HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න යක්ෂ කුරුමිණියාගේ අලූත් ම පින්තූර! මේ කුරුමිණියාගේ නෑයෙක් දැන් ඇමරිකාවත් බියවද්දලා!

බැලූ බැල්මට පෙනෙන්නේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක එන භයංකර සතෙක් වගෙයි. ඒත් මේ සතා ඩොමිනිකන් ජනරජයේ වෙසෙන දිග අං ඇති කුරුමිණි (Longhorned beetle) විශේෂයක්.

කැමරා කාචයෙන් බලද්දී මේ කුරුමිණියාගේ බිහිසුණුකම හොඳින් පෙනෙනවා. ඇමරිකා එක්සත් ජනපදය මේ කුරුමිණියා අංක එකේ මහජන සතුරා ලෙස නම් කර ඇති අතර දුටු තැන විනාශ කර දමන ලෙසත් ඌ ගැන සෝදිසියෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දී තියෙනවා.

කෙතරම් බිහිසුණු සතුරකු වුනත් මේ කුරුමිණියා ප‍්‍රමාණයෙන් ඉතා කුඩායි. හිස ඉදිරියෙන් ඇති ඇන්ටෙනාව සෙන්ටිමීටර හතරකට වඩා නැහැ. සිරුර ඇන්ටෙනා තරම් දිග නැහැ. උගේ ඇස් දෙක තමයි බය හිතෙන තරම් රතුපාට පෙනෙන්නේ.

 
‘ලෝන්ග්හෝන්ඞ් බීට්ල්’ නම් යක්ෂ කුරුමිණියා ඩොමිනිකන් ජනරජයේදී කැමරාවට මුහුණ දුන් හැටි.

යක්ෂ කුරුමිණියා ඊළඟ ගොදුර ගිලගන්නට මෙන් විලිස්සා ගෙන ඉන්නා මේ විස්මිත රූපය කැමරාවට නැඟුවේ පුන්ටා කානාවලදියි. කැරිබියානු දුපත්වලට විවේකය ගත කරන්නට ගොස් සිටි චෙක් කැමරාශිල්පියකු වූ 19 හැවිරිදි තෝමස් සෙලර්ගේ කැමරාවෙන්.

”මම සති දෙකක නිවාඩුවකට ඒ රටට ගියේ. පින්තූරය ගන්නකොට ඒ තරම් භයානකයි කියලා හිතුනෙ නැහැ. පරිගණකයට දාලා බලපුවාමයි, උගේ භයානක පෙනුම, කට, ඇස් ආදිය දැක්කේ. හිසේ ඇති ඇන්ටෙනා උගේ හැටියට ලොකු වැඩියි.” සෙලර් කියනවා.

 
ලෝන්ග්හොන්ඞ් කුරුමිණියාගේ හිසේ පැති පෙනුම.

ඇමරිකානු රජය පසුගිය අගෝස්තුවේ දී අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා, මේ කුරුමිණියන්ගේ ආක‍්‍රමණයක් එරටට සිදුවිය හැකි බව සඳහන් කරමින් ජනතාවට අවධානයෙන් සිටින ලෙස දන්වමින්. ඒ  කාලයේ තමයි මේ කෘමීන් විශාල ලෙස ව්‍යාප්ත වෙන්නට පටන් ගන්නේ.

මේ කුරුමිණියාගේ උප විශේෂ 20,000ක් පමණ ඉන්නා බව සඳහන් වෙනවා. මේ කුරුමිණියන් මුලින්ම ඇමරිකා එක්සත් ජනපදයේ දී දකින්නට ලැබුණේ 1996දියි. ආසියාවේ සිට ගෙනා ලී ඇසුරුම් ද්‍රව්‍ය අතර සිටයි, ඒ සතා හමු වුණේ.

මේ සතාට ඇමරිකාව මේ තරම් බය ඒ රටේ තද දැව ලෙස සැලකෙන විවිධ ගස් වර්ග 13කටම සහමුලින්ම හානි කරන්නට මේ කුරුමිණියාට ඇති හැකියාව නිසයි.

 
මේ ආසියානු ලෝන්ග්හෝන් කුරුමිණියා. ඇමරිකාවට මුලින්ම ආවේ දැව ඇසුරුම් ද්‍රව්‍ය තොගයක් සමගයි.

මේ යක්ෂ කුරුමිණියා හඳුනා ගන්නා හැටි.

  • ආසියානු ලෝන්ග්හෝන් කුරුමිණියා දිගින් අඟල් 1ත් 1 1/2ත් අතර වෙනවා.
  • දිග ඇන්ටෙනා දෙකෙහි කළු සුදු වර්ණ පටි වැටී තියෙනවා. (ඒවා සිරුරට වඩා දිගයි)
  • සිරුර දීප්තිමත් කළු පැහැයෙන් යුක්තයි. තැනින් තැන සුදු පුල්ලි වැටී තිබෙනවා.
  • සාමාන්‍ය කෘමීන්ට මෙන් පාද හයක් ඇති අතර ඒවා නිල් පැහැයෙන් යුක්තයි.

”1996 පටන් මේ කුරුමිණියා ඉලිනොයි, නිව් ජර්සි, නිව්යෝක් ප‍්‍රාන්තවල ගස් 80,000කට වඩා මරා දැම්මා. ආරක්ෂාව සඳහා අපට ප‍්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ මහජන සහයයි. මේ සතුන් කොතැනක හෝ ඉන්නා බව දුටු වහාම ඒ බව අප වෙත දන්වන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවිට අපට ඒ සඳහා කඩිනමින් පියවර ගන්න පුළුවන්.” ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂි දෙපාර්තමේතුවේ සත්ව හා ශාක සෞඛ්‍ය පරීක්ෂණ සේවයේ නියෝජ්‍ය ලේකම්වරිය වූ රෙබෙකා බ්ලූ කියනවා.

Post a Comment

0 Comments