HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විනිවිද දැකිය හැකි කාරයක්! පදවන්නාට වීදුරුවලින් තැනූ කාරයක් වාගේ දැනෙනවා!

‘ඩයි අනදර් ඬේ’ නම් ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපටයේ වීරයා මිදුණු විලක් මත දී අදිසි රියක් අධි වේගී මෝටර් රථ ලූහුබැඳීමකදී විදුලි වේගයෙන් පදවා ගෙන යන දර්ශනයක් එනවා.

ඒ වගේ කාරයක් සැබෑ ජීවිතයේදීත් එලවන්න අවස්ථාව ලැබෙන්නයි යන්නෙ. මෙම ‘විනිවිදක’ රිය ජපන් පර්යේෂකයන් පිරිසකගේ නව නිර්මාණයක්.

 
ජේම්ස් බොන්ඞ් දිය මිදුණු විල මැදින් විනිවිද රිය පදවා ගිය අයුරු. ඒ වගේ හැබෑ රියක් දැන් ජපාන පර්යේෂක පිරිසක් නිර්මාණය කර තියෙනවා.

තෝකියෝ නගරයේ රථ ගාල් කරන්න යන රියැදුරන්ට මේ විදියේ කාර් ලොකු පහසුවක් වෙනවා. පසුපස ඇති බාධක සියල්ලම රථය විනිවිද දැක ගන්න රියැදුරාට පුළුවන්. පසුපස ආසන තිබීම ඊට බාධාවක් වෙන්නේ නැහැ.

රිය පසුපස ළමයින්, සතුන්, වෙනත් බාධක ආදිය තිබුණොත්, මහමඟ යොදා ඇති කොට බාධක කුලූනු ආදිය වෙතොත් ඒවා පහසුවෙන්ම දැක ගත හැකිවෙන විදියටයි, මේ නව ක‍්‍රමයේ කාරය සකසා ඇත්තේ.

රිය නැවතුම් තීරුවල රිය සමාන්තරව නැවැත්වීමේදී මෙය රියැදුරන්ට ඉතාමත් ප‍්‍රයෝජනවත් වෙනවා. රියේ බඳ තුළින් පිටත දකින්නට හැකි වීම විස්මයජනක දෙයක්.

‘ඩයි අනදර් ඬේ’ නම් ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපටයේ වීරයා ඇස්ටන් මාටින් වැන්ක්විෂ් මේ ආකාරයේ වාහනයක් පදවනවා. ඔහුට ඒ රිය ඇතුළේ ඉඳ ගෙන පසුපසින් වූ අවට ඇති දේ සියල්ල නරඹන්න පුළුවන්. චිත‍්‍රපටයේදී එය සිදු කළේ ආලෝක විමෝචන පොලිමර් යොදා වාහනයේ බඳ කොටස් ආවරණය කරලයි. ජේම්ස් බොන්ඞ්ට ඒ කාරය විනිවිද පෙනෙන්නේ එහෙමයි.

මෙයට අමතරව ඒ බොන්ඞ්ගේ රථයේ බොනට්ටුවේ ස්වයංකී‍්‍රය ගිනි අවි සවි කර තියෙනවා. ඒවා සැඟවී තිබී බොන්ඞ්ට අවශ්‍ය විට එක් වරම උඩට මතු වෙනවා. රෝදවල ටයර්වලට ඇණ සවිකර තියෙනවා. දිය මිදුණු විලක ලිස්සන්නේ නැතිව වේගයෙන් පදවන්නට ඒවා ප‍්‍රයෝජනවත් වෙනවා.

ඒත් ජේම්ස් බොන්ඞ්ගේ රියේ තාක්ෂණය තරම් මේ හඳුන්වා දෙන නව නිපැයුම උසස් නැහැ. ඊට වඩා අඩු මට්ටමකටයි, මේ නව නිපයුම තවමත් තියෙන්නෙ.

මේ සැබෑ රියේ පසුපස කොටසේ විශේෂ කැමරා දෙකක් සවි කරල තියෙනවා. ඒවායින් තමයි, රියැදුරාට පසුපස දර්ශනය සම්පූර්ණයෙන්ම පෙන්වන්නේ.

 
කාරය ඇතුළෙන් විනිවිද පෙනෙනවා. එහි දී රියැදුරාට කාරයේ ඇතුළත සිටියදී එහි බඳ හරහා පිටත ඇති දේ සම්පූර්ණයෙන්ම පෙනෙනවා. (මේ ඒ බොන්ඞ් චිත‍්‍රපටයේ ආ ජවනිකාවක්.)

‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන විදියට රියැදුරු අසුනේ සිට බලන විට රියැදුරාට රිය පසුපස මුළු දසුනම හොඳින් පෙනෙනවා. මේ සඳහා කැමරාවක් හා පරිගණකයක් ඒකාබද්ධ කර එවේලේම ගනු ලබන පින්තූර පසුපස අසුන් මතට ප‍්‍රක්ෂේපණය කරනවා. එවිට කාරය විනිවිද පෙනෙන්නා සේ රියැදුරාට දැනෙනවා.

ඒ පුවත්පතට ප‍්‍රකාශයක් කළ තෝකියෝහී කියෝ සරසවියේ මසහිකෝ ඉනාමි කියන්නේ, ”මේ රිය පදවන්නාට දැනෙන්නේ වීදුරුවලින් තැනූ කාරයක් පදවනවා වාගෙයි.” කියායි.

ඉනාමි වැඩ කරන ඒ විශ්ව විද්‍යාලය තමයි, මේ අපූරු නව නිර්මාණය සඳහා අවශ්‍ය තාක්ෂණය බිහි කළේ.

මේ තාක්ෂණය වැඩිදියුණු කොට දැන් ටොයොටා පි‍්‍රයුස් හයිබි‍්‍රඞ් වාහනයට සවි කර තියෙනවා අත්හදා බැලීමක් හැටියට.

ජපන් මෝටර් රථ නිෂ්පාදකයාගේ නියෝජිතයෙක් කීවේ, මේ නව තාක්ෂණය ඉදිරි නිෂ්පාදනවලට එක් කර ගැනීම පිළිබඳව පර්යේෂකයන් සමග සාකච්ඡා පවත්වමින් ඇති බවයි.

මෝටර් රථයේ වෙනත් කොටස් විනිවිද පෙනෙන ආකාරයට සකස් කිරීම ගැනද පර්යේෂකයන් අත්හදා බැලීම් කරගෙන යනවා.

ඒ අනුව ලොරි රථවල රියැදුරන්ට පැති දොර අස්සෙන් හන්දියක දී පැති මඟකින් එන සයිකල්කරුවකු පෙනෙන ආකාරයට දොර විනිවිදක කරන්නට පර්යේෂකයන් දැනටමත් අත්හදා බලනවා.

මේ වගේ ක‍්‍රමයක් ඇත්තෙන්ම ඉතා ප‍්‍රයෝජනවත්, මහමඟ සිදුවන අනතුරු අඩු කරන්නට. පසුගිය කාලයේ වාර්තා වුණු ආකාරයට වැඩිම අනතුරු ගණනක් සිදුවී ඇත්තේ පසුපසට ධාවනය කරන්නට ගිය අවස්ථාවලදීයි.


Post a Comment

1 Comments

  1. ලොව දැනුම ඔබ නිබද අප වෙත ගෙනනෙ.....අපේ හද පිරි තුති කුසුම් මිට ඔබට...
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete