HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

11 හැවිරිදි ළමයෙක් කළ විස්මිත සොයා ගැනීමක්! වසර 30,000ක් පැරණි ලෝම මැතයකුගේ සම්පූර්ණ සිරුරක්!

11 හැවිරිදි ළමයෙක් කළ විස්මිත සොයා ගැනීමක්! වසර 30,000ක් පැරණි ලෝම මැතයකුගේ සම්පූර්ණ සිරුරක්! ඒ සතා නම් කර ඇත්තේ නම් කර ඇත්තේ ‘ශේන්යා’ කියලයි.

තරුණ ළමයින් ඔවුන් ජීවත්වන පරිසරයේ ගවේෂණයේ යෙදීම සාමාන්‍ය දෙයක්. මොකක් හරි අමුතු දෙයක් සොයා ගැනීම ඔවුන්ගේ අරමුණයි. ඒත් එවැනි දෙයක් හරියන්නේ ඉතාමත් කලාතුරකින්. 1940 සැප්තැම්බර් මාසයේ 12 වැනිදා ප‍්‍රංශයේ ළමුන් හතර දෙනෙක් ඔවුන්ගේ බලූ සුරතලාත් සමග වසර 40,000ක් පැරණි ලෙන් චිත‍්‍ර ඇතුළත් ලැස්කූස් ගුහා සොයා ගත් කතාව ඔබ අහලා ඇති. මෙසේ ළමයින් පුරාවිද්‍යාඥයන්ට වඩා දස්කම් පෑ අවස්ථා විරලයි.

ඒ වගේ දෙයක් ආයිත් රුසියාවේදී සිදු වුණා, පසුගිය අගෝස්තුවේදි. 11 හැවිරිදි රුසියානු ළමයෙක් තමා අවට පරිසරයෙන් ඒවගේ විස්මිත දෙයක් සොයා ගත්තා. අවුරුදු 100කින් මෙපිට කිසිවකු නුදුටු දසුනක් ඔහු එහි දී දුටුවා. වැළලී තිබූ එය ඔහු ටිකෙන් ටික පාදා ගත්තා. ඒ වසර 30,000කට පෙර විසූ ලෝම මැතයකුගේ (Wooly Mammoth) සම්පූර්ණ සිරුරක් - මස්, ඇට, ලොම් හා මේද ස්තර සමග මුළුමනින්ම දිරා නොගිය එකක්!


 
උතුරු රුසියාවේ දී 11 හැවිරිදි ළමයකු විසින් සොයා ගෙන ඇති ලෝම මැමතාගේ පූර්ණ සිරුර අසලට ගිය විද්‍යාඥයන්.

එහි ශේෂව තියෙනවා දළයක් හා සිරුරේ දකුණු කොටස මුළුමනින්ම වාගේ එහි සුරැකිව තියෙනවා. එහි ඉතිරිව ඇති කොටසේ බර කිලෝග්රෑම් 500ක් පමණ ඇති.

මොස්කොව් නගරයෙන් ලැබෙන ආරංචිවලට අනුව මේ පිරිමි සතා මිය යන්නට ඇත්තේ අවුරුදු 30,000කට ඉහතදීයි. ඒ වන විට උගේ වයස අවුරුදු 15ක් පමණ වෙන්නට ඇති. එදා පටන් නිත්‍ය හිම තුහින (Permafrost) යටතේ තිබූ නිසා මේ වන තෙක් විනාශ නොවී පවතින්නට ඇති.

මේ විස්මිත සොයා ගැනීම කළ 11 හැවිරිදි දරුවා යෙව්ජිනි සැලින්ඩර් කියා ඒබීසී පුවත්සේවය වාර්තා කරනවා. ඔහුට ඒ මිදුණු සත්වයා හමු වී ඇත්තේ උතුරු රුසියාවේ ටේමීර් (Taymyr) අර්ධද්වීපයෙනි. යෙව්ජිනි සිය පවුලේ අයත් එක්ක ජීවත් වන්නේ ඒ ප‍්‍රදේශයේයි. එය උත්තර ධ්රුවයේ ඇති සොප්කාගා (Sopkarga) කාලගුණ විද්‍යා නිරීක්ෂණාගාරය ආසන්නයේ තමයි ඔවුන්ගේ නිවස පිහිටා තියෙන්නෙ.

ලෝම මැමතයන් සිටි බවට ලකුණු සයිබීරියාවේ නිත්‍ය හිම තුහින සහිත කලාපයෙහි 1929 දී පමණ හමුවුණා. ඒත් මෙය තමා මෙතෙක් හමුවී ඇති වඩාත් හොඳින්ම සුරැකී ඇති මැමත් සිරුර. උගේ දළ, කට, ඉළ ඇට ආදිය පැහැදිලිවම පෙනෙන්න තියෙනවා.

