HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වීර මලාලාගේ හඬ ලොවපුරා රැව් දෙයි! තලේබාන් ප‍්‍රහාරයට ලක් පාසල් දැරිය සුවපත් කරන්නට බි‍්‍රතාන්‍යය බාර ගනියි!

වීර මලාලාගේ හඬ ලොවපුරා රැව් දෙයි! තලේබාන් ප‍්‍රහාරයට ලක් පාසල් දැරිය සුවපත් කරන්නට බි‍්‍රතාන්‍යය බාර ගනියි. විශේෂ ගුවන්යානයකින් එංගලන්තයට ගෙන යයි!

බ්ලොග් එකක් තුළින් පකිස්තානයේ දරුවන් හා ඔවුන්ගේ අධ්‍යාපනය ගැනත් තලේබාන්වරුන් කි‍්‍රයාකලාපය නිසා ඔවුන්ට ඉගෙනීමට ඇති වූ බාධක ගැනත් ලොවට හෙළි කළ නිසා තලේබාන් අවිදැරූවකුගේ වෙඩි පහරට ලක් වූ මලාලාගේ ශෝචනීය කතාව ‘මල්කැකුළු’ තුළින් කියෙව්වා ඔබට මතක ඇති.


බීබීසි බ්ලොග් අඩවියට උර්දු බසින් ලියූ ඇගේ ලියමන් තලේබාන්වරුන්ගේ කෝපය ඇවිස්සීමට සමත් වුණා. අවුරුදු 11 දී සිටම ඇය මේ ලිවීම දිගටම කර ගෙන ගියා. මුලින් ලීවේ බොරු නමකින් වුනත් පසුව මිතුරින් ඒ අය බව දැනගත් පසු ඇය තම නමින් ම ලියන්න පටන් ගත්තා. ඇයට තර්ජන එන්නට පටන් ගත්තේ එයින් පසුවයි. එහෙත් ඇය ඒ තර්ජනවලට බය වුණේ නැහැ. වසර තුනක් ම ඇය සිය මිතුරියන්ගේ හඬ සෙසු ලෝකයට ගෙන ගියා. තලේබාන්වරුන්ගේ තාඩන පීඩන හිරිහැර ගැන ලිව්වා.

ඇගේ ලියවිලි ලෝකයාගේ ඇස් අරවන්නක් වුණා. ඉගෙන ගන්නට පකිස්තාන දරුවන් තුළ ඇති කැමැත්ත ඇගේ ලිපිවල තේමාව වුණා. ඒ නිසා ම ගැහැනු ළමයින් ඉගෙන ගන්නවාට එරෙහි මූලධර්මවාදීන්ට ඒවා නයාට අඳුකොළ මෙන් වුණා. අවසානයේ දී ඔවුන් ඇය සොයා ආවා. පාසල් බස් රථයට ගොඩ වී ‘නුඹ මලාලාදැ’යි අසා ඇගේ හිසටත් ගෙලටත් වෙඩි තිබ්බා. ඇය සමග සිටිය මිතුරියන් දෙදෙනකුත් තුවාල ලැබුවා.


බටහිර සංකල්ප පැතිර වීමට අනුබලදීමට දඬුවමක් ලෙස ඇයට වෙඩි තැබූ බව තලේබාන් සංවිධානය පිළිගත්තා. ඇය නොමැරුණොත් කෙසේ හෝ මරා දමන බවට ඔවුන් ශපථ කරලා තියෙනවා.

වහාම පකිස්තාන රජයේ හමුදා මැදිහත් වී ඇය රාවල්පින්ඩි හමුදා රෝහලට ගෙන ගියා. හිස් කබලෙන් එක් උණ්ඩයක් ඉවත් කළා. හිස් කබලේත් ගෙලේත් වෙඩි උණුඩ නිසා වූ දරුණු තුවාල තියෙනවා. ඇගේ තත්වය අසාධ්‍ය බවට වෛද්‍යවරුන් දුන් උපදෙස් මත ඇය බි‍්‍රතාන්‍යයට ගෙන යන්නට පකිස්තාන රජය තීරණය කළා.

එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයෙන් වෛද්‍ය සහය සහිත විශේෂ ගුවන්යානයක් ලබාදීලා තියෙනවා, ඇය එංගලන්තයේ බර්මින්හැම් ක්වීන් එලිසැබත් රෝහලට ගෙන ගියේ ඒ විශේෂ ගුවන් යානයෙනුයි. ඇය සමග ඇගේ දෙමාපියන් හා මල්ලිලා දෙදෙනාද ඒ ගමනට එක් වුණා.

ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය ගැන මලාලා නැඟූ හඬ අද ලොව පුරා රැුව්පිළිරැුව් දෙනවා. ඒක පකිස්තානයේ පමණක් නොව ලොවපුරා ඇති දැවෙන ප‍්‍රශ්නයක් බවට ඒත්තු ගොස් තියෙනවා. ඇගේ හඬට සුවිශේෂ තැනක් හිමි වන්නේ ඒ නිසයි. එක්සත් ජාතීන්ගේ ආයතනයත් විශේෂ අවධානයක් ඇගේ හඬට යොමු කර තියෙනවා.


ලෝක අධ්‍යාපනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා වශයෙන් කටයුතු කරන හිටපු බි‍්‍රතාන්‍ය අගමැති ගෝඞ්න් බ‍්‍රවුන් කියන්නේ, ගැහැනු ළමුන්ගේ අධ්‍යාපනය පිළිබඳව මලාලාගේ මෙහෙවර ගැන පකිස්තාන ජනාධිපති සර්දාරි හමු වී සාකච්ඡුා කරන්නට තමා ලබන මාසයේ පාකිස්තානයට යන බවයි.

”මලාලාට බි‍්‍රතාන්‍යයේදී වෛද්‍ය ප‍්‍රතිකාර ඉහළින් ම ලැබෙනවා. බි‍්‍රතාන්‍ය ජනතාව ඇයව සාදරයෙන් පිළිගත්තා. අපි හැමෝම ඇයට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරනවා.

”අද අපි අපේ වෙබ් අඩවියේ (www.educationenvoy.org) පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කළා, ‘අයි ඈම් මලාලා’ (I am Malala) කියන සිරස්තලය යටතේ. මලාලා ආරම්භ කළ උද්ඝෝණය ‘හැම ගැහැනු ළමයකුටම පාසල් යාමට අවස්ථාව දියයුතුයි’ යන්න අපේ තේමාව කර ගෙන තියෙනවා.” ඔහු පවසනවා.

”අවාසානාවකට අද මිලියන 32ක් ගැහැනු ළමයින් පාසල් යන්නේ නෑ. මලලාගේ සිහිනය සැබෑ කිරීමට අපි දැඩි ලෙස සටන් කරමු” ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

Post a Comment

0 Comments