම්මට කියලා තියෙනවා, හැරී පොටර් එකේ අය පාවිච්චි කරන මෝස්තරයේ (සැචල්) උර මලූ හදන්න කියලා. සුළුවෙන් පටන් ගත් මේ ව්‍යාපාරයට මුලින් ම තද දුඹුරු පැහැති උර මලූ අටක් හදල දෙන්න කියලයි, ඇය සම් හා සම්භාණ්ඩ සපයන කෙනෙකුට ඇණවුමක් දුන්නේ.

ආරම්භයේ දී ඉතා හෙමින් තමයි, අළෙවිය පටන් ගත්තේ. සතියකට එකක් තමයි මුලදි වික්කේ. ඇය කුඩා අත් පති‍්‍රකාවක් මුද්‍රණය කරලා වෛද්‍යවරුන්ගේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල, පාසල්වල පිළිගැනීමේ කවුන්ටරවල තිබ්බා. තමන්ගේම වෙබ් අඩවියක්, සැලසුම් කරන්න ඉගෙන ගත්තා.

”මං මේ උරමලූ තනන්න තෝරා ගත්තේ ළමයකුව සිටිය දී මං එකක් ඉතා ආසාවෙන් පාවිච්චි කළා. පාසල් යන කාලෙදි අනික් ළමයින්ගෙ උරමලූ මාස කීපයකින් වැරහැලි වෙලා යද්දි මම එක ම උරමල්ල ඉස්කෝලෙ ගිය මුලූ කාලෙ පුරා ම පාවිච්චි කළා.

 
ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් වූ ඇලෙක්සා චුන්, ජුලී ඞීන්ගේ උරමලූ මෝස්තරවලට කැමතියි. ඇඳුම්වලට ගැළපෙන පාටින් උරමලූ පලඳින ඇය තමන් සතු එකතුවෙන් නිල් වර්ණය පැලඳි අවස්ථාවක්.

 
ඇගේ උරමලූ විලාසිතා හරිම ජනපි‍්‍රයයි. දැන් දිනකට 900 තනනවා. ඒත් ඉල්ලූමට ඒ සැපයුම ප‍්‍රමාණවත් නැහැ.

කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියකු වූ ඇය විවාහයෙන් පසු දරුවන් බලා ගෙන හිටියා, රැකියාවකට ගියේ නෑ. ඇගේ සැමියා ඉංජිනේරු උපදේශක සමාගමක හවුල්කරුවකු ලෙස වැඩ කළ නිසා ඒ ආදායමෙන් තමයි, ඔවුන් ජීවත් වුණේ.

හදිසියේ ම දුවට උගන්වන්න සල්ලි හොයන්න ඕනෑ වුණාම පොත්පත් කියෙව්වා, ව්‍යාපාරයක් පවත්වා ගෙන යන හැටි ඉගෙන ගන්න. ඇය කුස්සියේ වැඩ කරන ගමන් අලූත් වැඬේට අත ගැහුවා.

වැඬේ පටන් ගත්තාට පස්සෙ ඇය තේරුම් ගත්තා, උරමලූ මිලදී ගන්නෙ අම්මලා නොමෙයි, විලාසිතාවලට කැමති අය බව. ඇය ඒ නිසා පාට ගැළපීම ගැන අත්හදා බැලීම් කළා. මුලින් ම රතු හා කොළ ඇගේ උරමලූ ගොන්නට එකතු කළා.

වසරක් යන්නට මත්තතෙන් ඇගේ උරමලූ සුපිරි වෙළෙඳ සල්වල අලෙවි කරන්න පටන් ගත්තා. ඒවා එකක් පවුම් 80 සිට පවුම් 130 දක්වා මිලකට අලෙවි වුණා. දැන් මේ ව්‍යාපාරයේ සේවකයන් 84ක් සේවය කරනවා. ඇය ලීසෙස්ටර්ෂයර්වල කර්මාන්තශාලාවකුත් ආරම්භ කර තියෙනවා. දැන් දිනකට උරමලූ 900ක් නිපදවනවා. ඒත් ඉල්ලූම ඊට හුඟක් වැඩියි.

‘ඔබ මෝස්තරවල (විලාසිතාවලට) පොඩි කාලෙ ඉඳන්ම ආසද’ කියල ඇහුවම ඬේලිමේල් පුවත් පතට ඇය කියා ඇත්තේ, ‘නෑ. නෑ. මගේ 80 දශකයේ පින්තූර දැක්කොත් ඔබට පෙනේවි මට විලාසිතා ගැන හැඟීමක් නොතිබුණු වග.’ ඇය කියනවා.

 
ඇය මුලින් ම උරමලූ හදන්න තීරණය කළාම ඇගේ දරුවන් දෙදෙනා ඉල්ලීමක් කළා හැරී පොටර් පොතේ චරිත පලඳින මෝස්තරයේ උරමලූ තනන්නය කියා. ඇය ඊට අවනත වුණා.

ඇය කියන විදියට ඇය මේ සාර්ථකත්වයෙන් ලද එකම සතුට දියණියට වූ පොරොන්දුව ඉටු කරන්න ලැබීමයි. ”මගේ දුව සතුටින් ඉගෙන ගන්නවා. මගේ ජීවිතයේ සතුටුම මොහොත ඇය අලූත් ඉස්කෝලෙට යවන්න පාසල් නිල ඇඳුම් ගන්න සාප්පු ගිය මොහොතයි. ඒ මං මේ ව්‍යාපාරය පටන් අරන් සති කීපයකට පස්සෙ. ඒක ඉතාම හැඟුම්බර මොහොතක්.” ඇය කියනවා.

Post a Comment

0 Comments