HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න අපේ අහසේ අසිරිය! වලාකුළු මවන සිත්තම් බලන්න!

අහසේ වලාකුළුවල ඇති පාට මොනවාද? ඒවා අප කවුරුනුත් දන්නා පරිදි ‘කළු හා සුදු’ පාට ද? එහෙමත් නැත්නම් ‘අඳුරු’ වලාකුළු හෝ ‘පුළුන්කැටි’ වන් වලාකුළු විතරක්ද? මෙන්න ඔබට දැක ගන්න දුලබ රූප පෙළක්.

සොබාදහම අපූරු මැවුම්කරුවෙක්! විවිධ හැඩතල, විවිධ ප‍්‍රමාණ, විවිධ වර්ණවලින් වලාකුළු මවන්න සොබාදහමට පුළුවන්. සමහර විට කෙනකු මේ අමුතු හැඩයක් දැකලා පිට සක්වළ යානයක් ඇවිත් කියල හිතල රැවටෙන්නත් ඉඩ තියෙනවා. සමහරකු බිය වී ආරක්ෂක ස්ථාන කරා දුවන්නත් බැරිකමක් නැහැ.

වලාකුළුවල ඇති මේ අද්භූත හැඩතල අතර ඔබ කිසිදාක නොදකින්නට ප‍්‍රාර්ථනා කළ යුතු හැඩයකුත් තියෙනවා. ඒක සොබාදහමේ මැවිල්ලක් නොවෙයි. මිනිසාගේ මැවිල්ලක්! හැඩය යෝධ හත්තක් වගෙයි. ඒ තමා ජලකර බෝම්බ පිපිරීමකින් අහසේ මැවෙන වලාව.

මාසුර හෙවත් කාචාකාර වලාකුළු (Lenticular Clouds) ඒවායේ පියාඹන පීරිසි හැඩය නිසා සක්වළ ජීවීන් ගෙන විශ්වාස කරන්නන්ගේ කුහුල අවුස්සන්නවා. ඒවා සාමාන්‍යයෙන් ඇති වන්නේ වාතය කඳුමුදුන්වලින් හමා යාමේදීයි. එහිදී වාතය තෙත සහිත නම් කඳුවළල්ලට ඉහළින් උඩට නැඟීමක් සිදුවන විට එසේ ඉහළ නඟින වාතය යළි පහතට එන විට තාප ශක්තිය මාරුවීමක් සිදු නොවී ස්ථිරතාපී කි‍්‍රයාවලිය නිසා රත් වීමෙන් මෙවැනි වලාකුළු ඇති වෙනවා.

මාසුර හෙවත් කාචාකාර වලාකුළු (Lenticular Clouds) ඒවායේ පියාඹන පීරිසි හැඩය නිසා සක්වළ ජීවීන් ගෙන විශ්වාස කරන්නන්ගේ කුහුල අවුස්සන්නවා. ඒවා සාමාන්‍යයෙන් ඇති වන්නේ වාතය කඳුමුදුන් මතින් හමා යාමේදීයි. මේ වලාවන් දිගු වේලාවක් වෙනස් නොවී පවතිනවා.

මේ වලාකුළුවල හැඩතල සැකසෙන්නේ සුළංවල වේගයත් කඳුවල හැඩයත් අනුවයි. නිතර හමන සුළං නිසා මෙවැනි වලාකුළු ඇති වී හැඩය වෙනස් නොවී අහසේ එක තැන රැඳෙමින් දිගු කාලයක් පවතින්නට පුළුවන.

බිම සිට බලන විට තටක වලාකුළු (Shelf Clouds) පෙනෙන්නේ පහතින් පිහිටා ඇති ආකාරයටයි. කූඤ්ඤ හැඩැති මේ වලාකුළු බොහෝ විට ඇති වන්නේ අකුණු කුණාටු ඇති වන විටයි.

කුමුලොනිම්බස් (Cumulonimbus) වැහි වලාකුළු කෙළින් ම ඉහළ නඟිනවා. ඒවා නතරවන්නේ ම ස්වාභාවිකව හමුවන බාධකයක් වූ පතිවර්ති මණ්ඩලයෙහි (tropopause) වැදුනාමයි. එවිට ඒවා පැතලි වෙනවා. ඒවා සාමාන්‍යයෙන් වැඩිපුර ඇති වන්නේ දරුණු වැසි කුණාටු ඇති විටයි.

