HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රාති‍්‍රයට දිළිසෙන, අනාගතයේදී ඔබේ රියට විදුලි ඉන්ධන ලබාදෙන, සුපිරි මහා මාර්ගයක්!

විදුලියෙන් ආලෝකමත් වුණු, කාලගුණ වාර්තාව ගෙනෙන ස්මාර්ට් පාරක්! ඔබේ කාරය විදුලියෙන් දුවන එකක් නම් චාර්ජ් කර ගන්නත් පුළුවන්. රාති‍්‍රයට දිළිසෙන, අනාගතයේදී ඔබේ රියට විදුලි ඉන්ධන ලබාදෙන, සුපිරි මහා මාර්ගයක් ලබන වසරේදී එරට මාර්ග පද්ධතියට හඳුන්වා දෙන්න නෙදර්ලන්තය සූදානම්.

මෙයට දැනටමත් ‘හොඳම අනාගත සංකල්පය’ට හිමි නෙදර්ලන්ත සැලසුම් සම්මානයත් දිනා තියෙනවා. ඉදිරි වසරවලදී එරටට මේ ප‍්‍රකාශ සන්දීප්ත (photo-luminescent) මාර්ග සලකුණු හඳුන්වා දීමට නියමිතයි.

එසේම කාලගුණයට ප‍්‍රතිචාර දක්වන තීන්ත භාවිතයෙන් මාර්ගයේ ලිස්සන ස්වභාවයන් හා අනතුරුදායක තත්වයන් රියැදුරන්ට මතු කර දැක්වීමටද බලාපොරොත්තු වෙනවා.

 
විදුලියට ප‍්‍රමුඛතා දෙන මං තීරුවක් - මේ මගින් විදුලි රිය පදවන අයට අතර මග රිය නවතා මහා මාර්ගයේ උපකාරයෙන් එහි බැටරි පණ ගන්වා ගන්න පුළුවන්.

පසුගිය ඔක්තෝබරය අවසානයේදී පැවති ‘ලන්දේසි සැලසුම් සතිය’ තුළ දී නෙදර්ලන්තයේ දී මේ ‘සුපිරි මහා මාර්ගයක්’ ප‍්‍රදර්ශනය කෙරුණා. මහා මාර්ග සඳහා හඳුන්වා දීමට බලාපොරොත්තු වන අලූත් ම තාක්ෂණයන් එහිදී ජනතාවට දැක ගන්න ලැබුණා.

‘මේ මගින් වඩාත් කල්පවතින, ආරක්ෂා සහිත, තාක්ෂණය අතින් පූර්ණ මහා මාර්ග’ අනාගතයේ මහා මාර්ග පද්ධතියට එක්වෙන බවට අනාවැකි පළ කර තියෙනවා. මෙයට සම්බන්ධ නිෂ්පාදන සමාගම්වල අරමුණ අනාගතයේ මහා මාර්ගවලට ඒවායේ දුවන රථවලට වඩා වැඩි අවධානයක් යොමු කිරීමටයි.

 
එක් නව සැලසුමකට අනුව මහාමාර්ගවලදී, රථයක් ළං වන විට එහි ඉදිරිය ආලෝකවත් වී රිය එම ස්ථානය පසු කළ විට විදුලි ආලෝකය අඩු වීමට සැලැස්වීමට ක‍්‍රමවේදයක්ද හඳුන්වා දීමට යනවා.

මේ සැලසුම්කරුවන්ගේ නව අදහස් අනුව මහා මාර්ගයට නව මං තීරුවක් එක්වෙනවා, අනාගතයේදී, විදුලි රිය පදවන්නන්ට, ඔවුන් රථය ඒ මං තීරුවේ පදවන අතරතුර රථයේ බැටරි චාර්ජ් කර ගන්නත් පුළුවන් වෙන විදියට.

