HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සැතැපුම් 23ක් උඩුගුවනේ සිට පහළ පනින්න යන ‘ෆියර්ලස් ෆීලික්ස්'!

පුංචි වැරැද්දක් වුනොත් ඇෙඟ් ලේ නටනවා! මොළේ පුපුරනවා! උඩුගුවන අද්දර සිට පනින්නේ ඔක්. 9 වැනි අඟහරුවාදා (සුළෙඟ් වෙනසක් වුණොත් කල් යාවි). වසර පහක් තිස්සේ මේ යස්ස පිම්මට පුහුණු වුණා.

මේ විස්මිත හපන්කම කරන්න යන්නේ ඕස්ටි‍්‍රයානු ජාතික ෆීලික්ස් බෝම්ගාට්නර් (Felix Baumgartner). ඔහු මේ පිම්ම පනින්න කලින් සිතා සිටියේ මේ සඳුදායි. ඒත් හදිසියේ ඇති වූ ශීතල කාලගුණ තත්වයත්, සුළං අධික තත්වයත් නිසා මේ විස්මිත ගුවන් කරණම අඟහරුවාදට කල් දැම්මා. මේ පැනීම කළ හැක්කේ බිම් මට්ටමේ සුළං තත්වය පැ.හැ. 2කකට අඩු වුණොත් පමණයි.

 
ෆීලික්ස් ලබන බදාදා පෘථිවි වායුගෝලයේ අද්දර උඩුගුවනේ සිට බිමට පනින්නයි හදන්නේ මේ විදියටයි.

ඔහු පිම්ම පනින්න යන්නේ වායුගෝලයේ සැතැපුම් 23ක් ඉහළ එහි අද්දර සිට පීඩන ඇඳුම් කට්ටලයක් හා පැරචූටයක් විතරක් යොදා ගෙනයි. ඔහු එහි යන්නේ ලොව මෙතෙක් තැනූ විශාලතම බැලූනයෙන්.

මේ පිම්මට ගත වන්නේ හරියටම මිනිත්තු විස්සයි. මිනිත්තු 20කට පස්සේ අපට දැන ගන්න පුළුවන් මේ නිර්භීත ඔස්ටි‍්‍රයානුවා ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඉහළම තැන සිට පැන ශබ්දයේ වේගය ඉක්මවමින් ලොව වැඩිම වේගයෙන් නිදහස් ආරේ ගුවන් කරණමක යෙදුනු ප‍්‍රථම මිනිසා වීමේ ගෞරවය හිමි කර ගත්තාද නැද්ද යන්න කියා.

කිසියම් වරදක් සිදුවුවහොත් වසර පහක් තිස්සේ පුහුණු වෙමින් කළ සැලසුම් අපතේ යනවා පමණක් නොව ඔහුට ඛේදනීය අවසානයක් කරා යන්නට සිදුවෙනවා. ජීවිතයත් මරණයත් අතර කරන මේ අභීත කි‍්‍රයාව වැරදී යා හැකි අවස්ථා ඉතා වැඩියි.

ෆීලික්ස්ගේ මේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා කියන්නේ මේක හරියට බිහිසුණු ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් වගෙයි. ඔහුගේ ඇගේ ලේ රත්වී නටන, මොළය පුපුරා ඇස් ගුළි පිටතට විසිවී යන අවස්ථාවකටයි, ඔහු මේ මුහුණ දෙන්නේ. මෙය ලොවපුරා හැම දෙනාටම අන්තර් ජාලය ඔස්සේ නරඹන්න පුළුවන්.

මේ විස්මිත කාර්යය සඳහා 43 හැවිරිදි ෆීලික්ස් බෝම්ගාට්නර් වසර 20ක් තිස්සේ සිහින මැව්වා වි.රක් නොවෙයි, මිනිසාට කළ හැකි විවිධ වික‍්‍රමාන්විත කි‍්‍රයාවල යෙදෙමින් පුහුණු වුණා. මේ විශේෂ පිම්ම සඳහා වෙනමම වසර 5ක් පුහුණු වුණා. ඔහු විතරක් නෙවෙයි, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, ගුවන් නියමුවන් ඇතුළු පිරිසක් ද මේ වසර පහ තිස්සේම ඔහුගේ කටයුත්තට සහය වුණා. ඔහුගේ මේ පිම්ම සාර්ථක කර ගෙන නිරුපද්‍රිතව පොළොවට ඒමට හැකි වන ලෙස සියල්ල පිළියෙල කර දීම ඔවුන්ගේ එකම අරමුණ වුණා.

