HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අලූතින් සොයා ගත පොසිල නිසා අපේ ආදිමයා කුඩා ලේනකුට සමාන සතෙකු වේවිද?

ලෝකයේ පැරණිම හා ආදීම ප‍්‍රිමාටේසයකු සැලකෙන සත්වයකු විද්‍යාඥයන් විසින් දැන් හෙළිදරවු කර ගෙන තියෙනවා.

පර්ගැටෝරියස් (Purgatorius) යනුවෙන් නම් කොට ඇති මේ කුඩා එමෙන්ම කඩිසර සතා වසර මිලියන 66කට පෙර ජීවත්වූ බව පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත්තේ මෑතදී හමු වූ පොසිල කොටස් ආශ‍්‍රයෙනි.

පලතුරු කමින් ගස් උඩ කඩිසරව එහෙ මෙහෙ යමින් ජීවත්වූ මේ සත්වයාගේ හිසෙන් පහළ කොටස් කීපයක් මේ මෑතදී හමු වූ අතර මෙවැනි සතකු ජීවත්වූ බවට මුලින් ඉඟි කෙරුණේ කලකට පෙර හමුවී තිබූ පොසිල බවට පත් වූ දත්වල කොටස් කීපයක් නිසයි.

 
පි‍්‍රමාටේසයන්ගේ ආදිමයා ලෙස සැලකිය හැකි පර්ගැටෝරියස් චිත‍්‍රයට නඟා ඇති අයුරු.

මේ සත්වයාගේ පොසිල ශේෂයන් හමුවුණේ නැගෙනහිර මොන්ටානාවේ පර්ගැටරි කන්දෙනුයි. (සතාට නම තබා ඇත්තේ ඒ අනුවයි.) ඒ පාෂාණ තැන්පතු වසර මිලියන 66ක් පැරණි ඒවා ලෙස සැලකෙනවා.

”උගේ වළලූකර සන්ධි ඇටය වර්තමාන රුක්වැසි පි‍්‍රමාටේසයන්ගේ වළලූකර සන්ධි ඇටය මෙන් හසුරුවන්න පුළුවන්.” යැයි මේ පිළිබඳ නිබන්ධයේ සම කර්තෘ යේල් විශ්ව විද්‍යාලයේ පෘෂ්ඨවංශික පාෂාණධාතු විද්‍යාඥ ස්ටීවන් චෙස්ටර් ‘ඩිස්කවර් නිවුස්’ වැඩසටහනකදී සඳහන් කරල තියෙනවා.

”වළලූකර සන්ධි ඇටය මෙයාකාරයෙන් පිහිටීම නිසා ඌට අතුපතරදී ඒවා විහිදී ඇති ආකාරයන් අනුව පාදය විවිධ පැතිවලට හොඳින් හරවන්ට හැකියාව ලබා දුන්නා.

”ඒ වගේම එයින් පැහැදිලි වෙනවා, අද ජීවත්වන බොහෝ පි‍්‍රමාටේසයන්ට පැනීමට ආධාර වන සේ දැක්වෙන දික් වූ වළලූකර අස්ථි මුල් පි‍්‍රමාටේසයන්ට නොතිබුණු බව.” චෙස්ටර් තවදුරටත් කියනවා.

චෙස්ටර් මෙම අධ්‍යයනය සඳහා ෆ්ලොරිඩාවේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ජොනතන් බ්ලොක්, බර්ක්ලිහී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය විලියම් ක්ලෙමන්ස්, ඒ විශ්ව විද්‍යාලයේ පාෂාණධාතු විද්‍යා කෞතුකාගාරයේ භාරකරු ආදීන්ගේ සහය ලබා ගෙන තියෙනවා.

මේ පොසිල විශ්ලේෂණය කර බැලූ පර්යේෂකයන් විශ්වාස කරනවා, පර්ගැටෝරියස්ගේ මේ විශේෂිත වළලූකර අස්ථිය ආදි පි‍්‍රමාටේසයන්ගේ පරිණාමයේ සාර්ථකත්වයට ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා.

