HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අලූත්ම ඇමසන් ෆයර් ටැබ්ලට් (Fire tablets) දෙකක් සමග අඳුරේ වුනත් කියවිය හැකි ‘කින්ඞ්ල්’ (Kindle) ඉ-පොතක්!

‘ටීඑක්ස්ආර් බීගල්’ (txtr beagle) යන නමින් ජර්මානු සමාගමක් හඳුන්වා දුන් මිලෙන් අඩුම අලූත් ඉ-පොත ගැන අපි ‘මල්කැකුළු’ තුළින් කීවා ඔබට මතක ඇති. ඒවා අඩුවට දෙන්නේ වෙළඳ උපක‍්‍රමයක් යොදලා, ඒ කියන්නේ ටෙලිෆෝන් සමාගමක් එක්ක එකතුවෙලා, කියා ‘මල්කැකුළු’ පාඨකයෙක් කමෙන්ටුවකින් පෙන්නා දුන්නා. ඒක ඇත්ත!

ඒ කොහොම වුනත් ඒ ඉ-පොතෙන් පුළුවන් පොතක් බාගෙන කියවන්න විතරයි. අන්තර්ජාලයේ යන අනෙක් දේ බාගන්න ඒ මගින් පරිහරණය කරන්න බැහැ.

අද අපි කියන්න යන්නේ අන්තර්ජාලයෙන් බාගෙන අවශ්‍ය වෙලාවට පොත් කියවන්න විතරක් නෙවෙයි, චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය නරඹන්න, සංගීත වැඩසටහන් රස විඳින්න, අන්තර්ජාලයේ විකාශය වන ඕනෑම දෙයක් බාගෙන නැවත පරිහරණය කරන්න පුළුවන් විදියෙ මෙවලම් කීපයක් ගැනයි.

 
ඇමසන්ගේ අලූත්ම ‘කින්ඞ්ල් ෆයර් එච්ඞී’ ටැබ්ලටය අඟල් 8.9ක තිරයකින් යුක්තයි.

ඇමසන් ආයතනය විසින් හඳුන්වා දෙන අලූත්ම ෆයර් ටැබ්ලට් දෙක හා රාති‍්‍රයේ පහනක් නැතිව කියවිය හැකි සුදු තිරය සහිත ‘කින්ඞ්ල්’ පොත මේ අතින් බිහි වූ සුවිශේෂ නිෂ්පාදනයි.

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හී සැන්ටා මොනිකාවල පැවති විශේෂ උත්සවයකදී ඇමසන් ආරම්භකයා මෙන්ම එහි ප‍්‍රධානියා වූ ජෙෆ් බෙසෝස් (Jeff Bezos) කීවේ, අලූත් අලූත් දේ තනන්නට, ලොවට හඳුන්වන්නට ඔවුන් ඉතාමත් කැමති බවයි.

ඇපල් නිෂ්පාදන හා තරග කරන්නට හැකි වන ආකාරයටයි, මේ ෆයර් ටැබ්ලට් සකස් කර ඇති බව ඔහු පවනවා. එහි අඩුම මිල සහිත මාදිලිය වූ අඟල් 7 තිරය සහිත ටැබ්ලටය ‘අයිපෑඞ් මිනි’ නම් ඇපල් නිෂ්පාදනය හා සමානයි. එහිම අලූත් ‘ෆයර් එච්ඞී’ ටැබ්ලටය අඟල් 8.9 තිරයකින් යුක්තයි. මෙය වැඩිම මිලක් ඇති නිෂ්පාදනයයි. මෙය 4ජී මාදිලිය ඇමරිකාවේ අලෙවි කරන්නේ ඩොලර් 499කටයි. එහි වයි-ෆයි මාදිලිය ඩොලර් 299ක් වෙනවා.