සුළං රැලිවල ස්වභාවය අනුවයි, වලාකුළු ඇති වන්නේ. ඒ වගේ ම වලාවන් හැසිරෙන්නේ. වා සුලි හෙවත් සළාවන් ඇති වූ විට පෙනෙන්නේ ඒවා සිදුරු වී ඇත්තාක් වගෙයි. ඒත් ඒවා පිහිටන්නේ ස්වාභාවිකවමයි. ඒවා නිර්මාණය කරන්නේ සුළං රටාවලින්.

නොක්ටිලූසන්ට් (Noctilucent) වලාකුළුවල පිරී ඇත්තේ හිම ස්ඵටිකයි. ඒවා වායුගෝලයේ කිලෝමීටර 80ක් විතර ඉහළින් එල්ලෙමින් තියෙනවා. හිරු එළිය වැටුණු විට ඒවා සිතිජයෙහි දීප්තිමත්ව පෙනෙනවා.

විදුලි ආරෝපිත වැසි කුණාටු අති විශාල බලයක් ඇතිව භ‍්‍රමණය වෙනවා. ඒවා වාතයේ ඉහළට යමින් දරුණු කාලගුණ තත්වයන් ඇති කරනවා. ටෝනේඩෝවන් වැනි ප‍්‍රචණ්ඩ සුළි සුළං, හිම කැටි වැසි, අනෝරා වැසි ආදිය ඇති වන්නේ, අකුණු ගහන්නේ දරුණු සුළං ඇති වන්නේ එවිටයි.

ගුරුත්ව වලාකුළු (Gravity Clouds) පැහැදිලිව පෙනෙන රැලිවලින් යුක්ත ඒවායි. ඒවා ඇති වෙන්නේ සාගර රැලි මත පිහිටි වායු ඉහළ නැඟීමත් ගුරුත්වාකර්ෂණය නිසා ඒවා යළි පහළට ඇදීමත් නිසායි. මෙසේ වායුව ඉහළ පහළ යාම නිසා ඇති වන බලපෑමෙන් ඒ වලාකුළු රටාවල රැලි සෑදෙනවා.

පියයුරු හෙවත් මැමටස් (mammatus) වලාකුළුවලට එම නම ලැබුණේ කාලගුණ විද්‍යාඥයන් අතින් මෙම වලාකුළුවල යටි කොටස් කිරි බුරුල්ලක නැතිනම් මවකගේ පියයුරු පිහිටි ආකාරයට පිහිටීම නිසයි. මෙවැනි වලා ඇති වන්නේ ඉතා දරුණු වැසි කුණාටු ඇති අවස්ථාවලයි.

පිලියස් (Pileus) වලාකුළු කුඩා ප‍්‍රමාණයේ වලා විශේෂයක්. ඒවා ඇති වන්නේ විශාල වලාකුළකට ඉහළින්. නිදසුනක් වශයෙන් යමහලක් විදාරණය වීමේ දී ඉන් නිකුත් වෙන අළුවලාවකට ඉහළින් මෙවැනි කුඩා වලාකුළු ඇති විය හැකියි.

ඇක්ටිනෝෆෝම් වලාකුළු පෙනෙන්නේ අභ්‍යවකාශයට පමණයි. මේවා ඉතා විශාල වලාකුළු වෙයි. කිලෝමීටර සිය ගණනක් දිගට විහිදෙනවා. මේවා බොහෝ විට ඇති වන්නේ පොද වැසි සහිත අඳුරු කාලගුණයකදීයි.

ස්වනික ශබ්දය (Sonic Boom) නිසා ඇති වන වලාකුළක්. ඉහළ අහසේ දී මෙවැනි වලාවක් ඇති වන්නේ ශබ්දයේ වේගය (පැ.හැ.768කට වැඩි වේගයක්) ඉක්මවා යන ජෙට්යානයක් ඒ වේගය ලබාගන්නා විටදියි. ඒ වේගයෙන් යද්දී ඒ පසුපසින් වායුගෝලයේ කොටසක අඩු පීඩනයක් ඇති වෙනවා. මේ කොටසේ පීඩනය ජලවාෂ්ප ලෙස පවතින වාතයේ පීඩනයට වඩා අඩු වූ විට වාතයේ ඇති ජල වාෂ්ප ඝන වී වලාවක් ඇති වෙනවා. ශබ්දයේ වේගය ඉක්මවිය හැකි ගුවන් යානාවල විවිධ වේගයන් නිසා මේ තත්වයන් වෙනස් වෙනස් අයුරින් ඇති විය හැකියි.

