HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බෲස්ලීගේ ‘අඟල් එකේ’ මුෂ්ටි ප‍්‍රහාරයේ රහස සොයයි! මොළයේ ස්කෑන් පරීක්ෂණයකින් හෙළිවෙයි!

කරාතේ පුහුණුව ලබන ඕනෑම කෙනෙකුට මතක ඇති බෲස්ලීගේ ලෝක ප‍්‍රකට අඟල් එකේ ප‍්‍රහාරය කොයි වගේද කියලා. ඔහුට ඒ ඉතා ළඟ ඉඳලා ගහන ඒ මුෂ්ටි ප‍්‍රහාරයෙන් පුළුවන් පහර ලබන තැනැත්තා අහසින් විසි කරන්න.

ඒ කාලයේ බෲස්ලී ඔහුගේ උපරිම කායික ශක්තියෙන් සිටින්න ඇති. ඒ ගැන සැකයක් නැහැ. ඒත් දැන් පර්යේෂණයකින් සොයා ගෙන තියෙනවා, ඉතාම ආසන්න දුරක සිට ඒ තරම් තදින් පහරක් දෙන්න ඔහුට හැකියාව ලැබී ඇත්තේ කායික ශක්තියෙන් ම පමණක් නොවෙයි, මොළයේ ඇති වන වෙනසක් නිසා බව.

මොළයේ ස්කෑන් පරීක්ෂණයකින් (පරිලෝකනයකින්) හෙළි වී තියෙනවා, ස්නායුක ව්‍යුහයේ ඇති කර ගන්නා වෙනස්කම් නිසා මෙය සිදු වන බව. අඟල් එකේ මුෂ්ටි ප‍්‍රහාරය එල්ල කරන ප‍්‍රවීණ සටන්කරුවකු ආධුනික සටන්කරුවකුට වඩා වෙනස් ආකාරයකට ප‍්‍රබලව එය එල්ල කරන්නේ මොළයේ සිදු කෙරෙන විශේෂ ඉසියුම් සුසර කිරීමක් මගින් බවයි.

 
බෲස්ලී රඟපෑ ‘එන්ටර් ද ඩ‍්‍රැගන්’ චිත‍්‍රපටයෙන්. නව පර්යේෂණයකින් හෙළි වී තියෙනවා, ඔහුගේ අඟල් එකේ මුෂ්ටි ප‍්‍රහාරය කායික ශක්තියෙන් මොළයෙන් කරන වැඩක් කියල.

කළුපටිධාරීන්ට සිය මුෂ්ටි ප‍්‍රහාරය ඇදහිය නොහැකි ශක්තියකින් එල්ල කළ හැකි වුවත් මෑත දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ එවැනි පහර ප‍්‍රබලත්වය පේශීවල ශක්තියෙන්ම පමණක් නොව පේශී චලනයන් පාලනය කිරීමේ දී මොළයත් විශාල වැඩ කොටසක් කරන බවයි.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියත් ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියත් එක්ව මේ පිළිබඳ ව පර්යේෂණයක් කරලා තියෙනවා. පර්යේෂකයන් මේ සඳහා ප‍්‍රවීණ කළු පටිධාරී කරාතේ පුහුණුවන්නන් 12 දෙනකු හා කරාතේ පුහුණු නොලද එහෙත් සම වයසේ සවිමත් 12දෙනකු මෙම මොළයේ ව්‍යුහයේ ඇති වන වෙනස්වීම් පිළිබඳ පරීක්ෂණයට ලක් කළා.

පර්යේෂකයන් ඒ ආධුනිකයන් එල්ල කරන මුෂ්ටි ප‍්‍රහාරයන් සෙන්ටිමීටර් 5ක දුරට සීමා කොට පරීක්ෂාවට ලක් කළා.

බලාපොරොත්තු වූ ආකාරයටම කරාතේ කණ්ඩායම් තදින් ප‍්‍රහාර එල්ල කළා. එහෙත් ඔවුන්ගේ ප‍්‍රහාරවල බලය රදා පැවතියේ ඒ සඳහා ගත කරන කාලය මතයි. කායික ශක්තිය මත නොවෙයි. එහිදී ඔවුන් ජනනය කළ මුෂ්ටියේ බලය මැණික් කටුවේ හා උරහිසේ සහසම්බන්ධය මත ඇති වන්නක් බව හෙළි වුණා.