ඒ උදවු වුණු පිරිස අතර වඩාත් කැපීපෙනෙන අයෙක් තමා වෛද්‍ය ජොනතන් ක්ලාක්. මේ මෙහෙයුමේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා. ඔහු නාසා ආයතනයේ පියසැරි ශල්‍ය වෛද්‍යවරයෙක්. 2003 දී කොලම්බියා අභ්‍යවකාශ ෂටලය ටෙක්සාස් අහසේ දී විනාශ වී ගිය අවස්ථාවේ එහි සිටි අභ්‍යවකාශගාමිනියක වූ ඔහුගේ බිරිඳත් එයින්ම මිය ගියා. එදා පටන් ඔහුගේ මුළු ජීවිතයම කැප කර තිබුණේ ඉහළ අහසේ සිදුවිය හැකි එවැනි අනතුරුවලින් අභ්‍යවකාශගාමීන් මුදා ගැනීම සඳහා අභ්‍යවකාශ යානාවල තත්වය වැඩි දියුණු කර ලීමටයි.

”මට හොඳටම විශ්වාසයි, ඔහු මෙය සාර්ථකව කරනවා. ඒත් ඔබ දන්නවා නේ, මේ කටයුත්ත මීට කලින් කවුරුවත් කරල නෑනෙ. ඒ නිසා මොනව වේවිද කියල කියන්න බැහැ.” ආචාර්ය ක්ලාක් කියනවා.

ෆීලික්ස් බෝම්ගාට්නර් කියන්නේ හොලිවුඞ් පුරයේ ප‍්‍රකට කියාදාම නළුවෙක්. ඔහුගේ අතේ කොටා ඇති පච්චයේ සඳහන් වන්නේ ‘උපන්නෙම පියාඹන්නයි’ යන අරුත් ඇති Born To Fly කියලයි. ඔහුගේ උදවුකාරයන්ට හරිම විශ්වාසයි ඔහු මෙය කරන බවට. ඔවුන් මෙය කැමරාවට නඟනවා ඔබට බලන්න YouTube එකට දමන්න.

 
ඕස්ටි‍්‍රයානු ජාතික ෆීලික්ස් බෝම්ගාට්නර්

 
ඕස්ටි‍්‍රයානු ජාතික ෆීලික්ස් බෝම්ගාට්නර් සැතැපුම් 23ක් ඉහළ අහසේ පනින හැටි!

(1). යෝධ හීලියම් බැලූමකින් පැය 3ක් තිස්සේ ඉහළට යනවා.

(2). බැලූනය යට ඇති කැප්සියුලයෙන් ෆීලික්ස් එළියට විත් පනිනවා.

(3). ඔහු පැ.හැ. 690ක වේගයෙන් මිනිත්තු 20ක් තිස්සේ පහළට එනවා.

(4). ඔහුගේ විශෙෂ පීඩන ඇඳුම සෙල්සියස් -70 උෂ්ණත්වයකට මුහුණ දෙනු ඇත. පරචූට් කට්ටලයේ ඔක්සිජන් ඇත්තේ මිනිත්තු 20කට පමණය.

(5). ඔහුගේ පැරචූටය ඇරෙන්නේ අඩි 5000ක් උසට ආ විටයි.

ෆීලික්ස් කියන්නේ මෙය තමාට කළ හැකි දෙයක් නිසා කරන බවයි. ඔහුට මැරෙන්න ආසාවක් නැතැයි කියන ඔහු කියන්නේ තමා පැ.හැ.700ක වේගයෙන් පොළොව කරා එන විට එය නොබලා බියෙන් දෑත්වලින් ඇස් වසා ගන්නා අය ගුවන්කරණම්කරුවකුගේ හැකියාව අවතක්සේරු කළ අය කියලයි.