පරමාණුක අවියක් පුපුරුවා හැරිය විට ඇති වන දැඩි තාපය නිසා කෙළින්ම කැරකෙමින් ඉහළ නඟින තාප කඳ අවට ශීතල වායුව ඒ දෙසට ඇද ගන්නවා. එයින් සර්පිලාකාරව වාතය ඉහළ ගෙන යන අතර සර්පිලය මුදුනේ දී එය හත්තක හැඩයක් ගන්නවා. මෙය එක්තරා දුරක් ඉහළ නැඟ පහළට වැටෙනවා. එසේ වැටෙන්නේ පහළ සිටින හැමෝමටම, පහළ ඉතිරිව ඇති හැමටම, මරු කැඳවන විකිරණශීලී ද්‍රව්‍ය රැගත් මාරක වැස්සක් ලෙසයි. මිනිසා ඇති කරන මිනිසටම වින කරන මේ වලාව නොදකින එක තරම් වාසනාවක් තවත් නෑ.


බිම සිට බලන විට තටක වලාකුළු (Shelf Clouds) පෙනෙන්නේ පහතින් පිහිටා ඇති ආකාරයටයි. කූඤ්ඤ හැඩැති මේ වලාකුළු බොහෝ විට ඇති වන්නේ අකුණු සහිත කුණාටු ඇති වන විටයි. මේ ඇමරිකාවේ මිනෙසෝටාවලදී දක්නට ලැබුණක්.

කුමුලොනිම්බස් (Cumulonimbus) වැහි වලාකුළු කෙළින් ම ඉහළ නඟිනවා. ඒවා නතරවන්නේ ම ස්වාභාවිකව හමුවන බාධකයක් වූ පතිවර්ති මණ්ඩලයෙහි (tropopause) වැදුනාමයි. එවිට ඒවා පැතලි වෙනවා. ඒවා සාමාන්‍යයෙන් වැඩිපුර ඇති වන්නේ දරුණු වැසි කුණාටු ඇති විටයි.

මේ දුර්ලභ ගණයේ වලාකුළක්. චිලි රාජ්‍යයට අයත් ඇලෙක්සැන්ඩර් සෙල්කර්ක් දූපතේ ඇති කඳුමුදුනට ඉහළින් ඇති වූ මේ වලාකුළ වොන් කාමන් (Von Karman) වලාසළාවක් ලෙස හැඳින්වෙනවා. මේ පිළිබිඹුව කමරාවට හසු කර ගනු ලැබුවේ නාසා ආයතනයේ ලෑන්ඞ්සැට්-7 චන්ද්‍රිකාවේ සවිකර ඇති ඊටීඑම් නමින් හැඳින්වෙන සංවේදක උපකරණයකින්.

නොක්ටිලූසන්ට් (Noctilucent) වලාකුළුවල පිරී ඇත්තේ හිම ස්ඵටිකයි. ඒවා වායුගෝලයේ කිලෝමීටර 80ක් විතර ඉහළින් එල්ලෙමින් තියෙනවා. හිරු එළිය වැටුණු විට ඒවා සිතිජයෙහි දීප්තිමත්ව පෙනෙනවා. මෙය කැමරාවට හසු කර ගත්තේ වේගයෙන් යැවුණු මිසයිලයක් අහස සිසාරා ගිය පසුව ඇති වූ වලාකුළකින්.

විදුලි ආරෝපිත වැසි කුණාටු (Supercell thunderstorm) අති විශාල බලයක් ඇතිව භ‍්‍රමණය වෙනවා. ඒවා වාතයේ ඉහළට යමින් දරුණු කාලගුණ තත්වයන් ඇති කරනවා. ටෝනේඩෝවන් වැනි ප‍්‍රචණ්ඩ සුළි සුළං, හිම කැටි වැසි, අනෝරා වැසි ආදිය ඇති වන්නේ, අකුණු ගහන්නේ දරුණු සුළං ඇති වන්නේ එවිටයි.
මේ ගුරුත්ව වලාකුළු රටාව (Gravity wave clouds) හමුවුණේ මැක්සිකෝ බොක්කේ පිහිටි ටෙක්සාස් වෙරළට ඉහළින්. සාගරයට ඉහළින් ඇති වෙන මෙම රැලි රටාව ඉතා පැහැදිලිව පෙනෙනවා. මේ පිළිබිඹුව හසුකර ගත්තේ නාසා ආයතනයෙන් උඩුගුවනට යවා ඇති ඇක්වා චන්ද්‍රිකාවක සවිකළ ගුවන්විදුලි තරංග උපයෝගී කර ගන්නා වර්ණවලීමානයක් (Moderate Resolution Imaging Spectroradiometer) යොදා ගෙනයි.
මේ පියයුරු හෙවත් මැමටස් (mammatus) වලාකුළ දක්නට ලැබුණේ ඇමරිකාවේ දකුණු ඩකෝටාවේ ඊසානදිග ප‍්‍රදේශයේදියි. කාලගුණ විද්‍යාඥයන් මෙයට මැමටොකුමුලස් (mammatocumulus) යන නම වදන භාවිත කළේ ලතින් බසින් තන බුරුල්ලට යොදන නම ඇසුරු කර ගෙනයි. මෙම වලාකුළක යටිකොටසේ ඇති වලා ගුළි සෑදී ඇත්තේ කිරි බුරුල්ලක නැතිනම් මවකගේ පියයුරු පිහිටි ආකාරයටයි. මෙවැනි වලා ඇති වන්නේ ඉතා දරුණු වැසි කුණාටු ඇති අවස්ථාවලයි.

