HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නවසීලන්තයේ හොබිටන් සිනමා ගම්මානය බලන්න ලොව පුරා සංචාරකයන් වැල නොකැඞී! ඒ ගමනට ‘මල් කැකුළු’ත් එක්වුණා!

නවසීලන්තයේ වැඩිම අලෙවියක් ඇති පොත බයිබලයවත්, නවසීලන්ත රගර් කණ්ඩායම වූ ඕල් බ්ලැක්ස් ගැන ලියැවුණු පොතක්වත් නෙවෙයි. ඒ ‘ලෝඞ් ඔෆ් ද රිං’ (Lord of the Ring) සිනමාවට නැඟූ තැන බලන්න එන සංචාරකයන්ට අලෙවි කරන මාර්ගෝපදේශක අත්පොතයි.

මීට වසර 11කට පෙර නිෂ්පාදනය කළ, චිත‍්‍රපට අධ්‍යක්ෂ පීටර් ජැක්සන්ගේ මේ ‘ලෝඞ් ඔෆ් ද රිං’ චිත‍්‍රපට මාලාවේ මුල්ම චිත‍්‍රපටය නවසීලන්තයේ පමණක් නොව ලොව පුරා සිනමා ලෝලයන්ගේත් ආදරය එකසේ දිනා ගත්තා. චිත‍්‍රපට ති‍්‍රත්වය තනා නිම කළ පසු ඒ චිත‍්‍රපට තැනූ ගම්මානය බලන්න ලොව නන් දෙසින් ජනතාව ගලා එන්න පටන් ගත්තා. දැන් එය නවසීලන්තයේ අංක එකේ සංචාරක ආකර්ෂණය බවට පත් වෙලා!

ඒ ගම්මානය දැන් හැඳින්වෙන්නේ හොබිටන් කියලයි. පීටර් ජැක්සන් පසුගියදා මේ ගම්මානයේ තවත් චිත‍්‍රපට ති‍්‍රත්වයක් හැදුවා. එහි මුල් චිත‍්‍රපටයේ මංගල දර්ශනය නොවැම්බර් 28 වැනිදා නවසීලන්තයේ අගනුවර වූ වෙලින්ටන්හිදී පැවැත්වීමට නියමිතයි. පීටර් ජැක්සන් පදිංචිව සිටින්නේ ඒ නගරයේයි.

 
නවසීලන්තයේ මටමටා හී ඉදිකර ඇති හොබිටන් සිනමා ගම්මානයයි, මේ.

බි‍්‍රතාන්‍ය ලේඛක ජේ. ආර්. ආර් ටෝල්කිං (J R R Tolkien) 1978 වසරේ දී ලියූ තුන් ඈඳුතු නවකතාව ඇසුරින් නිර්මාණය වූ ‘ලෝඞ් ඔෆ් ද රිං’ චිත‍්‍රපට මාලාව ලොව පුරා අතිශයින් ජනපි‍්‍රය වුණා. ‘කඩු සටන් සහ මායාකර්ම’ (Sward and Sorcery Fiction) ප‍්‍රබන්ධ ලෙස හැඳින්වෙන සාහිත්‍යංගයක් වන ලෝඞ් ඔෆ් ද රිං නව කතා ති‍්‍රත්වයෙන් නිරූපණය වන්නේ පෘථිවියේ පුරාණතන යුගයක සිදුවන හොඳ සහ නපුර අතර ගැටුමකි.

