HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තද සුළං නිසා ෆීයර්ලස් ෆීලික්ස් මාරක පිම්ම අවලංගු කරයි!

ෆීයර්ලස් ෆීලික්ස් හෙවත් ෆීලික්ස් බොම්ගාට්නර් උඩුගුවනේ සිට පනින්නට සැලසුම් කළ පිම්ම දැඩි සුළං තත්වය නිසා අතහැර දැමුවා. ඔහු ගුවන් කරණම් පිළිබඳව වාර්තා පිහිටු වූ අයෙක්. වායුගෝලයේ අද්දර සිට එනම් සැතැපුම් 23ක් (කි.මී 36ක්) ඉහළ සිට, ඔහු පනින්නට බලාපොරොත්තු වුණේ මැක්සිකානු කාන්තාරයටයි. ඔහුගේ බලාපොරොත්තුව ඉටු වූයේ නම් ලෝක වාර්තා පහක්ද ඉබේම පිහිටුවෙනවා. ඒවා නම්: නිදහස් පියසැරියකදී ශබ්දයේ වේගය ඉක්මවූ ප‍්‍රථම මිනිසා (පැ.හැ. 690), බැලූනයකින් වැඩිම උසකට ගිය මිනිසා (අඩි 120,000), වැඩිම වේලාවක් අහසේ නිදහස් පියසැරියක යෙදුණු ගුවන්කරණම් කරුවා (මිනිත්තු 5 තත්පර 35), නිදහස් පියසැරිකදී වැඩිම උසක සිට බිමට පැන්න පුද්ගලයා (අඩි 120,000), ඉතිහාසයේ මෙතෙක් ඉහළ ගිය ලොකුම බැලූනය (අඩි 550ක් උස, පරිමාව ඝන අඩි මිලියන 3ක්) ආදියයි.
එහෙත් ෆීලික්ස්ට මේ ගමන යන්නට අවශ්‍ය වුණේ.

 
ෆියර්ලස් ෆීලික්ස් සිය මාරක පිම්ම අවලංගු කරයි.

ෆීලික්ස් වායුගෝලයේ ඉහළ ස්තරගෝලය හෙවත් අපවර්තීගෝලය වෙත ගෙන යන බැලූනයට හීලියම් පුරවා ගෙන බලා සිටියද ඒ අවස්ථාවේ පැවති සුළං තත්වය නිසා බැලූනය ඉහළ නැංවීම කළ නොහැකි වුණා. බැලූනය මුදුනේ. එනම් අඩි 700ක් ඉහළ සුළෙඟ් වේගය පැයට හැතැප්ම 20ක් පමණ වුණා. ඉතා තුනී සිවියක් බඳු ඒ බැලූනය ආරක්ෂා සහිතව ඉහළ නැංවීමට නම් සුළෙඟ් වේගය පැයට සැතැපුම් 2ටත් අඩු වෙන්න ඕනෑ. ගමන් ඇරඹීම සඳුදා සිට දෙවරක් කල් දැමුවේ සුළෙඟ් වේගය යහපත් අතට හැරෙතැයි කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළ කළ නිසයි.

සඳුදා ෆීලික්ස් හෝටලයට වී දෙමාපියන්, පෙම්වතිය හා ළඟම හිතවතුන් සමග ගත කළේ මේ මාරක පිම්මට යන ගමනට මානසිකව සූදානම් වීමක් හැටියටයි. ඔහු රාති‍්‍රයට ගත්තේ සැමන් හා සාලදයක් සහිත සැහැල්ලූ ආහාරයක්. ඉන්පසු සිරුර සම්භානය කරවා ගත්තා. පසුදා උදේ බැලූනය දියත් කරන තැන ටේ‍්‍රලරයකට වී විවේක ගත්තා.

කාලගුණ තත්වය වෙනස් වුණොත් හෝ වායුගෝලයේ ඉහළ දී අනතුරක් සිදු වුවහොත් ඔහුට මුහුණ පාන්නට වන තත්වය අපි කලින් ලිපියේ සාකච්ඡා කළ ඔබට මතක ඇති.

”ස්තරගෝලයේ සිට පහළට පනින විට ඒ පිම්ම තුළින් මිනිස් ජීවිතවලට බලපාන ඉතා වටිනා කරුණු රැුසක් පිළිබඳ දත්ත විද්‍යාඥයන්ට ලබා ගත හැකියි. ඒ තොරතුරු අනාගතයේ දී තනන අභ්‍යවකාශ ඇඳුම් කට්ටල වඩාත් සුරක්ෂිතව තනන්නට, අජටාකාශගාමින්ට උච්ච උන්නතාංශවල දී සිදු වන අනතුරු වළක්වා ගන්නට අවශ්‍ය තාක්ෂණ දියුණු කරන්නට උපකාර වෙනවා. මේ ගමනේ විද්‍යාත්මක පැත්ත එයයි.” ෆීලික්ස්ගේ වෛද්‍ය උපදේශක විශේෂඥ වෛද්‍ය ජොනතන් ක්ලාක් කියනවා.

ෆීයර්ලස් ෆීලික්ස් යළිත් පිම්මට සූදානම් වූ විට අපි ඒ බව ඔබට නොපමාව කියන්නෙමු.


--සම්බන්ධිත පුවත් -- 
සැතැපුම් 23ක් උඩුගුවනේ සිට පහළ පනින්න යන ‘ෆියර්ලස් ෆීලික්ස්'!



Post a Comment

0 Comments