මෙවැනි වීර වික‍්‍රමාන්විත කි‍්‍රයා ‘ෆියර්ලස් ෆීලික්ස්’ට අලූත් දේවල් නෙවෙයි. ඔහු වික‍්‍රමාන්විත කි‍්‍රයාවල යෙදෙන්නේ වසර ගණනාවක් තිස්සෙයි. ඔහු අහස් යානාවලින්, අහස් කුස සූරන මැඳුරුවලින් නොයෙක් වර බිමට පැන්නා. එවැනි ගුවන් පිමි ගණන විතරක් 2,500කට වැඩියි. වතාවක් ඔහු ප‍්‍රථම වතාවට කාබන්-ෆයිබර් පියාපත් දෙකක් සවිකර ගෙන ඉංගී‍්‍රසි ඕඩය හරහා පියාසර කළා. ඒ හැරෙන්නට බ‍්‍රසීලයේ රියෝ නගරයේ කි‍්‍රස්තු ප‍්‍රතිමාව මුදුනේ සිට පහළ පැන්නා. ක්‍රොයේෂියාවේ දී අඩි 620ක් ගැඹුරු අඳුරු ගුහාවකට පැන්නා.

මේ ඔහුගේ අන්තිම පිම්මයි. ඔහුගේ වීර වික‍්‍රමාන්විත ‘චාරිකාවේ’ අවසානය මෙයයි. මෙයින් පසු ඔහු සිය සහකාරිය සමග තැන්පත්ව නිදහස් ජිවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර අවශ්‍ය විට ගැලවීමේ හෙලිකොප්ටර් නියමවකු ලෙස සිය සේවාව ලබා දෙන්න ඔහු අපේක්ෂා කරනවා.

මේ අවසන් සන්දර්ශනයට පෙර උච්ච අවකාශයේ සිට පෙරහුරු පිමි දෙකක් ඔහු පැන්නා. පසුගිය ජූලි මාසයේ අඩි 96,640ක් ඉහළ සිට පැන්නා. එය 1960 දී ඇමරිකානු ගුවන්හමුදා නියමුවකු වූ ජෝ කිටින්ගර් තැබූ ලෝකවාර්තාවට වඩා අඩි 6000ක් අඩුවෙන්.

‘ස්තරගෝලයේ ගුවන්කරණම් පියා’ ලෙස සැලකෙන දැනට 84 හැවිරිදි කර්නල් කිටින්ගර් තමයි, ෆීලික්ස්ගේ ලොකුම වීරයා. ඒ වගේ ඔහු මෙහිදී ඔහුගේ උපදේශකයාද වෙනවා. ඔහුත් ඕස්ටි‍්‍රයානුවෙක්.

 
මාර්තුවේ සිදු කළ අත්හදා බැලීමේ ගුවන් කරණම සඳහා පිටත් වීමට පෙර කැප්සියුලයට නැඟ ෆීලික්ස් ආචාර කළ අන්දම.

”ඒ තරම් ඉහළක දී ඔබේ සිරුර ඇතුළේ ඇති අවයව එළියට පනින්න වගේ හදනවා.” පැරණි හමුදා පැරචූට්කරුවකු වූ කර්නල් කිටින්ගර් කියනවා.

ඒකට පිළිතුරු වශයෙන් පවුම් 125,000ක් වැය කොට විශේෂ ඇඳුම් කට්ටලයක් මේ කටයුත්තට තනා තියෙනවා. ඒකෙ ඇතුළතට දරුණු උෂ්ණත්වයක් වුවත් ද දරන්න පුළුවන්. වායුරෝධක ඇතුළත ස්තරය පීඩනයට ලක් කළ ඔක්සිජන්වලින් පුරවනවා.

අභ්‍යවකාශගාමීන් පලඳින ඇඳුම් කට්ටලයට වඩා මෙය වෙනස් වන්නේ එය සම්පූර්ණයෙන්ම පීඩනය ඇති විට අතිශයින් නම්‍යශීලී වීමයි.

