HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගතයේ ඔබේ උදවුවට මිනිසාට සමාන රොබොට්ටන් එනවා! ඔවුන්ට භාෂා 20ක් කතා කරන්න පුළුවන් !

දැන් එංගලන්තයේ බි‍්‍රස්ටල් හා එසෙක්ස් පර්යේෂණාගාරවල නව පරම්පරාවක මානවරූපී රොබොවන් තනා ගෙන යනවා. ඒ සමහරකුට නටන්න පුළුවන්. භාෂා 20ක් විතර කතා කරන්න පුළුවන්.

එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය මිනිසුන් මෙන් මුහුණෙන් හැඟීම් පළ කරන්න පුළුවන්. ලෝකයේ ඕනෑම තැනක සිට ඔවුන් මෙහෙය විය හැකියි. ඔවුන්ගෙන් ඔබට අවශ්‍ය ඕනෑ වැඩක් ගත හැකියි.

ශල්‍ය වෛද්‍යවරයකු වෙනුවට සැත්කම් කිරීමටත් යොදා ගත්තෑකි. තවත් අයකුට උමඟක හිර වුණු අය සොයා ගත්තෑකි. කසළ අපවහන පද්ධති ශුද්ධ කිරීමට යොදා ගත්තෑකි.

මේ වර්ගයේ රොබොට්ටන් නුදුරු අනාගතයේ දී අප සමග ජීවත් වීමට ඒවි, අපේ මිතුරන් ලෙසින්.

 
මේ අයි කියුබ් රොබෝ අවුරුදු තුනක ළමයකු විදියටයි සකසා තියෙන්නෙ. මිනිස් කි‍්‍රයාකාරකම් වැනි සංකීර්ණ දැ කළ හැකි මේ නව පරපුරේ අලූත් රොබෝ තනා ඇත්තේ බි‍්‍රස්ටල් හා එසෙක්ස් යන ආයතනවලයි.

විද්‍යාඥයන් විශ්වාස කරනවා, මේ මානවරූපී රොබෝවන් කවදා හෝ අප සමග පාපන්දු තරගවලට සහභාගිවී මිනිස් අපව පරාජය කරාවිය කියා.

මෙහි තැනෙන සමහර රොබෝවන්ට ඇවිදින්න, කථා කරන්න, නටන්න, ඔබ හා සුහද කතාබහේ යෙදෙන්න, ජීවිතයේ යම් යම් අවස්ථාවලට ගැළපෙන ලෙස හැඟීම් පළ කරන්න, මිනිසුන් මෙන් ප‍්‍රතිචාර දක්වන්න ආදිය කරන්න පුළුවන්.

බර්ට්2 නම් මානවරූපී රොබෝට හැඟීම් බර මුහුණෙන් හා කෘති‍්‍රම අත්වලින් මිනිසුන් සමග සම්බන්ධකම් පවත්වන්න පුළුවන්.

අවශ්‍ය වුනොත් එවැනි මානවරූපී රොබොට්ටකු ලෝකයේ ඕනෑම තැනක සිට මෙහෙයවන්න පුළුවන්. දුර සිටින මිනිස් වෛද්‍ය විශේෂඥයකුගේ උපදෙස් මත ශල්‍ය වෛද්‍යවරයකු මෙන් රෝගියකුට සැත්කමක් කරන්න පුළුවන්. මේ ක‍්‍රමයට ලෝකයේ ඕනෑම තැනක ඉන්නා රෝගියකුට ඉහළම පෙළේ වෛද්‍යවරයකුගේ සේවාව රොබෝ ශල්‍ය වෛද්‍යවරයාගෙන් ලබා ගන්න හැකියාව තියෙනවා.

තවත් රොබොට්ටකුට මාළුවකුට වාගේ පිහිනන්නත්, කුරුල්ලකු හෝ කෘමියකු මෙන් පියාසර කරන්නත් පුළුවන්.

රොබෝටික මාළුවාට, විශාල පෙතියකුගේ ස්වාභාවික පිහිනන වේගයත් චලන ආකාරයත් තියෙනවා. දියට දැම්මාම බාහිර මෙහෙයවීමක් නැතිව තනියම කි‍්‍රයා කළ හැකියි. ජල දූෂණය ගැන නිරන්තරව විමසුම් කරන්න මේ මාළුවාට පුළුවන්. ඒවගේම වාරයක නවතා ඇති නැවක ඇති ජල කාන්දුවක් සොයා දෙන්නත් පුළුවන්.

