HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 1000කට වඩා පැරණි, මිල කළ නොහැකි, බුදු පිළිමයක් ජර්මනියෙන් හමුවෙයි!

වසර 1000කට වඩා පැරණි, මිල කළ නොහැකි, බුදු පිළිමයක් ජර්මනියෙන් හමුවෙයි! මෙතෙක් සොයා ගෙන ඇති උල්කාපාතයකින් නෙළූ එකම පිළිමය මෙයයි!

මෙය මුලින්ම සොයා ගෙන තියෙන්නෙ හිට්ලර්ගේ සමයේ නාසින් විසින් 1938 දියි. මෙහි කෙළවරක ස්වස්තිකයක් කොටා ඇති නිසා ඔවුන් මෙය ජර්මනියට ගෙන ගොස් තියෙනවා.

ඉතා දුර්ලභ ගණයේ උල්කාපාතමය ලෝහ පාෂාණයකින් නෙළා ඇති මෙහි වටිනාකම මෙතෙකැයි කියා නිම කරන්න බැහැ කියලයි, මෙය මෑතදී පරික්ෂා කර බැලූ පර්යේෂකයන් පිරිස කියන්නේ.

මේ පිළිබඳ විස්තරයක් උල්කාපාත වේදය හා ග‍්‍රහලෝක විද්‍යාවට අදාළ අන්තර් ජාල සඟරාවක් වූ ‘මීටියෝරයිටික්ස් ඇන්ඞ් ප්ලැනටරි සයනස් (Meteoritics and Planetary Science) නම් ජර්නලයේ තිබෙනවා.

 
නාසින් විසින් සොයා ගෙන ඇති මේ බුදු පිළිමය උල්කාපාතයකින් නෙළූ එකක් ලෙස එය විශ්ලේෂණය කළ අය විසින් හඳුන්වා තියෙනවා.

‘යකඩ මිනිසා’ යනුවෙන් ඔවුන් විසින් හඳුන්වන මේ බුදු පිළිමයෙහි බර කිලෝග‍්‍රෑම් 10ක්. එය සෙ.මී. 24ක් උසයි.

‘යකඩ මිනිසා’ කියා ඔවුන් විසින් හඳුන්වා ඇති මෙම පිළිමය දැනට විශ්වාස කරන විදියට බෞද්ධ හා ප‍්‍රාග් බෞද්ධ බොන් සංස්කෘතියට අයත් එකක්. මෙය බුදු පිළිමයක් නොව වෛශ‍්‍රවණ දිව්‍ය රාජයාගේ එකක් ලෙසට මතයකුත් තියෙනවා. ආසියාවේ බෞද්ධ රටවල වෛශ‍්‍රවණ දිව්‍ය රාජයා හඳුන්වන්නේ බෞද්ධ දෙවියකු ලෙසයි. මේ දෙවියන් ටිබෙට් රටේ හඳුන්වන්නේ ‘ජම්භාලා’ කියලයි.

”මේ පිළිමය නෙළා ඇත්තේ චින්ගා (Chinga) උල්කාපාත කැබැල්ලකින්. මේ චින්ගා උල්කාපාතය පොළොවට කඩා වැටී ඇත්තේ සයිබීරියාවටත් මොංගෝලියාවටත් අතර ප‍්‍රදේශයකටයි. ඒ මීට වසර 15,000කටත් 20,000කටත් අතර කාලයෙදියි.” ජර්මනියේ ස්ටට්ගාට් (Stuttgart) විශ්ව විද්‍යාලයේ ආචාර්ය එල්මා බක්නර් (Elmar Buchner) කියනවා. ඔහු ඒ විශ්ව විද්‍යාලයේ පුරාජීව හෙවත් පොසිල අධ්‍යයන විද්‍යාංශයේ විද්‍යාඥයෙක්.