 
පර්යේෂකයන් යොදා ගත්තා කරාතේ කළු පටිධාරීන් 12 දෙනකු හා සාමාන්‍යයෙන් ශක්තිමත් එහෙත් සටන් පුහුණුවක් නොලද නවකයන් 12 දෙනකු මේ මොළයේ ස්කෑන් පරීක්ෂාවට.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය එඞ් රොබට්ස් තමා මේ අධ්‍යයනය මෙහෙයවූයේ. ඔහු සඳහන් කළේ, ”කරාතේ කළුපටිධාරීන්ට එකම ආකාරයකින් මුෂ්ටි ප‍්‍රහාරය නැවත නැවතත් එකම මට්ටමකින් එල්ල කළ හැකි වුවත් ආධුනිකයන්ට එසේ කරන්නට හැකි වුණේ නැහැ.” යනුවෙනි.

”අපි හිතන්නේ ඒ හැකියාව ඇති කර ගන්නේ මස්තිෂ්කයේ ස්නායුක සම්බන්ධතා ඉසියුම් ආකාරයට සුසර කිරීමක් මගින් බවයි. එමගින් අතෙහිත් අත් දණ්ඩෙහිත් චලනයන් සමකාලිත කර ඉතා නිවැරදිව එල්ල කිරීමට හැකියාව වර්ධනය කර ගන්නා බවයි.”

මෙසේ අරගන්නා ලද මොළයේ පරිලෝකනයන් තුළින් පෙනී ගියා, පර්යේෂණයට භාජනය කර ගත් කණ්ඩායම් දෙක අතර මොළයේ යම් යම් කලාපවල වෙනස්කම් කි‍්‍රයාකාරම් අනුව වෙනස් වන බව.

මොළයේ සෑම කලාපයක්ම ධූසර ද්‍රව්‍යවලින් යුක්තයි. ඒවගේම ප‍්‍රධාන වශයෙන් ඇත්තේ ස්නායු ෙසෙල හා ශ්වේතාණු ද්‍රව්‍ය, එක කලාපයක සිට තවත් කලාපයකට පණිවිඩ ගෙන යන තන්තූන් ආදියයි.

ඞීටීඅයි ස්කෑනරයක් හෙවත් විසරණ ආතානක පිළිබිඹු පරිලෝකන උපකරණයක් මගින් ගත් පිළිබිඹු අනුව මොළයේ ශ්වේතාණු ද්‍රව්‍ය ඇතුළත් අනුමස්තිෂ්කයේ හා සිරුරේ චලනයන් පාලනය කරන ප‍්‍රධාන චාලක බාහිකයේ ව්‍යුහයේ වෙනස්කම් දකින්නට ලැබී තිබෙනවා. ඞීටීඅයි ස්කෑනරයෙන් ලබා ගත් අනුමස්තිෂ්කයේ මේ වෙනස්කම් සිදු වන්නේ මුෂ්ටි ප‍්‍රහාරය එල්ල කරන විට මැණික් කටුවේ හා උරහිසේ චලනයන් සිදු වන අවස්ථාවේ දී බව හෙළි කර ගෙන තියෙනවා.

ඞීටීඅයි ස්කෑනරයේ සංඥාවලට අනුව කරාතේ ශූරයන් පුහුණුව ආරම්භ කළ වයස ඔවුන් ඒ පිළිබඳව ලබා ඇති පරිචය හා කාලය හා සහසම්බන්ධතාවක් ඇති බවද හෙළිවී තියෙනවා.

මේ සොයා ගැනීම්වලට අනුව කළුපටිකාරයන්ගේ ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව මොළයේ ව්‍යුහයේ ඇතිවන වෙනස්කම් මත ම පවතින බව තහවුරු වී තියෙනවා.