”පි‍්‍රමාටේසයන්ගේ පරිණාමයේ මුල් වසර මිලියන 10 තුළ, සපුෂ්පශාකවල ඒ ආකාරයේම විවිධාංගිකරණයක් සිදුවෙද්දී, ආදි පි‍්‍රමාටේසයන්ද ගස් නැගීමේ හැකියාව, පලතුරු හා වෙනත් ශාක කොටස් එකතු කර ගැනීමේ හැකියාව ඇති කර ගන්නට ඇතැයි යන මතයට මේ නව පොසිල හමුවීමෙන් ලොකු තල්ලූවක් ලැබුණා.” බ්ලොක් වැඩිදුරටත් කියනවා.

පර්ගැටෝරියස් පේලියෝසීන අවධියේ වාසය කළ සතෙක්. ඒ වන විට ඉගිල්ලිය නොහැකි ඩයිනසෝරයන් වඳ වී ගොස් කෙටි කලක් ගත වූවා විතරයි.

ඩයිනසෝරයන්ගේ යුගයෙන් පසු නව යුගයක් උදා වුණා. ඒ ක්ෂීරපායීන් ලෝකය පාලනය කළ යුගයයි. අපි තාමත් ගෙවන්නේ ඒ යුගයයි.

සාමාන්‍ය පිළි ගැනීම වුණේ මේ ක්ෂීරපායියා කුඩා දුඹුරු පැහැති, ලොම් පොකුරක් සහිත වල්ගයක් ඇති සතෙක් හැටියටයි.

පර්යේෂකයන් මේ හා සමාන තවත් ආදි පි‍්‍රමාටේසයකු ගැන කියනවා. ඞ්රයෝමොමිස් (ෘරහදපදපහි* නම් ඒ පි‍්‍රමාටේසයාගේත් පොසිල දැනට හමුවී තියෙනවා.

 
 එතෙක් ලැබී ඇති තොරතුරු අනුව චිත‍්‍රශිල්පියකු කලින් ඇඳි සටහනකින් පෙන්නුම් කළේ ඌ බිම ඇවිදින සතකු ලෙසටයි.

අලූතින් සොයා ගත් ඇට කැබලි පදනම් කර ගෙන පර්ගැටෝරියස් අවුන්ස 1.3ක් පමණ වෙතැයි සැලකෙන අතර ප‍්‍රමාණයෙන් ඌ, දැනට මැඩගස්කරයේ ජීවත්වන පි‍්‍රමාටේසයන් අතරින් කුඩාම සත්වයා වූ ලීමර මීයාට සමාන විය හැකි යැයි අනුමාන කර තියෙනවා.

මෙම ක්ෂීරපායී සත්වයාගේ කටෙහි දත් රැුසක් තිබුණු අතර එයින් වැඩි කොටසක් ලඝුදන්තී වූ අතර ඒවා චාර්වක දත්වලින් යුතු වුණා. ඒ දත් පිහිටීම පලතුරු කෑමට විශේෂ වුවත් ඒ සතා වෙනත් ආහාර වර්ගත් බුදින්නට ඇතැයි සැලකෙනවා.

රුක්වාසී බොහෝ පි‍්‍රමාටේසයන්ගේත්, අර්ධ වශයෙන් රුක් ජීවිත ගත කරන ක්ෂීරපායින්ගේත් මෙවැනි දත් පිහිටීම් දැකිය හැකියි. මෙහිදී මිනිසා සම්පූර්ණයෙන් වෙනස් වන අතර අපේ මෑතම ආදීමයන් රුක්වාසී දිවියෙන් ඈත් වූයේ පර්ගැටෝරියස් සත්වයා විසූ කාලයටත් වසර මිලියන 60කටත් පසුවයි.

මේ සොයා ගැනීම හා ඒ අධ්‍යයනය පිළිබඳ තොරතුරු ඇමරිකාවේ උතුරු කැරෙලිනාවේ රැුලේ නුවර පැවති පෘෂ්ඨවංශික පාෂාණධාතු (පොසිල) විද්‍යා සංගමයේ 72 වැනි වාර්ෂික සමුළුවේදී ඉදිරිපත් කෙරුණා.

Post a Comment

1 Comments

  1. හැමදාමත් වෙෙග් අදත් වටිනාම ලිපියක් ..ස්තුතියි

    ReplyDelete