HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බිග්ෆුට් සොයන්න අහසින් යන්නයි හදන්නේ! අමුතු විදියේ බැලූන ගුවන් යානයකුත් හදලා!


ඇමරිකානු පර්යේෂකයන් කණ්ඩායමක් අමුතු සැලැස්මක් සකස් කරල තියෙනව ‘බිග් ෆුට්’ නම් යෝධ සත්වයා කැමරාවට හසු කර ගන්න. කැලිෆේනියාවේ කඳුකර වානාන්තරවල වෙසෙතැයි සැලකෙන මේ යෝධ සත්වයා යම්තම් හෙලිකොප්ටරයක හෝ ඈතින් එන ගුවන් යානා හඬක් ඇසුණොත් සැඟවී යනවා. ඒ නිසා උගේ පරිසරයට යම්තම්වත් නොදැනෙන උපක‍්‍රමයක් යොදන්නයි, ඔවුන් හදන්නෙ.

අතීතයේ දී වරින්වර මේ සතාගේ පින්තූරයක් දෙකක් පුවත් පත්වල පළ වුනත් හරියට ඌව දැකපු කෙනෙක් නැහැ. හැබැයි උගේ ලොකු අඩි නම් හමුවෙලා තියෙනවා. ඒ අද්භූත සත්වයාට බිග්ෆුට් කියන්න පටන් ගත්තේ මේ යෝධ පා සටහන් අනුව යමිනුයි.

 
ෆෝල්කන් ව්‍යාපෘතියට අයත් ඔරෝරා ‘බැලූන’ යානය සිත්තරකුට පෙනෙන අයුරු. මේ ක‍්‍රමයෙන් ‘බිග්ෆුට්’ සොයා යන්නයි, ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ.

මේ වතාවෙ ඔවුන් ඌව කොටුකර ගන්න හදන්නේ දුරස්ථ පාලයකින් කි‍්‍රයා කරන ‘බැලූන’ යානයක් (airship) යොදා ගෙනයි. හීලියම් පිරවූ මේ යානය කිසිම හඬ නොනඟා සෙමින් කැනඩාවේ කඳුකරයේ අහසේ එහා මෙහා යවමින් එහි සවි කළ, ගුවන්විදුලි තරංග මගින් කි‍්‍රයා කරවන, විශේෂ අධෝරක්ත කැමරා හා අධිරූපණ කැමරා යොදා ගෙන මේ ‘ගුප්ත’ සත්වයා කැමරාවට නැඟීමටයි ඔවුන්ගේ බලාපොරොත්තුව.

ඔවුන් මේ ව්‍යාපෘතිය හඳුන්වා ඇත්තේ ‘ෆෝල්කන්’ කියායි. අහසින් ගිහින් මේ බිග්ෆුට් අබිරහස සොයා ගන්නට තැත් කරන පළමුවන වතාව මෙයයි.

මේ නව බැලූන යානය හඳුන්වා ඇත්තේ ‘ඔරෝරා මාක් ටූ’ කියලයි. සාමාන්‍යයෙන් හෙලිකොප්ටරයකට හෝ ගුවන්යානයකට වඩා වාසි ගණනාවක්ම එහි තියෙනවා. ලොකුම වාසිය තමා නිහඬව අහසේ යාමට ඇති හැකියාව. ඒ වගේම එය හසුරුවන්නත් ලේසියි.

දෙපයින් යන යෝධ ගෝරිල්ලකු බඳු මේ මානවරූපී සත්වයා ඇමරිකාවේ හා කැනඩාවේ වනාන්තර ගතව වෙසෙන බව විශ්වාසයයි. යෝධ දෙපා ඇති මේ සතාට ‘බිග්ෆුට්’ නැත්නම් ‘සස්ක්වොච්’ කියලත් කියනවා. දැනට උගේ පින්තූර යැයි කියා හැඳින්වෙන ඒවා එතරම් පැහැදිලි නැහැ. උගේ කුලෑටි ගති නිසා අමුත්තක් යම්තම් හෝ දැනුනු විට පැන දුවන බැවින් නිසි ලෙස කැමරාවට නඟන්න බැරි බවයි, බිග්ෆුට්ගේ පින්තූර ගන්න උත්සාහ කළ අය කියන්නෙ.

උතුරු ඇමරිකාවේ වෙසෙන විශාල වානර විශේෂයක් පිළිබඳව සිද්ධි වාර්තා, පා සලකුණු, කෙස් ආදිය නිසා තවමත් හඳුනා නොගත් පි‍්‍රමාටා සත්ව විශේෂයක් ඇතැයි සිතන්නට මේ රටවල මිනිසුනට කොතෙකුත් හේතු තියෙනවා. සමහරු සිතන්නේ ලොව පුරා ම පවතින ප‍්‍රවාද අනුව යෙටීට හෙවත් හිම මිනිසාට සමාන සත්ව විශේෂයක් මිනිසා මඟ හරිමින් වනාන්තරවල වෙසෙනවාය කියායි.

