HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ටෙලිෆෝනයේ කෙටි පණිවුඩ කෙළින්ම ඔබේ ඇහැටම ලබා ගන්න ක‍්‍රමයක්! පණිවුඩ යැවීමේ ලොකු පෙරළිය ළඟ එයි!

කෙටි පණිවුඩ යවන්න පටන් අරන් දැන් හරියටම වසර විස්සක්. පසුගියදා ඒ පිළිබඳ සැමරුමක්ද සිදු වුණා. ඊට සමගාමීව කෙටි පණිවුඩ කෙළින්ම ඔබේ ඇහැටම දෙන්න හැකි තාක්ෂණයක් දැන් ඇවිත්!

මේක විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක එන කතාවක් නෙවෙයි. ඔබට ඔබේ කෙටි පණිවුඩ ඇස තුළට ම ගෙනත් කියවන්න පුළුවන්. ‘එසැණ පණිවුඩ’ යන්නෙහි නියම අරුත උදා වී ඇත්තේ දැනුයි.

විද්‍යාඥයන් සංවර්ධනය කර ඇති මේ නව තාක්ෂණයෙන් කෙටි පණිවුඩ ඔබේ ජංගම දුරකතනයෙන් කෙළින් ම ඔබේ ඇසේ රඳවන සිවි කාචයකට යැවිය හැකියි.

මෙම ක‍්‍රමයෙන් වක‍්‍ර හැඩයට සැකසූ ද්‍රව ස්ඵටික දියෝඩයක් මගින් රූප පෙනෙන්ට සලස්වනවා. මෙහි තාක්ෂණික නිර්මාණයේ ගෞරවය හිමි වන්නේ බෙල්ජියානු පර්යේෂකයන් පිරිසකටයි. ඔවුන් බෙල්ජියමේ ඝෙන්ට් (Ghent) විශ්ව විද්‍යාලයට සම්බන්ධ පිරිසක්. රෑහැන් රහිත එනම් වයර්ලස් තාක්ෂණය යොදා ගෙනයි, ඔවුන් මේ රූප සිවි කාචයට ප‍්‍රක්ෂේපණය කරන්නේ.

 
මේ නව නිපැයුමට අයත් සිවි කාචය. ඒ මතට ඩොලර් සංකේතය ප‍්‍රක්ෂේපණය කර ඇති අයුරු. මේ ක‍්‍රමයට කෙටි පණිවුඩ හා රූප එහි පතිත කළ හැකියි.

සිවි කාචය කි‍්‍රයා කරන ආකාරය දැක්වීමට විද්‍යාඥයන් ඩොලර් සංකේතයක් යොදා ගත්තා. එහි දුරස්ථව සිවි කාචය මතට රෑ හැන් රහිතව ඉලෙක්ට්‍රොනික ක‍්‍රමයෙන් යැව්වා.

මෙය පික්සල් යෙදූ සිවි කාච ක‍්‍රමයක්. අපේ ටීවී තිරයේ ඇති ක‍්‍රමයට ටිකක් සමානයි. ටීවී තිරය අපේ සන්නිවේදන ක‍්‍රමය විප්ලවයකට භාජනය කළා වාගේ මේ ක‍්‍රමය තුළිනුත් ලොකු පෙරළියක් වෙනවා සිකුරුයි.

කෙටි පණිවුඩ යැවීමේ දී ඒවා ඉලෙක්ට්‍රොනිකව ‘වයර්ලස්’ ක‍්‍රමයට යවන බව පෙන්වන්නට ඝෙන්ට් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු ඒ පිළිබිඹුව අතරින් ඇඟිලි එහාට මෙහාට ගෙන ගිය අයුරු.

මේ ගැන ඒ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හර්බට් ඞී ස්මෙට් ලන්ඩනයේ ‘ඬේලි ටැලිග‍්‍රාෆ්’ පුවත්පතට මෙසේ කියා තිබෙනවා. ”අපි දැන් මූලික තාක්ෂණය සාර්ථකව නිම කර මෙය කළ හැකි බව තහවුරු කර තියෙනවා. දැන් අපට මෙය භාවිත වන මෙවලම්වලට යොදා ගැනීම සඳහා අත්හදා බැලීම් කරන්න තියෙනවා. ඉදිරි වසරවල දී මෙය වෙළඳ පොළෙන් ඔබටත් ලබා ගත හැකි වේවි.”

මේ නව නිපැයුම් තාක්ෂණයට අනුව ඇසට දමන සිවි කාචය පුරාම තිරයක් ලෙස භාවිත කරමින් රූප හා අකුරු ඒ මත පතිත කළ හැකියි.

 


ඒ අතර මේ පර්යේෂකයන් මෙම සිවි කාච ඇසට ඇතුළු වන ආලෝකය අඩු වැඩි කළ හැකි ‘අව් කන්නාඩි’ ලෙස යොදා ගැනීමේ හැකියාව ගැනත් අත්හදා බැලීම් කරනවා.

මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ ප‍්‍රධානියා වූ ජෙල් ඞී ස්මෙට් කියන්නේ, ”මේ විද්‍යා ප‍්‍රබන්ධයක් නෙවෙයි. ඒත් මේ සිවි කාච කවදාවත් සිනමා තිරයේ තැනට පත් වෙන්නේ නැහැ.” කියායි.

”ඒත් වෙනත් විශේෂ භාවිතයන්ට මේ ක‍්‍රමය යොදා ගත හැකියි. අපේ ස්මාට් ෆෝන්වලින් කෙළින් ම අපේ ඇසට යන මග පෙන්වා දීමට අවශ්‍ය රූප ලබා දීමටත්, කෙටි පණිවුඩ ලබා දීමටත් පුළුවන්.” ඔහු වැඩිදුරටත් කියනවා.

 
වැඩි ඈතක නොවෙයි: ළඟදීම කෙටි පණිවුඩ ලබා ගත හැකි මේ සිවි කාච වසර දෙකතුනකින් ඔබටත් දැක ගත හැකි වේවි.





Post a Comment

0 Comments