”මොළයේ ව්‍යුහයන් හා චර්යාවන් අතර සම්බන්ධයක් ඇති බව අපි මේ තේරුම් ගන්නට පටන් ගත්තා විතරයි. අපේ මේ සොයා ගැනීම්, එකිනෙකට සම්බන්ධ සංකීර්ණ සම්බන්ධතා ඇති කි‍්‍රයාවලදී අනුමස්තිෂ්කය විශේෂ කාරියක් ඉටු කරන බව දැක්වුණු පෙර කරන ලද පරීක්ෂණවලින් හෙළි කර ගත් කරුණු තහවුරු කරන බව දැන් පැහැදිලියි.” වෛද්‍ය රොබට්ස් කියනවා.

ඞීටීඅයි ස්කෑනරයෙන් ලබා ගන්නා සංඥාවලට බලපාන තවත් කරනු ගණනාවක් තියෙනවා. ඒ නිසා ශවේතාණු ද්‍රව්‍යවල කුමන ද්‍රව්‍ය නිසා මේ වෙනස්කම් සිදුවෙනවා ද කියා අපට හරියට ම කියන්න බැහැ, වැඩි දියුණු කළ තාක්ෂණය යොදා ගෙන මෙය තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් තමයි පැහැදිලි චිත‍්‍රයක් මවා ගත හැක්කේ.

මෙම සොයා ගැනීම් පිළිබඳ විශේෂ ලිපියක් ‘සෙරබරල් කෝටෙක්ස්’ (Cerebral Cortex) සඟරාවෙහි අලූත්ම කලාපයෙහි පළ වී තියෙනවා.

Post a Comment

7 Comments

  1. යෝ. යෝ යෝ ..........

    ReplyDelete
  2. අැත්තටම සටන් කලාව කියන එකේදි වැඩි දායකත්වයක් ලබා දෙන්නෙ මොළය ම තමයි! :)

    ReplyDelete
  3. ආත්මාරක්ශක සටන් ක්‍රමයක් ශරීර ශක්තියෙන් විතරක් කරන්න පුලුවන් දෙයක් නෙවී .... සාමාන්‍ය යුධ පුහුනුවක් ලැබූ සටන් කරුවකුත් ආත්මාරක්ශක සටන් ශිල්පයක් හැදැරූ සටන් කරුවකුත් වෙනස් වෙන්නේ එතන්දි ....
    සටන් ක්‍රම සහ සටන් කලාවක් අතර වෙනස එයයි....
    මානසික සහ ශාරීරික පුහුණුව

    ReplyDelete
  4. sameera කියන දේට මමත් එකඟ වෙනවා... තාමත් අපේ ලංකාවෙ වැඩි හරියක් උගන්නන්නෙ ශරීර ශක්තියෙන් කරන්න පුලුවන් දේවල් ගැන විතරයි... කරාතේ... කුන්ග් ෆු... වගේ සටන් ක්‍රම වල භෞතිකය විතරයි උගන්වන්නේ... බෘස් ලී කියන්නේ විශාල සටන් ක්‍රම සහ හින්දු යෝග ව්‍යායාම් හොඳටම ප්‍රගුණ කරපු කෙනක්... එහෙම කෙනකුට ඕක හරි සිම්පල් දෙයක්.... සයන්ටිස්ලා ඔය ටික හොයා ගත්තෙත් මාර ගේමක් දීලනේ.... මනසේ බලය ගැන රහස් ටික හොයා ගන්න ඒ අයට තව කල්පයක් වත් ගත වෙයි....

    ReplyDelete
  5. ඒ වගේම වර්තමානයේ අපේ රටේත් අගලේ අත් පහර ප්‍රභලව එල්ල කල හැකි සටන් ගුරුවරුන් සිටිනවා .

    ReplyDelete
  6. ඒ ගැනනං මම නොදනිමි සහෝ... ගොඩක් ක්ලාස් වල නං උගන්නන්නේ ඇඟ හදන හැටි විතරයි... අර වින්චුන් වගේ සරල ඒත් භොතික අභ්‍යන්තර දෙකෙන්ම පොහොසත් දෙයක් වත් අපේ රටේ හරියට තියෙනවද කියල සැකයි... ඔච්චර කියන්න ඕන නෑ... මම ගියපු කරාතේ ක්ලාස් එකේ යෝගා උගන්නන්නේ ජිම්නාස්ටික් වගේ... ඒ ගුරුතුමා දන්නෙ නෑ යෝගාසන කියන්නෙ මොකක්ද කියලවත්...

    ReplyDelete