 
විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ රොබොට්ටන් අපට හැම අතින්ම උදවු කරාවි කියායි.

බි‍්‍රස්ටල් රෝබොටික පර්යේෂණාගාරයේ ප‍්‍රධාන පර්යේෂකයකු වූ ආචාර්ය ඉයෝනිස් ඉරොපෝලස් කියන්නේ විද්‍යාඥයන් මේ රෝබෝ නිර්මාණ කිරීමේ දී ස්වාභාවික ලෝකයේ ආභාසය ලැබූ බවයි.

”සොබාදහමේ ඇති ක‍්‍රමවේදයන් ඉතා හොඳින් ගැළපුනා අපේ ඉංජිනේරු ගැටලූ විසඳා ගන්න. දැන් ඒ ගැටලූ වැඩි හරියක් විසඳා ගෙන ඉවරයි.” ඔහු කියයි.

”සැබැවින්ම ජීවත්වෙන අයගේ ආභාසය නොගත්තා නම් මේ අමාරු කාර්යයන් කිරීමට මේවා යොදා ගැනීම කවදාවත්ම අපට කළ නොහැකි දෙයක්ව තිබුණා.” ඔහු වැඩිදුරටත් කියනවා.


 
මේ රොබොට්ටන්ට මිනිස් හැඩරුව දීල තියෙනවා. සින්තටික් සමකින් ආවරණය කරලා මුහුණේ හැඟීම් ආදියෙන් අපි වගේම ප‍්‍රතිචාර දක්වන්නත් ඔවුන්ට පුළුවන්.
”සොබාදහමේදී සතුන් ඊට ඔරොත්තු දෙමින් හැසිරෙන ආකාරය විමසා බැලීමෙන්, අහිතකර තත්වයන් යටතේ මාරක පරිසරවල කි‍්‍රයාකරමින් මිනිස් වර්ගයාට සේවය කළ හැකි වන පරිදි මේ රොබොට්ටන්ව නිර්මාණය කරන්න අපට පුළුවන් වුණා. ” ඔහු වැඩිදුරටත් කියනවා.

ෂ්රූබොට් හා ස්ක්රැච්බොට් යන දෙදෙනාටම සංවේද තියෙනවා, ඒ අයව තද අඳුරේ උමංවල හිර වුණු අය සොයන්න හා එවැනි ගලවා ගැනීම් කරන්න යොදා ගන්න පුළුවන්.

අයිකියුබ් නම් තරුණ රොබෝ වයස තුනහමාරේ ළමයකුට සමානයි. එයා සැලසුම් කරලා තියෙන්නේ මිනිසා ඇසුරේ හිඳිමින් පරිසරයෙන් යම් යම් දෑ ඉගෙන ගනිමින් සැබෑ මිනිසකු සේ වැඩෙන්නයි.

රෝබෝතෙස්පියන් යනුවෙන් නම් කර ඇති මානවරූපී රොබෝට මිනිස් නළුවකු සේ රඟපාන්න හා නටන්න පුළුවන්.


හැකි තරම් මිනිස් ජීවිතය අනුකරණය කරලා එයා තමන්ගේම කෙනෙක් කියලා හිතෙව විදියට තමයි නිමවලා තියෙන්නෙ.

 
මේ රොබොතිස්පියන්ට මිනිසකු ලෙස අපූරුවට රඟපාන්න පුළුවන්. ඒ විදියට තමයි එයාගේ පරිගණක ක‍්‍රමලේඛය සකසලා තියෙන්නෙ.

සුපිරි වැඩ කළ හැකි රොබොට්ටන් - මේ (ඉහළ) ඉන්නේ නා ඕ (Nao) සහ බර්ට් 2 (පහළ) රොබොට්ටන් දෙදෙනා. ඔවුන්ට ලෝකයේ කොතැනක හෝ සිටින ශල්‍ය වෛද්‍යවරයකුගේ මෙහෙය වීම යටතේ රෝගියකුට සැත්කමක් කළ හැකියි.


