HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

‘නිකොන් ක්ෂුද්‍ර ලෝකය’ නම් ඡායාරූප තරගයට ආ අමුතු ඡායාරූප! නොපෙනෙන ලෝකයට පිවිසෙන්න තවත් අවස්ථාවක්!

අමුතු විදියේ ජාත්‍යන්තර ඡායාරූප තරගයක් හා ප‍්‍රදර්ශනයක් නිකොන් මගින් පැවැත්වෙනවා. 38 වැනි වසරටත් පවත්වන මෙම ඡායාරූප දැක්මට හා තරගයට මෙවරත් තේමාව කර ගෙන ඇත්තේ අපේ ඇසට නෙපෙනෙන විස්මිත ලෝකයයි.

ක්ෂුද්‍ර ලෝකයේ සූක්ෂම ඡායාරූපකරණයෙහි යෙදෙන ශිල්පීන්ට ඇරයුම් කර තිබුණා, මේ සඳහා සූක්ෂම ඡායාරූප එවන්නට කියා. ඡායාරූප කලාකරුවන් වගේම විද්‍යාඥයන්ද ඔවුන් පර්යේෂණවල යෙදෙද්දී ගත් විස්මිත ඡායාරූප මේ තරගයට එවා තියෙනවා.

නිකොන් මේ සඳහා ඡායාරූප ඉල්ලා තිබුණේ අණ්වීක්ෂවලින් ඡායාරූප ගත හැකි හා ගන්නා අයගෙන්. ඒ නිසා තමයි ඔබට මෙවර අවස්ථාව ලැබිලා තියෙන්නේ නොපෙනෙන ලෝකයට එබෙන්න.

 
කා දිහාද මේ බලන්නේ? මේ පරපෝෂිත බමර විශේෂයක් අණ්වීක්ෂයක කාචයක් තුළට එබී බැලූ අවස්ථාවක්. මේ ඡායාරූපය හන්ගේරියාවේ බුඩාපේස්ට් අගනුවර නිකෝලා රාහ්මේ ගත් එකක්.

මේ විස්මිත ඡායාරූපවලින් අපේ පියවි ඇසට නොපෙනෙන අප අවට ඇති ලෝකයේ ලස්සන දැක ගන්න පුළුවන්. සත්ව ලෝකය විතරක් නොවෙයි, ශාක ලෝකයත් ඛනිජ ලෝකයත් ඔබට මෙහිදී දැක ගන්න පුළුවන්.

ක්ෂුද්‍ර ලෝකය දක්වෙන ‘ස්මෝල් වර්ල්ඞ්’ ඡායාරූප තරගය දැන් දසක කීපයක් තිස්සේ පැවැත්වෙනවා. මෙය විවිධ විෂය පරාසයක කටයුතු කරන සූක්ෂම ඡායාරූප ශිල්පීන්ට සහභාගි විය හැකි ලොකුම ඡායාරූප දැක්ම මෙයයි.

මේ සමග පළවෙන්නේ 2012 වසර සඳහා ලැබුණු තරගකාරී ඡායාරූප කීපයක්. තරගයේ ජයග‍්‍රාහී ඡායාරූප හා ජයග‍්‍රාහකයන් ලබන සතියේ ප‍්‍රකාශයට පත් කරන බව සංවිධායකයන් කියනවා. ඒ තොරතුරු සොයා ගන්ට ලැබුණොත් ඉදිරි දිනෙක අපත් ඒවා පළ කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා ලොව නන් දෙසින් ඡායාරූප ලැබුණා. ඇමරිකා එක්සත් ජනපදයෙන්, කැනඩාවෙන්, ඕස්ටේ‍්‍රලියාවෙන්, ලතින් ඇමරිකානු රටවලින්, ආසියාවෙන් හා අපි‍්‍රකාවෙන් ලැබුණු අණ්වික්ෂ ඡායාරූප රැසක් මේ තරගයට ඇතුළත් කර තියෙනවා.

මේ ඡායාරූප තරගය ගැන නිකොන් සංවිධායකයන් දක්වන අදහස් මෙසේයි: ”සූක්ෂම අණ්වික්ෂ ඡායාරූපයක් කියන්නේ විද්‍යාවට හෝ කාර්මික ලෝකයට හෝ වැදගත් වන තාක්ෂණික වාර්තාවක්. එහෙත් හොඳ සූක්ෂම ඡායාරූපයක් කියන්නේ කලාත්මක ඇසකින් ගන්නා එකක්. එහි කලාත්මක බව, වර්ණ භාවිතය, එහි සංයුතිය, පිළිබිඹුවෙහි අපූර්වත්වය ආදි සුවිශේෂයි. හැම අංශයකින්ම අගය කර ත්‍යාග හා සම්මාන පිරිනැමීම අපේ අරමුණයි.”

දැන් ඔබට මේ ඡායාරූප අතරින් තෝරාගත් කීපයක් මෙතැන් සිට නරඹන්න පුළුවන්.

 
මේ කළු වවුල් විශේෂයකට අයත් කලල අවස්ථා දැක්වෙන ඡායාරූපය ඉදිරිපත් කර ඇත්තේ එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයකු වන ඩොරිට් හොක්මන්.

