ඒ අතර ‘කුතුහලයා’ අපට තවත් අලූත් පින්තූර එවා තියෙනවා.
අපට අඟහරු ග‍්‍රහයාට යන්න හැකියාවක් ළඟදී ලැබෙන්නේ නැහැ. ඒකට තවත් අවුරුදු 10ක් 20ක් වයාවි එතෙක් ඒ පස් ගෙන්වා ගෙන එහි ජීවීන් කවදා හෝ සිටියාදැයි පරීක්ෂණ පවත්වන්න බලාපොරොත්තු වෙනවා.
අඟහරු වැඩසටහන සැලසුම් කරපු කණ්ඩායම මීළඟ වසර 20 තුළ එහි පස් ගෙන්වා ගන්න බලන් ඉන්නවා. ඒ සඳහා විවිධ යෝජනා තියෙනවා. ඒවායින් වඩාත් හොඳ යෝජනාව ලබන වසරේ පෙබරවාරියේ දී කි‍්‍රයාත්මක කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.
අඟහරුගේ පස් එහි යැවෙන යානයකින් උඩු ගුවනේ රැඳෙන සේ විදින අයුරු (සිත්තමක්)
පස් ගෙන්වා ගන්න කර ඇති යෝජනා අතර එකක් තමයි, අඟහරු වෙත ආරෝහණ යානාවක් (Mars Ascent Vehicle) යැවීම. කුතුහලයා මගින් තෝරා එකතු කර ගන්නා පස් විශේෂ චන්ද්‍රිකාවක බහා එවැනි යානාවකින් අඟහරුගේ උඩුගුවනට විදිනවා. එය අඟහරු කක්ෂයේ යමින් තිබියදී පෘථිවියේ සිට යවන යානයකින් එය රැගෙන ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
අඟහරු වෙත අපට හිතෙන ඕනෑම වේලාවක යන්නට පුළුවන්කමක් නැහැ. එහි යානාවක් යැවිය හැක්කේ සෑම මාස 26කට වරක් විතරයි. ඒ පෘථිවියත් අඟහරුත් එක එල්ලයකට සිටි විට පමණයි.
ඒ නිසා තමයි එක් වරකදී අඟහරු මතට යානාවක් යවා පස් සාම්පල එහි උඩු ගුවනට ගෙන්වා ගෙන පසුව වෙනත් යානාවක් එතැනට යවා ඒවා ගෙන ඒමට යෝජනා කර ඇත්තේ.
අනිත් යෝජනාව වන්නේ එක්වරම යානාවක් යවා පස් ගෙන්වා ගැනීමයි. එය සීමිත කෙටි කාලයක් තුළ කළ යුතු ආයතනයට දැරිය නොහැකි වියදම් අධික ක‍්‍රමයක් වෙනවා.
අඟහරු වැඩසටහන සැලසුම් කරපු කණ්ඩායමේ නායකයා වන ඕලැන්ඩෝ ෆිගියුරෝ කියන්නේ ඒ හැම එකකම අඩු වැඩි වශයෙන් වාසි අවාසි තියෙන බවයි.
තවත් යෝජනාවක් තියෙනවා කියුරියෝසිටි වැනි යානා කීපයක් එකවර දිසා කීපයකට ඒවා මෙහෙයවා තැන් ගණනාවක පස් අඟහරු මතදීම පරීක්ෂා කර පසුව අවශ්‍ය ඒවා එක වර රොකට් යානයක් මගින් මෙහි ගෙන්වා ගැනීම වඩාත් ලාබදායී ක‍්‍රමයක් ලෙස නම් කරල තියෙනවා.
පොළොවෙන් එනතුරු පස් සාම්පල රැගෙන අඟහරු කක්ෂයේ යන චන්ද්‍රිකාව (සිතුවමක්)
නාසා ආයතනය විසින් අඟහරු වෙත යැවූ කියුරියෝසිටි රෝවරය හෙවත් ‘කුතුහලයා’ එහි සවි කර ඇති කැමරාව විශේෂ පාෂාණ කුට්ටියක් වෙත සෙන්ටිමීටර 27ක් දුරට ළංවී එහි පින්තූර කීපයක් එවා තියෙනවා. ‘බාතර්ස්ට් ඉන්ලට්’ කියා නම් කොට ඇති මේ පාෂාණයෙහි පිළිබිඹු 8කින් තමා මෙහි ඇතුළත් පින්තූරය සකසා ගෙන තියෙන්නෙ.