ජර්මනියේ ස්ටට්ගාට් විශ්ව විද්‍යාලය අපේ මතකයට එන්නේ ‘ඔටෝමොබියිල්’ කියා මුලින්ම හැඳීන් වූ මෝටර් රථයේ නිර්මාතෘ ගොට්ලීබ් ඬේම්ලර් (Gottlieb Daimler) කියන නමත් එක්කයි. ඔහු මේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්.

ආචාර්ය එල්මා බක්නර්ට මේ පිළිමය හමුවී ඇත්තේ 2007 දී එය මියුනික් නගරයේ කෞතුක වස්තු වෙන්දේසියකින් පසුවයි.

එය මුලින්ම ජර්මනියට ගෙනැවිත් තියෙන්නේ 1938දියි. එවකට ජර්මනියේ විසූ සුප‍්‍රකට සත්ව විද්‍යාඥයකු වූ අර්නස්ට් ෂැෆර් (Ernst Schäfer) ප‍්‍රමුඛ ජර්මානු විද්‍යාඥ පිරිසකට මෙය හමු වී ඇත්තේ ටිබෙට් රටේදියි. මෙය සොයා ගත් ගවේෂණය සඳහා ඔවුන්ට නාසි ප‍්‍රධානියකු වූ හෙන්රිච් හිම්ලර්ගේ පූර්ණ සහය ලැබිලා තියෙනවා.

ඉතිහාසඥයන් කියන විදියට හිම්ලර්ගේ සහය ඔවුන්ට ලැබී ඇත්තේ ආර්යයන්ගේ ආරම්භය ටිබෙට් රටෙන් සිදු වූවක් යැයි කියන විශ්වාසය නිසයි. මේ පිළිමයෙහි ස්වස්තික ලකුණක් තිබූ නිසා ඔවුන් මෙය ජර්මනියට ගෙන ගොස් තියෙනවා.


මේ පිළිමය අයත් උල්කාපාත ලෝහ පාෂාණ වර්ගය ඇටැක්සයිට් නම් අධික ලෙස නිකල් අඩංගු යකඩවලින් යුත් ඉතා දුර්ලභ ගණයේ එකක්.

මෙතෙක් හමුවී ඇති මේ වර්ගයේ විශාලතම උල්කාපාතය ටොන් 60ක් බර හෝබා නම් නම් වන අතර එය වැටී ඇත්තේ නැමීබියාවටයි.

”මෙතෙක් සොයා ගෙන ඇති උල්කාපාතයකින් නෙළූ එකම පිළිමය මෙය යැයි සලකන්න පුළුවන්. ඒ නිසා මෙහි වටිනාකම මිල කරන්න ක‍්‍රමයක් නැහැ. මේ පාෂාණය නෙළූ ගල් කෑල්ලක් වුනත් ඩොලර් 20,000කට වැඩිය වටිනවා. දැනට අපි කාලනිර්ණය කර ඇති ආකාරය අනුව මෙය වසර 1000කට වඩා පැරණියි.” ආචාර්ය බක්නර් කියනවා.


Post a Comment

5 Comments

  1. ඇඟ හිරිවැටිලා ගියා මේක කියෙව්වම... මාර මාර දේවල් හිතුනේ පිස්සු හැදෙනවා.. ඒත් මේ ස්වස්තික ලකුණ කොහොමද බුදු පිළිමෙකට ආවේ කියන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ

    ReplyDelete
  2. ටිබෙට් තන්ත්‍රයාන, චීන මහායාන, ජපන් සෙන් යන බෞද්ධ දර්ශනයන් තුල සාවස්තිකය සුවිශේෂ සලකුනක්,එයින් නිරුපනය වන්නේ සිව් දිශාවටම දිග්බලය යන්නයි

    ReplyDelete
  3. malkekulu is one of my favourite blogsite .keep it your great wrk malkekulu.

    ReplyDelete
  4. ඉතාමත්ම ස්තූතියි .

    ReplyDelete