HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න! හමුවන්න! මිස්ටර් බෲස් ලීප් (Mr. Bruce Leap) - කුන්ග් ෆූ සටන්කාර උභයජීවියා!

මේ තමා ඇස් රතු කර ගත් ගස් ගෙම්බා! මධ්‍යම ඇමෙරිකාවේ වැසිවනාන්තරවල වෙසෙන මේ මැඬි විශේෂය ගස් මත දෙපා විහිදුවා සිටින්නේ හරියටම ලෝක ප‍්‍රකට ආත්මාරක්ෂක සටන්කාර බෲස් ලී අනුකරණය කරන්නාක් වගෙයි.

මේ පින්තූරයේ ඉන්නා මැඬියාගේ ඉරියව්වයි බෲස් ලීගේ පියාසර පහරයි සන්සන්දනය කර බලන්න. ආධුනික කැමරාශිල්පීයකු වූ ෂිකෙයි ගෝ (Shikhei Goh) පින්තූර ගන්න හදපු ගමන්ම දුන්නු ඉරියව්වයි මේ.

 
බෲස් ලීගේ සටන් ඉරියව්වක් නිරූපණය කරන ඇස් රතු ගස් ගෙම්බා.

 
බෲස් ලී ගේ කුන්ග් ෆූ පියාසර පහර ප‍්‍රදර්ශනය කළ අවස්ථාවක්.

ෂිකෙයි ගෝ ඉන්දුනීසියාවේ බැටම් දූපතේ වැසියෙක්. ඔහු වර්ණවත් සතුන් ඔහුගේ ගෙවත්තේ ඇති කරනවා.

”මම ආසයි කෘමීන්ට හා සතුන්ට. උන්ගේ හැසිරීම් දැක්කාම පුදුමත් හිතෙනවා. මිනිසුන් කරන හුඟක් දේවල් උන්ටත් කරන්න පුළුවන්. මේ ගෙම්බත් ඒ වගේ එකෙක්.

”මං එයාගෙ පින්තූරෙ ගන්න හදනකොටම ඔහු දකුණ කකුල ඉස්සුවා, වමට බර දීලා එක පාරටම පිම්මක් පැන්නා, තත්පරයක්වත් ගියේ නෑ. ඒත් වාසනාවට මට ඒ රූපය කැමරාවට නඟන්න පුළුවන් වුණා.”

ෂිකෙයි ජංගම දුරකථන වෙළෙන්දෙක්. 2011 දි තමයි විනෝදෙට වාගේ ඡායාරූපකරණයට යොමුවුණේ. තවමත් වැඩි කලක් නැතත් දැනමත් විශාල ඡායාරූප සංඛ්‍යාවක් ඔහු සතුව තියෙනවා.

”මං මේ සතා ඇති කරන්න පටන් අරන් තවමත් මාස හතරකට වඩා නැහැ. මට අවශ්‍ය වුණේ එයාගෙ පින්තූර ටිකක් ගන්නයි. ”මිනිස්සු හරි කැමතියි මේ පින්තූරෙට. මේක දැක්කාම හැමෝටම එකපාරටම මතක් වෙන්නේ බෲස්ලීවයි.

 
ආරක්ෂක ඉරියව්වක්! මධ්‍යම ඇමෙරිකාවේ වැසි වනාන්තරවල වෙසෙන මේ ගස් ගෙම්බා විස සහිත එකෙක් නෙවෙයි.

මේ ඇස් රතු ගස් මැඬියා (Red-eyed tree frog) විසකුරු එකෙක් නෙවෙයි. ආරක්ෂාව සඳහා වැඩිපුරම කරන්නේ වෙස් වළා ගැනීමයි. ප‍්‍රධාන වශයෙන් මාංශ භක්ෂකයෙකු වන ඌ පළඟැටියන්, ශලබයන්, මැස්සන්, ආදී කුඩා කෘමි සතුන් තමයි ආහරයට ගන්නේ. ඒ විතරක් නොවයි කුඩා ගෙම්බනුත් ආහාරයට ගන්නවා. ඌ දඩයමේ යන්නේ රාති‍්‍ර කාලයටයි.


Post a Comment

1 Comments