තාම මේ නිෂ්පාදන ලොවපුරා අලෙවියට යවා නැහැ. අන්තර්ජාලය ඔස්සේ සිල්ලරට භාණ්ඩ අළෙවි කරන විශාලම සමාගම ඇමසන් වන අතර ජංගම මෙවලම් අලෙවියට පිවිස ඇත්තේ ඇපල්, ගූගල් ඇතුළු අනෙකුත් තාක්ෂණික නිෂ්පාදන ආයතනවලට තරගයක් දීමේ බලාපොරොත්තුවෙනුයි.

මේ උපාංගවලින් ලොකු ලාබයක් ලබන්න ඇමසන් ආයතනය බලාපොරොත්තු වෙන්නේ නෑ. ඔවුන් මේ උපකරණ අඩු මිලට වැඩි දෙනකු අතරට යැවීමෙන් අන්තර්ජාලයේ ඔවුන් අලෙවි කරන ඉ-පොත්, වීඩියෝ, කී‍්‍රඩා, චිත‍්‍රපට හා සංගීත වැඩ සටහන්, ගීත ආදියෙන් වැඩි ආදායමක් උපයන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

 
ඇමසන් ආරම්භකයා හා ප‍්‍රධාන විධායක නිලධාරියා වූ ජෙෆ් බෙසෝස් අලූත් කින්ඞ්ල් ෆයර් එච්ඞී හඳුන්වා දෙමින්....

අන්තර්ජාලයෙන් බාගත හැකි ඉ-පොත් කියවන්න ඔවුන් ඉදිරිපත් කරන ‘පේපර්වයිට්’ ඉ-කියවනය අඳුරේ ඉන්නා විටත් කියවන්න පුළුවන් අලෝකමත් කළ තිරයක් සහිතයි. කුඩා බැටරි දෙකකින් වැඩ කරන මේ පොතට යොදන බැටරි දිගු කලක් පාවිච්චි කළහැකියි.

මෙවැනි දෙයක් ලොව කලින් නොතිබුණු නිසා මෙය නව නිපැයුමක් ලෙස එළිදැක්වීමට වසර හතරක් තිස්සේ අත්හදා බැලීම් කරන්න සිදු වුණා.

ඇමසන් ඉදිරිපත් කරන නව මාදිලි පෙළ
  • කින්ඞ්ල් ඉ- කියවනය - අඩු කළ නව මිල ඩොලර් 69
  • කින්ඞ්ල් පේපර්වයිට් ඉ- කියවනය, ඩොලර් 119: වයි-ෆයි හා ඩොලර් 179කට 3ජී මාදිලි සමග රාති‍්‍රයට ආලෝකවත් කළ හැකි තිරය.
  • කින්ඞ්ල් ෆයර් ටැබ්ලටය (පටලිකාව), ඩොලර් 159: අඟල් 7 තිරය, සියයට 40ක් වේගවත් ප්‍රොසෙසරය, දෙගුණයක් රැම් සමග දිගු බැටරි කාලයක්.
  • ෆයර් එච්ඞී ටැබ්ලටය (පටලිකාව), 4ජී- මාදිලිය, අඟල් 8.9 තිරය, ඩොලර් 499, වයි-ෆයි මාදිලිය ඩොලර් 299

කින්ඞ්ල් ෆයර් එච්ඞී ටැබ්ලටයේ ස්ටීරියෝ ස්පීකර් පවා ඇති අතර චිත‍්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් නරඹන විට එහි ඇති ‘එක්ස්-රේ’ නම් උපලක්ෂණයක් යොදා ස්පර්ශ කිරීමෙන් නළුවාගේ නම පවා තිරයේ දැක ගත හැකියි. එක් අයකුගේ කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට කීප දෙනකුට සෙටින්ස් යොදා ගත හැකියි.

ඇමසන් ප‍්‍රධානී ජෙෆ් බෙසෝස් කැලිෆෝනියාවේ සැන්ටා මොනිකාහිදී 2012 සැප් 6 වැනිදා අලූත්ම ‘කින්ඞ්ල් පෙපර් වයිට්’ ටැබ්ලටය හඳුන්වා දෙමින්....

Post a Comment

0 Comments