ෆීලික්ස්ගේ ශීර්ෂාවරණයේ වයිසරයේ මුණතේ මීදුම හෝ තුහින හෝ බැඳීම වළක්වන්නට ප‍්‍රබල තාප නියාමකයක් සවිකර තියෙනවා,

මේ ඇඳුම් කට්ටලයේ පපු ආවරණ කොටසේ විශේෂ ආවේක්ෂණ උපකරණ සමග හඬ සම්පේ‍්‍රෂකයක් සවි කර තියෙනවා. පහළට එන විට ඔහුට ඒකෙන් පාලක මැදිරියට කතා කරන්න පුළුවන්. ඊට අමතරව ඔහුගේ මැණික් කටුවේ සවි කළ මෙවලමක් ආවරණ කොටසට යා වී තියෙනවා. එයින් ඔහුගේ වේගය හා ඔහු සිටින උස ඔහුට දැන ගන්න පුළුවන්.

ඔහු උඩුගුවන නඟින කැප්සියුලය අඩි 11ක් උස අඩි 8ක් විෂ්කම්භයක් ඇති එකක්. ෆයිබර් ග්ලාස් යොදා ලෝහ රාමුවකින් සවි ගන්වන ලද එකක්. ෆෝක්ස්වාගන් බීට්ල් රියක් තරම් බර ඇති.

 
රෙඞ් බුල් ස්ට‍්‍රැටෝස් විද්‍යා කණ්ඩායම තහවුරු කළා ෆීලික්ස් ඔහුගේ පිම්ම සඳහා උඩුගුවන අද්දරට ගෙන යන කැප්සියුලය සූදානම් බව.

මේ කැප්සියුලය සැලසුම් කර ඇත්තේ ඉහළ ආකාශයේ යන ඇමරිකානු රහස් බෝම්බහාරක යානය නිර්මාණය කළ පිරිසමයි. මෙහි නිර්මාණය නාසා ආයතනයේ සුප‍්‍රකට ඇපලෝ රොකට්ටුවේ කුටිය අනුව යමින් කළ එකක්.

මෙහි පිටවෙන දොරටුව ප‍්‍රමාණයට වඩා ටිකක් ලොකුයි. එයට හේතුව 1962 දී ඉහළ අහසේ සිට පනින්න ගොස් අනතුරුට පත් රුසියානු ගුවන්කරණම්කරු පියෝටර් ඩොල්ගෝෆ්ට වූ දේ වැනි දෙයක් නොසිදුවීම සඳහායි. ඔහු එදා කැප්සියුලයේ කුඩා දොරෙන් එළියට ඒමට තැත් කරද්දී හිස් වැස්ම ඒ කඩා දොරේ වැදී වයිසරයේ පුංචි පැල්මක් ඇති වුණා.

ඒ නිසා ඔහු බිමට එන විට මියගොස් සිටියා. ඔහුගේ සිරුරේ ලේ රත්වෙලා උතුරලා බුබුළු දමලා භයංකර මරණයකට ඔහුට මුහුණදීමට සිදු වුණා. මෙය අඩි 62,000කට ඉහළ අහසේදී වායු පීඩනය ඉතා පහළ අගයකට යාම නිසා ඇති වන තත්වයක්. එවැනි තත්වයකදී තමයි, සිරුරේ ඇති දියර බුබුළු දමා වාෂ්ප බවට පත්වන්නට පටන් ගන්නේ. මෙවැනි තත්වයක් උදා වී තත්පර කීපයක් ඇතුළත ඔහු සිහි නැති වන්නට ඇති.

ෆීලික්ස් උඩට යන කැප්සියුලය තුළ වායු පීඩනය අපේ මුහුදු මට්ටමේ පවතින පීඩනයට වඩා අඩුයි. ඒ නිසා කිසියම් ප‍්‍රමාණයක අසහනයක් ඔහුට දැනෙනු ඇති.

මේ සඳහා වැය වූ මුදල කෙතෙක්දැයි මීට අනුග‍්‍රහය දක්වන ඕස්ටි‍්‍රයානු සමාගම හෙළිදරවු කර නැහැ.