මෙම රූපයෙන් දක්වෙන්නේ දළ වශයෙන් සෙන්ටිමීටර 16ක් 12ක් පළල කොටසක්. එහි රූප විභේදනය පික්සලයකට මයික්‍රෝන 105ක්.
මේ ‘බාතර්ස්ට් ඉන්ලට්’පාෂාණය තද අළු පැහැයෙන් යුක්තයි. එහි මතුපිට ඇති ඉසියුම් ගතිය නිසා ඒ විශේෂ කැමරාවට ඒ පාෂාණය සමන්විත අංශූ හෝ ස්ඵටික විභේදනය කළ නොහැකි වී තියෙනවා.
එයින් අදහස් කෙරෙන්නේ අංශූ හෝ ස්ඵටික වැන්නක් එහි ඇත්නම් ඒවා ප‍්‍රමාණයෙන් මයික්‍රෝන 80කට වඩා අඩු ඒවා බවයි. සුළඟට ගසා ගෙන ආ දූවිලි අංශු පාෂාණ මත තැන්පත් වීම ස්වභාවය වුනත් මෙම පාෂාණය එසේ නොවන බවත් එහි මතුපිට මටසිලූටු බවත් බැලූ බැල්මටම පේනවා. එය පසුබිමේ ඇති පාෂාණවලට වඩා වෙනසක් දක්වනවා.
මේ සුවිශේෂ කැමරා උපකරණයට නාභි මුසුකිරීම (focus merging) කැමරාවට නගන තැනදීම කළ හැකියි. සම්පූර්ණ රූප රාමුවේ වෙන වෙනම ගත් පිළිබිඹු අට එකට මුසු කොට මේ රූප සෑදුවත්, ඒක පොළොවට එව්වේ නෑ. මේ ඔබ දකින රූපය සංක්ෂිප්ත කළ (thumbnail) එකක්. මේ විදියට රූප මුසු කිරීම එහිදීම කළාම පොළොවට එවන දත්ත ප‍්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඉක්මනට එවන්න පුළුවන්.
රතු ග‍්‍රහයාගේ පාෂාණයක්. මෙය කෙතරම් සියුම් මතුපිටක් ඇති දෙයක්දැයි බැලූ බැල්මට ම පෙනෙනවා ඇති.
විශේෂ කැමරාව සවි කළ අත සහ එයින් ගත් පාෂාණයේ ඡායාරූපය.
--සම්බන්ධිත පුවත් --
- පෘතුවියෙන් ගිය ‘කුතුහලය’ රතු ග‍්‍රහයාට බසින්න සූදානම්!
- නාසා ආයතනයේ ‘කුතුහලය’ අඟහරුට ගොඩ බසියි. අඟහරු හා සම්බන්ධව මෙතෙක් තබා ඇති ලෝක වාර්තා මෙන්න!
- අනාගතයේ අඟහරු වෙත යන රෝවර් යානාවලට ‘බලූ පුරුද්දක්’ එක් වේවි!
- අඟහරු ගිය නාසා යානයට පෙනුණු ‘අබිරහස් ආලෝකය’ සහ ‘සපත්තුව’!
- අඟහරු යානය දැන් බරට වැඩ! පස් පුළුස්සා තොරතුරු එවයි!
- අඟහරු වෙත ගිය කියුරියෝසිටි යානය අඟහරු මත වායුව ආඝ්‍රාණය කර බලයි!
- ‘කුතුහලයා’ රතු ග්‍රහයා මත සිට චන්ද්‍ර ග්‍රහණයක් දකියි! එහි පැහැදිලි පින්තූර පොළොවට එවයි!
0 Comments