HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෑස්ති වෙන්න! අමුතුම අමුතු රියකින් ගමනක් යන්න! අනාගත විද්‍යා ප‍්‍රබන්ධ කතාවක් කාරෙකක් වගෙයි!

මේක ඇස් අදහන්න බැරි තරම් දෙයක්! විශේෂයෙන් තැනූ මෝටර් රථයක්. මේක ඇනවුම් කරලා තියෙන්නේ විවිධ මාදිලියේ නවීන මෝටර් රථ ගණනාවක හිමිකරුවෙක්.

ඔහු මේ සඳහා වැය කරන මුදල පවුම් 75,000යි. කලින් ‘මල් කැකුළු’වලින් පෙන්නූ පෝෂේ 911 මාදිලියත් අලෙවි කළේ මේ මිලටමයි.

මේ අනාගතවාදී මෝටර් රථය සැලසුම් කර නිර්මාණය කර ඇත්තේ ‘කිට් කා මයික්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන නව මෝටර් රථ සැලසුම්වලට කීර්තියක් දිනා සිටින මයිකල් වෙටර් (Michael Vetter) නව නිපැයුම්කරුවායි. (ඔබට මතකද ‘කිට් කාරය’ ආවෙ නයිට් රයිඩර් රූපවාහිනි කතා මාලාවෙ)

මෙය දැනට මහමග දුවන හැම කාරෙකකටම වඩා වෙනස් එකක්. හැබැයි මේක ඊටී විද්‍යා ප‍්‍රබන්ධයේ ආ යානයකට වඩා ‘මයිනරි රිපෝට්’ චිත‍්‍රපටයේ ටොම් කෲස් පදවන කාරයට වඩාත් සමානයි. ‘බැක් ටු ද ෆියුචර්’ චිත‍්‍රපටයේ ඩි ලොරේන් කාරයට වඩා හුඟක් ඉරියෙන් ඉන්න, සුපිරි ධාවනයක් සහිත මෙයට විද්‍යා ප‍්‍රබන්ධවලට කැමති ලෝලයන් පිස්සු වට්ටන්න තරම් පෙනුමක් හා වේගයක් තියෙනවා.

 
මේ පිටසක්වළ යානයක් නෙවෙයි. අමුතු මාදිලියේ කාරයක්. මිල පවුම් 75,000ක්.

මෙහි ඉදිරිපස වීදුරුව, ඒ කියන්නේ වින්ඞ්ස්කී‍්‍රන් එක, අඩි පහක් උසයි. දෙපැත්තෙන් ඉහළට ඇරෙන දොරවල් දුරස්ථ පාලකයකින් අරින්න පුළුවන්. අනාගතයට ඔබව ගෙන යන විද්‍යා ප‍්‍රබන්ධවලටත් එහා ගිය රියක්.

කිට් කා මයික්ගෙ මෝටර් රථ කර්මාන්ත ශාලාව තියෙන්නෙ ඇමෙරිකාවෙ ෆ්ලෝරිඩාවලයි. ඔහු දැනටමත් මේ විදියෙ ‘පිටසක්වළ’ කාර් හතක් හදලා තියෙනවා. එක දැන් මාදිලියක් එංගලන්තයේ මිඞ්ල්සෙක්ස්වල පිහිටි ලන්ඩන් මෝටර් රථ කෞතුකාගාරයෙ ප‍්‍රදර්ශනයට තබා තියෙනවා.

මයික් කියන්නේ, ”මේ නව මාදිලියේ කාරය මං නිපදවූයේ නවීන මාදිලියේ කාර් හැම එකක්ම වාගේ තියෙන කෙනකුටයි. ඒ තියෙද්දිත් ඔහු තවත් වෙනස් අමුතු දෙයක් බලාපොරොත්තු වෙනවා.” කියායි.

”මං මේ වෙනකොට මේ වගේ විශේෂ ඇණවුම්වලට කාර් 100කට වැඩිය නිපදවලා තියෙනවා. ඒත් ඒ හැම එකකටම වඩා මේ කාරය වෙනස්; ඒ වගේ ම අමුතුයි; ලස්සනයි. පෙනුමෙන් හා විශ්වාසවන්ත භාවයෙන් ඉතා උසස්. මේක ගහන්න කාරෙකක් නැහැ.

”මේක මං බලාපොරොත්තු වුනාට වඩා වැඩි කැමත්තක් පාරෙ ධාවනය කරන කොට මට ලැබුණා. වෙනදා මං සුපිරි කාරයක් එළවන කොට වඩා පස් ගුණයක් පමණ දෙනා මේකෙ පින්තූර ගත්තා.” ඔහු කියනවා.

ෆෝක්ස්වාගන් සමූහ ව්‍යාපාරය විසින් සැලසුම් කොට ප‍්‍රංශයේ බුගටි මෝටර් රථ සමාගම නිපදවූ බුගටි වේරොන් කාරය පසුගිය දසකයේ ලෝකයේ හොඳම කාරය බවට පත්වුණා. පැයට කි.මී 400ක වේගයෙන් යන්න පුළුවන් නිසා ලෝකයේ ලොකුම අවධානය ඊට යොමු වුණා. ‘ඒ අතින් මේකට ඊටත් වැඩි අවධානයක් ලැබෙන්න ඕනෑ.’ කියලයි මයික් කියන්නෙ.

ඔහුගේ වෙබ් අඩවිය ඔස්සේ ඔහු කියන්නේ, ”අනාගතයට සුදුසු මෝටර් රථ සංකල්ප අසස් තත්වයෙන් නිර්මාණය කර ඔබේ සිහිනය හැබෑ කරන්න අපි කැමතියි. ඒක් ඔබට එදිනෙදා කටයුතුවලට යොදා ගන්න පුළුවන් විදියට නිමවන්නයි අපේ බලාපොරොත්තුව.” කියායි.

මේ කාරයට තිරිංග අශ්වබල 270ක් ඉදිරි රෝදවලට යවන්න පුළුවන්. මෙහි වේග පහක ගියර් පෙට්ටියක් තියෙනවා. මේ රිය තුළ කැමරා දෙකක් සවි කර තියෙනවා. මෙහි ඇති අමුතු හැඩය නිසා රිය ගාල් කිරීමේදී ඒවා විශේෂයෙන් උපකාර වෙනවා

 
මේ නව සංකල්පය මේ මාදිලියේ නව කාර් 100කට වඩා සැලසුම් කළ මයිකල් වෙටර්ගෙයි.

 
ඉදිරිපස වීදුරුව අඩි පහක් උසයි. දෙපැත්තේ දොරවල් දුරස්ථව ඉහළට අරින්න පුළුවන්.


 
”මුලින්ම මහමග ධාවනය කළ දා මං සුපිරි කාරයක් පදවද්දීට වඩා පස්ගුණයක් දෙනා මෙය ඡායාරූප ගත කළා.” මයිකල් කියනවා.

 
මෙයට බලය සැපයෙන්නේ සුපිරි ආරෝපිත එන්ජිමකින්.

 
පැරණි විද්‍යා ප‍්‍රබන්ධයක් වූ ‘බැක් ටු ද ෆියුචර්’ ආ ඩි ලොරේන් රථය



Post a Comment

2 Comments