HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපි‍්‍රකාවට ගිය ආඬි හත් දෙනාගේ කතාව - අපි‍්‍රකානු ජනකතාවක්

‘ගෝත‍්‍ර නායක තුමාගෙන් පණිවිඩයක් ලැබුණා. සිය ගෝත‍්‍ර ජනතාව වෙනුවෙන් නායක තුමා සාදයක් පවත්වන්න තීරණය කරලා! හෙට හවස හැමෝම එන්න! එන හැම කෙනකුම තල් වයින් බෝතලය බැගින් ගේන්න කියලත් ඒ පණිවිඩයෙන් කියැවුණා. පණිවුඩකරුවන් හැම තැනම ඒ පණිවුඩය අරන් ගියා.

මේ වගේ සාදවලදි සාමාන්‍යයෙන් කෙරෙන්නේ වැසියන් එක් එක්කෙනා ගෙනියන තල් වයින් බෝතල නායක තුමාගේ මිදුලේ තබා තියෙන විශේෂ ලොකු භාජනයකට, එනම් තාලියකට, ය තමා අතින්ම දැමීමයි.


පසුවදා ගමේ හැම පාරක් ඔස්සේම හැම පැත්තෙන්ම තල් වයින් බඳුන් රැගත් ජනයා වැල නොකැඞී ඒ ගෝත‍්‍ර නායකයාගේ නිවස දෙසට යනු දක්නට ලැබුණා. පෙරහරක් වාගේ යන ඒ සෙනග දැකපු පාර අයිනේ නිවසක සිටි අයකුටත් එහි යන්නට හිතුණා.

”මටත් සාදයට යන්න ඇත්නම්” ඔහු බිරිඳට කීවා.

”ඉතින් යන එක නෙ ඇත්තෙ” බිරිඳ කීවා.

”මං කොහොමද යන්නෙ? ගෙනියන්න අපේ ගෙදර තල් වයින් නෑනෙ.”

”එහෙනම් ඉතින් සල්ලිවලට අරන් යන්න.”

”ගෝත‍්‍ර නායක තුමා නොමිලේ පවත්වන උත්සවයට අපි මුදල් වියදම් කිරීම යුතු නෑ”

”ඔයාට සාදයට යන්නත් ඕනෑ. ගෙදර තල් වයිනුත් නැත්නම් මුදල්වලට ගන්නෙ නැතුව කොහොමද ? මොකද වයින් වතුර වගේ ළිංවලට උනනවයැ.”

එයින් සැමියාට අමුතු අදහසක් පහළ වුණා. ”මට බඳුනකට වතුර පුරවා ගෙන යන්න බැරිද? තල් වයින් බඳුන් සිය ගණනකට මගේ වතුර බඳුන එකතු වුණාට, කලවම් වුණා ම, කාටවත් දැනෙන එකක් නැහැ.” ඔහු තමන්ට ම කියා ගත්තා.

ඔහු බඳුනකට වතුර පුරවා ගෙන පිරිස සමග ගෝත‍්‍ර නායකයාගේ නිවස බලා ගියා. එහි තිබූ තාලියට ඔහුගේ බඳුනේ වතුරද හිස් කොට බඳුනද රැුගෙන ගොස් අනිත් අය මෙන් වයින් පානයට ගෝත‍්‍ර නායකයා එනතුරු නොඉවසිල්ලෙන් බලා හිටියා. ජනතාව පෙරහරේ ඇවිත් සිය වයින් බඳුන් තාලියට හිස් කළා.

කවුරුනුත් නොඉවසිල්ලෙන් බලා සිටිද්දී ගෝත‍්‍ර නායකයා ආවා. ”වයින් බොමු! පී‍්‍රති වෙමු!” ගෝත‍්‍ර නායකයා හඬ නඟා කීවා. ඊට පස්සේ සාදය පටන් ගත්තා.

වතුර බඳුන ගෙනා මිනිසාත් අනික් අය මෙන් ම සිය බඳුන රැුගෙන තාලිය ළඟට ගොස් තමාගේ බඳුන පුරවා ගෙන ආවා. හැමෝම තම තමන්ගේ බඳුන් රැගෙන තාලිය ළඟට ගොස් ඒවා පුරවා ගන්නට වුණා. වතුර බඳුන ගෙනා මිනිහා එය ඔහුගේ කටට තබා රස බැලූවා. ”මොනවා! මේ වයින් නොවේ, වතුර! මං ගෙනා වතුර බඳුන මට ම ලැබුණද!” ඔහු විමතියට පත් වුණා.

”කොහොමවත් එහෙම වෙන්න විදියක් නෑ. කොහොමද එහෙම වෙන්න ?” ඔහු තමාට ම කියා ගනිමින් අනෙක් අය දිහා බැලූවා.

ඒ අයගේත් මුහුණු නරක් වෙලා! ගෝත‍්‍ර නායකයාද මුහුණ නරක් කර ගෙන සිටිනු පෙනුණා.

”මේ වතුර නේද?” ගෝත‍්‍ර නායකයා හඬ නඟා කීවා. හැමෝම එවිට ‘වතුර, වතුර, වතුර’ යැයි එකවර ම කීවා.
”තල් වයින් බඳුන් සිය ගණනකට මගේ වතුර බඳුන කලවම් වුණා ම කාටවත් වෙනසක් දැනෙන එකක් නැහැ.” ඔවුන් හැම දෙනා ම එහෙම හිතන්න ඇති.

මේ කතාව අපේ රටේ තියෙන්නෙ ආඬි හත් දෙනා කැඳ ඉව්වා වගෙයි කියලයි. ඔබ ඒ කතාව දන්නව නේද ?

(සිරිලාල් කොඩිකාරයන්ගේ ‘අපි‍්‍රකානු ජනකතා’ නම් පොතේ එන කතාවක් ඇසුරෙනි.)

Post a Comment

0 Comments