HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මේ තමා ඔබේ අයිෆෝනයට එක්වන අලූත්ම උපාංගය! ඔබේ ස්මාර්ට් ෆෝනයෙන් එන හඬ මේ නළාවෙන් වැඩිකොට දිය හැකියි!

 
අයිෆෝන් ග්රැමෆෝනයේ තියෙනව පැරණි ග්රැමෆෝනයේ වගේ මලක්. ඒකෙන් තුන් හතර ගුණයක් හඬ වැඩි කර දෙන්න පුළුවන්.

මේ ග්රැම් අයිෆෝනයක්! ඔබේ ස්මාර්ට් ෆෝනයේ එන සංගීත ශබ්දය වැඩිකොට දිය හැකියි!

මෙය ඇමරිකානු සැලසුම් ශිල්පියකුගේ නිර්මාණයක්. මෙහි ඇති කෞතුක ලක්ෂණය නිසා ඉක්මනින් ජනපි‍්‍රය වේවි කියලයි, හැමදෙනා ම කියන්නෙ.

ඔබට තියෙන්නේ මෙහි පාදමේ ඇති ඉඩකඩෙහි ඔබේ ස්මාර්ට් ෆෝනය තියන එක විතරයි. යා කිරීමක් හෝ විදුලි බලය සැපයීමක් හෝ අවශ්‍ය වන්නේ නැහැ. ඒ ෆෝනයේ හඬ තුන්හතර ගුණයකින් වැඩි කර දෙනවා.

මේ අතීත උපාංගයේ නව සංකල්පය ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝහී සිටින ගෘහ භාණ්ඩ සැලසුම්කරුවකු වූ මැට් රිච්මන්ඞ්ගෙන්. ඔහු මේ සැලසුම සකසා ගත්තේ ඊස්ට් බේහී කෞතුක භාණ්ඩ අලෙවි සලකින් ලබා ගත් විස්සේ දසකයේ මල සහිත පැරණි ග‍්‍රමෆෝනයකින්.

”වික්ටෝරියානු යුගයට අයත් මේ පැරණි නළාව දැක්ක ගමන් මට හිතුනා මේක මගේ ෆෝන් එකට හරියයි කියලා” ඔහුට අපූරු අදහස ආ හැටි විස්තර කළා.

”මං මගේ ෆෝනය ස්පීකරයේ කට ළඟට තියලා බැලූවා. එකවරම මට තේරුම් ගියා කළ යුත්ත.”

ඔහු තද දැව වර්ගයක කැබැල්ලක් අරගෙන ස්පීකරයට විවරයක් කැපුවා. ෆෝනය තියන්නත් හිඩැසක් කැපුවා. ඒ දෙක යා කරන්න චැනලයක් හැදුවා.

වැඬේ හොඳට කෙරුණා. අයිෆෝනයට ඒ ස්පීකරය හරි ගියා. බැටරියක් හෝ පේනුවක් අවශ්‍ය වුණේ නැහැ.

රිච්මන්ඞ්ගේ මුල් උපාංගය දැකපු හැමෝම ඔවුන්ටත් එකක් හදල ඉල්ලූවා. ඔහු කීප දෙනකුට හදල දුන්නා. ඉල්ලූම වැඩි වුණා. නව අපාංගයට දකින හැමෝම කැමති වුණා.

මේ නව උපාංගය අලෙවි කිරීමට ක‍්‍රමවේදයක් අවශ්‍ය වුණා. අන්තර්ජාලයේ මේ ගැන ගියාට පස්සේ හැම තැනින්ම ඉල්ලූම් ගලා එන්න පටන් ගත්තා.

ඔහු සිය සැලසුම තවත් වැඩි දියුණු කරලා තවත් පිළිගත් උසස් සන්නමක් යටතේ වෙළඳ පොළට දැම්මා. අන්තර් ජාලයේ ලබා ගන්නට පුළුවන් ‘රිස්ටෝරේශන් හාඞ්වෙයා’ (Restoration Hardware) වෙතින්.

දැන් මෙය හඳුන්වා ඇත්තේ අයිෆෝන් ග්රැමෆෝන් (iPhone Gramophone) කියලයි. දැන් මෙය අතීතය සිහිපත් කරන, කෞතුක භාණ්ඩයක් ලෙසත් ජනපි‍්‍රයයි. එයින් ලැබෙන ප‍්‍රයෝජනයත් අතිමහත්.

අතින් හැඩ කපා වල්නට් දැවයෙන් නිෂ්පාදනය කෙරුණු මේ නව ග්රැමෆෝනය ඕනෑම අයිෆෝනයකට භාවිත කළ හැකියි. මෙහි යකඩ හා පිත්තල නළාව තිබුණත්, ‘අයිෆෝන් 5’ ටත් තාක්ෂණික ගැටලූවක් නැහැ.

”පාවිච්චිය හරිම ලේසියි. ඔබ ඉන්නා තැනක් දෙසට මේ නළාව හරවන්න පුළුවන්. ඔබ මෙය කාමරයේ මුල්ලක තිබ්බොත් අයිෆෝනයෙන් එන සංගීතයෙන් මුළු කාමරයම පිරී යාවි.” රිච්මන්ඞ් කියනවා.

 
මේ නව ග්රැමෆෝනය ඕනෑම අයි ෆෝනයකට භාවිත කළ හැකියි. ‘අයිෆෝන් 5’ටත් තාක්ෂණික ගැටලූවක් නැහැ, මෙහි යකඩ හා පිත්තල නළාව තිබුණත්.

 
සැන් ෆ්රැන්සිස්කෝහී ගෘහභාණ්ඩ සැලසුම්කරුවකු වූ මැට් රිච්මන්ඞ්ගේ අලූත්ම නිෂ්පාදනය, පැරණි ග්රැමෆෝන නළාවක ආකෘතියකට තැනූ අයිෆෝන ග්රැමෆෝනය.

Post a Comment

1 Comments