HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මාරක එබෝලා වයිරසය දැන් වාතයෙනුත් පැතිර යන තත්වයක් ඇති වෙලා! නව පරීක්ෂණයකින් හෙළි වෙයි!


එබෝලා (ebola) වයිරසය වෙනස් වෙමින් පවතින බවත් එය වාතයෙන් පැතිරී යා හැකි තත්වයට පත්විය හැකි බවත් මෙම අලූත්ම පරීක්ෂණයෙන් හෙළිවී තියෙනවා. මෙයත් ඩෙංගු වගේ වයිරස විශේෂයක්.

මුලින් පිළිගැනීමක් තිබුණා, මේ එබෝලා වයිරසයට කිසිම බේතක් හරියන්නෙ නැහැයි කියලා. මේ වයිරසය මිනිසාගේ සිරුරට ඇතුළු වුණු ගමන්ම ඉතා ඉක්මනින් සිරුර තුළ රුධිර වහනයන් සිදු වී අවයවයන් ගණනාවක් අකි‍්‍රය වීමෙන් මරණයට පත් විය හැකි බවට විශ්වාසයක් තිබුණා. ඒ වගේ ම වයිරසය පිළිබඳව අප දැන සිටියේ එය බෝ විය හැක්කේ ආසාදිත රුධිරය ශරීර ගත වීමෙන් පමණක් බවයි කියලයි.

ඒත් මේ තත්වය වෙනස් විය හැකි බව කැනේඩියානු පර්යේෂකයන් පිරිසක් විසින් කළ පරීක්ෂණ කීපයකින් හෙළි වී තියෙනවා. ඔවුන්ගේ එක් පරීක්ෂණයකින් එබෝලා වයිරසය ආසාදනය වූ ඌරන් ගෙන් එම රෝගය ඍජු සම්බන්ධයක් නැතිව වඳුරන්ට සම්පේ‍්‍රෂණය වූ බව හෙළි වුණා.

 
මෙම මාරක එබෝලා වයිරසය වැළඳුණු විට උණ ඇති වී සිරුරේ ඇතුළත ඉන්ද්‍රියයන් අකි‍්‍රය ව නොකඩවා රුධිරය වහනය සිදු වී ආසාදිතයා මරණයට පත් වෙනවා. එය දැන් වාතයෙනුත් බෝ විය හැකි බවයි කියන්නේ.

”අපේ පරීක්ෂණයන්ගෙන් හෙළි වී තියෙනවා, මෙය වාතයෙනුත් සම්පේ‍්‍රෂණය විය හැකි බව. විශේෂයෙන් ම ඌරන්ගෙන් (වඳුරන් ඇතුළු) පි‍්‍රමාටේසයන්ට බෝ විය හැකි බව හෙළිවුනත් පොදුවේ සතුන්ගෙන් මිනිසාට සම්පේ‍්‍රෂණය විය හැකිදැයි දැන් සොයා ගෙන යනවා.” පර්යේෂකයන් කියනවා.

මෙම වයිරසය තවමත් හානිකර තත්වයෙන් පවතින්නේ අපි‍්‍රකා මහාද්වීපයේ රටවලයි. පසුගිය සතියේ මෙම රෝගය පැතිර යාමේ අවදානමක් මත උගන්ඩාවේ පිරිසක් සෙසු ජනයාගෙන් වෙන් කරනු ලැබුවා. එහි දැනටමත් මේ වයිරසය ආසාදනය වීමෙන් තුන් දෙනකු මරණයට පත් වී තියෙනවා.

එබෝලා වයිරසය ශරීරගත වූ පසු මිනිසා වගේම අනෙක් පි‍්‍රසාටේසයන් තුළ රක්තපාත උණ තත්වයක් ඇති වෙනවා. මුලින් ම මෙම වයිරස වාර්තා වුණේ 1976 දී කොන්ගෝවේ එබෝලා ගංගාව අසල ප‍්‍රදේශයෙන්. ඒ නිසයි, ඒ නම මේ වයිරසයට ලැබී තියෙන්නේ. මෙයට ප‍්‍රතිකාරයක් හෝ වැළඳීම වැළැක්වීමට එන්නතක් තවමත් සොයා ගෙන නැහැ.

මෙහි රෝග ලක්ෂණ ලෙස හැඳින්වෙන්නේ, උණ, හිසරදය, හන්දිපත් හා මාංශ පේශීවල වේදනාව, උගුර වණවීම, කායික දුබලතාවයි. මේ තත්වය ඇති වීමෙන් පසු පාචනය, වමනය, බඬේ කැක්කුම ආදිය ඇති වෙනවා.

සමහර රෝගීන් වෙතින් සමේ බිබිලි ඇති වීම, ඇස් රතුවීම, ඉක්කාව, ඇතුළත හා පිටත ලේ වහනය ආදියත් පළ වෙන්න පුළුවන්.