 
ෆීලික්ස් පසුගිය මාර්තු මාසයේදී අත්හදා බැලීමේ පිම්මක් පැන්නා. ඒ මීටර 21,800ක් (අඩි 71,500ක්) ඉහළ සිටයි.

ෆීලික්ස් ඉහළට ගෙන යන මෙම පවුම් 150,000ක් වටිනා බැලූනය නිමවා ඇති සවිමත් ප්ලාස්ටික් රෙද්දට හානි වෙතැයි එයට හීලියම් පුරවන දස දෙනකුගෙන් යුත් කණ්ඩායම කපු අත්මේස් හා විශේෂ ආරක්ෂක ඇඳුම් පැලඳගෙනයි එය කරන්නේ. මෙතෙක් මිනිසකු ගෙන යාමට තැනූ විශාලතම බැලූනය මෙයයි. එය පිරවීම සඳහා විශාල ලොරි දෙකක හීලියම් අවශ්‍ය වෙනවා.

ඒ බැලූනයෙහි උස මීටර 168ක්. පරිමාව ඝන මීටර 850,000ක්. එය ඝන අඩිවලින් නම් මිලියන 30ක් පමණ වෙනවා. මේ බැලූනය පිර වූ පසු තට්ටු 55ක පමණ ගොඩනැගිල්ලක් තරම් උසයි. ඉහළ යන ගමනේදී බැලූනය පාලනය කරන්නේ දුරස්ථ පාලකයක් මගින් බිම සිටින පාලක මැදියේ අය විසින්.

දැනට පවතින කාලගුණය යහපත් නොවීම නිසා පැය කීපයකින් මේ කාර්යය කල්දමා ඇති අතර ඒ අනුව මෙය බදාදාට සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මෙය බදාදා අලූයම TV ONE ඔස්සේ ලෝකයාට දැක ගත හැකි වේවි.

කාලගුණය ගැන සඳහන් කරන කාලගුණ විද්‍යාඥ ඩොන් ඬේ කියන්නේ, ”දැනට ඇති සුළෙඟ් වේගය පැයට කි.මී. 8ත් 16ත් අතර බවත් මෙවැනි තත්වයක් ඇති වූ විට ඊළඟට එන දිනය හෝ දෙදින අපට අවශ්‍ය මට්ටමට සුළෙඟ් වේගය අඩුවී පවතිනවා. ඒ නිසා අපට ඒ අවස්ථාව මේ ගමනට යොදා ගත හැකියි” කියායි.

සියලූ දෙය ම හොඳින් සිදු වුණොත් ඉහළට යන ගමනට ගත වෙන්නේ පැය තුනක් පමණයි. ඒ කාලය තුළදී ඔහුට මුහුණපාන්නට වන අනතුරුදායක තත්වය නම් ඉහළ නඟින අතරමගදී බැලූනය සිදුරු වීමයි. එහෙම වුනොත් ෆීලික්ස්ට ඉඩක් ලැබෙන්නේ නැහැ කුටිය විවර කරල එළියට පැන ගන්න. ඔහුට කැප්සියුලය තුළ සිටයදීම බිමට කඩා වැටෙන්න සිදු වෙනවා.

ප‍්‍රශ්නයක් නොවී බැලූනයෙන් පැනීමට අපේක්ෂා කරන මට්ටමට එනම් අඩි 120,000ක් ඉහළට, එනම් සාමාන්‍ය ගුවන්යානා යන මට්ටමට වඩා තුන් ගුණයක් ඉහළට, ගිය පසු පිටත බලන ඔහුට පෙනෙන්නේ නිල්වන් අහස නොවෙයි, කළු පාට අහසක්. දැන් ඔහු පාලක මැදිරියෙන් ‘පිම්මට සූදානම් වෙන්න’ යන නියෝගය එනතුරු ඉන්න ඕනෑ.

 
මේ කැප්සියුලයේ සිටින විට ඔහුගේ පෙනුම ගුවන් කරණම්කරුවකුට වඩා වඩාත් සමීප අභ්‍යවකාශගාමියකුටයි. ඔහුගේ ඇඳුම් කට්ටලයද අධිතාක්ෂණික උපකරණවලින් සමන්විතයි.