ෆ්‍රෝඩෝ බැගන්ස් නමැති අඟුටු මිටි හොබිට්වරයාට මැජික් මුද්දක් හමුවෙනවා. එම මුදුවේ හිමිකාරයා සව්රෝන් නමැති නපුරායි. සව්රෝන් සහ ඔහුගේ සහචරයන්ගෙන් බේරී සව්රෝන්ගේ අඩවියේ පිහිටි ගිනි කන්දකට ගෙන ගොස් එම මුදුව විනාශ කිරීම මේ ෆ්‍රෝඩෝ බැගන්ස්ගේ වීර වික‍්‍රමයට අයත් වෙනවා. එහිදී ඔහුට ඔහුගේ හොඳම මිතුරා සෑම් සහ තවත් හොබිට්වරුන් දෙදෙනකු වන මේරි සහ පිපංගේ සහාය ලැබෙනවා. ඊට අමතරව ඔහුට මේ කටයුත්තේදී ගැන්ඩෙල්ෆ් නම් මායාකාරයාගේත්, රජකම බාර නොගෙන පිටුවහලකු ලෙස ජීවත්වන ඇරගොන්ගේත්, දිගු කන් ඇති එල්ෆ්වරයකු වන ලියොලිස් සහ ගිම්ලි නමැති අඟුටු මිට්ටාගේත් සහාය ලැබෙනවා.

‘ලෝඞ් ඔෆ් ද රිං’ තුන් ඈඳුතු නවකතාවට, එහෙමත් නැත්නම් ප‍්‍රබන්ධ කතා ති‍්‍රත්වයට, අයත් නවකතා වන්නේ ‘ෆෙලෝෂිප් ඔෆ් ද රිං’, ‘ටූ ටවර්ස්’ සහ ‘රිටර්න් ඔෆ් ද කිං’ යන ග‍්‍රන්ථ තුනයි. මේවා පීටර් ජැක්සන්ගේ අධ්‍යක්ෂණයෙන් රිදී තිරයට ආවේ 2001, 2002 සහ 2003 යන වසරවලදීයි. නවීන සජීවීකරණ ශිල්ප ක‍්‍රම භාවිත කරමින් නිර්මාණය කළ එම සිනමා ති‍්‍රත්වය සිනමා ලෝලීන්ගේ පමණක් නොව විචාරකයන්ගේ ද පැසැසුමට ලක් වුණා; සම්මානයට ද පාත‍්‍ර වුණා.

මේ ‘ලෝඞ් ඔෆ් ද රිං’ චිත‍්‍රපට මාලාවේ දී හොබිට්වරුන්ගේ ඒ සුන්දර ගම්මානයට ඉතා වැදගත් තැනක් හිමි වෙනවා. චිත‍්‍රපටවල දර්ශනතල ඉදි කළ ප‍්‍රදේශය හැඳින්වෙන්නේ ‘ෂයර්’(The Shire) නමිනුයි. මේ ‘ලෝඞ් ඔෆ් ද රිං’ චිත‍්‍රපට සියල්ල ම රූගත කළේ නවසීලන්තයේදි ‘ෂයර්’ ප‍්‍රදේශයේයි. එහි හොබිට් ගම්මානය සැබෑ ලෙසින් ම නිර්මාණය කරන්නට ඒ චිත‍්‍රපට මාලාවේ කලා අධ්‍යක්ෂවරයා හා පිරිස සමත් වුණා. එය ස්වභාවික චිත‍්‍රාගාරයක් වූ අතර අද එය ‘හොබිටන්’ නමින් සංචාරක ආකර්ෂණයක් වෙලා!

