එහි විශාලතම පිළිමය ටොන් 74ක්. උස අඩි 33ක්. මෝයි පිළිම ලෙස හැඳින්වෙන මේ පිළිම පිළිබඳ රහස තවමත් හෙළි නොවූවා සේම මෙම යෝධ ගල් පිළිම ඒවා නෙළීම සඳහා කඩා ගන්නා ලද ගල්වලේ සිට මේ තරම් දුර මුහුදු වෙරළ අද්දරට ගෙන ආවේ කෙසේ ද යන්නත් ලොකු අබිරහසක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5_n9RoI1Sn18QMch_0F4thCwf1zTfuDTIgBtjpSR0MJmsjCyNfOI2PCs0uzg9-beKnvC-PKBpEHElztt1uUIR8CEaQR9bK64loaD9KziznAp1l1Cwfkpjpu_AlV1yp3VcdVKFBjZOALg/s1600/1.jpg)
සක්මනට සූදානම්ව: මේ කණ්ඩායම යෝධ කොන්කී‍්‍රට් අනුරුවක් තැනුවා, මේ නව න්‍යාය අත්හදා බලන්නට. දැන් ෆ්රිජ් එකක් ගෙනියනවා වාගේ පිළිමය ඇවිද්දවන්නයි හදන්නේ.
කලින් කළ අධ්‍යයනයන්ගෙන් කියැවුණේ මීට වසර 800කට පෙර මේ පාස්කු දූවේ පදිංචියට ආ, ‘රාපා නූයි’ යනුවෙන් හැඳින්වුණු මිනිස්සු මේ පිළිම නෙළා, ඒවා කොටන් මතින් තල්ලූ කර ගෙන මේ තැන්වලට ගෙනා බව.
දැන් ඒ දූපතෙහි දැන් එක ගසක්වත් නැත්තේ රාපා නූයිවරුන් ඔවුන්ගේ යෝධ පිළිම තැනීමේ ආශාව නිසා ඒවා අවශ්‍ය තැන්වලට ගෙන යාමට උදවු කර ගැනීම සඳහා ගස් කැපූ නිසා යයි මතයක් පළ කර තිබුණා.
එහෙත් දැන් මතයක් පළ කර තියෙනවා, ඒවා ගෙන යන්නට වෙනත් ක‍්‍රමයක් යොදා ගත් බවට. මේ නව මතයට අනුව ඔවුන් ඒවා ගෙන ගොස් ඇත්තේ අපි ෆි‍්‍රජ් එකක් ගෙතුළ ගෙන යන ආකාරයට පැත්තෙන් පැත්තට ඇල කරමින් බවයි.
මේ නව මතය පළ කර ඇත්තේ ඇමරිකාවේ ලෝන් බීච්හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයකු වූ කාල් ලිපෝ විසින්.
ඔහු කියන්නේ අංගසම්පූර්ණව නිම කර නැති පිළිම මෙසේ ඍජුව ගෙන යාමට නොහැකි නිසා මඳ දුරක් ගෙන ගොස් ඒවා අත හැර දමා ඇති බවයි.