 
මේ නිවෙස්වල ඉන්නා සාමාන්‍ය මකුළුවකුගේ මුහුණ රූපයක් - එංගලන්තයේ ඩන්ස්ටබල් නගරයේ කෙන්ස්වර්ත්හී හැරල්ඞ් ටේලර්ගේ ඉදිරිපත් කිරීමක්.

 
කූඹියකුගේ දරු පෙම - කූඹියකු කීටයකු ඔසවා ගෙන අයුරු. ඡායාරූපය ගියර් ඞ්රේන්ජ්ගේ.

 
පලතුරු මැස්සකුගේ කීටයෙක්. ආචාර්ය ඇන්ඩෲ වූලි විසින් ඡායාරූපයට නගා ඇත්තේ ඌ සතුටින් ඉපිලෙමින් කෑගසන ආකාරයටයි.

 
මේ බහුලව දක්නට ලැබෙන මදුරුවකුගේ රූපය එවා ඇත්තේ ආචාර්ය ඬේවිඞ් මේට්ලන්ඞ්.

 
දිළිසෙන ඇස්! මේ රේන්ද මැස්සකුගේ හිසක්. කැමරාවට නඟා ඇත්තේ රැල්ෆ් ගි‍්‍රම්.

 
සෙල්ලම් වෙලාව - මේ අලූත උපන් ලින්ක්ස් මකුළු පැටවුන් දෙදෙනෙක්. ඡායාරූපය එවා ඇත්තේ වෝල්ටර් පියර්කොවුස්කි.

 
කුහුඹුවන් දෙදෙනකුගේ රංඩුවක් වත්ද? මේ ඡායාරූපය ගියර් ඞ්රෙන්ජ්ගෙන්.

 
තරුණයි ඒත් කඩිසර නැහැ. මේ ගඩු මැස්සකුගේ කීටයෙක්. ඡායාරූපය ආචාර්ය වෝඞ් ස්ට්‍රෝන් ගෙන්.

 
අප‍්‍රසන්නයි! මීමැස්සන්ගේ ඇෙඟහි වෙසෙන පරපුටු කීඩෑවෙක්. ඡායාරූපය ගිල්ස් සැන් මාටින්ගෙන්.

 
ක්ෂුද්‍රජීවී ලෝකයෙන් - හිමැටෝකොකස් (ඇල්ගී), යුප්ලෝටෙස් (ප්රෝටෝසෝවා) හා සික්ලිඩියම් (පක්ෂමධරයන්) - ඡායාරූපය චාල්ස් ක්‍රෙබ්ස්.

 
මීමැස්සන්ගේ ඇෙඟහි වෙසෙන පරපෝෂිත කීඩෑවෙක්. ඡායාරූපය ඇලන් බොකිලන්.

 
ශාකයක පත‍්‍ර නටුවක ඇති කටුවක සූක්ෂම ඡායාරූපයක් - චාල්ස් ක්‍රෙබ් විසින් එවූවක්.

 
උපස්තරයක වැඩුණු සයනොබැක්ටීරියා එක් රැස්වුණු ස්ට්‍රොමොටෝලයිට් පොසිලයක්. චිත‍්‍රශිල්පියකුගේ වැඩක් වගෙයි. ඡායාරූපය ඩග්ලස් මුවර්ගෙන්.

 
ඇඬේනියම් ඔබෙසම් මලෙහි ස්තී‍්‍ර කේශර හෙවත් ජයාංග පිහිටා ඇති අන්දම. ඡායාරූපය ජොස් ඇල්මොඩෝවර් රවීරාගෙන්.

 
ස්ට්‍රෝබෙරි ගෙඩියක් නෙවෙයි, සිනෙබා පැතලි කුරුමිණියාගේ මේ රුව නිකොලා රාහ්මේගෙන්.

 
සීබ‍්‍රා මත්ස්‍ය කලලයක රුධිර නාළිකා පද්ධතියක් - ආචාර්ය ජෙනිෆර් පීටර්ස්ගේ ඡායාරූපයක්.

 
සතෙකුත් නෙවෙයි, ශාකයකුත් නොවයි, කැකොසෙනයිට් ඛනිජයෙහි සමීප රූපයක්. ඡායාරූපය - ඔනෝරියෝ කුසේරාගෙන්.

 
මේ මුහුදු ගූස්බරි කීටයාගේ ඡායාරූපය එවා ඇත්තේ ගර්ඞ් ඒ. ගුවෙන්තර්

 
මේත් මදුරුවකුගේ හිසක් - මේ ඡායාරූපය රැල්ෆ් ගි‍්‍රම්

 
අපට නැතුවම බැරි සුදු ලූනුවල නොදකින පැත්තක් - ආචාර්ය සොමායේ නාගිලූ ගේ ඡායාරූපයක්.

 
මේ ගුල්ලකුගේ හිසක් හා හොම්බක් - චීනයේ බෙයිජිං හී චා ඕ සැන්ගේ ඡායාරූපයක්.

Post a Comment

2 Comments

  1. පිස්සු පීකුදු... පිටසක්වල ජීවීන් තමයි මේ ඉන්නේ...

    ReplyDelete
  2. ලස්සන photo ටිකක්! පෙන්නුවාට තුති! :)

    ReplyDelete