ඔහු පසුගිය දා තමා ජීවිතකාලය පුරාම ලත් සිහිනයක් සැබෑ කර ගත්තා. ඒ ගිනිකන්දක් එහෙමත් නැත්නම් යමහලක් ඇතුළට බැහැලා එහි රස්නය විඳින එකයි.
ඒකට ඔහුට උදවුකාර කණ්ඩායමක් හවුල් වුණා. ඔහුගේ බලවත් ඉල්ලීම මත ඔවුන් ඔහු සමග ඕස්ටේ‍්‍රලියාවේ වයඹදිග වෙරළේ සිට සැතැපුම් 1,500 පමණ දුරින් පිහිටි වනවාටු රාජ්‍යයට අයත්, සැතැපුම් 30ක් පමණ දිග ඇම්බි‍්‍රම් දූපතට ගියා. ඒ කුඩා දූපතේ පිහිටි සකි‍්‍රය යමහල් දෙකෙන් එකක් වූ මාරුම් යමහලේ ලාවා ගැලීම් බලන්නටයි. ඔහුගේ ඒ ගමන ගැන දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgozSmq_qmvOFqb85HMNpEgug9yiCG0UwN1LADIYcUjcDRjyI0eJm9P9wCPEoDCF2M8VXiYgpVSrd1figSuI8VfRtbaEltCJdrApGEnyOnzwWvH6hoiRM1NSUWUlC7ubsIeSZpH7jg-GNs/s400/6.jpg)
හිරු බසින විට රත්පැහැ ගැන්වුණු අහස බඳු දසුනක්. ඒත් ඞ්රූ බි‍්‍රස්ටෝගේ පසුබිමින් ඇත්තේ ගිනි ගෙන දැවෙන ලාවායි.
ඔහු ඒ ත‍්‍රාසජනක අත්දැකීම ගැන මෙහෙමයි කියන්නෙ. ”අපි මීටර් 400ක් විතර යමහල ඇතුළට බැස්සා. යමහලක මේ තරම් පහළට බැහැපු ලොව ප‍්‍රථම මිනිසුන් දෙදෙනා අපියි.
”අපි ලාවා කැලතෙමින් ඉහළට විසිවෙනවා අඩි 30ක් තරම් ආසන්නයට ම දැක්කා. ඒ හරියෙ උණුසුම ඉතාමත් දැඩියි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 1150ක්. ආරක්ෂක ආවරණයක් නැතුව කිසිම කෙනකුට ඒ වගේ තැනක තත්පර හයකට වඩා ඉන්න බැහැ.
”ආරක්ෂක ඇඳුමයි ශ්වසන උපකරණයි නිසා මිනිත්තු 40ක් කාලයක් එහි රැඳී ඉන්න මට හැකි වුණා. මම ඒ අවස්ථාව වීඩියෝ කළා. ඒ විස්මිත, බිහිසුණු දසුන දැකලා අපි මොහොතක් ගල් ගැහුණා.
”මම අවුරුදු 15ක් තිස්සේ මේ සුවිශේෂ දවස එනකම් පුල පුලා බලා සිටියා. මේ වතාවෙ යමහලට නඟින්න ආවත් ඒකත් දින 20ක් පමා කරන්න අපට සිදුවුණා. ඒ දරුණු වර්ෂාව නිසා.
”ඒක හරියට සූර්යයා මතුපිටට ගියා වගේ. උෂ්ණත්වයට ඔරොත්තු දෙන ඇඳුමක් ඇඳලා හිටියත් දැනුණේ කෝවක් ඇතුළෙ ඉන්නව වගෙයි.” කියලයි ඔහු කියන්නෙ.
මැක්ලේ කියන්නේ, එදා තමන් යමහල තුළට බැස්ස දා තමාට ලොකු සතුටක් ඇති වූ බවයි. ”ලෝකයේ තැන් කීපයක් විතරයි තියෙන්නෙ ඇත්තටම ගිහින් ‘පුදුමයි!’ කියල කියන්න පුළුවන්. මේ ඒ වගේ එක තැනක්. ඒ වගේ ම මේ විස්මිත තැනට මුලින් ම ආ එකම මිනිසා මමයි කියන්න පුළුවන් තැන් ඇත්තේත් එකක් දෙකක් විතරයි. මේ ඒ වගේ තැනක්.” ඔහු වැඩිදුරටත් කියනවා.
