ඉතා අනතුරුදායක එම ලෝක වාර්තාව පිහිටුවූයේ 43 හැවිරිදි ෆීලික්ස් බෝම්ගාට්නර්ය. අත්දැකීම් බහුල ගුවන් කරණම් ශිල්පියකු වන ෆීලික්ස්, මෙම වික‍්‍රමය කළේ වසර හතක් පුහුණු වීමෙන් ද පසුවය.

විශේෂිත ගගන ඇඳුමකින් සැරසුණු ෆීලික්ස් පහළට පැන්නේ කිලෝ මීටර් 39 ක (අඩි 1,28,097 ක්) දුරක් ගෙවා පෘථිවිය අද්දරට යෑමෙන් පසුවය. මිනිත්තු 4 ක් සහ තත්ත්පර 22 ක් තිස්සේ ඔහු නිදහසේ පහළට ඇදී ආවේ පැයට කිලෝ මීටර් 1,342 ක වේගයකිනි. ඔහුගේ පැරෂූටය දිග හැරුණේ මීටර් 1,500 ක් ඉහළ අහසේදීය.
යාන්ති‍්‍රක උපක‍්‍රමයක් නොමැතිව ශබ්දයේ වේගය අබිබවා පියාසර කළ ප‍්‍රථම මිනිසා පමණක් නොව, හීලියම් පිරවූ බැලූනයක ආධාරයෙන් වැඩිම දුරක් ඉහළට ගිය ප‍්‍රථම මිනිසා ලෙස ද ෆීලික්ස් වාර්තා අතරට එක් වෙයි. ඔහු ගිය බැලූනය ද ලොව ලොකුම බැලූනය ලෙස වාර්තා අතරට එක් වෙයි. එය තට්ටු 55ක ගොඩනැගිල්ලක් තරම් උසය.
මීට පෙර මිනිසකු උඩු ගුවනේ වැඩිම උසක් හීලියම් පිර වූ බැලූනයකින් ගමන් කර ඇත්තේ 1961 වසරේ දීය. එම දුර අඩි 1,13,740 කි. කලින් සැලැසුම් කළ දුර ඉක්මවා ෆීලික්ස්ගේ බැලූනය අඩි 1,20,000 ක් දුර ගමන් කර ඇත.
මීට පෙර, මේ අයුරින් උඩු ගුවනට ගොස් පහළට පැන පැරෂූට් ආධාරයෙන් පොළොවට පැමිණියේ ඇමෙරිකානු හමුදා නිලධාරියකු වූ ජොසප් කිටින්ගර්ය. ඒ 1960 වසරේදීය. කර්නල් කිටින්ගර් පැන්නේ අඩි 31,330 ක උසක සිටය. පොළොවට ළඟා වීමට ඔහුට මිනිත්තු 4 යි තත්ත්පර 19 ක් ගත විය.

ෆීලික්ස් මෙම වික‍්‍රමය කරද්දී ඔහු සමග ගුවන් විදුලි මගින් කතා කරමින් ඔහු දිරිමත් කළේ, දැන් 84 වැනි වියෙහි පසුවන කර්නල් කිටින්ගර් ය. මේ පිළිබඳ ව කලක් තිස්සේ ඔහු ෆීලික්ස්ට උපදෙස් දුන්නේය. ෆීලික්ස්ගේ මේ විස්මිත වික‍්‍රමයට අනුග‍්‍රහය දැක්වූයේ ‘රෙඞ් බුල්’ සමාගමය.
සුළු වැරදීමක් වූයේ නම් උඩු ගුවනේ සිට පහළට පනිද්දී ඇති වන අධික තෙරපුම හේතුවෙන් ෆීලික්ස්ගේ සිරුර පොඩි පට්ටම් වීමට ඉඩ තිබුණි.
ෆීලික්ස්, මෙම වික‍්‍රමයට සූදානම් වූයේ පසුගිය 9 වැනිදාය. ඒත් අයහපත් කාලගුණය ඊට හරස් විය. ඒ අනුව වික‍්‍රමයට සුදුසු මොහොත උදා වූයේ පෙරේදා ය. ෆීලික්ස් එම වික‍්‍රමය කළේ ඇමෙරිකාවේ නව මෙක්සිකෝ ජනපදයේ රොස්වෙල් ප‍්‍රාන්තයට ඉහළ අහසේදීය.
පොළොවට පතිත වූ ෆීලික්ස්ට මුලින්ම සුබ පැතුම් එක් කළේ ඔස්ටි‍්‍රයානු අගමැති හෙයින්ස් ෆිෂර්ය. ෆීලික්ස්ගේ වික‍්‍රමය මුළු මහත් ඔස්ටි‍්‍රයාවටම ආඩම්බරයක් යැයි හෙතෙම පැවැසීය.
--සම්බන්ධිත පුවත් --
- සැතැපුම් 23ක් උඩුගුවනේ සිට පහළ පනින්න යන ‘ෆියර්ලස් ෆීලික්ස්'!
- තද සුළං නිසා ෆීයර්ලස් ෆීලික්ස් මාරක පිම්ම අවලංගු කරයි!
Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.














3 අදහස්:
මේ ලිපිය එනතුරු බලාගෙන හිටියේ! විනාඩි 4 ක් කියන්නෙ සෑහෙන වෙලාවක්. ෆීලික්ස්‍ට මොනවා හිතුනද දන්නෑ කකුල් දෙක පොලොවෙ තිබ්බට පස්සෙ.
අපි කොච්චර පුංචිද? මේ දැවැන්ත මිනිසුන්ගෙ හිතේ හයිය අපිට පාඩමක්.
වටිනා ලිපියක් කතෘතුමා .ෆිලික්ස් ගෙ වික්‍රමය නිසා මනුශ්්යා ගෙ ලොකු පිම්මක් මෙය සදට ගිය නිල් අර්ම්ස්ට්‍රොන් වගෙම් සදා අමරනිය වනවා.
Post a Comment