HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නොවැරදීම උඩ පන්දුවක් අල්ලන්න හැකි රොබෝවෙක්! ලංකා කණ්ඩායමේ හොඳම පන්දු රකින්නාටත් වෙලාවකට අත ඇරෙනවා! ඒත් මෙයාට වරදින්නේ නෑ!

මෙහි එන විස්තර හා වීඩියෝ දර්ශන අපට ලැබෙන්නේ අනාගතයේ දී රොබෝලාගෙන් ඇති විය හැකි අවදානම ගැන සොයන්න පටන් ගත් විද්‍යාඥ පිරිසකගෙන්. ඔවුන් ඒ සඳහා විශේෂ අධ්‍යයන කවයක් පවා එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ ආරම්භ කර තියෙනවා.

ටර්මිනේටර් වැනි චිත‍්‍රපට දුටුවා නම් රෝබෝවරුන් තනිව තීරණ ගෙන අනාගතයේ අප සමග සටනට ඒවි යැයි, එහෙම නැත්නම් මිනිසාට වෙනත් විදියක තර්ජනයක් එල්ල කරතැයි බියක් ඔබ තුළ වුනත් ඇති වූවාට සැකයක් නැහැ. ඒ බිය දැන් විද්‍යාඥයන් තුළත් ඇති වෙලා.

 
මේ රොබෝට සිය මිනිස් ප‍්‍රතිවාදියා සමග පන්දු කීපයක් හසුරුවමින් කි‍්‍රයා කළ හැකියි.

(සාප්පුවල විලාසිතාවියන් සේ සිටිමින් සාප්පු යන ඔබ ගැන ඔත්තු බලන රොබෝලා ගැන කතාවක් පසුගිය නොවැම්බර් 28 වැනිදා මල් කැකුළු තුළින් ගෙනාවා ඔබට මතක ඇති. රොබෝලාගේ මේ අලූත් තත්වය අවදානමක් කරා යන බව එහි දී අප සාකච්ඡා කළා.)

මෙතෙක් අපට තිබුණේ පිතිකරුට හෝ පන්දු රකින්නාට හෝ පුහුණු වීමට පන්දු යැවිය හැකි යන්ත‍්‍ර විතරයි. ඒත් දැන් තනා තියෙනවා, තමා වෙත එවන පන්දුවක් අල්ලන්න හැකියාවක් ඇති රොබෝවෙක්.

මේ තමයි ඩිස්නි රොබෝ (Disney robot). එයාට පුළුවන් එයා වෙතට එවන ඕනෑම උඩ පන්දුවක් රැක ගන්න. එයා ඇස්වලින් පන්දුව දෙස බලා හරියට නියම තැනට අත දමා ඒ පන්දුව රැක ගන්න දක්ෂයි. යම්හෙයින් ඔබ එයාට අල්ල ගන්න බැරි විදියට දැම්මොත් ඒ බැරිවීම ගැන නොසතුට පළ කරන්නත් එයාට පුළුවන්.

 
පන්දුව පේන මානයකට දැම්මොත් මේ රොබෝට එතැනට ගොස් එය ඇල්ලිය හැකියි.

මෙය සංවර්ධනය කළ අය රොබෝ තුළ විශේෂ කැමරා පද්ධතියක් සවි කරලා තියෙනවා, පන්දු යන මග නිරීක්ෂණය කළ හැකි. ඇල්ගොරිතම්වලින් ඒ පන්දුව ගලා යන මග ගණනය කරන්නට ඒ සඳහා මෘදුකාංගයක් ද සකසා තියෙනවා.

අල්ලා ගන්නට බැරි විදියට ඈතට දැම්මොත් රොබෝ වටපිට බලා පන්දුව වැටුණු දෙස බලනවා. බලලා උරහිස ගස්සලා හිස සලා ඊට ප‍්‍රතිචාර දක්වනවා.

ඇත්තටම නම් මේ රොබෝ සැලසුම් කරල තියෙන්නෙ උද්‍යානවලට එන අය සමග සෙල්ලම් කරන්නයි.