 
මේ රොබෝටික මාළුවෙක්. තනිවම පිහිනා ගොස් පවරන රාජකාරියක් කළ හැකියි. ජලයේ දූෂිත ප‍්‍රමාණය මැන බලා දැනුම් දෙන්න එයාට පුළුවන්. වරායක නවතා ඇති නැවක කාන්දුවක් ඇතොත් ඒවා සොයා බලන්නත් පුළුවන්.

 
අහසේ ඔත්තු බලන්න යොදා ගන්න රොබෝ යානයක්. එසෙක්ස් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් තනා ඇති මේ යානයට ගුවනින් ගොස් ආරක්ෂක කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය විමසීම් හා ඔත්තු බැලීම් කළ හැකියි.

 
මේ දිවිගැලවුම්කාර රොබොට්ටෙක්. ෂ්රූබොට් (Shrewbot) ලෙසින් නම් කර ඇති මෙයට එහි ඇති රැවුල් ගස් බඳු කෙඳිවලින් ඕනෑම අඳුරු උමඟක හිර වී සිටන අයකු සොයා ගිය හැකියි.

 
ස්ක්රැච්බොට් (SCRATCHbot) තවත් ස්පර්ශක සංවේදී රොබොට්ටෙක්. විශාල පරාසයක වැඩට යොදා ගත හැකියි.

 
ඉකොබොට් -3 (Ecobot III) සියලූම කටයුතු තනිවම කළ හැකි රොබොට්ටෙක්. අපවහන ජලයේ ඇති අපද්‍රව්‍යවලින් බල ශක්තිය ලබා ගන්නත් මෙයාට පුළුවන්

 
මටත් ඔයාල වගේ වෙන්න ඕනෑ. මේ මානවරූපී රොබෝ සංවේදක හා මෝටරවලින් යුක්තයි.

 
සොබා දහමෙන් ආභාසය ලබා රොබොට්ටන් නිර්මාණය කරන්න විද්‍යාඥයන් සමත්වෙලා තියෙනවා. ඒ අතින් වූ ඉංජිනේරු ගැටලූ දැනටමත් විසඳාගන අවසන් කියලයි විද්‍යාඥයන් කියන්නෙ.

 
බි‍්‍රස්ටල් රොබොටික්ස් රසායනාගාරයෙහි මේ රෝබෝලා සැලසුම් කරන විද්‍යාඥයන් දෙදෙනෙක්.

කෘති‍්‍රම බුද්ධිය කවදා හෝ නිපදවිය හැකිද?

සැබැවින්ම කෘති‍්‍රම බුද්ධිය කවදා හෝ නිර්මාණය කළ හැකිවේවිද? මේ ප‍්‍රශ්නය ගැන විශේෂඥයන් තවමත් දෙපසට බෙදී වාද කරනවා.

ඒත් විද්‍යාඥයන් ඒ අතින් කිසියම් ප‍්‍රගතියක් ලබා තිබෙනවා.

පරීක්ෂණ මාලාවක් යෝජනා කරල තියෙනවා පරිගණකයට මිනිස් මනසට සමාන විය හැකිද යන්න ගැන විමසා බැලිය හැකි. එයින් දෙකක් නම් එක්තරා විදියකට සාර්ථක වී තියෙනවා.

  • ලෝක චෙස් ශූරයා පරාජය කිරීම. (සාර්ථකයි)
  • ජොපාඩි නම් ටීවී සාමාන්‍ය දැනීම ජයගත් ලෝක ශූරයන් පරාජය කිරීම. (සාර්ථකයි)
  • අන්තර්ජාලගත සන්නිවේදනයේදී මිනිසකු වෙනුවට සාර්ථකව පරිගණකයක් යොදා ගැනීම.
  • මිනිස් මොළය තරම් ඵලදායී ලෙසින් දෘෂ්‍ය තොරතුරු උකහා ගැනීමට සමත්වීම

හත මුල් කරුණු දෙක සාර්ථකව ඉටු කිරීමට පරිගණකය සමත් වුවත් දෙවැනි කරුණු දෙක තවමත් සම්පූර්ණයෙන්ම සාර්ථක වී නැත.

Post a Comment

1 Comments

  1. බොහොම අගනා පෝස්ටුවක්..දැනුම බොහොමයක් ලබාගත්තා.ස්තුතියි.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete