HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බිහිසුණු මුහුණක් මවා ගත් දුලබ සලබ කීටයෙක්! දකුණු අර්ධගෝලයේ තැන් පහක විතරමයි ජීවත්වෙන්නේ!

මේ සලබ කීටයා (දළඹුවා) මෙසේ මිනිස් හිස් කබලක් සේ මුහුණක් මවා ගන්නේ ඌ ගොදුරු කර ගන්නට එන විලෝපිකයන්ගෙන් ගැලවෙන්නට උපක‍්‍රමයක් හැටියටයි.

සොබාදහමේ හමුවන ‘හැලෝවීන් විලාසිතා’ තරගයක් පැවැත්වුවොත් මේ කීටයාට එහි ප‍්‍රථම ස්ථානය හිමි වනු නිසැකයි. (‘හැලෝවීන් විලාසිතා’ ලෙස මෙහි හැඳින්වූයේ ඔක්තෝබර 31 වැනිදාට යෙදෙන සියලූ සාන්තුවරයන්ගේ රාති‍්‍රයේ විවිධාකාරයේ වෙස්මුහුණු දමා ගෙන පවත්වන උත්සවයකදී හමුවන ඇඳුම් විලාසිතායි.)

මේ සුවිශේෂ රූප කාය අයත් වන්නේ ඕස්ටේ‍්‍රලියානු වැසිවනාන්තරවල දී හමු වන යටි තටු ලා රෝස පැහැති සලබයා (pink underwing moth) ගේ කීට අවස්ථාවටයි.

ඉතා දුලබ සලබ විශේෂයක එක් අවස්ථාවක් නිරූපණය කරන මේ දළඹුවකු සිය කැමරා කාචයට හසු කර ගන්න ඡායාරූප ශිල්පී ලූයී වෙබර් සමත් වුණා.

මේ සතාගේ මුහුණේ මිනිස් හිස් කබලක ඇස් හා දත් පිහිටන ආකාරයට රූප ලක්ෂණයක් දකින්න පුළුවන්. උගේ මේ ඇස් සහිත පෙනුම ඌව ගොදුරු කර ගන්න එන විලෝපිකයන් බියට පත් කර පළවා හරින්න තරම්
ප‍්‍රමාණවත්.

 
අපූරු වෙස් වළා ගැනීමක්! මේ සලබ කීටයා ඌ ගොදුරු කර ගන්නට එන විලෝපිකයන් ගෙන් ගැලවෙන්නට කරන උපායක්.

 
මේ ඕස්ටේ‍්‍රලියාවේ වැසිවනාන්තරවල පමණක් දක්නට ලැබෙන වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින යටි තටු ලා රෝස පැහැති සලබයාගේ කීටයායි.

යටි තටු ලා රෝස පැහැති සලබයා (PINK UNDERWING MOTH)

මේ යටි තටු ලා රෝස පැහැති සලබයාගේ කීටයාට දුඹුරු සහ කළු පැහැ සිරුරක් හා දුඹුරු පැහැ පාද තියෙනවා. ඉදිරි තටු දෙක විදාහළ විට මිමී 60ක් පමණ දිගයි. උඩු තටු අළු හා දුඹුරු පැහැතියි. එහි සුදු පැල්ලම් වැටී තියෙනවා.

යටි පිහාටු තද දුඹුරු හා ලා රෝස පැහැති වන අතර ඒවායේ අග වාටිය සුදු පැහැයක් ගන්නවා. නිසලව වසා සිටිද්දී උගේ පෙනුම වියළි කොළයක් වාගෙයි.

මේ සලබයා හමුවන්නේ මුහුදු මට්ටමෙන් මීටර 600ක් පහළ මිනිස් වාසයෙන් කිලිටි නොවූ උපනිවර්තන වැසිවනාන්තර ප‍්‍රදේශවලයි. ඌ විශේෂයෙන් ආහාර සපයා ගන්නට හා වර්ගයා බෝ කරන්නට වාසභූමි කර ගෙන ඇත්තේ වනගතව වැවෙන කැරෝනියා මල්ටිසේපලී නම් මිදි ශාක විශේෂයක් පැතිර ඇති ප‍්‍රදේශයක්.

”කනගාටුයි කියන්න. මේ සලබයා ඉතා දුර්ලභ එකෙක්. ගිය අවුරුද්දේ මම එකම එක සලබයකු විතරයි දැක්කේ. ඒ නිසා මා ළඟ පරිණත සලබයකුගේ ඡායාරුපයක්වත් නැහැ” ලූයී කියනවා.

”මේ සලබ වර්ගය වඳවී යාමේ අවදානමට ලක්ව ඇති සත්ව විශේෂයක් ලෙස ඕස්ටේ‍්‍රලියාවේ නම් කර තියෙනවා. දැනට සොයා ගෙන ඇති විදියට අග්නිදිග ක්වීන්ස්ලන්තයේ එකක කොටසක විතරයි, මේ දළඹුවන් දැක ගත හැක්කේ.”

”මුලදී කඳුකරයේ වැසිවනාන්තරවල එකම තැනක පමණක් දුටුවත් පසුව මට සොයා ගත හැකි වුණා, තවත් ප‍්‍රදේශ තුනක මේ සලබයා ඉන්නා බව. ඒ අතර මගේ සගයෙකුත් අලූතින් තැනක් සොයා ගත්තා. දැන් ඔක්කෝම පස් පොළක මේ සලබයන් හමුවී තියෙනවා” ලූයී වැඩිදුරටත් කියනවා.

නිව් සවුත් වේල්ස් රජය මේ දළඹුවා අවදානම් සත්ව ලේඛනයට දැනටමත් ඇතුළු කරල තියෙනවා. ඔවුන් කියන්නේ ”මේ විශේෂ මිදි ශාකයෙන් හා වැසිවනාන්තරයේ වෙනත් ශාකවලින් සැපයෙන අඳුර මේ සලබයාට වාසයට සුදුසු පරිසරයක් ලබා දෙනවා.” කියායි.

 
මේ අමුතු කීටයා ජීවත්වන්නේ කැරෝනියා මල්ටිසේපලී නම් මිදි ශාකයක් ඇසුරේයි.

 
මේ සලබයාගේ මුහුණ සෑදී ඇත්තේ ලොකු කළුඉංගිරියාවන් දෙකක් හා හිස්කබලක බඳු දත් දෙපෙළකින් සැදුණු වෙස් මුහුණක රූපයකින්.

 
දිවිරැකුමට අමුතු සටන් ක‍්‍රමයක් භාවිත කරන මේ සලබයා ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ පස් පොළක විතරයි.

 
මේ වෙස් මුහුණ දළඹුවාට රැකවරණ සලසනවා, සලබයකු බවට පත් වනතුරු.



Post a Comment

0 Comments