මේ වයිරසය කෙතරම් භයානකද කීවොත් ආසාදිතයකුගෙන් තවත් අයකුට ආසාදනය වුණු බව දැන ගන්නට පෙර ආසාදිතයා කිසිම ප‍්‍රතිකාරයක් නැතිව මිය යාමට ඉඩ තියෙනවා.

 
2007 දී උගන්ඩාවේ බුන්දිබුගියෝ රජයේ රෝහලක වෙන්කර සිටි එබෝලා රෝගීන් අටදෙනකු ඒ සඳහා විශේෂයෙන් පිහිටවූ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන යාමට වෛද්‍ය කණ්ඩායමක් කටයුතු කළ අයුරු.

කැනඩාවේ විනිපෙග්හී මැනිටෝබා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් හිතාමතාම මෙම එබෝලා වයිරසය ශරීර ගතකළ ඌරු පැටවුන් හය දෙනෙකු මැකෝ වඳුරන් හතර දෙනකු දමා සිටි කූඩු අසල සමීපයේ තැබූ වෙනත් කූඩුවලට දමා පරීක්ෂණයට ලක් කර තියෙනවා.

දැන අටක් ඇතුළත මැකෝ වඳුරන් හතර දෙනාටම වයිරසය වැළඳී ඇත්තේ කිසිම ඍජු සම්බන්ධයක් නැතිව බව මේ අධ්‍යයනය පිළිබඳව පළ කර ඇති විද්‍යාත්මක වාර්තා ඇතුළත් ජර්නලයකට යැවූ ලිපියක දක්වා තියෙනවා.

මේ අධ්‍යයනයේ කොටස්කරුවකු වූ කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සියේ ජාතික ක්ෂුද්‍ර ජීවී රසායනාගාරයේ ආචාර්ය ගැරී කොබින්ජර් බීබීසියට පවසා ඇත්තේ එහිදී ඌරන්ගෙන් විශාල වශයෙන් පිටවුණු සෙම් කොටස්වලින් නිකුත් වුණු වයිරස, වඳුරන් හා ඌරන් අතර ඇති කෙටි දුර, වාතය ඔස්සේ යමින් වඳුරන් ආසාදනය ලක් කරන්නට ඇතැයි තහවුරු වූ බවයි.

”එයින් පෙනී ගියා එබෝලා වයිරසයට වාතයේ රැඳී සිටිය හැකි බව. ඒත් ඒ තරම් දුරකට නෙවෙයි. කෙටි දුරකටයි. ඒවා විනාශ වී යාමට පෙර අතරමගදී ආසාදනයක් සිදු විය හැකියි. මේ ආකාරයට වයිරසය මිනිසුන් නොව පි‍්‍රමාටේසයන් ගණනාවකගේ පෙණහලූවලට ඇතුළුවුණු අවස්ථා ගණනාවක්ම අපට හමුවුණා.” කොබින්ජර් කියනවා.

පලතුරු වවුලන් මේ එබෝලා වයිරසය පතුරු වන රෝග වාහකයන් ලෙස ප‍්‍රධාන තැනක් ගන්නා බව මෙතෙක් පැවති පොදු මතයයි. එහෙත් එබෝලා වයිරසය ආසාදිත චිමපන්සින්, ගෝරිල්ලන්, වඳුරන්ඳ වනගත ඇන්ටිලොප් හෙවත් කුරංගයන්, ඉත්තෑවන් ආදී සමග වැඩ කළ මිනිසුනට මෙම වයිරසය ආසාදිත අවස්ථා වාර්තා වී තියෙනවා.

”එහෙත් මෙම පර්යේෂණයෙන් තහවුරු වුණු වැදගත් කරුණක් වන්නේ එබෝලා වයිරසය බෝ වීමට රෝග වාහකයකු ලෙස ඌරන්ගෙන් සිදු වන බලපෑම අනෙක් සතුන්ට වඩා වැඩි බව”යයි පර්යේෂකයන් මෙහිදී අවධාරණය කර තියෙනවා.

Post a Comment

2 Comments

  1. වටිනා කම කියන්න වචන නෑ මේ ඉසව්ව ගැන

    ReplyDelete
  2. ඇත්තටම් කොහේ තිබ්බ වයිරස්ද අප්පා මේ ලෝකේ තියෙන්නේ. මේක ඒඩ්ස් වගේ දරුණු එකක්නේ. ඒඩ්ස්නම් කම නෑ කියමු. මොකද ඒක ලිංගික සම්ප්‍රෙශන රෝගයක් නිසා. නමුත් මේක නිකන් බස් ටෑන්ඩ් එකක හිටියත් බෝවෙයිනේ.

    ReplyDelete