මේ මාරුම් කන්ද පිහිටි සැතැපුම් 30ක් දිග ඇම්බි‍්‍රන් දූපත ලෝකයේ සකි‍්‍රය යමහල් ඇති දූපත් 1500න් එකක්. එහි ඉන්නා 8,000ක් පමණ වන ස්වදේශිකයන් එය හඳුන්වන්නේ ‘කළු දූපත’ කියන අරුත් ඇති නමකින්. ඔවුන් එහෙම කියන්නේ යමහලෙන් නිකුත් කෙරෙන කළු අළුවලින් මේ දූපත වැසී යන හින්දයි.
දැන් ඔබටත් පුළුවන් ඔවුන් ලබපු ඒ විස්මිත අත්දැකීම විඳ ගන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1I5gbus6NFd5Qp_o87f6ztbgYv8fkD4IIWOoMz3G7R5SRKzctkmLufZgJiBfw7b_2rfYorLyUrh_DzTEHVw3UNBQ2Q8m1G0RkeoXxWCMjxtEIL684VC7wyGMlCr4a8gnAwMGVQKFNvc0/s320/5.jpg)
ඔවුන් බසින්නට තීරණය කළ යමහලේ බෑවුම අද්දර දී...
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghGJGjQojOOHCXvcTnUl_VjrvFfqyqYAB2a6N1wgGDgABWlhEQgo7DhTWnv1RdcrRSEE5eYVdXyYudRswwhL12UMS2HjUBWR3W_KYqyzlbxD8qlcpwclCZTiuzQnyO1eU5g7zJou2e2sw/s400/8.jpg)
වනවාටුවලට අයත් ඇම්බි‍්‍රම් දූපතේ මාරුම් යමහල අහසට පෙනෙන හැටි. හය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙහි ලාවා විහිදෙන මානය තෙක් පහළට බැස්සා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRHMSD-yQ8P-AqspJo32Tg31H27X9k4hgs_LPaUH5SxF_LuiNcoG7xWy00b4WVO8F7XPlPt7lbXJ4hn7N3WjZCu7bVqwrOh_jw_D4ZTXkHZ0T3mRvLa57qTmRU9CKbVdEhgwMjhuaOEOs/s400/9.jpg)
පිරිස යමහල තුළට බසින්න පෙර කන්ද නැංග අයුරු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOgQym6kAjTwLw17UT-nviPGlQuGeksdLTW-E5pxsMIDzchLbEor1ZAAqPkzHEa1Z3CnhGSlkKK9G0Hn-sbIidcVZinLbHbVlRAvzxaPEAXBTZkP68fZpC0ifzR7toFmyxIDueUvZBGoE/s400/10.jpg)
ජ්‍යොෆ් මැක්ලේ යමහල තුළ ලාවා විලේ දසුන් කැමරාවට නැඟූ හැටි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzaICse7TRJ58yK3lUOucWaGHEm4AQ6egl9IZG62PnTJ_Rcxrz5FT2PMI0dTllVECQmrRnwaO3y2PlWxgS6THUlnkHs-JHEhqCvoWRyeMQtnwUW3X-isl6R61OkjJRx4wtDRRmoOvzSBc/s400/11.jpg)
ලාවා විහිදෙන ආසන්නයට ගොස් ජ්‍යොෆ් මැක්ලේ ඒ දසුන කැමරාවට නැඟූ හැටි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhryOGgOEprDihq5_X8SGBAujBZqUaTQsFAvTC6NZdJhaDrVdn_PXTCnt_SBACd-wvf0zGHIc9KqsVLnC2QYuALLze1N9jM3UN91o3-C9ubCKq5ca58B82d8D5-BOtn7ekfQk4DGsEtmpY/s400/12.jpg)
ඞ්රූ බි‍්‍රස්ටෝ හා ජෝනෝ ස්මිත් දෙදෙනා යමහලට අඩි සීයක් විතර ඈතින් එහි කූඩාරමක් ඉදි කළේ දඹාරෝහණය ආරම්භයට පෙරාතුවයි.
3 Comments
සමහර ලාවා බිංදු අර මනුස්සයටත් වඩා ලොකුයි... හිතා ගන්න බෑ......
ReplyDeleteඑල ලිපියක්. ස්තුතිය
ReplyDeletemaru.. :)
ReplyDelete