HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගිනි පෙට්ටියක් තරම් කුඩා ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක්! සාක්කුවේ දමා ගෙන යා හැකියි!

ගිනි පෙට්ටියක් තරම් කුඩා ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් දැන් තනා තියෙනවා. සාක්කුවේ දමා ගෙන යා හැකි එමගින් අනාගත පින්තූර ප‍්‍රක්ෂේණයේ පෙරළියක් සිදු වේවි.

ලන්ඩනයේ සමාගමක් මේ විස්මිත ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රය තනා ඇත්තේ ඉන්ස්ටග‍්‍රම් (Instagram) වැඩ සටහන ඔස්සේ හුවමාරු කෙරෙන ඡායාරූප ප‍්‍රක්ෂේපණය කරනු පිණිසයි. ‘ප්‍රොජෙක්ටියෝ’ (Projecteo) කියා නම් කොට ඇති මේ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයේ මිල ඩොලර් 15ක් පමණ වෙනවා.

 
ඉන්ස්ටග‍්‍රම් ක‍්‍රමයට කොඩැක් පටල පටියට මුද්‍රණය කොට තනා ගන්නා විනිවිදකයක් භාවිත කරමින් ප‍්‍රජෙක්ටියෝ නම් මේ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයට යොදා ප‍්‍රක්ෂේපණය කළ හැකියි.

ඉන්ස්ටග‍්‍රම් කියන්නේ අන්තර්ජාලය හරහා ඡායාරූප හුවමාරු කළ හැකි වැඩ සටහනක්. වසර දෙකකට පමණ ඉහත දී අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කළ මෙම වැඩසටහන දැන් ඉතාමත් ජනපි‍්‍රයයි. මේ ක‍්‍රමයට ඔබ ස්මාට් ෆෝනයෙන් ගන්නා ඡුායාරූප ඉන්ස්ටග‍්‍රම් ක‍්‍රමයට සකසා ෆේස් බුක්, ටිවිටර් ආදිය මගින් ඔබට මිතුරන් සමග වෙනත් ආයතන සමග හුවමාරු කර ගත හැකියි.

මේ සඳහා යොදා ගන්නෙ මිමී 35 විනිවිදක පටලයි. එක කරූසලයක පින්තූර නවයක් එකලස් කළ හැකියි.

මේ නව නිෂ්පාදනය කර ඇත්තේ ලන්ඩන් එජන්සි මින්ට් ආයතනයෙන්. මේක සාමාන්‍ය ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් වගේම කි‍්‍රයා කරනවා.

 
මේ ප‍්‍රජෙක්ටියෝ නම් මේ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රය සාම්ප‍්‍රදායික විනිවිදක වෙනුවට කොඩැක් පටලය යොදා ගත හැකියි.

 
ප‍්‍රජෙක්ටියෝ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රය කි‍්‍රයා කරන්නේ එහි ඇතුළත ඇත තනි එල්ඊඞී ආලෝකයකිනුයි.

 
ප‍්‍රජෙක්ටියෝ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රය සාමාන්‍ය ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයකට සමානයි, ඒත් ඉතා කුඩායි.

 
ප‍්‍රජෙක්ටියෝ සඳහා වූ මෘදුකාංගය යොදාගෙන ඒ මගින් පින්තූර තෝරා අවශ්‍ය පිළිවෙළට සකසා ගැනීම කර ගන්න ඕනෑ.

 
ඒ පින්තූර කොඩැක් පටලයකට මුද්‍රණය කර ගත යුතුයි. එහි එක රාමුවක පින්තූර නවයක වටයක කරූසලයක් තියෙනවා.

 
මේ කරූසලය පටලයෙන් කපා ගෙන ඒ සඳහා නියමිත කුඩා හෝල්ඩරයට දමා ගන්න ඕනෑ. ඒක තමයි ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයට ඇතුළු කරන්නේ.

Post a Comment

3 Comments

  1. තැමැත්ත නම් තියෙනවා මටත් එකක් ගන්න.

    ReplyDelete
  2. niyamai mama hamadama kiyawanam oyalage post..
    digatama danna...

    ReplyDelete