‘ලෝඞ් ඔෆ් ද රිං’ චිත‍්‍රපට පෙළ සාර්ථක වීමත් සමඟ ටෝල්කින් 1966 දී ලියූ ‘හොබිට්’ නමැති කෙටි කතාව ද චිත‍්‍රපට ති‍්‍රත්වයක් ලෙස මේ වන විට නිර්මාණය වෙමින් තියෙනවා. එයත් පීටර් ජැක්සන්ගේ අධ්‍යක්ෂණයක්. එම චිත‍්‍රපට ති‍්‍රත්වය ‘ද හොබිට්: අන්එක්ස්පෙක්ටඞ් ජර්නි’, (The Hobbit: An Unexpected Journey) ‘ද හොබිට්: ඩෙසොලේෂන් ඔෆ් සාමුග්’ (The Hobbit: The Desolation of Smaug) සහ ‘ද හොබිට්: දෙයා ඇන්ඞ් බෑක් අගේන්’ (The Hobbit: There And Back Again) යනුවෙන් නම් කර ඇති අතර එහි පළමු වන චිත‍්‍රපටයේ මංගල දර්ශනය මේ වසරේ නොවැම්බර් 28 වැනිදා වෙලින්ටන්හි එම්බසි සිනමාහලේදී තිරගතවීමට නියමිතයි. එය ලෝක සිනමා ලෝලීන්ට දැක ගන්නට ලැබෙන්නේ දෙසැම්බර් 14 වැනිදා සිටයි. එහි දෙවැනි හා තුන්වැනි චිත‍්‍රපට පිළිවෙළින් 2013 දිත් 2014 දිත් තිරගත වේවි. මෙම හොබිට් කතාවලට පාදක වන්නේ ‘ලෝඞ් ඔෆ් ද රිං’ කතා පෙළ සිදු වූ වකවානුවට පෙර කාලයට අයත්වූ සිදුවීම් සමුදායකි. එනම් ෆ්‍රෝඩෝ අතට පත්වන මායා මුදුව ෆ්‍රෝඩෝගේ මාමා බිල්බෝ බැගන්ස් අතට පත් වීම සහ ‘ලෝඞ් ඔෆ් ද රිං’ කතා පෙළේදී හමුවන ගෝලම් නමැති නපුරු සත්වයා (මොහුද කලක් හොබට්වරයකු ව සිටි අතර මායා මුදුව නිසා දැන් විකෘති සත්වයකු බවට පත් වී සිටිනවා.) මුදුව සොයමින් පැමිණීම සහ බිල්බෝ මුදුව සොරකම් කරගෙන යෑම ආදියයි. බිල්බෝ බැගන්ස්ගේ මිතුරු ගැන්ඩෙල්ෆ් ද මෙම චිත‍්‍රපටයේදී හමුවෙනවා.

 
වෙලින්ටන්හී වෙටා ලෙන් කුඩා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇති ගොලම් චරිතයේ පිළිරුව පිරික්සන වාර්තාකාරියක්.

 
හොබිට් චිත‍්‍රපට මාලාවේ ප‍්‍රධාන චරිතය වන බිල්බෝ ලෙස රඟපාන මාටින් ෆ්රීමන් එහි ජවනිකාවක.

මේ හොබිට් දර්ශනතල සකසා ඇත්තේ ඇලෙක්සැන්ඩර් පවුලට අයත් අක්කර 1250ක භූමි භාගයකයි. එහි ඇත්තේ බැටළු ගොවිපොළක්. එහි ‘ලෝඞ් ඔෆ් ද රිං’ චිත‍්‍රපටය සඳහා ඉදි කළ දර්ශනතල ගලවා ඉවත් කරලයි තියෙන්නෙ.

හොබිට් චිත‍්‍රපටය නැවත දර්ශනතල ඉදි කළා ස්ථිර ඒවා ලෙස, හොබිට් උමං නිවාස ආදිය. දැන් ඒවා සංචාරක ලැගුම්හල් බවට පත් කරලා තියෙනවා.

මෙය දැන් සංචාරක ආකර්ෂණයක් ලෙස සකස් කරලයි. තියෙන්නෙ. එහි අයිතිය ඇත්තේ පීටර් ජැක්සන්ට හා ඇලෙක්සැන්ඩර් අයටයි.

‘මල් කුකුළු’ විසින් ලබගත් ඡායාරූප කීපයක්...




























Post a Comment

3 Comments

  1. නියම ලිපියක්! හිතන්න දේවල් ගොඩකුත් ඉතුරු වුනා. ඒ වුනාට පොඩි කොස්සක් තියෙනවා. කෝ මේකේ ජයමාන්න මහත්තුරුන්ගේ මූණත් තහඩු. ඒවත් තිබ්බනං වැඩේ සම්පුර්ණයි. :)

    ReplyDelete