ඔහු තමාගේ මේ විස්මිත සොයා ගැනීම ගැන දෙමාපියන්ට කිව්වා. ඒ පිළිබඳව වගකිවයුත්තන්ට දැන්වූ පසු විද්‍යාඥයන් පිරිසක් ඇවිත් පරීක්ෂා කර බලා ඒ මැමතයකුගේ බව තහවුරු කළා.

 
මේ ලෝම මැමතාගේ සිරුර පාදා ගනිද්දී...ඇතකුගේ බඳු උගේ දළයක් සම්පූර්ණයෙන් ම සුරැකිව තියෙනවා.

1901 දී ද ලෝම මැමතයකුගේ සිරුරක් මේ ආකාරයට ගොඩ ගනු ලැබුවා. මෙවර හමු වූ සිරුර වඩාත් සම්පූර්ණ එකක් බව විද්‍යාඥයන් කියනවා.

මේ මැමතා දැනටමත් ‘ශේන්යා’ යන කියා හඳුන්වා තියෙනවා. ඒ යෙව්ජිනි සැලින්ඩර් දරුවාගේ සුරතල් නාමය නාමය අනුව යමින්. මැමතයාගේ නිල විද්‍යාත්මක නාමය සොප්කාජින්ස්කි මැමත් (Sopkarginsky mammoth) යන්නයි.

 
මේ ශේෂයන් වසර 30,000කට පෙර 15 හැවිරිදි වියේ දී මියගිය ලෝම මැමතයකුගේ

රුසියානු විද්‍යා ඇකඩමියේ මැමතයන් පිළිබඳ විශේෂඥ ඇලෙක්සි තිකනෝෆ් මාධ්‍ය හමුවකදී කියා සිටියේ මීට පෙර අන්තිම වරට මෙවැනි හොඳින් සුරැකුණු මැමතයකු රුසියාවේ දී හමු වූයේ 1901 දී බවයි. ඒ දකුණු රුසියාවේ ක‍්‍රාස්නොයාස්කි පළාතෙන්. විද්‍යාඥයන් කියන්නේ මෙවර හමු වූ මැමතයාගේ සිරුර ඊටත් වඩා සම්පූර්ණ එකක්. මෙය උතුරු ප‍්‍රදේශයෙන් හමු වීම තවත් විශේෂත්වයක්.

ශාන්ත පීටර්ස්බර්ග්හී සත්ව විද්‍යාත්මක කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා ද වන ඇලෙක්සි තිකනෝෆ් තවදුරටත් මෙසේ කියනවා; ”යෙව්ජිනි සැලින්ඩර් යෙනිසි ගඟ දිගේ ඇවිද ගෙන යද්දී ඔහුට අප‍්‍රසන්න ගඳක් දැනිලා තියෙනවා. ඒ දෙසට ළං වී බැලූවාම ඒ සතකුගේ සිරුරු කොටසක් බව දැකලා තියෙනවා. පසුව ටිකක් හිම තුහින ඉවත් කරපුවාම ඒ විශාල සතකුගේ බව හෙළි වුණා. ඒ ළමයාගේ පවුලේ අය අපට දැන්නුවා. අපි වහාම එහි ගියා.”

”මේ සතා මීට වසර 30,000කට පෙර අවුරුදු 15-16 අතර වයසකදි මිය යන්න ඇති. එක් දළයක්, සම, එක් ඇසක් හා කනක් පැහැදිලිවම පේන්න තියෙනවා. පිරිමි සතකු වූ උගේ මීටරයක් පමණ දිග ශිශ්නයත් සුරැුකිව තියෙනවා. අපට ස්ථිරව කියන්න පුළුවන් ගත වූ සියවසකට වැඩි කාලයකට මේ තරම් හොඳින් ඇති මැමතයකුගේ සිරුරක් හමු නොවූ බව. ඒ නිසා මේ සතා සියවසේ මැමතයා ලෙස හඳුන්වන්න පුළුවන්.” තිකනෝෆ් වැඩිදුරටත් කියනවා.

විද්‍යාඥයන්ට දවස් පහක් ගියා මේ සතා සම්පූර්ණයෙන් ගොඩ ගන්න. ඉන්පසු එය ඩුඩිනිකා නගරයට රැගෙන ගියා.

දැනට මෙය ටේමීර් කලාපීය අධ්‍යයන කෞතුකාගාරයේ තැන්පත් කෙරෙන අතර ඒ පිළිබඳව පළමු අධ්‍යයනය සිදු කිරීම සඳහා මොස්කොව් හා පීටර්ස්බර්ග් සත්ව විද්‍යා හා පොසිල විද්‍යා අධ්‍යයන ආයතනයන්ට මුලින්ම අවස්ථාව ලබා දීමට එකඟ වී තියෙනවා.



Post a Comment

3 Comments

  1. ලෝකය දරුවන්ගෙ කියන්නෙ ඒක නේ.
    ජය වේවා.

    ReplyDelete
  2. කෝ දැන් ඒ ළමයාගේ පිංතූරයක් නැහැනේ..... :)

    ReplyDelete
  3. හොද සොයාගැනිමක්. වටින ලිපියක්

    ReplyDelete