HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

උඩු ගුවනින් ඔබට පණිවිඩයක්! ‘හායි! අපි දැන් ඔබේ නිවසට ඉහළින් යනවා. එළියට ඇවිත් බලන්න!’

මේ පණිවිඩය ඔබට එන්නේ නාසා ආයතනයෙන්. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ පිහිටුවා වසර 12ක් ගත වන මේ මොහොතේ කෙරෙන විශේෂ සේවාවක් ලෙසයි, මේ පණිවිඩය එවන්නේ.

මේ නව සේවාව ඔවුන් හඳුන්වන්නේ ‘ස්පොට් ද ස්ටේෂන්’ (Spot the Station) නම් ‘අභ්‍යවකාශ නැවතුම්පොළ දකින්න’ යන අරුත් ඇති නමකින්. ඔබට ඔවුන් මේ පණිඩය එවන්නේ හරියටම අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ ඔබේ නිවසට ඉහළින් යද්දීයි.

අහසේ බැලිය යුතු අත දැනගත් පසු, ඔබට දුරදක්නයක් නැතිව වුවත්, එය පහසුවෙන්ම දැක ගත හැකියි.

පාන්දරට හා සැන්දෑකාලයේ දී ඉක්මනින් අහස හරහා යන ආලෝකයක් ලෙස මෙය දැක ගත හැකියි.

 
අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ පිහිටුවා 12 වසරක් පිරීම නිමිත්තෙන් තමයි, ‘අභ්‍යවකාශ නැවතුම්පොළ දකින්න’ යන වැඩ සටහන දියත් කර තියෙන්නෙ.

”ඇත්තෙන්ම අසිරිමත් දෙයක් අභ්‍යවකාශ නැවතුම්පොළක් අපේ හිසට උඩින් පියාසර කරනවා දකින එක. මිනිසුන් අතින් ඉදිවුණු අති සංකීර්ණ පර්යේෂණාගාරයක් හා නේවාසිකාගාරයක් මෙහෙම එක විතරක් නෙවෙයි, හරියට එය දැකිය හැකි මොහොතේ අහසට දෙස බලා නැරඹීම ඇත්තෙන්ම සතුටට කරුණක්.” යැයි නාසා ආයතනයේ මානව ගවේෂණ හා මෙහෙයුම් කටයුතු බාර සම පරිපාලක විලියම් ගර්සටෙන්මේයර් කියනවා.

”අපි මේ අභ්‍යවකාශ නැවතුම්පොළේ දී විද්‍යාත්මක පර්යේෂණවල යෙදෙනවා, මේ මහ පොළොව මත ගෙවන අපේ ජීවිත සැපවත් කර ගන්න අවශ්‍ය දේවල් ගැනත්, ඒ වගේම ඈත එපිට සක්වළට කෙරෙන අපේ අනාගත අභ්‍යවකාශ ගමන්වලට මග පාදන දේවල් ගැනත්.” ඔහු වැඩිදුරටත් කියනවා.

මේ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ පහසුවෙන් දැක ගන්න පුළුවන්, ඉර බහින්නත් පායන්නත් ඉස්සරයි.

 
මෙය හැමදාම පොළොවෙන් ගිය කාට හරි නිවහන වුණා. පෘථිවි කක්ෂයේ රඳවා ඇති වෙනත් කිසිම යානයක් මේ තරම් දිගු කලක් අජටාකාශගාමීන්ට නවාතැනක් වුණේ නෑ.

 
පැහැදිලි රාති‍්‍රයකදී දුරදක්නයක් නැතිව වුනත් ඉක්මනින් අහසේ ගමන් කරන දීප්තිමත් ආලෝක වස්තුවක් හැටියට මෙය පහසුවෙන් දැක ගත හැකියි.

අහස පැහැදිලි නම් වේගයෙන් අහස හරහා යන දීප්තිමත් ආකාශ වස්තුවක් ලෙස මෙය දැක ගන්න පුළුවන්.

‘අභ්‍යවකාශ නැවතුම්පොළ දකින්න’ යන වැඩ සටහන යටතේ පෘථිවියට ඉහළින් එහි ගමන් මාර්ගයේ ස්ථාන 4,600ක් සලකුණු කරලා තියෙනවා. එසේම එහි තොරතුරු යවත්කාලීන කරනවා සතිපතාම.

මේ සේවාව මගින් ඔබට දැනුම් දෙන්නේ ‘අභ්‍යවකාශ නැවතුම්පොළ’ පහසුවෙන්ම ගස්වලට, ගොඩනැගිලිවලට, වෙනත් දෑවලට ඉහළින්, පහසුවෙන් දැක ගත හැකි අවස්ථාවලදී පමණයි.

ඔබට මේ සේවාව ලබා ගන්න පුළුවන් මේ වෙබ් අඩවියට එක් වීමෙන්: http://spotthestation.nasa.gov

Post a Comment

2 Comments

  1. මෙහෙම දෙයක් ගැන අප දැනුම්වත් කලාට බොහොම ස්තුතියි.. හරිම වටිනවා.

    ReplyDelete
  2. ඔන්න මම නම් රෙජිස්ටර් වුණා.. බලමු කොහොමද කියල.. දැනුවත් කලාට ස්තූතියි..

    ReplyDelete