තවත් සැලසුමකට අනුව මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය පිරිමහින ‘ස්මාර්ට්’ විදුලි බුබුළු යොදනවා. ඒවායේ ආලෝකය රථයක් ඒ දෙසට එන විට වැඩි වෙනවා. රථය පසු කර යන විට එහි එළිය අඩු වෙනවා. ඒ මගින් මාර්ගය හිස්ව ඇති විට නිකරුණේ දැල්වෙමින් විදුලිය නාස්තිවීමක් සිදු වන්නේ නැහැ.

මේ අදහස් සියල්ල කි‍්‍රයාත්මක වන්නට තවත් වසර කීපයක් ගත වේවි. ඒත් මහා මාර්ගවලට ප‍්‍රකාශ සන්දීප්ත කුඩු විශේෂයක් ඇතුළත් තීන්ත ආලේපය ලබන වසරේදීම ආරම්භ කිරීමට නියමිතයි. ඒ කුඩු මිශ‍්‍ර තීන්තවලට පුළුවන්, දහවල් කාලය තුළ හිරු එළිය උරා ගෙන රාති‍්‍රය පුරා පැය 10ක් මං තීරු ආලෝකවත් කර තබන්නට.
ලබන වසරේදී හඳුන්වා දෙන අනෙක් නව නිපැයුම උෂ්ණත්වයට සංවේදී තවත් විශේෂ තීන්ත ආලේපයක්. හිම ගතිය හෝ තෙත් ගතිය හෝ නිසා ඇති වන මහපාරේ ලිස්සන තැන්වල එම ස්වභාවය රියැදුරාට මතු කර පෙන්වීමට ඒ ආලේපයට පුළුවන්.

කොහොම වුනත් රිය මහ මග දුවද්දී විදුලි ආරෝපණය සිදු කරන මං තීරුව සකස් කරන්නේ කෙසේදැයි ඔවුන් තවමත් හෙළිදරවු කර නැහැ.

 
ලබන වසරේදී ලන්දේසි (නෙදර්ලන්ත) මහා මාර්ග පද්ධතියට, අඳුරේදී දිලිසෙන ප‍්‍රකාශ සන්දිප්ත තීන්තවලින් යෙදූ මං සලකුණු හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඒවාට දහවල් කාලයේ දී හිරු එළියෙන් ශක්තිය උරා ගෙන රාති‍්‍ර කාලයේ දී පැය දහයක් දිලිසෙමින් තියෙන්න පුළුවන්.

 
උෂ්ණත්වයට සංවේදී තීන්ත ආලේපය නිසා හිම තැට නිසා හෝ තෙත් ගතිය නිසා ලිස්සන ඇති විට ඒවා රියැදුරාට මතුකර පෙන්වනවා.

”රථ ධාවනයට ආරක්ෂා සහිත නව අත්දැකීම් ඇති කරන්නට හැකි වන පරිදි රථ සැලසුම් කිරීම වෙනුවට ඩෑන් රූස්ගාඞ් (Daan Roosegaarde) හා හීජ්මන්ස් (Heijmans) සමාගම් ඒ අත්දැකීම් මහා මාර්ග පද්ධතිය තුළින් ලබා දීමට අවධානය යොමු කර තියෙනවා.” යැයි ස්ටුඩියෝ රූස්ගාඞ් ආයතනය කියනවා.

”රාති‍්‍රයට දිලිසෙන මහා මාර්ග, විශේෂ ගතික තීන්ත, අන්තර් කි‍්‍රයාකාරී තීන්ත, විදුලි ආරෝපීය ප‍්‍රමුඛ මාර්ග, කාලගුණයට සංවේදී ආලේපණ, දහවල් ආලෝකය උකහා ගෙන රාති‍්‍රයට දීප්තිමත්වන මාර්ග සලකුණු ආදී සියල්ල ඉදිරි අවුරුදු පහ ඇතුළත මහා මාර්ගවලට නියත වශයෙන්ම එක් වේවි.” ඔවුන් වැඩි දුරටත් කියනවා.

Post a Comment

3 Comments