ඒත් මෙතැනින් නොනැවතී මේ තත්වය තවදුරටත් සංවර්ධනය වුවහොත් මිනිසාට විශාල තර්ජනයක් එල්ල වන්නට ඉඩ තියෙනවා. ඒ නිසා දැන් විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තියෙනවා, ලොව පුරා තැනෙන කෘති‍්‍රම බුද්ධිමය යන්ත‍්‍ර ගැන, විශේෂයෙන්ම ස්වයංතීරණ ගත හැකි වන පරිදි සකසන රොබෝලා ගැන.

මේ පිළිබඳව අධ්‍යයනය කරන්න අලූතින්ම බිහි වී ඇත්තේ එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ පිහිටුවා ඇති සාංදෘෂ්ටික අවදානම පිළිබඳ අධ්‍යයන අංශයයි (CSER-The Centre for the Study of Existential Risk). එහි නායකත්වය දරන්නේ බර්ට්රන්ඞ් රසල් වැනි ලෝකප‍්‍රකට දර්ශන වාදියෙක්. ඔහු නමින් හියු ප‍්‍රයිස් (Huw Price). මෙම විශේෂ අධ්‍යයන කවය කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ මනෝවෛද්‍ය අංශයට අනුබද්ධව පිහිටුවා ඇත්තේ ඔහු ඇතුළු තවත් තිදෙනක් එකතුවයි.

මෙම ආයතනය පිහිටුවමින් මහාචාර්ය ප‍්‍රයිස් පවසන්නේ, ‘අධි බුද්ධියෙන් යුත් යන්ත‍්‍ර එහෙමත් නැත්නම් සාමාන්‍ය බුද්ධිය ඇති කෘති‍්‍රම යන්ත‍්‍ර දැන් ඉතාමත් බරපතල තත්වයන් ඇති කරන තැනට ළංවෙමින් පවතිනවා.’ කියායි.

 
පන්දු යැවීමේ දී රොබෝට මිනිසා සමග කරට කර මට්ටටම වාගේ කි‍්‍රයා කළ හැකියි.

 
රොබෝට පන්දුවේ ගලා යාම පරිගණකයෙන් ගණනය කරමින් ඒ අනුව කි‍්‍රයා කළ හැකියි.

ඔහු කියන්නේ, ”සොබාදහම අපෙන් අපේක්ෂා කරන්නේ නෑ මේ වගේ දෙයක් නිර්මාණය කරා විය කියා. ඒ නිසා සාමාන්‍ය බුද්ධිය ඇති කෘති‍්‍රම යන්ත‍්‍ර සමාජයට එක්කිරීම නොකළයුතු දෙයක්.” කියායි.

”අපි ගැඹුරින් හිතන්න ඕනෑ, මේ වගේ දෙයක් බිහි කිරීමෙන් පසුව ඇති විය හැකි ප‍්‍රතිවිපාක ගැන. අපට පාලනය කළ නොහැකි, නොසිතූ දේ සිදුවිය හැකියි. ඒවා බොහෝ විනාශකාරී විය හැකියි.” ඔහු තව දුරටත් කියනවා.

”මං කියන්නේ නෑ. අපට ස්ථිරවම අනාවැකි කියන්න බැහැ, මේ වැනි දේ සිදු විය හැකියි කියලා. අද ලෝකයේ ඉන්නා කිසිවකුටත් මෙහි ඵල විපාක ගැන අනාවැකි කියන්න බැහැ. ඒකම තමයි, මෙතැන තියෙන ප‍්‍රශ්නය.

”විවිධ පැතිවලින් මේ අනතුර මතු විය හැකි නිසා තාක්ෂණිකව ඇති විය හැකි විපත්තිදායක දේවලින් සිදු විය හැකි අනතුරු ගැන වඩා හොඳ අවබෝධයක් අප හැමෝම ලබන්න ඕනෑ. ඒ නිසයි අප මෙවැනි අංශයක් ආරම්භ කළේ.

”මේ විදියට පන්දු යවන මැෂින් සිතන්න පුළුවන් විදියට නිපදවනවා කියන කොටම අපි ඉදිරියේදී ඇති විය හැකි දේ ගැන වද වෙන්න පටන් ගන්න ඕනෑ.” ඔහු වැඩි දුරටත් කියනවා.

Post a Comment

0 Comments