මේ ඡායාරූපය අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළේ සිට අජටාකාශගාමියකු විසින‘ ගන්නා ලද එකක්. මෙහි දැක්වෙන්නේ රුසියාවේ කුරිල් දූපත්වල පිහිටි සැරියෙචෙෆ් යමහල විදාරණය වෙද්දී ඒ ඉහළින් මතු වූ ඡුත‍්‍ර වලාවක් (මැද). මේ ඡුත‍්‍ර වලාවක් සෑදෙන්නේ දැවැන්ත වලාකුළකට ඉහළිනුයි.

ඇක්ටිනෝෆෝම් වලාකුළු අභ්‍යවකාශයේ සිට දැක ගත හැක්කේ මෙසේයි. මේ රටාවන් සැතැපුම් කිලෝමීටර ගණනාවක් දිග විහිදෙනවා. මෙවැන්නක් දර්ශනය වන්නේ පොද වැසි සමඟ අඳුරු කාලගුණයකදියි.

මෙය මිනිසා ඇති කරන වලාකුළක්. බැලූ බැල්මට පේන්නේ වලාකුළක් තුළින් ගුවන්යානයක් යනවා වාගෙයි. ඒත් ඉහළ අහසේ දී මෙවැනි වලාවක් ඇති වුණේ ශබ්දයේ වේගය ඉක්මවා යන ගුවන්යානයක් ඒ වේගය ලබාගත් අවස්ථාවේදියි. ඇමරිකානු ඒෆ්/ඒ-18 හෝනට් නම් ප‍්‍රහාරක ජෙට් යානය ඒ වේගයෙන් යද්දී ඒ පසුපසින් වායුගෝලයේ කොටසක අඩු පීඩනයක් ඇති වෙනවා. මේ කොටසේ පීඩනය ජලවාෂ්ප ලෙස පවතින වාතයේ පීඩනයට වඩා අඩු වූ විට වාතයේ ඇති ජල වාෂ්ප ඝන වී වලාවක් ඇති වෙනවා. ශබ්දයේ වේගය ඉක්මවිය හැකි ගුවන් යානාවල විවිධ වේගයන් නිසා මේ තත්වයන් වෙනස් වෙනස් අයුරින් ඇති විය හැකියි.

මේ ඔබ කිසිදාක දකින්නට නොපැතිය යුතු වලාකුළක්. මේ වලාකුළ 1956 මැයි 21 වැනිදා බිකිනි දූවට ඉහළ අහසේ දක්නට ලැබුණු එකක්. ඒ ඇමරිකාව හයිඞ්රජන් (ජලකර) බෝම්බය අත්හදා බැලූ අවස්ථාවේ දී අහසේ හත්තක් සේ මැවුණු වලාකුළයි. පරමාණු අවියක් පිපිර වූ විට ඇති වන දාම ප‍්‍රතිකි‍්‍රයාව නිසා පොළොවේ උෂ්ණත්වය ඉතා අධික වෙමින් කඳක් සේ ඉහළ නඟිනවා. මේ කාප කඳ ඇතුළට අවට ඇති ශීත වායුව උරා ගන්නවා. එවිට ඒ ඇතුළත ආවර්තව භ‍්‍රමණය වන සළාවක් නිර්මාණය වෙනවා. මෙය එක්තරා දුරක් ඉහළ නැඟ පහළට වැටෙනවා. එසේ වැටෙන්නේ පහළ සිටින හැමෝමටම, පහළ ඉතිරිව ඇති හැමටම, මරු කැඳවන විකිරණශීලී ද්‍රව්‍ය රැගත් මාරක වැස්සක් ලෙසයි.


Post a Comment

1 Comments

  1. සුපිරිම ලිපියක් මේකනම් හරිම වැදගත් නොදන්නා බොහෝ දේ දැනගත්තා මෙතැනින්
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete