ඔවුන් විශේෂඥ කී‍්‍රඩා විචාරකයා වූ ටොම් බෙල්වුඞ් තමයි, හඳුන්වා දීමේ අදහස් දැක්වීම් සමග ඒවා ඔවුන්ගේ වෙබ් අඩවියට එක් කළේ. ”මෙම තෝරා ගැනීමේ දී වඩාත් වැදගත් වුණේ ඔවුන් තරඟ කළ ආකර්ශනීය විලාසයත් කෙසේ හෝ ජයග‍්‍රහණය අත්පත් කර ගත් ආකාරයත්ය.” ටොම් බෙල්වුඞ් කියනවා. ඔහු තේරූ ඒ විශිෂ්ට කණ්ඩායම් 50 අතුරින් පළමු ස්ථාන 10ට ඇතුළත් වන කණ්ඩායම් අතරට ශී‍්‍ර ලංකාවත් අයත් වෙනවා. එහි දී ශී‍්‍ර ලංකාවට හිමි වී ඇත්තේ තුන්වැනි ස්ථානයයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5tgtbNI5sOxporPxQqrxL7wXHfKUgn-icYAf7cjopg89YjTywH645HGgX0zZx3H6zzd4rkTNKaya5tvq1SjNigUL8a7OXAwP2Y9OtTiJetfY1dGQiI9_7shYbhHy4fe2Puhi89uw_EnI/w640-h469/2.jpg)
ඒ පැසසුමට ලක් වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම හඳුන්වා දෙමින් ‘මේල් ඔන්ලියන්’ ‘ස්පෝට්ස් මේල්’ මෙසේ සඳහන් කරනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi773GxdjxszxMHHcqwBPKp80fEs5afMieEJ-dQffHOgiu52V9_7HUD9tVtpEQ2KTjK6T56lDZeQp5dFl7qMHd-g1wtK8FptHU-xZpHsmvpI9TjuFDnIbge17CJQ0n7c9VId34h9wyV4lc/w640-h412/1.jpg)
”මේ කණ්ඩායම නිකම් ම විනෝදය සැපයූ කණ්ඩායමක් නෙවෙයි. ඔවුන් ඉතාමත් පහළ නවක මට්ටමක සිට වසර කීපයක් තුළ ලෝක ශූරයන් බවට පත්වීම ඇදහිය නොහැකි තරම් දෙයක්. ලෝක කුසලානයේ සුරංගනා කතාව එයයි. ශී‍්‍ර ලංකාවට ආරම්භක ජවය සැපයුනේ ඔවුන්ගේ ආරම්භ පිතිකරු සනත් ජයසූරියගෙන්. ඔහුට පන්දු යෑවූ හැමදෙනාම අසරණ කළ ඔහු එකල ලොව කිරුළු දරා සිටි සියලූම ප‍්‍රහාරක පිතිකරුවන්ට මූලාදර්ශයක් වුණා. ඒ තරඟය අරවින්ද සිල්වාට අමතක නොවන එකක් වූයේ ඔහු උඩ පන්දු දෙකක් රැක ගනිමින්, පන්දු යවා දක්ෂම ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් දෙනෙකු වූ මාක් ටේලර් හා රිකී පොන්ටින් ඇතුළු විකට් තුනක් දවා ගැනීමත් නොදැවී ලකුණු 107ක් ගබා ගැනීමත් නිසායි.”
මූල් 10ට තේරූ කණ්ඩායම් මෙසේයි:
10. බාබේරියන්ස් : හැම යුගයකටම අදාළ ව 1890 ආරම්භ කළ ඉංගී‍්‍රසි රග්බි කණ්ඩායම.
9. ටොටෙන්හැම් : 1961 දී ඩැනී බ්ලින්ච්ෆ්ලවර් නායකත්වය දුන් ඉංගී‍්‍රසි පාපන්දු කණ්ඩායම
8. එංගලන්තයේ විගාන් රග්මි ලීගය : 1988-95 අතර පිට පිට එක දිගට අභියෝගතා කුසලාන අට වතාවක් දිනූ කණ්ඩායම
7. ඇජැක්ස් : 1972 ජොනතන් නීස්කෙන්ස් හා ජෝන් ක්රුයිෆ් වැනි පාපන්දු ශූරයන් කී‍්‍රඩා කළ ඕලන්ද පාපන්දු ශූරතාව හා යුරෝපා කුසලාන දිනූ පාපන්දු කණ්ඩායම.
6. ඕල් බ්ලැක්ස් : 1995 ඉතිහාසයේ වඩාත් අංගසම්පූර්ණ රග්බි කණ්ඩායම ලෙස දකුණු අපි‍්‍රකානු රග්බි නායකයා පවා පිළිගත් නවසීලන්තයේ ඕල් බ්ලැක්ස්.
5. බාසිලෝනා 2009 : 2008 යුරෝපා පාපන්දු ශූරතාව දිනූ ඉතාලියේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම
4. හන්ගේරියාව : 1953-54 1954 දී ලෝක පාපන්දු කුසලානයේ දී ජර්මනියට පරාජය වෙමින් අනුශූරයන් වූ මෙම කණ්ඩායම එදා මෙහෙයවූයේ ෆෙරන්ස් පුස්කාස්. ඉන් වසර 16කට පසුව ඒ ඉරණමම ඉතාලි කණ්ඩායම හමුවේ ලැබූ හන්ගේරියානු ජාතික පාපන්දු කණ්ඩායම.
3. 1996 කි‍්‍රකට් ලෝක කුසලාන දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5tgtbNI5sOxporPxQqrxL7wXHfKUgn-icYAf7cjopg89YjTywH645HGgX0zZx3H6zzd4rkTNKaya5tvq1SjNigUL8a7OXAwP2Y9OtTiJetfY1dGQiI9_7shYbhHy4fe2Puhi89uw_EnI/s400/2.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjC8bqU04Gye7MPedkKCKkMv9N7urUPGYLneSNQdW_Tpn4zrFDj5FTioEPOE-qeg11Y6d2Ef6ijHaBM2k4TaeR-3Na0q_D0k_7bxs3Cc9XjLzS06jz-6GQFV9NHB72jy-isTUTxRKncbSw/s400/4.jpg)
මේ සමග ඇති පැස්ටල් සිතුවම් දෙකින් දැක්වෙන්නේ එදා පාකිස්ථානයේ ලාහෝර් හිදී අවසන් ලෝක කුසලාන තරගය දිනූ අවස්ථාව හා අර්ජුන රණතුංග සම්මානය ලබා ගත් අවස්ථායි. මෙය දකුණු ඉන්දියානු කොදෙව්, බාබේඩියානු කි‍්‍රකට් කී‍්‍රඩකයකු හා පුහුණු කරුවකු ලෙස ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ්හී ජීවත් වන ජෝ හෝඞ් විසින් අඳින ලද්දක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfzT3n-dyCXHmpqlUiTcJcAFYUBfZGXmU-ehhwvdpQZVlYLWFBN0TT4ty8j-9NxjEsIzmMEVuVEXQ09xWumV4E5JC2qlXL0r54M8i4zqi9yEJyaqG9x_B-_WacGnctWXoIO4smKyxhx9A/s400/3.jpg)
චිත‍්‍රශිල්පී කි‍්‍රකට් පුහුණුකරු ජෝ හෝඞ්
2. හාලෙම් ග්ලොබ්ට්‍රොටර්ස් : වර්මානයේ ඉන්නා ආකර්ෂණීයම ඇමරිකානු බාස්කට් බෝල් කණ්ඩායම
1. බ‍්‍රසීලය : 1970 ලෝක ශූර පාපන්දු කී‍්‍රඩක පේලේ නායකත්වය දුන් බ‍්‍රසීල පාපන්දු කණ්ඩායම.