HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබ යමක් කිරීමේදී ‘ඔබේ ඉව’ කෙරෙහි විශ්වාසය තබන්න. එවැනි අවස්ථා සියයට 90ක් හරියනවා! අලූත් ම විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළි වෙයි!

අපේ සමාජයේ සමහර අයගේ විශ්වාසයක් තියෙනවා, ‘මට හිතට එක පාරටම එන දේ කරන කොට වරදිනවා අඩුයි.’ එහෙමත් නැත්නම් ‘දෙගිඩියාවක් නැතිව හිතට එන දේ කළාම හරියටම හරි.’ ‘මං අත ගහන හැම දෙයක් ම හරි යනවා. මගේ ඉෂ්ඨ දේවතාවා මට පිහිට වෙනවා.’ සමහරු කියන අවස්ථා තියෙනවා.

මේ හැම එකකින් ම අපට කියන්නේ අපේ ‘ඉව’ නැත්නම් සහජාශය ගැනයි කියලයි මට හිතෙන්නෙ. හරි දේ තෝරා ගැනීමේ ‘ඉව’ නිසා තමන්ට හරි ගිය බව කියන අය මට කොතෙකුත් හමුවෙලා තියෙනවා. මටත් මගේ ජීවිතය තුළ එවැනි අත්දැකීම් රැසක් තියෙනවා.

මිනිසා තීරණ ගැනීමේ දී ‘ඉව’ එහෙමත් නැත්නම් සහජාශය, සහජ බුද්ධිය හෝ ධී ශක්තිය ආදියෙන් කොයිතරම් දුරට ප‍්‍රයෝජනයට ගන්නවා යන්න ගැන අධ්‍යයනය කිරීම සියවස් ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් විසින් කරන දෙයක්.

මේ පිළිබඳව කළ නව අධ්‍යයනයකින් හෙළිවී තියෙන්නේ සහජාශය යොදා ගෙන කරන තේරීම්වල දී විකල්ප දෙකක් අතරින් වැඩි දෙනකුට සියයට 90ක් නිවැරදිව එය කළ හැකි බවයි.

මෙම අධ්‍යයනය කර ඇත්තේ ඊශ‍්‍රායලයේ ටෙල්අවිව් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය මේරියස් අෂර් (Marius Usher) ප‍්‍රමුඛ පර්යේෂකයන් පිරිසක් විසින්. සහජාශය ’ඉව’ තවමත් විස්මයජනක ලෙස බලවත් හා නිවැරදි මග පෙන්වන මෙවලමක් ලෙස භාවිත කළ හැකි බවයි, ඔවුන් කියන්නේ.

 
සිතට දිරි අරගෙන එක්වරම තමන් සිතට එන දේ කිරීම යම් කි‍්‍රයාවකදී නිවැරදි ප‍්‍රතිඵල ගෙන ආ හැකි හොඳම ක‍්‍රමය බව ඔවුන් විසින් හඳුනා ගෙන තියෙනවා.

අනාගතය සඳහා ගනු ලබන පියවරවලදී, යම් යම් දේවල ඇති වාසි අවාසි විමසීමෙන් තීරණ ගැනීමේදී පවා මේ සහජාශය කිසියම් ප‍්‍රමාණයක සේවාවක් ඉටු කරන බව මහාචාර්ය මේරියස් අෂර්ගේ අදහසයි.

ඔහු කියන්නේ, ”මෙම අධ්‍යයනයෙන් මිනිසා තුළ ඇති අනුකලන අගය සෙවීමේ සුවිශේෂ හැකියාවක් ඉවෙන් මෙන් පවතින බවයි. එනම් සාමාන්‍ය අගය විමසීමේ දී මිනිස් මොළය තුළ සහජ හැකියාව ඇති බවයි.

”මෙය සමහර විට සාමාන්‍ය තීරණ ගැනීමේ කි‍්‍රයාවලියේ ඇතුළතින් සිදු වන කි‍්‍රයාවලියක් විය හැකියි.” ඔහු කියනවා.
ඒ අනුව මේ කි‍්‍රයාවලියේ හරයට සමීප වීම පිණිස මහාචාර්යවරයා පරීක්ෂණයක් සැලසුම් කළා, ඊට සහභාගිවන්නන්ගේ සාමාන්‍ය තීරණ ගැනීමේ හැකියාව විමසා බැලිය හැකි.

මේ පරීක්ෂණයට සහභාගි වූවන්ට පරිගණක තිරයක් ඔස්සේ ඉතා ඉක්මනින් මාරු වන අංක යුගල කීපයක් පෙන්වනවා. තිරයේ වම් පැත්තේ වැටෙන අංක සියල්ලමත්, තිරයේ දකුණු පැත්තේ වැටෙන අංක සියල්ලමත් කිසියම් කාණ්ඩයකට අයිති ඒවා ලෙස සැලකෙනවා. මේ සෑම කාණ්ඩයකින්ම කියැවුණේ කොටස් වෙළඳ පොළෙන් ලැබුණු ප‍්‍රතිලාභයි.

සභාගිවූවන්ට කරන්නට තිබුණේ ඒවා අතරින් වැඩිම ප‍්‍රතිලාභ ලැබූ කාණ්ඩ අංක යුගලය තේරීමයි.

මේ අංක ඉතා ඉක්මනින් මාරු වුණු නිසා, තත්පරයකට අංක යුගල දෙකේ සිට හතර දක්වා ගණනක් ක්ෂණිකව මාරු වුණු නිසා, සහභාගිවූවන්ට ඒ අංක මතකයේ තබා ගෙන ගණනය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.

මේ නිසා මෙහිදී වැඩිම සාමාන්‍යය ඇති අංක යුගල තේරීම සඳහා සභාගිවූවන්ට ඉවෙන් කරන ගණනය කිරීමක පිහිට පතන්නට වෙනවා.

මේ පරීක්ෂණයේ දී වැඩි දත්ත ප‍්‍රමාණයක් ලබා දුන් විට ප‍්‍රතිඵලවල නිවැරදිතාව වැඩි වුණා.

අංක යුගල හයක් දැක්වූ විට ඔවුන්ගේ නිවැරදි වීමේ වාර ගණන සියයට 65ක් වුණා.

අංක යුගල 24ක් දැක් වූ විට මේ නිවැරදිතාව සියයට 90ක් වුණා.

”ඉවෙන් තීරණ ගැනීමේ දී මිනිස් මොළයට තොරතුරු කොටස් විශාල ප‍්‍රමාණයක් එකවර සලකා බලා සමස්ත අගයන් පිළිබඳව තීරණයක් ගැනීමේ හැකියාව තියෙනවා.” මහාචාර්ය අෂර් කියනවා.

”මේ පරීක්ෂණයේ දී අපට පෙනී ගියා වඩා හොඳ තත්වයේ තීරණ ගැනීමේ දී ක්ෂණික නිගමන කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය හැකි බව.” මහාචාර්ය අෂර් අවසාන වශයෙන් සඳහන් කළා.

මේ අධ්‍යයනයේ ප‍්‍රතිඵල ඇමරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ ජර්නලයේ ළඟදීම පළවනු ඇති.


Post a Comment

1 Comments

  1. හ්ම්ම්ම් මටත් ඔය දේ තියෙනවා දෙගිඩියාවෙන් කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ.

    ReplyDelete