ඒ අවස්ථාවේදී ඔහු කැප්සියුලයේ පීඩනය අවසන් කොට ඔහුගේ ඇඳුම් කට්ටලයේ පීඩනය ඇති කර ගෙන පිටවීමේ දොර හරින්න ඕනෑ. මේ කැප්සියුලය පසුව ඉබේම බැලූනයෙන් වෙන් වී පැරචූටයක පිහිටෙන් හෙමින් පොළොවට පහත් වේවි.

ඉහළ ආකාශයේ ඔක්සිජන් නැති රක්තයකට ආසන්න තත්වයක් තියෙන්නෙ. පොළොව මතුපිට වායු පීඩනයෙන් සියයට එකක් විතරයි තියෙන්නෙ. ඇඳුමෙහි ඉරීමක් හෝ හෙල්මටයේ පිපිරීමක් සිදු වුණොත් කලින් පැහැදිලි කළ විදියට තත්පර ගණනක් ඇතුළත බේදජනක අවසානයකට තමා මුහුණ දෙන්න සිදු වෙන්නෙ.

 
ඔහු පිම්ම පනින්න යන්නේ මේ තරම් උසකින්. ඒ අවස්ථාවේදී ඔහුට පෘථිවියේ වක් හැඩය පෙනෙනු ඇති.

 
පසුගිය මාර්තුවේ දී ෆීලික්ස් අඩි 25,000 ඉහළ සිට අත්හදා බැලීමේ පිම්මක් පැන්නා. බිමට ඒමේ දී වායුගෝලයෙන් සිදු වන බලපෑම අවම කර ගන්නට ඔහුට යොදා ගන්නට සිදු වන්නේ මේ ‘ඩෙල්ටා’ ඉරියව්වයි.

 
ෆීලික්ස් (වමේ) පිම්ම අතරතුර කතා කරන්නේ ඉහළ අහසේ සිට පැනීමේ වර්තමාන වාර්තාව හිමි විශ‍්‍රාමික ගුවන් හමුදා කර්නල් ජෝ කිටින්ගර් (දකුණේ) සමග පමණයි.

 
ඔහු බැලූනයෙන් ඉහළ යන්නේ මේ අභ්‍යවකාශ කැප්සියුලයෙන්. මෙය ටෙක්සාස්හී සැන් ඇන්ටෝනියෝවල බෲක්ස් ගුවන් හමුදා කඳවුරේ දී යළි යළිත් පරීක්ෂා කරනු ලැබුවා.

සජීවී විකාශය...


Post a Comment

8 Comments

  1. නියම ලිපියක්..

    ReplyDelete
  2. නියම ලිපියක්! මිනිස් සිතට කරන්න හැකි දේවල්!

    ReplyDelete
  3. වටිනා ලිපියක් මෙහි එ සජිවි විකාශය පුලුවන් නම් පල කරන් න

    ReplyDelete
  4. දිශාන්, ඔබට ඒක සජීවී බලන්න පුළුවන් මේ ලිපියෙ අග ඇති වීඩියෝ රාමුවෙන් තවත් පැය තුනකින් ඒකට ගිහින් බලන්න. දැනුත් එහි ගිහින් ක්ලික් කළොත් කවුන්ට් ඩවුන් එක දැන් තියා බලා ගත්තෑකි. - පර්සි

    ReplyDelete
  5. දිශාන්, ඔබට ඒක සජීවී බලන්න පුළුවන් මේ ලිපියෙ අග ඇති වීඩියෝ රාමුවෙන් තවත් පැය තුනකින් ඒකට ගිහින් බලන්න. දැනුත් එහි ගිහින් ක්ලික් කළොත් කවුන්ට් ඩවුන් එක දැන් තියා බලා ගත්තෑකි. - පර්සි

    ReplyDelete
  6. අඩේ මට මේක කියවද්දි මතක් වුනේ star trek ෆිල්ම් එකේ තියෙන මේ වගේ පිම්මක්... මම හිතනවා ඔබ එය නරඹලා ඇතියි කියලා

    ReplyDelete
  7. ස්තුති කතෘතුමා still mission abort gusty winds ....

    ReplyDelete