මේ ෆෝල්කන් ව්‍යාපෘතිය අරඹා ඇති විලියම් බාන්ස් කලින් රන් ආකාර හිමියෙක්. ඔහු 1997 දී වරක් මේ අපූරු සත්වයා අහම්බෙන් මෙන් දැක තියෙන අයෙක්. ඔහු විශ්වාස කරනවා මේ වතාවේ ඔවුන්ට බිග්ෆුට් ස්ථිරවම දකින්නට ලැබේවි කියලා.

 
දැනට ලැබී ඇති එකම සාක්ෂිය 1967 දී කැලිෆෝනියාවේදී රොජර් පැටර්සන් විසින් චිත‍්‍රපට කැමරාවට නඟන ලද මේ දර්ශනයයි.

 
බිග්ෆුට් විශේෂඥයකු වූ ඇමරිකාවේ ඉඩහෝ රාජ්‍ය සරසවියේ මහාචාර්ය ජෙෆ් මෙල්ඞ්රම් තමයි මේ ව්‍යාපෘතියට නායකත්වය දී එය මෙහෙයවන්නේ.

බිග්ෆුට් හෙවත් ‘සස්ක්වොච්’ ඉන්නා බවට දැනට ඇති එකම සාක්ෂිය රොජර් පැටර්සන් විසින් 1967 දී සිනමා කැමරාවට නඟන ලද දර්ශන පෙළක් විතරයි. බිග්ෆුට් පිළිබඳ මේ කතාව ගොතන ලද්දක් යැයි සිනමාපටයත් ව්‍යාජ එකක් යැයි යම්යම් අය තර්ක කළත් 1972 මිය යනතුරුම පැටර්සන් එහි සත්‍යවාදී බව ගැන තරයේම සහතික කළා.

දැන් ෆෝල්කන් ව්‍යාපෘති කණ්ඩායම බලාපොරොත්තු වෙනවා, නව වීඩියෝ සාක්ෂි සොයා ගන්න. යම්හෙයකින් ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු වුනොත් ඔවුන්ට ‘නිධානයක්’ හම්බවුනා වාගෙ වේවි.

ඔවුන් කියන්නේ, ”අපට වෙනත් කිසිම කෙනකු නොකරන තාලේ තාක්ෂණයක් පාවිච්චි කරන නිසා එහෙම සතකු ඇත්නම් අනිවාර්යයෙන්ම අපට උගේ පින්තූර ගන්න හැකි වෙනවා නොඅනුමානයි.

ඇමරිකාවේ ඉඩහෝ විශ්ව විද්‍යාලයේ කායික හා මානව විද්‍යා මහාචාර්ය ජෙෆ් මෙල්ඞ්රම් තමයි පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දෙමින් එය මෙහෙයවන්නේ. ඔහු වසර 17ක් තිස්සේ මේ ගැන කරුණු සොයමින් සිටිනවා. වොෂින්ටන් ප‍්‍රාන්ත වනාන්තරයකින් හමු වූ අඟල් 15ක් පමණ දිග පා සලකුණ ලැබුණු දා සිට ඔහු මේ උනන්දුවෙනවා.

මහාපාදයා හෙවත් බිග්ෆුට් මොන වගේද?

බිග්ෆුට්ගේ පැහැදිලිව ගත් පින්තූර කිසිවක් නැහැ. දැකපු අයත් ඌව දැකල තියෙන්නේ ඇසිල්ලක කාලයක් විතරයි. ඒ නිසා විස්තර නිවැරදිවම කියන්න ඔවුන් දන්නෙ නැහැ. දැනට දැකපු අය කී දේ ඇසුරෙන් තමයි පහත සඳහන් කරුණු ගොනු කරලා තියෙන්නෙ.

අඩි 6-10ත් අතර සිරුර ලෝමවලින් පිරුණු ගෝරිල්ලකු වගේ සතෙක්. මිනිසකු මෙන් දෙපයින් ඇවිදිනවා. බර රාත්තල් 500ක් විතර ඇති. ඇෙඟ් ලෝම තද දුඹුරු හෝ රතු පැහැතියි. ඇස් ලොකුයි.

මහාපාදයා හෙවත් බිග්ෆුට් කියන්නේ උගේ පාද අති දැවැන්ත හින්දයි. අඟල් 24ක් විතර දිගයි. අඟල් 8ක් විතර පළලයි. පා සටහන් අනුව බිග්ෆුට්ලා දෙදෙනෙක් හෝ හය දෙනෙක් විතර රැළක ඉන්නවා. මේවා කියන්නේ දැනට හමුවී ඇති පා සලකුණු දිහා බලලයි.

වඩාත් හැසිරෙන්නේ රාති‍්‍ර කාලයටයි. ඌ සර්වභක්ෂකයෙක් කියලයි විශ්වාස කරන්නෙ.

  තවත් කියවන්න...

Post a Comment

0 Comments