මහාචාර්ය ලිපෝ හා යොනනලූලූහී හවායි විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයකු වූ ටෙරී හන්ට් මේ කල්පිතය පරීක්ෂාවට ලක් කළේ ඒ පිළිමයක එම ප‍්‍රමාණයේම කොන්කී‍්‍රට්වලින් තැනූ පිළිමයක් යොදා ගෙනයි. එහෙත් එම පිළිමය සැබෑ පිළිමය හා සමාන නියම බරින් යුතු එකක් නොවෙයි. ඒ නිසා මෙය විද්‍යාත්මකව පිළිගැනීමට ලක්වෙලා නැහැ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSPX2PMN_-7p1yJmHIxYHSO3jejqoToz_6Fc5_s6Lk535sOAUHuA46IdnyEUjCjxvIPJdGr34lCvlNJwsJMrUirWqyg2RkAASULLc0c5ZFnaZIJLzYtqSt_XeGvaER3p3bxkrN3DAHINI/s1600/2.jpg)
‘හොයියා හෝයියා!’ කඹ තුනක් යොදා එකට තාලය අල්ලමින් දෙපැත්තට අදිමින් පිළිමය ගෙන යන්නයි මේ දැන් හදන්නේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjoUTx_wr9jczPnFg6UUGG8Qwg4BYLP72om5sVts963wX3R_TaNE3xz9dwGFlWamxf-jiNN7kXvU07aQ8v-Bny8-sUomzbarNsc2d9z1tSkWVFreD7ZXILCRyscGtyNSl68lJRzXBSPgE/s1600/3.jpg)
පාස්කු දූවේ අහු අකිවිහී ම ඕයි පිළිම රැස. මෙහි 1000කට ආසන්න ගණනක් තියෙනවා.මහාචාර්ය ලිපෝගේ මේ උත්සාහය විද්‍යාත්මක එකක් නොවේ යයි විවාදයක් ඇති වී තිබෙන්නේ මේ සඳහා යොදා ගත් පිළිමය නියම පිළිමයක සැබෑ අනුරුවක් නොවීම නිසයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj52ResFA-eJ_r3-qi4_EzjyuqtrfYXIIJ9NYHqbWPrMJBLoWHfh1wTSZNt4tH7eiHWEQuJLx-EA8mS3YI6q25VIh4RBc25tRy1ZcsWFGd5VgATQIpBQCVRzBsHUoWHJ0FMtyepeXWT86A/s1600/5.jpg)
මෙම සිතියමෙන් දැක්වෙන්නේ ම ඕයි පිළිම පාස්කු දූව පුරා විසිරී ඇති ආකාරයයි. කොළ පැහැයෙන් දැක්වෙන්නේ අංගසම්පූර්ණ පිළිම ගමනාන්තය දක්වා ගෙනත් ඇති ආකාරයයි. නිල් පැහැයෙන් දැක්වෙන්නේ රානෝරරාකු ගල්වළ අසල ඇති සම්පූර්ණ නොකළ පිළිමයි. දුඹුරු පැහැ තරුවලින් දක්වා ඇත්තේ අතරමග දමා ගිය අසම්පූර්ණ පිළිමයි.
පාස්කු දූවේ ලෝක ප‍්‍රකට යෝධ පිළිම ගැන කෙටියෙන්
කාබන් දින නිර්ණයන්ට අනුව මේ පිළිම අයත් වන්නේ කි‍්‍ර.ව. 1100-1680 කාලයටයි.
දූවේ තැන්පත් කර ඇති හා කෞතුකාගාර ප‍්‍රදර්ශන පිළිමත් සමග ලේඛන ගත කොට ඇති මුළු පිළිම ගණන 887ක්.
මෙහි ඇති බොහෝ පිළිම උඩුකය පෙන්වන ඒවා වුවත් දණහිසෙන් ඉහළට හා සම්පුර්ණ සිරුරම ඇතුළත් වන සේ නෙළුෑ ඒවාත් මෙහි තියෙනවා.
සියලූම පිළිම නිමවා ඇත්තේ මළ යමහලක් වූ රානෝ රරාකු වළෙන් ලබා ගත් ගලෙනි.
මෙහි වේදිකාවක නංවා තබා ඇති ලොකුම පිළිමය ‘පාරෝ’ නම් වෙනවා. එහි බර ටොන් 82ක්. උස අඩි 32කට මඳක් වැඩියි.
ඔබට ඔවුන් පිළිමයේ අනුරුවක් ගෙන ගිය හැටි වීඩියෝවෙන් බලා ගන්න පුළුවන්.
4 Comments
සුපිරියි නේ බොහොම ආසාවෙන් කියෙව්වවේ
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
niyamayi.
ReplyDeleteමේ වගේ එකක් වත් දැන් හදාගන්න බෑනේ
ReplyDeleteපොඩි කාලෙ රූපවාහිනියේ ගිය ආතර් සී. ක්ලාක් මහතා සිටි වැඩසටහනකින් තමයි මම මේව මුලින්ම දැක්කෙ. ඒ කාලෙ ඉඳල අද වෙනකම්ම මේක මට හරිම ආසාවක් ඇති උනු අභිරහසක්.
ReplyDelete