HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විසි වන සියවසේ මහා ප‍්‍රාඥයා වූ ඇල්බට් අයින්ස්ටයින්ගේ මොළය අපට වඩා වෙනස් ද? එහි අබිරහස අලූත්ම අධ්‍යයනයකින්!

ඇල්බට් අයින්ස්ටයින් අසාමාන්‍ය බුද්ධිමතකු වූ කෙසේ ද? මේ අසාමාන්‍ය බුද්ධිමත් භාවයට හේතුව වෙනත් අයට නැති, ඔහුගේ මොළයේ ඇති, සුවිශේෂ ලක්ෂණ කිහිපයක් නිසා යයි වෛද්‍ය විද්‍යාත්මක අලූත්ම අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.

මෙම අධ්‍යයනයට සහභාගි වූ පර්යේෂකයන් මේ සඳහා අයින්ස්ටයින්ගේ මොළය තවත් සාමාන්‍ය මිනිස් මොළ 85ක් සමග සන්සන්දනය කර බැලූවා.

 
පර්යේෂකයන් විශ්වාස කරන්නේ අයින්ස්ටයින්ගේ සංජානන හැකියාවන් නංවාලීමට ඔහුගේ මොළයේ සුවිශේෂ හැඩයන් උපකාර වූ බවයි.

”අයින්ස්ටයින්ගේ මොළය ප‍්‍රමාණයෙන් හා අසමමිතික හැඩයෙන් අනෙක් මොලවලට සමාන වුවත්, ඇතුළත කොටස්වල විශේෂයෙන්, පූර්ව ලලාට, දේහ ඉන්ද්‍රීය, ප‍්‍රාථමික චාලක, කුඞ්යීය, ශංඛක, අපර කපාල බාහික යන කොටස්වල ෙසෙලවල පිහිටීමේ කැපී පෙනෙන සුවිශේෂ ලක්ෂණ ගණනාවක් ම දක්නට ලැබුණා.” මහාචාර්ය ඞීන් ෆෝක්ස් ‘සයන්ස් ඬේලි’ වෙබ් අඩවියට පසුගියදා කියා තිබෙනවා. මහාචාර්ය ඞීන් ෆෝක්ස් ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ හේල් ජී. ස්මිත් පර්යේෂණායතනයේ මානව විද්‍යා මහාචාර්යවරියයි.

”සමහර විට මේ සුවිශේෂ ලක්ෂණ ඔහුගේ ස්නායුවේදී බලය වැඩි කර, නිදසුනක් වශයෙන් පරිකල්පන හා ගණිත සංකල්පමය හැකියාවන්ට මඟ පාදන්නට ඇති” ඇය කියනවා.

අයින්ස්ටයින්ගේ ඒ අසාමාන්‍ය මොළයෙහි මෑතදී සොයා ගන්නා ලද ඡායාරූප 14ක් ඇසුරෙන් මහාචාර්ය ෆෝක්ස් හා ඇගේ සගයන් අයින්ස්ටයින්ගේ මුළු මස්තිෂ්ක බාහිකයේ ම කි‍්‍රයාකාරිත්වය විග‍්‍රහ කරන්නට සමත් වී තියෙනවා.

ඔවුන්ගේ මේ අධ්‍යයනය ”ඇල්බට් අයින්ස්ටයින්ගේ මස්තිෂ්ක බාහිකය: ප‍්‍රසිද්ධ නොකළ ඡායාරූප ඇසුරෙන් කළ මූලික අධ්‍යයනයක් හා පැහැදිලි කිරීමක්” යන මැයෙන් පසුගිය නොවැම්බර් 16 වැනිදා ‘බ්රේන්’ නමින් වූ ස්නායුවේදය පිළිබඳව සඟරාවෙහි පළ කර තියෙනවා.

 
අයින්ස්ටයින්ගේ මොළය ඡායාරූප ඇසුරෙන් අධ්‍යයනය කළ මහාචාර්ය ඞීන් ෆෝක්ස්.

1955 දී සිදු වූ අයින්ස්ටයින්ගේ මරණයෙන් පැය හත හමාරකට පසු පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ දී මරණ පරීක්ෂණයක් පැවැත් වූවා. ඔහුගේ පවුලේ උදවියගේ අවසරය ඇති ව මොළය ඉවත් කර ගනු ලැබුවා. මෙය සිදු කළේ ව්‍යාධිවේදියකු වූ වෛද්‍ය තෝමස් ස්ටෝල්ට්ස් හාවි විසින්. මොළය ෙඡ්දනය කොට ඡායාරූප රැසක් ගනු ලැබුවා.

එපමණක් නොව එම විශේෂඥයා විසින් එය කොටස් 240කට ෙඡ්දනය කොට පටක දැක්වෙන විනිවිදක රැසක් තනා තිබුණා. මේ පිළිබඳව කළ අධ්‍යයනයන් කීපයක් පිළිබඳව හාවි විසින් ලේඛන ගත කරනු ලැබ තිබුණා.

පසුව ඒ ඡායාරූප බොහොමයක්මත්, ඒ රූපවලින් තැනූ මුද්‍රණ ඵලක, විනිවිදක ආදිය කලක් මහජනයාගෙන් ඈත්ව ඇමෙරිකාවේ පෙන්සිල්වේනියාවේ ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කර තිබුණා.

 
අයින්ස්ටයින් 1955 දී මියගියාට පසුව ගන්නා ලද මොළයේ ඡායාරූප සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් පර්යේෂකයන්.

මහාචාර්ය ෆෝක් සිය පර්යේෂණය හා අධ්‍යයනය සඳහා යොදා ගත්තේ ඉහත කී ඡායාරූප හා ලේඛනයි.

Post a Comment

3 Comments

  1. හ්ම්ම්ම්ම් හොඳ ලිපියක්

    ReplyDelete
  2. නමුත් කවදාවත් විසඳ ගන්න බැරි ප්‍රශ්නෙ තමා, ඇත්තටම මොළයේ වෙනස හින්දා අයින්ස්ටයින් බුද්ධිමතෙක් උනාද එහෙම නැත්නම් ඔහුගේ හැකියාවන් ඔහු වැඩිදියුනු කර ගද්දී ඔහුගේ මොලය එලෙස හැදුනද කියල.

    ReplyDelete
  3. හැමදාම වගේ අලුත් දෙයක් වැදගත්.

    ReplyDelete